Tuesday, April 25, 2017

කුමරිය ප්‍රභා 24 කොටස



ප්‍රභා පුහුණුවීම් ස්ථානය වෙත ගියා.. නමුත් අද දිනයේ ඇය සෑම විටම අසාර්ථක ස්වභාවයක් පෙන්වූවා.. පසුව ප්‍රභාට තමා ගැනම කෝපයක් ඇති වුනා..

"
මට මේ කුමක්ද වෙලා තිබෙන්නෙ.. මගේ අරමුණ මේ සටන කෙසේ හෝ ජයග්‍රහනය කිරීම සදහා මගේ රාජකාරිය නිසිලෙස කිරීමයි.. ඔහු කථා නොකර සිටී නම් මට ඉන් ඵලක් නැහැ.. ඔහු කවුරුන්ද.."

ඇය එවැනි දේ සිතමින් තම සිත දැඩි කර ගැනීමට උත්සහ දරමින් සිටියා.. නමුත් එය කිසි ලෙසකත් සාර්ථක වුනේ නැහැ..

මේ අතර චිත්ත, සප්ත සෙන්පති හමු වී මෙසේ විමසුවා.. 

"
සෙන්පතිතුමනි.., මෙතෙක් කල් ඔබ සමගම සිටි බිම්සරව මෙසේ ඈත් කිරීමට හේතුව කුමක්ද.. ඔහු සමග කතාබහ ඔබ මග හරින්නේ ඇයි..? 
ඔහු බොහෝ දුකින් සිටින්නෙ ඒ පිළිබඳව.. අද ඔහුගේ පුහුණුවීම් කිසිවක් සාර්ථක නැහැ.."

සප්ත සෙන්පති වේගයෙන් මෙසේ පැවසුවා..

"
කරුණාකර චිත්ත.. බිම්සර පිළිබදව මා සමග කතා කරන්නට එපා.. ඔහුට පුහුණුවීම් නිසිලෙස කල නොහැකි නම් අපගේ සේනාවෙන් ඉවත්ව යන්න යැයි පවසන්න.."

සප්ත සෙන්පති කෝපයෙන් සිටි බැවින් චිත්ත තවත් කිසිවක් නොකියා එතැනින් ඉවත් වුනා.. 
සෙන්පතිතුමා ගේ මෙම හැසිරීම ඔහුටද සිතා ගත නොහැකි වුනා.. චිත්තට බිම්සර පිළිබද කණගාටුවක් දැනුනා..

සවස පුහුනුවීම අවසන් වූ පසු ප්‍රභා නිවසට යාමට සැරසුනා.. සප්ත හා චිත්ත සෙන්පතීන්ට වෙන වෙනම පවසා ඇය අත්තම්මාගේ නිවස බලා පිටත් වුනා..
කෙසේ වුවත් ඇය තරුණියක් බැවින් තනිව යැවීම නුසුදුසු යැයි කෙතරම් කෝපයෙන් සිටියත් සප්‍තට හැගුනා..

"
සිටින්න.. මමත් පැමිනෙනවා.. අත්‍තම්මා අසනීපෙන් යැයි පැවසුවනෙ.. මට ඇය හමුවීමට අවශ්‍යයි.. 
ඔවුන් කුඩා නිවස බලා පිටත් වුනා.. යන අතරමගදී ඔවුන් අතර වැඩි කතාබහක් සිදු වූයේ නැහැ..

සප්ත සෙන්පතිතුමාට අත්තම්මාගෙන් විමසීමට බොහෝ දේ තිබුනා.. ඔහු අත්තම්මා සමග තනිව බිම්සර පිලිබඳ සියලු තොරතුරු විමසුවා.. ඇය පෙර අවස්තාවේ දී චිත්ත සමග පැවසූ තොරතුරුම මොහුටද පැවසුවා..
අත්තම්මා පිළිබද සප්තගේ සිතෙහි පෙර සිටම දැඩි විශ්වාසයක් පැවතුනා.. මෙසේ සෙබලුන් ට ආහාර සැපයීම ඇයට පැවරුවේ එම විශ්වාසය නිසාමයි.. 
සෙන්පතිතුමා තමා පිලිබඳ දැඩි විශ්වාසයකින් සිටින බව අත්තම්මා දැන සිටියා.. එම සෙන්පතිතුමාටම මෙසේ මුසා පවසන්නට සිදු වීම පිලිබඳව ඇය බොහෝ සිත් තැව්ලට පත්ව සිටියා..
ඇය තරුණියක් බව අත්තම්මා සගවන්නේ කුමක් නිසා දැයි ඔහු කල්පනා කලා.. ඔවුන් දෙදෙනාම කැඳවා සියල්ල තමා දන්නා බව නොපවසන්නේ කුමක් නිසාදැයි සප්‍ත තමාගෙන්ම අසමින් සිටියා... තවත් ඉවසා සියලු දේ හෙලි කර ගත යුතු බව ඔහු සිතා ගත්තා..
මෙම පැමිනීමෙන් පසු සප්තගේ සිතෙහි පැවති රළු හැගීම් ක්‍රමයෙන් තුරන් වුනා.. නමුත් ඇය තරුණියක්ව මෙසේ යුද්ධයක් සදහා එකතු වන්නේ කුමක් නිසාදැයි යන ප්‍රශ්නය තවමත් ඔහුගේ සිතෙහි ඉතිරිව තිබුනා....

**************************************

~
මතු සම්බන්දයි~ 
අයිතිය

~මුදි~

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...