Wednesday, November 30, 2016

ආදරෙයි මං ඔය හිතට තාමත්....... සිහිනයකවත් ඔයා දැන් නාවත්.....

කතන්අතරකාරයට අද උදේ 6 ට වැඩට එන්න වුනා.... කම්මැලි කමටත් එක්ක රේඩියේ එක අහගෙන ආවෙ. අසංක ප්‍රියමන්ත මහත්තයගේ ලස්සන සිංදුවක් අහන්න ලැබුණා... ඔයාලත් කැමතිවෙයි මේ සිංදුවට. 



ආදරෙයි මං ඔය හිතට තාමත් 
සිහිනයකවත් ඔයා දැන් නාවත් 
වෙන්වෙලා අපි දුරින් ඉමු කීවත් 
මතක් වෙන්නේ ඔයාවයි තාමත් 
ආදරෙයි මං ඔය හිතට තාමත් 
සිහිනයකවත් ඔයා දැන් නාවත්

ආදරෙන් මට හීන ගෙනත් දුන්න
ඇස් දෙකෙන් කඳුළු දීලා
හිත පුරා රැඳුන ආදරෙත් රැගෙන
ඔබ ගියා නේද වෙන්වෙලා
ඔබ දුන්නු දුක දැනිලා දෑස හඬයි තනිවෙලා

ආදරෙයි මං ඔය හිතට......

වේදනාවෙන්ම මියදුනත් දිනෙක
මතකයෙන් යන්නේ නෑ ඔයා
නෙතු තෙමා බලන කඳුළු බිංඳු වල
දුක දන්නේ නැත්තේ ඇයි ඔයා
ඔබ ලගින් නෑති හින්දා දෑස හඬයි තනිවෙලා

ආදරෙයි මං ඔය හිතට......

Monday, November 7, 2016

වන මැද වික්‍රමය 01 කොටස

00                       02



ග්‍රීස්ම පාසල් නිවාඩුව ඇරඹී කිහිප දිනකට පසු එක්තරා පැහැබර උදෑසනක නිවසක ආලින්දයට වී පුවත්පත් කියවන ළමුන් තිදෙනෙකි. යාන්තමින් තාරුණ්‍යයට එළඹ සිටියද ඔවුන්ගේ පැහැපත් මුහුණු අතිශයින් බුද්ධිමත් බැව් දුටුවකුට ක්ෂණිකවම සිතෙයි.

මේ පත්තරයේ තියෙන ප්‍රවෘතිය දුටුවා ද? යි ඔවුන්ගේ වැඩිමලා වූ හෙන්රි කියවමින් හුන් පුවත්පත කෙරෙන් හිස මෑත් කොට තම සගයන් දෙස බැලුවේ ය.

මොකක්ද? මොකක්ද? යි හැරී කලබලෙන් විචාලේ ය.

එකත් එකටම ක්‍රීඩා ප්‍රවෘත්තියක් වෙන්ට ඕනෑ යි ඔහුගේ සොහොයුරු පීටර් මද සිනහවක් පෑවේ ය. හෙන්රි කියවන්නේ ක්‍රීඩා ප්‍රවෘත්ති පමණයි නොවැ

නැහැ. නැහැ එහෙම එකක් නොවෙයි. යි හෙන්රි බාධා කළේය. මෙතෙක්  නොදැන සිටි පුරාණ ශිෂ්ඨාචාරයක් ගැන තොරතුරු මධ්‍යම අප්‍රිකාවෙන් මතුවෙලා ලු.

ඒක වෙන්න බැහැ යි පීටර් විරුදධ වීය. ලෝකයේ පැවතුනාය කියන සෑම ශිෂ්ඨාචාරයක් ගැන ම තොරතුරු පුරාවිද්‍යාඥයෝ දැනටමත් දන්නවා නොවැ. අනික, මධ්‍යම අප්‍රිකාවේ කිසිම වැදගත් ශිෂ්ඨාචාරයක් තිබුණා ය කියලා ඉතිහාසයේ සදහනක් නැහැ.

ඒ නිසා තමයි මේක මෙතෙක් සොයා නොගත් එක්ක ය කියලා කියන්නේ යි හෙන්රි පැහැදිළි කළේ ය. තවමත් පුරාවිද්‍යාඥ්ඥයින් වැඩිදෙනෙක් මේක විශ්වාස කරන්නේ  නැහැ.

ඔය ගැන තොරතුරු ලැබුණේ කොහොමද?

පත්තරේ තියෙන හැටියට නම් මාසගාණක් කැළයේ අතරමං වුණු දඩයක්කාරයෙක් අහම්බෙන් වාගේ ඔය ප්‍රදේශයට ඇතුල් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට ඇහෙන්නට මම මේ ප්‍රවෘත්තිය කියවන්ටද?
ඔව් කියවන්ට, කියවන්ට. යි සෙස්සෝ අයැදියහ.

එහි මෙසේ සදහන්ව තිබුණේය.

"අභිරහස් පැරණි ශිෂ්ඨාචාරයක් පිළිබදව තොරතුරැ අප්‍රිකාවෙන් මතුවෙයි.
පුරාවිද්‍යඥ්ඥයින් හා ඉතිහාසඥයින් විමතියට පත්කරවමින් ඉපැරණි දියුණු ශිෂ්ඨාචාරයක් පිළිබදව මධ්‍යම අප්‍රිකාවෙන් වාර්ථාවෙයි.

දැනගැනීමට ඇති අයුරු ඒ සම්බන්ධ තොරතුරු සැකෙවින් මෙසේය

දඩයම් පිණිස මධ්‍යම අප්‍රිකානු වනාන්තරයට පිවිසි දඩයක්කරුවෙක් මංමුලා වී මෙතෙක් කිසිවෙකු විසින් ගවේෂණය නොකළ වන පෙදෙසකට ඇතුලු වී ඇත. නිරාහාරව එහි ඔබ මොබ හැසිරෙන ඔහු  ඝන වන පියසින් ආවරණය වූ ද , ගරාවැටුණු ගොඩනැගිලි රාශියකින් සමන්විත වූ ද භූමියකට හදිසියේ පැමිණියේ ය. ගොඩනැගිලි පිහිටි ආකාරය නූතන නගරයකට සමාන ය යි ද ඒ අතර විහිදුනු මං මාවත් ගල් අතුරා නිමවා ඇතැයි ද කියවේ. නගරය වනාන්තරය විසින් යටපත් කොටගෙන තිබුනු මුත් ඝනව පැවතුණු වන පියස හේතුකොටගෙන මුලුමනින් ඇද නොවැටුණු ගොඩනැගිලි අව් වැසි ආදියෙන් ආරක්ෂා වී ඇත. මහත් කුතුහලයෙන් යුතුව අඩක් ශේෂ වූ ගොඩනැගිල්ලකට පිවිසි දඩයක් කරු එහි දිරාපත් මිනිස් ඇටසැකිලි රාශියක් දැකීමෙන් භීතියට පත්ව තිබෙ යි. එසේ හෙයින් තවත් ඒ පිළිබදව නොවිමසා පලාගිය ඔහු මීට දින කිහිපයකට පෙර වනයේ හැසිරුණු පිරිසක් විසින් සොයාගන්නා ලදි. රෝගාතුරව පසුවූයෙන් වහා රෝහල් ගත කල ද ප්‍රකෘති සිහි නොලබාම ඔහු මිය ගියේ ය. ශිෂ්ඨාචාරය පිළිබද තොරතුරු නිරාවරණය වූයේ ඔහු විසින් අසිහියෙන් පැවසූ වදන් එක් කොට අනුමාණ වශයෙන් නිගමනයකට එළඹීමෙනි.

මිය යන අවස්ථාවේ දඩයක්කරු පසු වූ තත්වය සැලකීමේ දී ශිෂ්ඨාචාරය පිළිබද පුවත මුසාවකැ යි ඇතැම් පුරාවිද්‍යාඥඥයෝ හාස්‍යයෙන් යුතුව බැහැර කරති. දීර්ඝ කාළයක් නිරාහාරව ද රෝගාතුරව ද වනයේ හැසිරීමෙන් හටගත් දෘෂ්ඨි මායාවක් කරණකොටගෙන ඔහු මෙවැන්නක් දකින්නට ඇත. නොඑසේනම් මනසේ රැදුණු කිසියම් සිතුවිල්ලක් පදනම් කොට කල දෙඩවිල්ලක් විය හැකැ යි ඔවුහු තරක කරති. අසිහියෙන් පසුවූ දඩයක්කරු සොයාගන්නා ලද ප්‍රදේශයත්   නටඹුන් නගරය පිහිටියේ යැයි පවසන ලද දිශාවත් ගුවනින් පිරික්සන ලද නමුදු  එවැන්නක් පිළිබද සලකුණක් හෝ දැකගත නොහැකි වී ය.  

අර පුරාවිද්‍යඥ්ඥයන්ගේ මතයට මම එකගයි. යි පුවත කියවා අවසන් කළ ඉක්බිති පීටර් කීවේ ය. ඕක නිරාහාරව සිටි දඩයක්කාරයාගේ හිතේ ඇතිවුණු මායාවක් වෙන්ට ඕනෑ

සමහරවිට වෙන්ට පුලුවනි යි හෙන්රි එකග විය. නමුත් ඕකේ යම්කිසි හරයක් ඇති බව මගේ යටිහිත කියනවා

පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුවෙන් අපට තවත් ඔයගැන විස්තර දැනගන්න පුලුවන් හැරී දැන්වීය.

දැන් යමු

වහා හැද පැලදගත් ඔවුහු අගනුවර පිහිටා ඇති පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුවේ ප්‍රධාන කාර්යාලය කරා තවත් නොබෝ වේලාවකින් පැමිණියෝ ය. පුරාවිද්‍යා සංගමයේ යාව ජීව සාමාජිකයින් වූ ඔවුන්ට එහි ඇතුලු වීම කිසි සෙයිනුත් අපහසු වූයේ නැත.

18 වන සියවසේ ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ශිල්පය පිළිබිඹු කරන්නාවූ එය තෙමහලින් යුතු පුලුල් ගොඩනැගිල්ලකි. නිතර දැක පුරුදු ඇතත් මහල් ඔසවා සිටි දැවැන්ත කුළුණු ළමුන් තුල ඇතිකලේ තැතිගැන්මක් මිශ්‍රිත විස්මයකි. කාර්ය්‍ය බහුල ස්ථානයක් නොවූයෙන් ජනයාගෙන් සිස්ව පැවති පිටත බරාදය ඔස්සේ ඔවුන් ගමන් කරන්නට වූහ. උස් වූ වහලෙහි වවුලන් නිහිප දෙනෙකු එල්ලී සිටිනු ඔවුන්ට පෙනුනේ ය. ඔවුන්ගේ පා ගැටෙන හඩ පාලු ආලින්දයෙහි පහත් හඩින් දෝන්කාර දුනි.

වහලය තෙක් උස්ව බැදි ඉනිමගක සිට කිසියම් අලුත්වැඩියාවක නිරත වූ කම්කරුවන් කිහිප දෙනෙකු පසුකල ඔවුහු පුලුල් ආරුක්කුවක් තැලින් විහිදුනු හිණි පෙළක් නැග පළමු ආලින්දයට පිලිපන්නෝ ය. ඉක්බිති එහි එක් එන්තයක පිහිටි පුරාවිද්‍යාඥ  ඒ.සී ග්‍රිෆිත් යනුවෙන් නම් සදහන් පුවරුවක් සවිකල දොරටුවෙන් යුතු කුඩා කුටියක් දෙසට ගමන් කරන්නට වූහ.

ඇතුලට එන්න යැයි ඔවුන්ගේ හඩගෑමට පිළිතුරු වශයෙන් කිසිවෙකු පවසනු ඇසුනේ ය. ඔවුහු අගුල් නොදැමූ දොරටුව විවර කරමින් කුටියට ඇතුලු වූවෝ ය.

හා! මේ අපේ  පුංචි විද්‍යාඥයෝ නොවැ යි බිත්තියට යාව තබන ලද මේසයක් අසල හිද සිටි මහළු මිනිසෙක් ඔවුන් දෙස මද සිනහවක් පෑවේ ය. ඇවිදින් ඉදගන්ට

මහල්ලාට ගෞරව සම්ප්‍රයුක්තව ආචාර කළ ළමෝ මේසය අබියස අසුන් ගත්තෝ ය.


ඉතින් මොනවද අලුත් ආරංචි යි පුරාවිද්‍යාඥයා ඔවුන්ගේ මුහුණු එකිනෙක පිරික්සමින් විචාලේ ය.  දැන් ග්‍රීස්ම නිවාඩුව ලැබිල ඇති නොවැ . කිසි ගවේශණයක් කරන්ට පටන් ගන්නේ නැද්ද? 

මතුසම්බන්ධයි....

Thursday, November 3, 2016

ස්වර්ණමාලි මහ සෑ වන්දනාව... 04

විහාරමහා දේවය සිතුල් පව්වේ භික්ෂූන් වහන්සේලාට දන් පැන් පූජා කරමින් ශාසනය රැක ගන්නට පුළුවන් දරැවෙකු පතනවා..........

01.  සිතුල් පව්වෙ සග ගණ වැඩ සිටිනා 
       විසල් ගුණය රැදි සිල් කද දරනා
       නිසල් සිතින් සමවත තුල සිටිනා
       කමල් පුදමු සග රැවනට තුටිනා

ඒ අතර සාමණේර ස්වාමීන් වහන්සේ නමක් අසනිප වෙලා මරණාසන්නව සිටිනවා.

02.   හෙරණ නමක් මේ අතර සිටින්නේ
         ලෙඩ දුක් මැද දහමේ හැසිරෙන්නේ
         අවසන් මොහොතට එළඹ සිටින්නේ
         සගරැවනට මේ බව සැලවෙන්නේ

03.   විහා මහ දේවියට කියන්නේ
        හනිකට එතුමිය එතැනට එන්නේ
        හෙරණ නමගෙ සිත පහදාලන්නේ
        බුදු සසුනයි රැක ගත යුතු වන්නේ

04.  දේවියගෙන් ඇරයුමක් ලැබෙනවා
       තම කුල පිළිසිද ගන්න කියනවා
       පින් ඇති හිමි නම අපවත් වෙනවා
       ගැමුණු කුමරැ ලෙස උපත ලබනවා

05.  පුර පස සද මඩලක් ලෙස වැඩෙනා
       ගැමුණු කුමරැ සසරේ පින් තිබෙනා 
       බල වීරිය ඥානය තුල දිලෙනා
       එඩිතර සිත ඇත සිරිලක රකිනා

ගෞතම බුද්ධ ශාසනයේ වාසනාවට ගැමුණු කුමාරයා සිංහල ද්වීපය එක්සේසත් කරලා රජකමට පත්වෙනවා.



01.  සැප විදුමට රජකම නොපතන්නේ
       බල තණ්හාවෙන් වියරැ නොවන්නේ
       සැප සලසන්නට සියලු සතුන්නේ
       රට රැකගන්නට සටනට එන්නේ

02.  මිසදුටු බල හැම සුන් වී යන්නේ
       පරසතුරන්ගෙන් රට මුදවන්නේ 
       යලි සිරිලක එක්සේසත් වන්නේ
       ගැමුණු කුමරැ සිරි ලක රජවන්නේ

03.  රහතුන්ගෙන් ආසිරි ලැබ ගන්නේ
       ගෞතම සසුනට ආල වඩන්නේ
       දන් පැන් පුදමින් පින් කර ගන්නේ
       දෙව් ලොවටත් කිතුගොස පැතිරෙන්නේ

04.  සටන් වැදී සතුරන් සමගින්නේ
       සිටි කල ලුණු මිරිසක් වලදින්නේ
       සග රැවනට පිදුමට බැරි වන්නේ
       වරදක් බව එය සිහි කරලන්නේ

05.  සිරස නමා සග රැවන පුදන්නේ 
       වරදට පිලියම් ඇතැයි කියන්නේ
       සරසන සිත පින්කමක් කරන්නේ
       මිරිසවැටිය මහ සෑ කරවන්නේ

දුටුගැමුණු රජතුමාට මාලිගාවේ කරඩුවකින් රන්පතක් ලැබෙනවා. ඒ රන්පතේ ලියා තිබෙනවා මිහිදු මහරහතන් වහන්සේ දෙවන පෑතිස් රජතුමාට පැවසූ දේ. මේ භූමියේ එක්සිය විසිරියන් උසට මහ සෑ හදන බව.

01.  රජ මැදුරේ කරඩුවක් තිබෙනවා
       ඒ තුල සොද රන් පතක් දිලෙනවා 
       ගැමුණු රජුට කියවන්ට ලැබෙනවා
       මේ අයුරින් එහි ලියා තිබෙනවා

02.  මිහිදු මා හිමි දෙවන පෑතිස් - රජුට මෙලෙසන් වදහලේ
       සියලු සිරිලක සතුරැ බල බිද - මුණුබුරෙක් රජ වන කලේ
       දුටුගැමුණු යන නමින් පරසිදු - සිටින පතුරා තෙද බලේ
       උතුම් ගෞතම සසුන බබලන - යුගය එනු ඇත එම කලේ

03.  තව්තිසාවේ සුධර්මා නම් - දෙව් සභාවේ විලසිනේ
       මහළ් නවයක් උසින් දලෙනා - උතුම් මැදුරක් කරමිනේ
       සිල් පුරන්නට සගරැවන හට - පොහොය ගෙයි එහි බදිමිනේ
       ලෝව මහ පා නමින් ලොව එය - දිලෙනු ඇත හිරැ විලසිනේම

04.  උසින් එක්සිය විසි රියන් ඇති - මහා සෑයක් තනවමින් 
       ද්‍රෝණයක් මුනි ධාතු රදවා - ස්වර්ණමාලි යන නමින්
       කල්පයක් බුදු ගුණ ගයන්නට - දෙව් මිනිස් හැම එක් වෙමින්
       බබලවයි බුදු සසුන කුමරැන් - රහත් යුගයට උරදෙමින්

(පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගේ කෘතියකින්)

Tuesday, November 1, 2016

Free Energy Experiment 02-(700V Voltage from Water Motor)

EBay එකෙන් ඇනවුම් කරවු මෝටරය සහ කාන්දම් තවමත් නොපැමිණි නිසා නිවසේ තියෙන දේවල් ආධාර කරගෙන පොඩි පර්යේෂණ කටයුත්තක නිරතවුණා. (මෙහිදී මට දැනගැනීමට අවශ්‍ය වුනේ වතුර මෝටරයට භාහිරින් බලයක් ලබා දී කරකැවීමෙදී එයින් නිකුත් කරන වෝල්ටීයතාවය සහ ධාරාව මැනගැනීම, මේ සදහා මම යොදාගත් මෝටරය 230V විදුලියෙන් ක්‍රියා කළද 12V බැටරියෙන් ක්‍රියා කරන මෝටරයක් තමයි ඉදිරියට යොදාගන්න හිතන් ඉන්නෙ)  මේක පුංචි කියාකාරකමක් විතරයි හොදේ....

පහත රූප වල ආකාරයට නිවසේදීම සොයාගන්න පුලුවන් ඉවතදාන ප්ලාස්ටික් මූඩි කිහිපයක් ආධාරකරගෙන කප්පියක් සාදාගැනීම සිදුකළා. පසුගිය ලිපියකින් ඔයාලට පෙන්නුව මම Glue Gun එකක් ගෙන්නගත්තා. අන්න ඒක භාවිතා කරල තමයි ඇලවීම් කටයුතු කළේ. එමගින් ඕනෑම ස්ථර දෙකක් අලවාගැනීම කරන්න පුලුවන්.











නම්‍යශීලී ප්ලාස්ටික් පටියක් ආධාරයෙන් මෝටරය කරකැවීමට බෙල්ට් එකක් සකසා ගැනීම සිදුකළා. මෙසේ සාදාගත් බෙල්ට් එක කපිපි දෙක සමග හොදින් බදල අල්ලන්නේ නැතිවුන නිසා පිටි ගෝනි වලින් ලබාගත් පිටි නූල් වලින් බෙල්ට් එකක් ආකාරයට සකස්කරගැනීමට සිදුවුණා. එමගින් මෝටරය කරකවාගැනීම ඉතා පහසු වුණා.




වතුරමෝටරයට යොදාගන්න කප්පිය විශාල සහ බර වැඩි එකක් වුණානම් තවත් කාර්යක්ෂමව මෝටරය කරකවාගැනීමට පුලුවන්. (ඊළගට එසේ කිරීමට බලාපොරොත්තු වෙනව)

මම භාවිතාකළ වතුරමෝටරය කරකැවීමට යොදාගත් මෝටරයේ RPM එක 2600, නමුත් ඊටත් වැඩි වේගයකින් එනම් 3000 වැඩි වේගයකින් මෝටරය කරකවාගැනීදට තිබුණානම් ජනිතවන විදුලිය තවත් වැඩියෙන් ලබාගන්න තිබුණා. මේ සදහා මෝටරයේ කොයිල් වල වෙනස්කම් කීපයක් කරන්න ඔනේ. දැනගන්න අවශ්‍ය කට්ටිය ඉන්නවනම් අහන්නකෝ...

පරීක්ෂණ කටයුත්ත අතරතුර අකරතැබ්බි කිහිපයකුත් සිදුවුණා. කොහොමද 350V කරන්ට් එකක් වැදුනම තියෙන ආතල් එක. ඒක වුණේ මෙහෙමයි.  මුලින්ම මෝටරය කරකවපු අවස්ථාවේ මම හිතුවෙ නෑ ලොකු විදුලියක් එයි කියල. මම මෝටරයේ අග්‍ර දෙකට මල්ටිමීටරයේ කූරු දෙක තියල අතින්ම ඇල්ලුවා. වැදුනෙ නැතෑ නිල් වෙන්න. හැබැයි කරන්ට් වැදුනට දැනුණු වේදනාවට වඩා සතුටක් දැනුනේ,ඇයි ඉතින් අතට වදින්න තරම් විදුලියක් ජනිත වුණු එකට. ඒ අවස්ථාවේ පරීක්ෂා කරල බලනකොට වෝල්ට් 350 අතර අඩු වැඩි වෙන වෝල්ටීයතාවයක් තමයි තිබුණේ.





ඊට පස්සේ වතුර මෝටරය කරකැවීමට යොදාගත්ත මෝටරයේ සිට වතුර මෝටරයට ඇති බෙල්ට් එක වෙනුවට පිටි නූලින් සැදූ බෙල්ට් එක යොදාගත්ත. කලින් එක ලිස්සන ගතිය වැඩි නිසා. දැන් මෝටරය කරකැවීමට සලස්වල වෝල්ටීයතාවය මැනල බැලුව. නූල කප්පිත් සමග හොදින් බදල අල්ලන නිසා නියමෙටම කරකැවෙනව දැන්. මල්ටිමීටරය ආධාරයෙන් මැනල බැලුව, දැන් 700V විදුලියක් එනව. පරීක්ෂණ කටයුත්ත එතැනින නැවැත්තුව. ආයෙ ඉතින් ලබන සතියෙ තමයි වැඩක් කරන්න වෙන්නෙ. මම හිතනව ඇනවුම් කරපු උපකරණ ටික ලබන සතිය වෙනකොට ලැබෙයි කියල. J J J

අලුත් යමක් කලොත් ආයෙත් ඔයාලව ලිපියකින් දැනුවත් කරන්නම්කෝ ....


.......................................................................................................................
අපේ පිටුවටත් ලයික් එකක් දාල අපිත් එක්ක එකතු වෙන්න යාලුවනේ. 
මෙන්න ලින්ක් එක https://www.facebook.com/kathantharakaraya/
.......................................................................................................................

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...