Thursday, April 28, 2016

මෝහිණීගේ අඩවිය 04

රතු සදු

03 කොටස                                                                                                    05 කොටස
පසුගිය කොටසින්....




නැවත් වරක් තදබල අකුණු පහරක් පුපුරා ගියා, එහි ආලෝකයත් සමගම කාන්තා රූපය දැක ගැනීමේ අරමුණින් වම් පස හැරී බැලුවත් පෙර දුටු ඒ කාන්තාව දැක ගැනීමට නොහැකි වුණා. මගේ දෙකකුල් පණ නැතිව යනවා වගේ මට දැනුනා. ආපසු හැරී ඉක්මණින් බෑවුමට ගොඩ වෙලා නැවත් වරක් හැරී බැලුව, වතුර පිරැණු වෙල් යායේ බෙල්ල පමණක් ඉහලට සිටින සේ වතුරේ ගිලී ඇය මා දෙස බලා සිටිනවා....

ඉතුරැ කොටස

ඊ ළග අකුණු පහර පුපුරා යාමත් සමගම එම රෑපය නොපෙනී ගිය අතර දොළ පහරේ සහ කුඹුරේ ලියැදි වල ජල මට්ටමද සාමාන්‍ය පරිදි පෙනෙන්නට වුණා. මොහොතකට කලින් තිබූ ගලින් කල ආරැක්කු හැඩැති පිවිසුම් දොරටුවද මේ වන විට නොපෙනී ගොසින්. සුළගේ වේගයත් ක්‍ර‍මයෙන් අඩු වූ අතර, වැසි ගතියත් ක්‍ර‍මයෙන් පහව යන බවක් පෙනුනා. උදෑසන හිරැ පෑයීමට ආසන්න වෙලා කියලා මට දැනුනේ කුකුලන් සහ කපුටන් එකා දෙන්නා කෑ ගසන හඩින්. ඒත් සමගම උදෑසන අරුණාලොකයත් අවට පරිසරයට පතිත වුණා. දැන් තමයි ඇගට ප්‍රාණවත් ගතියක් ආවේ. ෆෝන් එක අරගෙන නිකමට වගේ වෙලාව බැලුවා, වෙලාව උදේ 6.00ත් වෙලා. ඇයි කවුරැවත් මාව හොයන්නවත් ආවෙ නැත්තේ කියලා මට හිතුනා. කොහොමත් දැන් ගෙදරට නෝන්ඩි වෙලා ඇති කියලා හිත හිතා ගෙවල් පැත්තට අඩිය තිබ්බා. ශේප් එකේ ගේට්ටුවෙනුත් ඇතුල් වෙලා අපි පාඩම් කරන තැනට ආව. බැලින්නම් හැමෝම පාඩම් කරල ඉවර වෙලා අපි නිදාගන්න විදිහට පැදුරු එහෙමත් බිම එලාගෙන නිදි. වෙනදා 5.30 විතර නැගිටින ගෙදර අනිත් කට්ටියත් හොදටම නිදි. මම ඉතින් කවුරැවත් අවදි නොකරම නාන කාමරයට ගිහින් නාලා, ඇදුමක් එහෙම මාරු කරලා, ගිහින් අම්මව නැගිට්ටෙව්වා. "පුතාල කීයටද නිදා ගත්තේ, අද නැගිටින්න හොදටම පරක්කු වුණා,ඊයේ වැස්සට හොදටම නින්ද ගියා " කියාගෙන අම්මා නැගිට්ටා. 

මම එළි වෙනකම් ගෙදර හිටපු නැති එක ගෙදරට දැනිල නැති බව දැනගත්තට පස්සේ තමයි  හිතට සැනසීමක් ආවේ. අම්මා නැගිටල යාලුවන්ටත් එක්ක තේ හදල දුන්නා. මම තේ කෝප්ප ටිකත් ලොකු ට්‍රේ එකක තියාගෙන ගිහින් පාඩම් කරන තැන මේසෙ උඩින් තියන විටත් හැම දෙනාම සැපට නිදි. ළගම හිටිය එකාට ඇන්නා පයින් පාරක්. ඌ කුනුහරැපයකුත් කියාගෙන නැගිට්ට්. "මොන හු....., ඒ මොකක්ද බන්  ඔහොම ගහනවද බන් නිදාගෙන ඉද්දි" වේදනාබර මුහුණින් යාලුවා කිව්වා. ඔය විදිහට අනිත් මිතුරනුත් එකා දෙන්නා නැගිට්ටා. නමුත් කාටවත් කිසි ගානක් නෑ ඊයේ රාත්‍රියේ වුණු සිදුවීම ගැන. හැමෝම හැසිරෙන්නේ කිසිවක් නොවුන ගානට. අැගමැලි කඩමින් අවදි වෙන මිතුරන් ළිද ලග ටැප් එකෙන් මූණ කට සොදාගන පාඩම් කරන මේසය මත ඇති තම තමන්ගේ තේ වීදුරැව පානය කරන්න පටං ගත්තා. ඔය අතරේ හදිසියේ එක් යහලුවෙක්ට ඊයේ සිදුවීම මතක් වෙලා, "අපෝ බං, උඹ නං චාටර්, උඹ අරූ ගිය තැනටවත් ගියේ නෑ, ගියගමන්ම ආවනේ. මහලොකු චණ්ඩියා" කියලා මට බනින්න පටං ගත්තා. මට හීං දාඩිය දැම්මා. එතකොට මම දැක්කේ හීනයක් ද? නෑ මම කිසිම හීනයක් දැක්කේ නෑ,රාත්‍රියේ සිදු වූ සියල්ල මගේ ඇස් ඉදිරිපිට තමයි සිදු වුණේ. ඒක මට හොදටම විශ්වාසයි.

මම ඇහුවා "මචං මම ඊයේ නිදියනකොට කීයට විතර ඇත්ද බං" කියලා. "ඇයි යකෝ උඹමනෙ වෙල ලගට ගිහින් ආවගමන්ම නිදියමු කියලා අපි එක්කවත් කතා කරන්නේ නැතුව නිදිගත්තේ. එතකොට වෙලාව 4.15 විතර ඇති. අපිත් එහෙමම නිදාගත්තා ඉතින්. වැස්ස නිසා සීතලට නින්දගියා හොදටම, අපරාදෙ තව ටිකක් නිදාගන්නව බන් ගෙදර හිටියනම්" කියලා යාලුවෙක් කිව්වා.

මට හිතාගන්න බෑ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මටනම් 100% විශ්වාසයි මම මුහුණ දුන්න සිදුවීම ඇත්ත කියලා. කියන්න ගියොත් මාව අපේ උන් චාටර් කරන නිසා සද්ද නැතුව හිටියා. උදෑසන 7.30 විතර හැමොම තමතමන්ගේ නිවෙස් වලට පිටත්වෙලා ගියා.ඊට පස්සේ පාඩම් කරන තැන ටිකක් අස්පස් කරලා එහෙම තව ටිකක් නිදාගන්නව කියල හිතාගෙන ඇදට ගියා. නිකමෙට වගේ ෆෝන් එක අරගෙන ෆේස්බුක් එක පැත්තෙ යන්න හදනකොට කල්පනා වුණේ ඊයේ ගත්ත ෆොටෝස ගැන. පට ගාල ගැලරියට ගිහින් බැලුව ෆොටෝස් ටික. පපුව ගැහෙන්න ගත්තා, ඒ කියන්නේ ඊයේ රෑ සිදුවීම ඇත්තටම සිදුවෙලා. හීනයක් නෙමෙයි. දැන් මට 200% ෂුවර්. කවුද එතකොට යාලුවොත් එකක් නිදාගත්තේ...... මාර ප්‍ර‍ශ්නයක්, ඒ ප්‍ර‍ශ්නෙ මදිවට ෆොටේස් ටික දැක්කට පස්සේ මට හීන් දාඩිය දාන්න ගත්තා.

මම ඒදණ්ඩ උඩට ගොඩවෙලා ගත්ත පිංතූරවල මගේ වම් අත පැත්තෙන් කාන්තා රෑපයක් අදුරේ පාවෙනවා, අදුරැ නිසා හරියාකාරව නොපෙනුනත්, ලස්සන කාන්තාවක් දුහුල් සලුවකින් වගේ කල ඇදුමක් ඇගේ පටලගෙන, අදුරැ නිසා ඇයගේ දෙකකුල් නොපෙනුනත් බැලූ බැල්මට පේන්නේ ඇය පාවෙමින් සිටින ආකාරයක්. එක් ඡායා රෑපයක ඇය මා දෙසට හැරී මා දෙසට නෙත් යොමා සිටින ලෙස සටහන්ව තිබුණා. ඇය හැද සිටි දුහුල් සලුව තුලින් ඇගේ පිරිපුන් පපු ප්‍රදේශය විනිවිද  පෙනුනා. තවත් චායා රෑපයක ඇය ආපසු හැරී ගමන් කරන ආකාරයක් සටහන් වෙලා තිබුණා.එහිද පාද ප්‍රදේශය දුමාරයකින් වැසීගොස් තිබුණේ. බැලූ බැල්මට පෙනෙන්නේ ඇය පාවී යන ආකාරයක්. ඇය ඇද සිටි දුහුල් සලුව නිසා පසුපස සිට බලනවිට ඇය මනා හැඩකාරියක් වගේ පෙනුම. විනිවිද පෙනෙන සුලු සලුවෙන් ඇගේ හැඩකාර නිතඹ මනා ලෙස පෙනෙන ලෙස කැමරාවේ සටහන් වෙලා. දකින ඔනෑම කෙනෙකුන් හට ඇය ගැන රාගික හැගීමක් ඇතිවනවා නොඅනුමානයි. (මටත් ඇතිවුණා ඉතින්, ලැඩ්ඩාවෙ බෑ .... :D)

මම සිහිනයක් නොදුටු බවටත්, යම් අරැම පුදුම අද්භූත සිදුවීමක් පෙර දින රාත්‍රියේ සිදුවූ බවටත් දැන් තහවුරැ වී අවසානයි. නමුත් යමෙකුට මෙය කිව්වත් ඔවුන් මා කියන දෙය විශ්වාස කරයිද? ඔවුන් කියයි මට පිස්සු කියලා, එහෙම නැත්නම් මොහිණී දිෂ්ඨියට අහුවෙලා කියල නූලක් යන්තරයක් දාන්න එක්කන් යයි. ඉතින් මම හිතාගත්තා ඊට වඩා හොදයි මෙම සිදුවීම මම අත්වින්දා වගේ මගෙන් පිටට මෙම සිදුවීම නොයවා, මගේ හිත තුළම රහසක් ආකාරයෙන් තියාගන්නව කියලා. එදා රාත්‍රියේ මගේ දුරකතන කැමරාවේ සටහන්වූ ඡායා රූප ටිකත් කිසිවෙකුට නොපෙන්නා සිටීමට මම හිතා ගත්තා. (ඇයි ඉතින් අපේ උන් මේ පොටෝ ටික දැක්කට පස්සේ උන් හැමදාම රෑට රෑට යයි දොළ ළගට, ඊට පස්සෙ මට තියෙන චාන්ස් එකත් නැති වෙනව :P)

එදින උදෑසන ආහාරය ගන්නාවිට වෙලාව උදෑසන අට පසුවී තිබුණා. ආහාර ගැනීමට පසු පාඩම් කිරීමට සිතක් නොවුණු නිසා PC එක ඔන් කළා ෆිල්ම් එකක්වත් බලන්න හිතාගෙන. නිකමට වගේ ෆේස්බුක් ලොග් වෙලා යාලුවො එක්ක චැට් පාරක් දාගෙන ඉන්නකොට nitifications වලට ආව "නොපෙනෙන බලවේග සහ ....... (මුලු නම මතක නෑ දැන්" කියලා පේජ් එකක අලුතෙන් දාපු පෝස්ට් එකක්. මම ඔකට ගිහින් කියව කියව ඉන්න අතරෙ මම දැක්කා මට වුණා වගේ සිදුවීම් ගොඩක් කට්ටිය Page එකට Post කරල තියෙනවා. මගේ සිදුවීමත් දාන්න ඔනෙ කියලා හිතලා මගේ තියෙන Fake අකවුන්ට් එකකින් ලොග් වෙලා දැම්මා කොටියෙන් පෝස්ට් එකක්. ඒ කාලේ ඔන කෙනෙක්ගේ වෝල් එකකට ඔන කෙනෙක්ට පෝස්ට දාන්න පුලුවන්. Security දැන් තරම් තද නෑ ෆේස් බුකියේ. Security තිබුණත් කවුරැත් වැඩිය අවධානයක් යොමු කළේ නෑ. (දැන් ඒකටත් එක්ක, මාර Security එකක්නේ දීලා තියෙන්නේ. දැන් ඉන්න උන්ට ෆේස් බුකියෙන් තොර ලෝකයක් නෑනේ. විශේෂයෙන් ගැහැණු ළමයි, කොල්ලො හොදා...යි) මම ෆේස් බුක් අකවුන්ට් එක හැදුවේ 2005 වසරේ, ඒ කාලේ යාලුවෙක් හොයාගන්න එකත් පට්ට අමාරැයි. දැන් එකටත් එක්ක, මේකෙ නැති එකෙක් නෑ. එක නමක් ගැහුවම දාහක් විතර පෙන්නනව.

උදේ වරැව විවිධ දේවල් කරමින් අමාරැවෙන් ගෙවල දැම්මා. 12 විතර හොද බත් පිගානකුත් ගිලල දාල ටීවි එකත් ඔන් කරලා, ඒක බලන ගමන් යාලුවෙක්ට ඇමතුමක් ගන්න ගත්ත මොබයිල් එක අතට. ඔය කාලේ ෆේස් බුක් එකෙන් ෆේස්බුක් Notification ලංකාවට SMS මගින් ලබා ගැනීමේ පහසුකම තිබ්බෙත් නෑ, ගූගල් යාහූ කිසිම අකවුන්ට් එකට ලංකාවේ දුරකතන අංක ලබාදීමට පහසුකම් සලසා තිබුණේ නෑ. (මම මේ කියන්න හැදුවේ උඹලාට ඔය දේවල් ලබල දෙන්න අපි කොයි තරම් මහන්සි වුණාද කියලා :D Hikzzz)

ආ.... මම කිය කිය හිටියේ මොබයිල් එක අතට ගත්ත කියලනේ. ඒකෙන් ලොග් වුණාම දැක්කේ අර මම Fake එකෙන් දාපු පෝසට් එක බලපු කෙනෙක් මට මැසේජ් එකක් දාල තිබුණා

"පුතා ඔයා කියපු සිද්ධිය සහ ඡායා රූප මම දැක්කා, මම හොදට අධ්‍යයනය කලා ඒ ඡායා රූප, ඔයා ඉන්නේ භයානක තත්වයක, ඔයාට උදව් අවශ්‍යයි, රාත්‍රියේ තනියම ගමන් බිමන් යන්න එපා. මේ සිද්ධිය කාට හරි වැඩිහිටියෙක්ට කියන්න, ඔහුට හෝ ඇයට මාගේ දුරකථන අංකය දී තියන්න, 077-XXXXXXX, මම ගුප්ත විද්‍යාවන් පිළිබද පර්යේෂණ කරන විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙක්, ඕනෑම මොහොතක මා අමතන්න"

එය ඔහුගේ මැසේජය විය.

මම හිතෙන් පිස්සු යකෙක් යයි සිතා, සිතින් සිනාසුනා, ඒත් යම් හැගීමක් හිතට දැනුන නිසාදෝ මන්දා, මම ඔහුගේ දුරකතන අංකය කොපි කරගෙන මගේ හොද මිතුරන් තිදෙනාටම මැසේජ් කලා. මේ තමයි ඒ මැසේජ් එක.

"මචන් මට මොකක් හරි අමුතු දෙයක් වුණොත් මේ අංකෙට කතාකරල උදව් ඉල්ලපන් 077-XXXXXXX"

සවස් වරැවත් ක්‍ර‍මයෙන් ගෙවිල ගියා. සවස 04 පමණ වන විට වැසි වළාකුලු සියල්ල පාවෙලා ඈතට ගිහින් තිබුණා.සූර්යා බස්නාහිර සිට අපේ ගම එළිය කරනවා. ලස්සන ආලෝකයක් අපේ ගමට වැටිලා. රතට හුරැ එළියක්, වෙලේ ගැටගසා සිටි ගවයින් සිය අයිති කරැවන් විසින් නිවෙස් වලට ගාල් කරන දර්ශනය බලන්න අපූරැයි, ජහ්... පුතා ජහ්...., කියමින් ගවයින්ට පිටුපසින් අයිතිකරැවන් දෙදෙනෙකු එකිනෙකා සමග බර කතාබහක නිරතවෙමින් ගවයින් දක්වාගෙන දර්ශනය, ගවයින් එකෙකු උම් බෑ.... කියා කෑ ගසන විට වෙලේ දුර ඈත සිටින තවත් ගව රංචුවක් ඊට පිළිතුරැ ලෙස නැවත උම් බෑ.... කියා කෑ ගසන හඩ, තම වැඩ අහවර කර නිවෙස් බලා යන කුරැල්ලන්ගේ කීචි බීචි නාදය, සවස්වරැවේ අපේ ගම්මානයට ජනිත කළේ පුදුමාකාර අලංකාරයක්. සූර්යා බස්නාහිරින් බැසයන්න ඔන්න මෙන්න අවස්ථාවේ නැගෙනහිරෙන් සදු නැග එනවා, (අපේ ගමේ විතරයි ඔව්ව තියෙන්නේ, වෙන කොහෙවත් නෑ, ඇවිල්ලම බලන්න :P ) වෙලාව හයටත් කිට්ටු වීගෙන එනවා. මම තවම නිවස අසල සිට වෙල් යායේ සිරි නරඹනවා. වෙනදා නුදුටු වෙනස් ආලෝකයකින් චන්ද්‍ර‍යා නැගෙනහිරෙන් නැග එනවා, වෙනදා කහ සුදු පාටින් දිස් වූ චන්ද්‍රයා අද රතට හුරැ තද කහ පැහැයක් අරන්.......

මතු සම්බන්ධයි......





පොත් විකුණනන්නා...

ඉර මුදුන් වීමට ආසන්නව ඇතත් මගේ හදවත ඝන අන්ධකාරයක ගිලා බැස්ස සෙයකින් වෙලී ඇත. ගමන් විඩාවටත් වඩා බොරැ කකුල ස්පර්ශ වන දණ හිස රිදුම් දෙයි. කකුලට පොඩි සහනයක් දීමට බරපතල අවශ්‍යතාවයක් ඇති වුවත් දුවගේ පංති ගාස්තු එයටත් වඩා වේදනාකාරී බැවින් එම අදහස ලත් තැනම ලොප් කිරීමට සිදුවිය.

පාන්දරම නාත්තන්ඩිය තුන්මෝදරින් බසයට නැග දිගටම රද්දොලුගමට පැමිණියේ  කුස සහ බස් ගාස්තු ගෙවීමෙන් හිස් වූ සාක්කුවද සමගිනි. පොත් පිරවූ බෑගයේ පටිය මාගේ උරපතුල් වලට දරා ගැනීමට නොහැකි වුවද දැනටම මා ගෙවල් සියයකට පමණ ගොඩ වැදී අවසන්ය. එම නිසා හිස්වූ සාක්කුවට රැපියල් එක්දහස් පන්සීයක් පමණ බැර වී අැති බැවින් කුසට ද යමක් බැර කිරීමට කඩපලට පිවිසුණේ අචේතනිකවය. කඩයේ තදබදයක් නැත. ගමේ ආප්ප, ඉදි ආප්ප, රොටී, ලැවරියා  වෙනුවට පැටිස්, රෝල්ස්, සොසේජස් වැනි නගරයේ ආවේනික කෑම වීදුරැ තුලින් දිස්වෙයි. කෑම සදහා ජීවත්වෙනවා නොව ජීවත් වීමට කෑම අවශ්‍ය බැවින් මා එළවලු රොටී දෙකක්ම ගෙන එක හුස්මට ගිල දැමා දාහය නිවා ගැනීමට සිසිල් බීම බෝතලයක් ද ඇණවුම් කළෙමි. අධික සීතල දියර නලය දිගේ මුවට සිසිලස දෙමින් ගලාගෙන ආවත් එය හදවතේ බුර බුරා ඇවිලෙන ගින්න නිවීමට තරම් ප්‍රමාණවත් නැත. ටික වේලාවක් නැවතීමට බීම බෝතලය ප්‍රයෝජනයට ගැනීමට සිත මට බල කරන බැවින් බොරැ කකුලේ ආවරණය ගලවා දැමුවේ ඇදුම් කන දණහිසට යම් සහනයක් ලබාදිමටය. හරියටම දණහිසෙන් පහල කපා දමා ඇති කොට ස්පර්ශ වෙනවාත් සමගම ඒ අතීත දාමය සිතුවිලි වලට පරිවර්තනය වූයේ නිතැතිනි.

පුතා යනුවෙන් පියෙකු විසින් අමතන ඒ සෙනෙහෙබර හැගීම මට අහිමි වී ඇත්තේ මව ගැබ්බර කාලයේම තාත්තා මිය පරලොව ගිය හෙයිනි. ඒ වන විටත් විසි වයස පසු වූ මව මේසා විශාල ලෝකයක තනි කර දමා යාම පිළිබදව පියා කෙරෙහි වෛරයක් පවා ජනිත වූයේ අම්මා විදි වද වේදනා, නින්දා අපහාස කුඩා වියේදීම මාගේ දැනුමට අනුව අත් විදි නිසාය. මව එසේ ජීවිතය සමග වැන්දඹුවක්ව අරගල කර මාව උස් මහත් කළා පමණක් නොව හොද අධ්‍යාපනයක් ලබාදී මාගේ ජීවිතය සුභවාදී විදියට ගොඩනගන්නට කළ කැපවීම අදටත් මා අම්මාට ණයගැත්තෙකු වී ඇත.

අධ්‍යාපන උසස් පෙල විභාගය දක්වා ඉගෙනගත් මා අම්මා මෙතෙක් උසුලා සිටි මහමෙර කරට ගැනීම සදහා කටුණායක වෙළද කලාපයේ රැකියාවක් තෝරා ගත්තේ එය අත්‍යාවශ්‍ය වූ බැවිනි.

‘‘පුතේ සීතල වෙන්න කලින් තේ එක බොන්න....... පුතේ රෑ වෙන්න කලින් ගෙදර එන්න.‘‘

අම්මාගේ ඒ ඒකාකාරී වචන එක්ක ගෙවන තිස් අවුරැදු මාගේ ජීවිතය අවසන් කිරීමට අම්මා සිතූ නිසාදෝ නැත්නම් ගෙදරට සිරිකතක් අවශ්‍ය නිසාදෝ තෝරා බේරා ගනිමින් ඇය විසින්ම කුලකතක් තෝරාගෙන තිබුණාය. රබන් ශබ්දයේ දෝංකාරය යන්නට පෙර, මගුලට දැමූ අච්චාරැ මුට්ටියේ පතුල පෙනෙන්නට කලින්ම ඇයට කෙසේ වෙතත් මටනම් ඒ තෝරා ගැනීම අසාර්ථක බව හැගුණි.

‘‘පහන පත්තු කෙරැවා වගේ ............. මගේ කොල්ලට කිරි ඉතිරෙන්න ඕනෙ‘‘ යැයි අම්මා සිතූ සිතුවිලි සමන්ති පෝරැවෙන් බැස මගේ බදවටා අතක් දමාගෙන කොල්ලෝ කෙල්ලෝ එක්ක නැටීම දැකීමෙන් ඇගේ දෑසේ ලියවුණු ‘‘මොන විලිසංගේ නැති වැඩක්ද දෙයියනේ මේ‘‘ යනුවෙන් එදාම දෙදරා යන හැටි මට නම් හොද හැටි අවබෝධ විය.

නැන්දම්මාට එරෙහිව ලේලිය සම්ප්‍රදායික අරගලය දිනෙන් දින මුහුකුරා ගියා මිසක් සමහන් වීමක් නම් නොවුනි. හතලිස් අට පැය ඉක්මෙන්නට මත්තෙන් අධිපතිවාදී  හැගීමකින් අභියෝගාත්මක දෑසකින් ගේ පුරා සක්මන් කරමින් ‘‘සාලේ ඇරේන්ජ් කරලා තියෙන හැටි හරිම කැතයි. කුමාර අනේ ඩාලිං මට උදව් වෙන්න මේක සම්පූර්ණයෙන් වෙනස් කරන්න ඕනේ‘‘ යන වදන් වලින්ම පත්තු කළ පහනේ මහා ගින්නකින් අම්මා දැවී යන අයුරැ ඇය නිහඩව උපේක්ෂාවාදීව බලාසිටීමෙන්ම මට හැගුණාය. රටේ ලෝකේ ලැජ්ජාව නිසාම සමන්ති අම්මා සමග ඇමිණෙන්නට මාන බැලුවත් මට නිහඩව සිටීමට සිදුවිය.

‘‘තවත් නම් මේ විකාර ඉවසන්න මට බෑ කුමාර‘‘  වැඩ ඇරී ගෙදරට පය තියන්න කලින් සමන්ති කඩාගෙන පාත් වුණාය.

‘‘ඇයි මොකද?‘‘

‘‘අම්මාට වැඩක් නෑනේ මං ප්‍රෙග්නන්ට් කියලා ගෙවල් ගානේ ගිහිං කියන්න. ඊයේ හවසත් ඉස්සරහ ගෙදරින් මොනවද උස්සගෙන ආවා. අද උදේ අල්ලපු ගෙදරින් ආප්ප එවලා.‘‘

‘‘එහෙම තමයි සමන්ති ගම් වල හැටිනේ. බබෙක් ලැබෙන්න ඉන්න කෙනෙකුට කෑම ටිකක් දෙන එක ලොකු පිනක් කියලයි හිතන්නේ‘‘

‘‘නෑ....... නෑ........... මම කැමති නෑ ඔය එක එක ගෙදරින් ගේන ජරාව කන්න. කොහොම හදනවද කියල කවුද දන්නෙ.‘‘

‘‘කෑගහන්න එපා සමන්ති. ඔයාට කන්න බැරිනම් නිකන් ඉන්න. මටයි, අම්මටයි බැරියැ ඔය ගේන දේවල් වලට වග කියන්න.‘‘

මා වටපිට බැලුවේ අම්මා දැක ගැනීමේ උවමනාවෙනි. සමන්තිගේ මනහර දෙතොල් අතරින් පිටවෙන මෙවන් අමිහිරි කියුම් දැනටමත් අම්මාගේ හදවත පාරා තිබෙන බව මම දනිමි.

‘‘චිකේ........... ලැජ්ජ නැති මිනිස්සු‘‘ සමන්තිගේ කටින් එම වදන් පිටවෙනවාත් සමග මගේ අත ඇයගේ මුහුණ හරහා ඇදී ගියේ නිමේෂයකිනි. 

ඒ සිද්ධියෙන් පසු අම්මා පුංචි මාමලාගේ නිවසේ නැවතීමට ගත් තීරණය වෙනස් වූයේ මගේ කකුල කපා රෝහලෙන් නිවසට රැගෙන ආ දවසෙන් පසුවය. එය මතකයට නැගෙන විටදී පවා මම දැඩි කම්පනයට, මෙන්ම දැඩි වේදනාවකට පත්වෙමි. අම්මා ගෙදරින් ගිය පසු සමන්ති බයිට් එකට ගත්තේ මාය. අසල්වැසියෝ මෙන්ම නෑදෑයින්ද සමන්ති මගෙන් දුරස් කර අවසන්ය. පවුල් ජීවිතය රැක ගැනීම පමණක් නොව මගේ ලෙයින් එළිය දුටු සුමුදු මල් පියල්ලක් වන් සිගිති දියණිය නිසාද මම සමන්තිගේ තොර තෝංචියක් නැති කතා විද දරාගත්තෙමි. කකුල කටර් එකට හිරවූයේද ගෙදර සිදුවීමක් නිසා මගේ අවධානය මැෂිමට හරියාකාරව යොමු වී නොතිබුණු නිසාය. කොහොමින් කොහොම හරි මගේ කකුලේ අඩු වංගුවට වැඩ පලේ පාලන අධිකාරිය රැපියල් විසිපන්දහසක තක්සේරැවක් සහිතව මා සදාකල් අබ්බගාතයෙකු කරන ලදී.

එයින් පසු රැකියා විරහිත අයෙකු වශයෙන් මා ගෙදර සිරගත කොට සමන්ති කටුණායක රැකියාවට විතැන් වුණාය. අම්මාගේ සහයෝගය ඇතිව දින දින විකසිත වන  සිගිති දියණිය රැක බලා ගැනීමට මම ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූවෙමි. දුව පහේ ශිෂ්‍යත්වයට වාඩිවීමට දින දෙකකට පෙර වැඩට ගිය සමන්ති නැවත ගෙදර නොආවාය. කොතෙකුත් සොයා බැලුවද අන්තිමේදි අතුරැදහන් ලේබලය යටතේ පොලීසියේ සෙවීම නතර වී තිබුණි.

‘‘මිස්ටර් ඔයාට මොකුත් ප්‍රශ්ණයක්ද?‘‘

කඩේ අයිතිකරැ පිටට තට්ටු කරන තුරැ බීම බෝතලයට දැමූ බටේ කටේ තියාගෙන කොපමණ වේලාවක් සිටියා දැයි මට නිනව්වක් නැත.

‘‘නෑ............ නෑ.......... අව්වේ ඇවිත් ටිකක් මහන්සියි, ඒකයි‘‘ අැහිපිල්ලමක් යට සැගවී තිබූ කදුලු බිදක් පිට පැන ඇතත් සිනහාවකින් මුව සරසාගෙන උත්තරයක් දුන්නෙමි.

කදුලු දැකීමෙන් මා දුර්වලයෙකු, නැත්නම් අනුකම්පාව ලැබිය යුතු පුද්ගලයෙකු යන චේතනාව ඔවුන්ගේ සිත් තුල පැලපදියම් වීමට මත්තෙන් බිල ගෙවා කඩිමුඩියේම මම පාරට බැස්සෙමි. කරේ එල්ලෙන බෑගයෙහි තවත් විශාල පොත් වැඩි ප්‍රමාණයක් ඉතිරි වී ඇත. අදුර ගලා එන්නට පෙර ඒවායින් වැඩි ප්‍රමාණයක් අලෙවි කර ගත යුතුය. මාස දෙකකට වතාවක් රද්දොලුගමට එන ගමන ඉතාමත් දුකක් මෙන්ම අත්දැකීම් බහුල ගමනක් යැයි මට හිතේ.

උපැස් යුවලක් පැලද පුවත්පතක් බලමින් ආලින්දයේ සිටි වයසක මහත්තයෙක් දැක මා එම නිවසට ඇතුලු වූයේ  අනිවාර්යෙන්ම පොතක් ගනීවි යැයි යන සිතුවිල්ල මට දැනුනු හෙයිනි. අද සමාජයේ තරැණ තරැණියන්ට වඩා තවමත් පොත් කියවීමට ප්‍රිය තාවයක් දක්වන්නේ වැඩිහිටි පරපුර බව මාගේ ප්‍රායෝගික අත්දැකීමයි.

‘‘මහත්තයෝ පරිවර්තන පොත්, නව කතා, කෙටි කතා, කවි පොත්, පොඩි බබාලගේ හෝඩි පොත්, රෑප පොත් තියනවා එච්චර ගානක් නෑ බලලා ගන්න.‘‘

මා දෙස උපැස් යුවල යටින් බැල්මක් හෙලූ ඔහු ඉද ගැනීමට පුටුවක් පෙන්වා බෑගය විවෘත කරන මෙන් ඉල්ලීය. පසුව ඉතිහාසයට අදාල පොත් හතරක්ම ගත්තේ මා හට මුදලක් මෙන්ම ඔහුට දැනුමක් ද ලැබෙන බව පවසමිනි. එය මට මහත් දිරියක් විය.

කාෂ්ටක අව්ව තවමත් අඩුවක් නැත. ඔලුවෙන් පටන් ගන්නා දාඩිය පපුවේ රෝම කූප අතරින් ගලා යන්නේ කමිසය ද තෙත බරිත කරමිනි. ඇවිදීම නිසාම මගේ එකම පාදයේ ඇගිලි දහදිය සමග පාරේ විසිරෙන දූවිල්ලෙන් දුඹුරැ පැහැයට හුරැ අමුතු අලු පැහැයක් ගෙන ඇත. බොරැ කකුලෙහි කෙලවර රබර් ආවරණයද එසේමයි.

හැම මාස දෙකකට වතාවක් ම මා මේ ගමන අාව ගියත් කවදාවත් ගොඩ වීමට නොහැකිවූ නිවසක් රද්දොලුගම විය. අද නම් වැඩ කරන අයෙකු ගේට්ටුව අසලම සිටිනු පෙනේ. එබැවින් මම එහි යාමට තීරණය කලෙමි. මා නැවතෙනවාත් සමගම ඔහු ගේට්ටුව විවර කළේ සංවේදී පුද්ගලයෙකු නිසාය.

‘‘මහත්තයා ඉන්නවාද?‘‘

කතා නොකරම ඔහු නිවස දෙසට අත දිගු කළේය.

සුවපහසු අයුරින් හාන්සි පුටුවක දිගා වී සගරාවක් කියවමින් සිටි පුද්ගලයෙකු දැකීමෙන් මම ඔහුගේ අවධානයන යොමු කර ගැනීම සදහා ‘‘මහත්තයා ........... මහත්තයා......‘‘ යැයි හඩ නැගීය. මා දෙස  මොහොතක් වත් නොබැලූ ඔහු ගෙතුලට හිස පොවා වැඩ කරන කාන්තාවට කථා කළේය.

‘‘කරැණාවතී මේ මනුස්සයාට කීයක් හරි දීලා යවපන්‘‘

වයසක කාන්තාවක් පැමිණ මට රැපියල් පහේ කාසියක් දිගු කරනවාත් සමගම මගේ හදවත නැවතුන බවක් දැනුණි.

‘‘මහත්තයා මම හිගන්නෙක් නෙමෙයි. පොත් විකුණන්නයි ආවේ.‘‘

‘‘ ආ ........ එහෙමද? මොනවද තියෙන පොත්. බලමු, බලමු ළමයින්ට අවශ්‍ය පොතුත් තියෙනවද?

‘‘ඔව්...... ඔව් ළමා පොත් තමයි වැඩිපුරම තියෙන්නේ‘‘

සාලය පුරා දරැවන් පාවිච්චි කරන සෙල්ලම් බඩු විසිරි තිබීම නිසා පොඩි ළමයි තුන් හතර දෙනෙක් ඉන්නා බව මට හැගුණි.

‘‘අමාලී........... අමාලී  මෙහේ එන්න. බබාලට අවශ්‍ය පොත් එහෙම තියෙනව නම් තෝරගන්න.

මැදිවියේ පසුවන මහත්තයා ගෙතුලට හැරී නැවත වතාවක් කථා කිරීමත් සමග දණහිස ලගට කලිසමක් ඇදගත් තරැණ රෑබර ගෘහණියක් ලතාවකට පැද්දෙමින් ආලින්දයට ආවාය. මුහුණ නොදැක්කත් ඇය මහත්තයාට වඩා බොහෝතරැණ නවීන පන්නයට හුරැ පුරැදු වූ කාන්තාවක් බව මට අවබෝධ කර ගැනීමට පහසු වූයේ නැත. නමුත් මා දැකීමත් සමගම ඇය එක තැන නතර වූවාය. එසේ නතර වීම මට කුතුහලයක් ගෙන දුන් බැවින් මම ඇයගේ මුහුණු දෙස බැලුවෙමි.

මට මගේ දෑස් අදහාගත නොහැකි විය. වසර දහයක් පමණ කාලයක් අතුරැදහන් වී සිටි සමන්ති, අමාලී ලෙසන් මා ඉදිරියේ සැබැවින් සිටගෙන සිටියාය.

සමාප්තයි.....

Wednesday, April 27, 2016

මගේ විතරක් වෙන්න.....


අහසක් උසට දුක් සෝ සුසුම්....
දහසක් පැතුම් බොදවී ගියෙන්....
සැනසුමක් සොයන සද ඔබේ කම්සුවෙන්....
බැදුණි මා ආදරෙන් නොසිතූ ලෙසින්.....

දහසක් දනන් හා සයනය කළත්....
අකුසලෙන් උරුම වූ දුප්පත් කමෙන්....
මට පලක් නැත ඔබේ ඒ අතීතයෙන්....
එනවා ද මා හා සදහටම පෙමින්....
වෙලෙන්නම් සත්තයි හිදින්නම් ළගින්...

..ලිව්වේ..
~FAN~

Monday, April 25, 2016

මොහිණීගේ අඩවිය 03

නිරුවත් ගැහැණිය



02 කොටස                                                                            04 කොටස

පසුගිය කොටසින්....

සීයට කවුරැ හරි කොදුරනව වගේ ඇහුණලු "පුතේ මම උඹට පොඩිකාලේ කියලා දුන්නු මන්තරේ මතක් කරගනින් කියලා" ඒත් එක්කම සීයාට මතක් වුණාලු මේ වෙලාවට එන්නේ සූනියම් දෙවියන්ගේ දරැණු වෙස් ඇති අවතාරයන් බව. සූනියම් දෙවියන්ගේ අවතාර වලින් ආරක්ෂා වීමට අවශ්‍ය ශ්‍රී විශ්ණු කාලෙම  සීයාට මතක් වෙලා. සීයා පට ගාල වැලි අහුරක් අරගෙන ශ්‍රී විශ්ණු කාළමෙන් වැලි අහුරට මතුරල ගැහුවලු අවතාරය දිහාට. අවතාරෙ ක්‍රමයෙන් වෙනස් වෙලා සාමාන්‍ය මනුස්ස ස්වරූපයක් මවාගෙන "උඹ උඹේ මුත්තා නිසා බේරැණා" කියලා අතුරැදහන් වුණාලු. 

පස්සෙලු සීයාට කල්පනා වුනේ සීයාට රහසින් වගේ ඇහිලා තියෙන හඩ සීයාගේ මුත්තාගේ කියලා...

ඔය කතාව අහලා ඉවර වෙලා අපි සෙට් එක ගෙදර එන්න පිටත් වුණා. ගෙදරට එනකොට වෙලාව පාන්දර 03.00 විතර වෙලා. අපි පාඩම් කළේ නෑ... තව තවත් හොල්මන් කතා කිය කිය හිටියා.....

ඉතිරි කොටස....

ඔය විදිහට එදා රෑ පොතක් අතින්වත් ඇල්ලුවේ නෑ. තම තමන් දන්න එක එක කතා කිය කිය හිටියා.සමහරු මුත්‍රා කිරීමට වත් එලි පහලියට බහින්න බය වුණා ඒ කිව්ව කතා අහලා. පාන්දර 3.30 විතර තදේට අකුණු ගහන්න ගත්ත. තව ටික වෙලාවක් යනකොට ගොරවන්න ගත්ත. විවෘතව තිබුණු ජනේලයෙන් බලන විට අකුණු ගහන එළියට බය හිතෙන රෑප මැවි මැවී පේන්න ගත්ත. ඔය අතරෙ අම්ම නැගිටල කෝපි එකකුත් හදල ගෙනත් දුන්නා. අම්ම එනකොට සෙට් එක හොද ළමයි වගේ පොත් පෙරල පෙරල පාඩම් කරනව. (අපි ඉතින් හොද ළමයි නේ)

කට්ටියගේ බයවුණ ගතිය කෝපි කෝප්පය බිව්වට පස්සේ කොහෙන් ගියාද නෑ.... (හික්ස්) තව ටික වෙලාවකින් අම්මා ඇවිත් අපි කෝපි බීපු කෝප්ප ටිකත් එකතුකරගෙන හොදට පාඩම් කරනවල කියලා ගියා.  ස්වල්ප වේලාවකින් කුස්සියේ අම්මා කෝප්ප ටික සෝදනව ඇහුණා. තව ටික වෙලාවකින් කුස්සියේ විදුලි බල්බය නිවා දමන ශබ්ධය ඇසුණා. තව ටික වේලාවක් පාඩම් කරන ඉරියව්වෙන් හිටපු අපි අම්මාගේ කාමරයේ දොර වැසෙන ශබ්ධයත් සමගම නැවත සුපුරැදු කථාබහ පටන් ගත්තා.

විදුලි කෙටීම සහ ගෙරවීමට අමතරව වැස්සකුත් වහින්න පටන් ගනිමින් තිබුණේ. ඔය අතරතුර එකෙක් අභියෝග කළා මේ වගේ වෙලාවට දොළ පහරවල් ලග හොල්මන් අවතාර තියනව කියලා, බය නැති එකෙක් ඉන්නවනම් අපේ පහළ දොළ පාර ළගට තනියම ගිහින් ෆෝන් එකේ කැමරාවෙන් දොළ පාර අවට ෆොටෝ ටිකක් ගහන් එන්න කියලා. ඔන්න දැන් චණ්ඩි ටික හිමීට බිම බලා ගත්ත. (මම මේ කථාවෙදී මගේ යාලුවෝ කාගේවත් නම් භාවිතා නොකර තමයි කථාව ලියන්න උත්සහ කරන්නේ, පැටලිලි සහගත නැතිවෙන්න ලියනව ඒවුණාට, අවුලක් තිබුණොත් කියන්න) කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැති පාටක් පේන්න තිබුණ නිසා මම කතා කරන්න පටන්ගත්තා. "උඹ වැඩ්ඩ නම් මුලින්ම උඹ ගහගෙන වරෙන් ෆෝටෝස්, අපි යනව ඊටපස්සෙ" ඔව් උඹ යමන් මුලින් අනිත් උනුත් කියන්න ගත්තා. දැන් යොජනාව දාපු එකාට මල චාටර්. දැන් ඌට බය හින්දා ගිහිනුත් බෑ, චාටර් හින්ද නොගිහිනුත් බෑ.

හරි මම යන්නම් කියලා ෆොන් එකත් අතට අරගෙන බඩ්ඩ බැස්සා එලියට. අපි සෙට් එකත් ඒත් එක්කම දොර ළගට ආව. ඇත්තටම ඒ වෙලාවේ පරිසරයේ තිබුණේ අති භයංකාර ස්වභාවයක්. පොද වැස්ස, ගෙරවිල්ල, අකුණු ගැසීමට අමතරව සුළං පාරත් ටිකක් තද වෙලා තිබුණේ. වෙලෙන් එහා පොල් ගස් ඒ මේ අත වැනෙන කොට කවුරුන් විශාල පුද්ගලයෙක් වෙලෙන් එහා සිට මෙගොඩට අත වනන ආකාරයට තමයි දිස් වුණේ. ඒ විතරක් නෙමෙයි, ඇයි ඉතින් එක එක භූත කථා අහල හැමෝගෙම සිත් වල පොඩි බයක් ඇතිවෙලා තිබුණේ රෑ එළියට බහින්න.

අපේ ළිදට ගස් වල කොළ වැටෙන නිසා කුඩා වහළයක් සකස් කරලා තිබුණා ඔය සිදුවීම සිද්ධ වුණ කාළයේ. (දැන් නම් ඒක නෑ) වැහි පොද වැටෙන නිසා අපි හැමෝම එතනට ගිය. ගිහින් ළිං බැම්ම උඩ කට්ටියම වාඩි වුණ අතර, ෆොටෝ ගහන්න යනව කිව්ව එකා දැන් චණ්ඩිය වගේ ගේ ඉදිරි පස ගේට්ටුවේ කුඩා දොර ඇරගෙන, ෆොන් එකේ ෆ්ලෑෂ් බල්බ් එකත් ඔන් කරගෙන තට්ට තනියම දොළ පහර ළගට යන්න පිටත් වුණා. ඌ නොපෙනී යනවාත් සමගම මම තව කොල්ලො දෙන්නෙක්ට යන්න කිව්ව උගෙ පස්සෙන්. කොයි එකටත්, සතෙක් සර්පයෙක්වත් හිටියොත් කියලා. දැන් බඩ්ඩ වටෙන් ගිහින් දොළ පහර පැත්තට එනකොට අපි ඉන්න තැනට ලාවට වගේ පේනව මිනිහගේ ෆ්ලෑෂ ලයිට් එක. පිටිපස්සෙන් යවපු ආරක්ෂකයො දෙන්න අපිට පේන්නේ නෑ, උන් ගරිල්ලා ක්‍ර‍මයට නේ යන්නේ. දැන් අපිට පේන විදියට යාලුවා ෆොටෝස් ගන්නව. නමුත් දොළ පාර ළගටම ගිහින් නෑ. ඉතාම හදිස්සියෙන් හදිස්සියෙන් ෆෙටෝස් ටිකක් ගහගත්ත යාලුව දුවගෙන ආව. ඇවිල්ලා ගේට්ටුවෙන් ඇතුළට එනකොට කිසිම කළබලයක් නැතුව හෙන චණ්ඩියා වගේ අපි ඉන්න තැනට ආව. ආරක්ෂාවට ගිය දෙන්න හිමිහට හිමිහිට මුගෙ පිටිපස්සෙන් ඇවිල්ල ළිද ලගමට ආවට පස්සේ බය හිතෙන සද්දයක් දාල යාලුවව බයකළා. මූ කොච්චර බය වුණාද කියනවනම් ළිදට නොවැටී බේරැණේ අනූ නවයෙන්.

දැන් කට්ටියට ෆොටෝස් ටික බලනකම් ඉවසිල්ලක් නෑ. වැස්ස තදකරන පාටක් පේන්න තිබුණ නිසා කට්ටියම ගියා ගේ ඇතුළට. ගිහින් අර මුලින් කිව්ව ලැප් එක තියෙන යාලුවගේ ලැප් එකට අර ෆොටෝස ටික කොපි කරගෙන දැන් කට්ටිය වටවෙලා ෆොටෝස් බලනව. මූ කොහොම හරි ෆොටෝස් 30 විතර අරන් තිබුණා. ඒත් මුලින් කියපු තැනටම ගිහින් නෙමෙයිනෙ ෆොටෝ අරන් තියෙන්නේ. ඒක නිසා තව කෙනෙක්ට අනිවාර්යෙන් යන්න සිද්ධ වෙනවා කියලා හැමෝම දැනගන උන්නේ. කොහොම හරි මේ ෆොටෝස බලන කොට දවල්ට පේන්න නැති දර්ශන ගොඩක් දකින්න ලැබුණා. ඒත් හරියටම පැහැදිලි නෑ. දොල පහර හරහා යන ඒදණ්ංඩ ළගට බසින තැන කුඩා බෑවුම් හැඩයක් තියෙන්නේ. යාලුවා අපිට කිව්වේ වැඩ්ඩෙක් ඉන්නවනම් දොළ පාර ළගට ගිහින් ෆොටෝස් ගන්න කියලනේ. ඒ කියන්නේ අඩු ගානේ ඒදණ්ඩ මතදී කියලා තමයි අපි කතා කරගත්තේ. යාලුවා බෑවුම මත සිට ගත්ත චායා රූප වල ඒදණ්ඩක් දිස්වුණේ නෑ. අපි හිතුවේ කලුවර නිසා කියලා. තව කිහිපයක් නිරීක්ෂණය කරනකොට දක්නට ලැබුණේ ලාවට වගේ දොළ පහර හරහා යන ඒ දණ්ඩ වෙනුවට අඩි හතරක් විතර පළල ඇති පෞරාණික පෙණුමක් ඇති කුඩා පාළමක්. කුඹුරත් චායා රෑප වල දිස් වූයේ වෙනස් ආකාරයකට. නමුත් කරැවලේ පොටෝ එක වදින කොට වැදිල තියෙන හැටි වෙන්නැති කියලා අපි කතා වුණා.

"හරි හරි දැන් ඊළගට මොකා..ද යන්නේ, මුලින් ගිය එකා කියන්නට වුණා." ඊළගට යාමට කිසිවෙක් ඉදිරිපත් නොවූ නිසාත්, ඡායා රෑප වල දුටු දේ සත්‍යදැයි දැන ගැනීමට අවශ්‍ය නිසාත් මම ම ඉදිරිපත් වුණා මම යන්නම් මචන් කියලා. මම දන්නවනේ කවුරැ හරි යාලුවො දෙන්නෙක් අනිවාර්යෙන් පිටිපස්සෙන් එවනව කියලා. මේ වෙද්දි වෙලාව 4.00 පමණ ඇති. පොද වැස්ස තරමක් තද වෙලා, තව ටික වෙලාවක් යනකොට ධාරානිපාත වර්ෂාවක් ඇතිවෙන ලකුණු පේන්න තිබුණේ. මම ඕන දෙයක් කියල පුරැෂ ශක්තිය අරන් මිදුලට බැස්ස. වට පිට නිරීක්ෂණය කරා, තද සුළග, ගෙරවිල්ල, විදුලි කෙටීමට අමතරව වෙනත් විශේෂ අමුතු දෙයක් නෑ, දවල්ට යනවනම් රෑට යන්න බය මොකටද කියලා හිතට දෛර්ය අරන් දකුණු කකුල පෙරට තියල දොල පහර දිහාට යන්න හැරුණා විතරයි චිටිස් ගාල විශාල අකුණු පහරක් පුපුරා ගියා. ඒක හරියටම වැදුනේ අපේ ඇන්ටෙනාවට. ඇන්ටෙනාවෙන් ඇතුලු වුණු අකුණු පහර ගලවා පිටතට දමා තිබූ කේබල් එකෙන් පිටවෙලා ගියේ චිටිස් හඩින්. ඔය සියල්ල සිදු වීමට තත්පරයකටත් අඩු කාළයක් තමයි ගතවුණේ. ඒත් සමගම ඩෝං ඩෝං ගාල ගෙරවිල්ලක් ඇතිවුණේ ශබ්ධයේ වේගයට වඩා ආලෝකයේ වේගය වැඩිබව සිහිගන්වමින්. ඒත් සමගම ගස් කොළන් ඒ මේ අත අඹරවමින් වේගයෙන් සුළං හමායන්නට වුණා. නිවෙස අසල ඇති පොල් ගහ දැන් කඩන් වැටේවි යැයි සිතෙන තරමටම පොල් ගස පැද්දෙන්නට වුණා. ඒත් සමගම හූ... හූ..... යන්නැද්දෝ... බය දෝ... හූ... හූ.... අඩෝ හූ..... කිය කියා කට්ටිය විහිලු කරන්නට වුණා.

දැන් නම් යන්නම වෙන තත්වයක් තමයි ඇති වුණේ. ඕනේ දෙයක් කියල මම දැන් යනව දොල පහර දිහාවට. වරින් වර ඇතිවන අකුණු ආලෝකය නිසා විවිධ රෑප මැවි මැවී පේනව. ඒ නිසා හිතේ ගැස්ම වැඩි වෙනව දොල පහරට කිට්ටු වෙනව කියල හිතනකොට. වෙලට ළං වෙනවත් එක්කම ගෙම්බන් සිය ගණන් කැගසන ශබ්ධය කන් අඩි පුපුරා යන තරමට. වැසි නිසා ගෙම්බන්ට රජ මගුල්. උන් වෙනදා නැති ප්‍රබෝධමත් ගතියකින් කෑ ගසනව. මාත් සමග තරහට කෑ ගසනවා යන හැගීමක් තමයි ඇතිවුණේ ඒ ශබ්ධයෙන්. ඒත් එක්කම රැහැයියන්  ගේ කීස් කීස් නාදය ඇගේ හිරිගඩු පිපෙනතරමට තියුණුවෙන් ඇසෙන්නට වුනේ උන් මා එනු දැකීමෙන්දැයි මට ඒවෙලේ හිතුණා. තද සුළගට ඇඹරෙන ගසකින් ඉබේ ගැලවුණු වේලුණු පොල් අත්තක් සුලගට පාවෙලා  ඇවිදින් මම යන ඉස්සරහට වැටුණා. මගේ පපුව ඩිග් ඩිග් ගාලා ගැහෙනව. යාලුවො පිටිපස්සෙන් එනව කියල දන්න නිසා මම බය නෑ වගේ ඉස්සරහට ගියා. දැන් කළින් ආව යාලුවා ඡායා රූප ගත්ත තැනට මමත් ආව. බෑවුමෙන් බැහැලා දොල පහර ළගට ආවා. එකපාරටම මුලු පරිසරයම නිහඩ වෙමින් ගෙම්බන්ගේ සහ රැහැයියන්ගේ ශබ්ධ නෑසී ගියා. නමුත් වැස්ස ධාරානිපාත ලෙස වසින්නට වුණා. මම බලා සිටිද්දීම දොල පහරේ වතුර මට්ටම වැඩි වුණා. කුඹුරේද ලියදි වතුරින් පිරී ගියා. මුලු කුඹුරම වතුරින් පිරිලා වැවක් වගේ දැන් පේන්නේ. මෙ සියලු දේ වීමට ගතවුණේ නිමේෂයක් පමණයි. කොයි තරම් වැස්සත් මාව නොතෙමෙන බවක් මට දැනුණා. මම වහාම උඩ බැලුවා,ඒත් සමගම ඇතිවූ අකුණු එළියෙන් මා දුටු දෙය ඇත්තක්ද? මට මගේ ඇසිපිය අදහාගන්නට බෑ, මම දැන් ඉන්නේ කලු ගලින් සැසසූ ආරැක්කුවක් යට. එය හරියට යම්කිසි ස්ථානයකට පිවිසෙන දොරටුවක් වගේ. ඊළග අකුණු පහරත් සමගම මම නැවත් උඩ බැලුවේ මා දුටු දෙය ඇත්තමදැයි නැවත වරක් දැක ගන්න, නමුත් එවර මට දිස් වූයේ සුපුරැදු විශාල මාර ගස.

දැන් නම් මම හොදටම තෙමිලා. මම දැක්ක දේ හිතේ ඇතිවුණු බය නිසා පෙනුන දෙයක් වෙන්න ඇති කියලා හිතලා. සාක්කුවේ තිබුණ ෆෝන් එක අරගෙන ෆොටෝ ටිකකුත් අරගත්තා. (මගේ ෆොන් එකට වතුර යන්නේ නෑ...) දොල පහර හරහා ඇති ඒදණ්ඩට නැගලා තව ෆොටෝ ටිකක් ගන්නව කියලා හිතලා ඒදණ්ඩේ මැද හරියට ගිහින් ගැහුවා ෆොටෝ එකක්. ෆ්ලෑෂ් එකේ එළියට හොරැහින් වගේ දැක්කා යමක්. මගේ ඇග සීතල වුණා වගේ. මෙනවත් දැක්කේ නෑ වගේ තවත් ෆොටෝ එකක් ගත්තා. දෙවියන් බුදුන් සිහිවුණා. මගේ වම්  පැත්තෙන් තෙත බරිත වුණු අඩ නිරැවත් කාන්තාවක්, ඇයගේ ඇගේ යටි කොටස දොල පහර තුල, උඩ කොටස විතරයි පේන්න තිබ්බේ. මුහුණ නොපෙණෙන ලෙස තෙත් වුණ කොණ්ඩය මූණට වැටිලා තිබුණේ. උඩු කය විවර වෙලා ඇගේ හිසකෙස් වලින් පමණක් පියයුරැ යුගල වැසී ගිහින්.


නැවත් වරක් තදබල අකුණු පහරක් පුපුරා ගියා, එහි ආලෝකයත් සමගම කාන්තා රූපය දැක ගැනීමේ අරමුණින් වම් පස හැරී බැලුවත් පෙර දුටු ඒ කාන්තාව දැක ගැනීමට නොහැකි වුණා. මගේ දෙකකුල් පණ නැතිව යනවා වගේ මට දැනුනා. ආපසු හැරී ඉක්මණින් බෑවුමට ගොඩ වෙලා නැවත් වරක් හැරී බැලුව, වතුර පිරැණු වෙල් යායේ බෙල්ල පමණක් ඉහලට සිටින සේ වතුරේ ගිලී ඇය මා දෙස බලා සිටිනවා....

මතු සම්බන්ධයි....





Sunday, April 24, 2016

මත් වතුර ගැන **කසූ** ගේ යාලුවෙක් ලියපු කවියක්

ජය පානය



හිත හිතා ඉන්න හිතට යමක් නැති විට
බල බලා ඉන්න සිහින ගොඩක් නැති විට
ලිය ලියා ඉන්න කවි සිතුවිලි නැති විට
ඔබ මගේ ලෝකෙට ආවා......

ලිව්වේ...
-FAN-

මේ ආදරයයි....

මේ ආදරයයි....

ආදරයත් සුළග වගේ....
ඇවිදින් ඈතට යයි නම්....
සෙනෙහස අද දෝරෙ ගලා....
හෙට වියැකී යනවා නම්....
විශ්වාසය බිදී ගිහින්....
හද පෑරී යනවා නම්....
කුමට ඉතිං පෙම් කරමුද....
කදුලම යළි හිමි වේ නම්....
...ඔබ...
ඈතට ගිය ආදරයේ...
සුළග නැවත ඒවි....
වියැකී ගිය සෙනෙහස් ගග....
දෝරෙ ගලා යාවි....
පෑරුණු හද සුව කරනා....
කෙනෙක් දිනක ඒවි....
කදුල මැකී ගොස් දිවියට....
සතුටම හිමි වේ වි....
 ...මම...

ලිව්වේ 
**කසූ**

Wednesday, April 20, 2016

ධනය සෞභාග්‍ය ඇදී එන ගෙවල්

ධනය සෞභාග්‍ය ඇදී එන ගෙවල්



ඉන්දියානු වාස්තු විද්‍යාව නිර්මාණය කළ සෘෂිවරැන් අතර පරාසර සෘෂිවරයාට  හිමි වන්නේ මුල් තැනයි. සෘෂිවරයින් වහන්සේලා එදා භාවනාවේ ගැඹුරැ සමාධියට ප්‍රවේශ වන වෙලාවට විශ්වය හා ඒකාත්ම වේ. ඈත අතීතයේ වාසය කළ පරාසර සෘෂිවරයානන් සෞභාග්‍යමත් නිවසක් ගොඩනැගීමේ සිට ජීවත් වීම දක්වා එම නිවසේ සතුට සැනසුම උදාවන්නේ වාස්තු විද්‍යාව තුල පිහිටන නිවස බව පෙන්වා දී ඇත. ඔබ නිවස ගොඩනැගීමට මුදල් යොදවා ඉඩම් මිලදී ගැනීමේදී කෝණාකාර අගට උල්හැඩයේ ඉඩම් ගැනීමෙන් වලකින්න. හරි හතරැස් ඉඩමක නිවස ගොඩනගා ගැනීමට  සැලකිලිමත් වන්න. නිවස ගොඩනැගීම නැගෙනහිර දිශාවට ප්‍රධාන උලුවස්ස යොදා ගැනීම සංහ ලීලාව සතු නිවසක ලක්ෂණයකි. මහත් සැප සම්පත් හිමිවේ.

නිවසේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට රාජ රාජ මහා මාත්‍යයන්ගේ නිවෙස් ඉදිරිපිටට නොයොදන්න. වතුර වලවල්, වංගු ඉදිරිපිට නිවස අසහනකාරී නිවසකි. නිතර ලෙඩ දුක් ඇත. එමෙන්ම දේවාල, මහා වෘක්ෂ, සුසාන භූමි ඉදිරිපිට ගෙවල් සෑදීම ඒකාන්ත විනාශයයි. මේවාට අරක් ගත් සුර, අසුර නිකාය, ප්‍රේත යක්ෂ නිකා ඔබ නිතර විපතට පත් කරයි. නඩු හබ වලට හදිසි අනතුරැ වලට යොමු කරයි.

කට ඇරියා මෙන් නිවස ඉදිරිපිට ළිද ස්වාමියා ලෙඩ ඇදට දැමීම ඒකාන්තයි. ගෙවල් දෙකක දොරවල් මූණට මූණලා තිබීම සොර සතුරැ කරදර වලට මූලයයි. කුකුල් කොටු, ගව ගාල්, එලු ගාල්, ඌරැ කොටුද නිවස ඉදිරිපිට කැසිකිලි වැසිකිලි තිබීම නිසා නිවෙස් යක්ෂ උවදුරැ වලට ගොදුරැ වේ. රෙදි සෝදන ස්ථානය නිවස ඉදිරිපිට නොකරන්න. නිවසක් තනන විට ඔබ පළමුවෙන්ම පරිසරයත් දෙවනුවත් පරිසරයත් තෙවනුවත් පරිසරයත් පිළිබද සිතා බලන්න. ඉඩම් නිකම් ලැබුණා කියා ගෙයක් නිකන් ලැබුණා කියා මරාල වල පදිංචියට නොයන්න. මොන තරම් වස්තුව තිබුණත් නිතර නිතර කරදර, ප්‍රශ්ණ, නඩු හබ, ලෙඩ රෝග වලින් පෙලෙන්නේ නම් වැඩක් නැත.

නිවසක් සෑදීමට ප්‍රථම අනිවාර්යයෙන්ම බහිරව පූජාව, දේව පූජාව ගුරැන් වහන්සේ කෙනෙකුට කියා තබා ඉඩමේ ඉඩහැර ගන්න. භූමිය අරක් ගත් අෂ්ඨ බහිරව දේවතාවන්ගේ පරිවාර යක්ෂයින් මේ භුමි අරක්ගෙන ඉන්න බව අද නවීන කැමරා වලින් පෙන්නන්නේය. නැත්නම් ඔබට කොපමණ මුදල් තිබුණත් ගෙයක් තනා ගැනීමට නොහැකිවනවා සහතිකය. සමහරැ ගේ සාදා බහිරව පූජාව තබන කොට ලෙඩ වෙනවා. රැකියාව නැති වෙනවා. ව්‍යාපාරය බංකොලොත් වෙනවා. ඒ මේ හේතු නිසාය.

බාගෙට ගේ සාදා ඉතිරිය පස්සේ හදන්න කියා නිවසක පදිංචි නොවන්න. ඒ නිවස තරම් අවාසනාවන්ත නිවසක් තවත් නැත. කවදාවත් වැඩ ඉවර කරන්න ලැබෙන්නේ නැත. වැඩ ඉවර කළත් මහා කරදර නම් ඒකාන්තය. ඉවර කරන්න වන්නේ නැත.

Monday, April 18, 2016

කැන්ටර්විල් මන්දිරයේ බිහිසුනු භූතයා "The Canterville Ghost" අවසාන කොටස 11

අවසාන කොටස

භූතයාගේ මරණයට පසු




මෙම සිද්ධියෙන් දින හතරක් ගතවිය. සිව්වන දින රාත්‍රී එකොලහට පමණ පවුලේ සියලුම දෙනා කැන්ටර්විල් වේස් හි සිට පල්ලිය බලා ගමන් ගත්හ. සියලුම දෙනා පසුවූයේ කලු පැහැි ඇදුම් වලින් සැරසීගෙනය. ශ්‍රීමත් සයිමන්ද කැන්ටර්විල් ගේ ඇටකටු ඔවුහු තමන් සමග රැගෙන ගියහ. කැන්ටර්විල් සාමිවරයා ඒ වනවිට පල්ලියට පැමිණ සිටියේය. ඔහු පල්ලියට පැමිණ සිටියේ වර්ජිනියාගේ අතින් අල්ලගෙන පෙරමුණේය. එයින් අනතුරැව ඔටිස් මහතා සහ මහත්මිය පැමිණි අතර ඔවුන් පසුපසින් වොෂිංටන් හා නිවුන්නු දෙදෙනා ද පැමිණියහ. චෙෂයර්හි ආදිපාදවරයා පැමිණියේ අවසානයටය. උම්නි මහත්මිය පනස් වසරක් තිස්සේ කැන්ටර්විල් චේස් මන්දිරය තුළ කමා බියපත් කළ භූතයා අවසන් ගමන් යනු දැක්මට පැමිණ සිටියාය. උම්නි මහත්මිය සිටියේ බලවත් ප්‍රීතියෙනි.

පල්ලියට නුදුරින් කුඩා වත්තක් තිබිණි. එය ඉතා දුර්ලභ වූත් ප්‍රියංකරවූත් ස්ථානයක් විය. ඔවුහු ශ්‍රීමත් සයිමන්ගේ ඇටකටුව භූමිදානය කළහ. මෙහිදී වර්ජිනියාට මරණයේ ගෙවත්ත ගැන භූතයා සදහන් කළ දෑ සිහිපත් විය. එය සිහිපත් වීමෙන් ඇය කදුලු සලන්නට වූවාය. අනතුරැව ඔවුන් සියලු දෙනාම ආපසු සිය නිවෙස් බලා ගමන් ගත්තද වර්ජිනියා නම් කිසිදු කථාවක් නොමැතිව නිශ්ශබ්දව ගමන් කළාය.

ඊළග දින උදෑසන කැන්ටර්විල් සාමිවරයා ලන්ඩනය බලා යාමට සූදානම් විය. ඔහු යාමට පෙර ඔටිස් මහතා පුස්තකාල කාමරයේ දී භූතයා විසින් වර්ජිනියා දෙන ලද ආභරණ පෙට්ටිය පිළිබදව කථා කළේය. "මිය යන්නට කළින් ඔහු මේ ආභරණ පෙට්ටිය වර්ජිනියාට දීලා තිබෙනවා.මේවා හරිම ලස්සන ආභරණ. මා හිතන්නේ මේවා ලන්ඩනයේදී විකුණා ඔබට හුගක් ලොකු මුදලක් ගන්න පුලුවන්. සාමි තුමනි මේවා ඔබේ පවුලෙන් පැවතගෙන එන ඒවා.ඒ නිසා ඒවා අයිති ඔබටයි. ඔබ මේවා ගෙනියන්න ඕනෙ.ඊයේ රාත්‍රියේ මමත් මගේ බිරිදත් මේ පිළිබදව හුගක් දුරට කතා කළා. ඒවා ඔබට අයිති නිසා ඒවා අපි ළග තබා ගැනීමට අවශ්‍ය නැති බවයි අපි දෙන්නාගේ මතය. වර්ජිනියා තවම ඉතාමත් තරැණයි. ඈ ආභරණ වලට ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් සමහර විට ආභරණ ළග තබාගන්නේ නැතුව හිස් පෙට්ටිය පමණක් තමන් ළග තබාගන්න ඈ කැමති වෙයි. භූතයා මතක හිටින්න යමක් තබාගන්න ඈ කැමති වෙයි. ඒ නිසා මේ පෙට්ටිය පමණක් අප තබා ගන්නම්. ඇත්ත වශයෙන්ම වර්ජිනියා භූතයාව හුගක් ප්‍රිය කළා."

කැන්ටර්විල් සාමිවරයා ඔටිස් මහතාට සවන් දුන්නේ සිනාසෙමිනි. " ඔටිස් මහත්මයා" යැයි මහලු සාමිවරයා කියන්නට විය. " ඒ වගේම ඔහුත් ඇයව ප්‍රිය කළා. ශ්‍රීමත් සයිමන් මගේ කුඩා දියණිය ඉතාමත් කරුණාවන්ත වූවා. ඒ වගේම ඒ වගේම ඈ ඔහුට හුගක් උදව් කළා. මමත් මගේ පවුලේ උදවියත් ඉතාමත් සතුටින් ඉන්නේ. ඒ නිසා ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම වර්ජිනියාට ස්තුතිවන්ත වෙනවා. මේ ආභරණ අයිති ඇයටයි. ශ්‍රීමත් සයිමන් මේවා දුන්නේ ඇයටයි. ඒ නිසා ඒවා ගන්න මම කැමති නැහැ. දැන් ඈ ඒවාට කැමති නැති වූවාට තවත් වයසින් වැඩුණු විට ඈ ඒවාට කැමති වෙයි. ඒ වගේම තමයි ඔබ මිලදීගත්තේ නිවස පමණක් නොවෙයි. නිවස තුළ වූ සෑම දෙයක්මත් ඔබ මිලදී ගත්තා. සෑම දෙයක්ම."

"කැන්ටර්විල් සාමිුමනි නැවතත් සිතා බලන්න මානම් කියන්නේ මේ ආභරණ සියල්ලම ඔබ ගත යුතුයි කියලා."ඔටිස් මහතා ප්‍රකාශ කළේය.

"නැහැ නැහැ ඒවා අයිති වර්ජිනියාටයි. ඒක මගේ අවසාන වචනය බව කරැණාකර මතක තබා ගන්න."

ඊට වසර හතකට පසු චෙෂයර්හි ආදිපාදවරයා වන සිසිල් වර්ජිනියා සමග විවාහපත් විය. එසේ විවාහපත් වීමෙන් අනතුරැව ඔවුහු කැන්ටර්විල් චේස් මන්දිරයේ සිය පවුලේ උදවිය සමග ජීවත් වීමට ගියහ.කැන්ටර්විල් නිවසට පැමිණි විගසම වර්ජිනියා තම සැමියා සමග පල්ලිය අසල ඇති මනහර අජගනයට ගියාය. වර්ජිනියා අතෙහි අලංකාර මල් පොකුරක්ද විය. ශ්‍රීමත් සයිමන්ද කැන්ටර්විල් දැන් සමාදානයේ සැතපෙන එම ස්ථිනයට මල් පොකුර තැබුවාය. එයින් අනතුරැව එම ස්ථානයේ වාඩි වූ වර්ජිනියා නිශ්චලය එදෙස බලා සිටියා ය. සිසිල් දුම්වැටියක් දල්වා ගත්තේය. ඔහුද වාඩි විය. එසේ වාඩිවී සිය බිරිදගේ අලංකාර දෙනෙත් යුග්මය දෙස බලා සිටියේය. අනතුරැව අගේ අත ගෙන ඈ අමතා කතා කරන්නට වූවේය. "වර්ජිනියා ඔබ මට තවමත් හැම දෙයක්ම කිව්වේ නැහැ." යන්න ඔහුගේ චෝදනාව විය.

"ඒ මොනවාද?" ඕ ඇසුවාය.

"නමුත් ඔබ මට කවදාවත් කීවේ නැහැ එදා දවසෙ භූතයා සමග ඔබ කොහේ ගියාද කියලා, ඒ වගේම ඔහු සමග මොනවා කතාබහ කළාද කියලා ඔබ මට තවම කීවේ නැහැ.මා මේ කියන්නේ මීට අවුරැදු හතරකට පෙර ඔබ නැතිවූ දවසෙ සිද්ධ වූ දේවල් ගැන."

"ඒවා ගැන කිසිවකු දන්නේ නැහැ. ඒ ගැන දන්නේ මා පමණයි." වර්ජිනියා පහත් ස්වරයෙන් කීවාය.

"ඔබ ඒ සිද්ධිය මට කියනවද?" යයි චෙෂයර්හි ආදිපාදවරයා ඉතා විනීත ලෙස සිය බිරිදගෙන් ඇසුවේය.

"කරැණාකර සිසිල්, ඒ ගැන කිසිවක් මගෙන් අහන්නට ඒපා. ඒ ගැන කොහෙත්ම කියන්න බැහැ. ශ්‍රීමත් සයිමන් කියන්නෙ කැන්ටර්විල් චේස් හි භූතයා..." මෙසේ කී ඈ ඉවත බලාගෙන කතාකරන්නට වූවාය. "ඔහුව හදුනාගන්න ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා. ඒ ගැන හිනාවෙන්න නම් එපා. ඔහුගෙන් මම හුගක් දේවල් ඉගෙන ගත්තා. මරණයට වඩා සෙනෙහස නොහොත් ආදරය ශක්තිමත් බව මම ඔහුගෙන් ඉගෙන ගත්තා."

මෙයින් සැනසීමට පත් සිසිල් සුසුමක් හෙලා නැගී සිටියේය.අනතුරැව ඔහු ඇයගෙන් මෙසේ ඇසුවේය.

"වර්ජිනියා ඇත්තෙන්ම ඔබ මට ආදරය කරනවද?"

"ඔව් මම ඔබට ආදරය කරනවා."

"එහෙනම් ඔබ කවදා හරි දවසක ඒ මුලු කථාවම අපේ දරැවන්ටත් කියා දෙනවද?"

වර්ජිනියා කිසිදු පිළිතුරක් දුන්නේ නැත.

....නිමි....


මොහිණීගේ අඩවිය 02

අවතාරයක් සමග සටනක්


සාමාන්‍ය පෙළ විභාගයට පාඩම් කරන්න මගේ යාලුවෝ හැමෝම ආවේ අපේ ගෙදරට. කට්ටියම රෑ 8.00 විතර වෙනකොට අපේ ගෙදරට එනව, සිකුරාද දවස්වල සෙට් වුණාම අපි පහුවදා එලා වෙනකම්ම වගේ පාඩම් කරනව. අනිත් දවස් වලට පාන්දර 01,02 විතර වෙනකම් පාඩම් කරනව. මුලින් පාඩම් කරන්න පටන් ගත්ත කාලේ මිතුරන් දෙදෙනකු පමණක් සිටි අතර මසයක් දෙකක් ගතවන විට එම ප්‍ර‍මාණය 10 දෙනෙකු දක්වා වර්ධනය වුණා. ඒකට හේතුව විදියට මම දකින්නේ පාඩම් කිරීමට අමතරව භාහිර ක්‍රියාකාරකම්වල යෙදීම තමයි. නිදිමත හැදීගෙන එනකොට කවුරැ හරි එකෙක් කියනව අපි මඤ්ඤොක්ක ගලවන්න යමු, කුරැම්බා කඩන්න යමු, අන්නාසි කඩන්න යමු, අපේ අයියලගෙ හැටි දන්නවනේ ඉතින්. ඔය වගේ ගිහින් පොලු පාරවල් නොකා බේරැණ අවස්ථා අනන්තයි.

පාඩම් කරන අතරතුර හොරකමේ යන පිරිසට අමතරව, බූරැ ගැසීම, දාන් ක්රීඩාව, කැරම් ගැසීම ආදිය සිදුකරගෙන ගෙට වෙලා අම්ම තාත්ත ඇහැරුණාද කියල ඔත්තු බලන්න වෙනම සෙට් එකක් හිටියා. තේ ටිකක් එහෙම හදල දෙන්න අම්ම නැගිට්ටොත් නිවුස් එක දෙනව පට ගාල. ඔය හැමෝ්ටම අමතරව ලැප් එකක් උස්සන් ඇවිත් හැමෝටම නිල් චිත්රපටි පෙන්නන එකෙකුත් හිටියා ඉතින්. අපි ඉතින් ඔන්න ඔය වගේ සෙට් එකක් එක්ක තමයි සාමාන්‍ය පෙළට මුහුණ දුන්නේ.

ඔය විදිහට විනොදෙන් කාලේ ගෙවීගෙන ගියා. මොන දේ කළත් අපි හැමොටම හොදට ඉගෙන ගන්න පුලුවන් වුණා. ඉස්කෝල පහකට යන යාලුවො හිටියා පාඩම් කරන්න. එක දවසක් කට්ටිය පාඩම් කරන්න එකතු වුණ දවසක අල්ලපු ගමේ මරණ ගෙයක් වෙලා කියලා ආරංචියක් ආව. කට්ටියට ඉතින් ෆුල් හැපි. කට්ටිය මළගෙවල් පැත්තෙ ගිහින් එමු කියල කතාවෙලා ගෙදරටත් කියල ගියා මල ගෙවල් පැත්තෙ. ගිහින් කැරම් අතක් හෙම ගහල (කවුරැත් කැමති නෑ අපි එක්ක කැරම් ගහන්න, අපි සෙට් එක කැරම්ම ගහන නිසා අපි මල ගෙවල්වල කැරම් ශුරයෝ කියල නම ගිහින් තිබුණේ ;) හේ.....) බුලත් විටක් එහෙමත් හපල ‍සෙට් වුණා වයසක සෙට් එකක් ළගට, පොඩි බයිට් පාරක් දාන්න කියලා හිතාගන. එතෙන්ට යනකොටත් කට්ටිය බර කතාවක්. වයසක උන්දෑ කෙනෙක් එයාට සිද්ධවුණ කතාවක් කිය කිය හිටියේ. 

බැලුවාම පේන විදියට ඒ මනුස්සයට වයස අවුරැදු 60 පැනල. ඒක නිසා එයාට සීයා කියමුකො. සීයා කිය කිය හිටියේ එයාගේ තරැණ කාලේ මූණ දුන්නු සිදුවීමක්. ඒ කියන්නේ වයස අවුරැදු 20 විතර. සීයා ඉතින් කතාව ලස්සනට කිව්වා. මම කියන්න යන මට මුහුණදෙන්න සිද්ධවුණු සිදුවීම් මාලාවේ ආරම්භය සිදුවුණේ මේ සීයාගේ කතාව ඇහුවට පස්සේ ඉදලා, ඒක නිසා සීයා කිව්ව කතාව කෙටියෙන් කියන්නම වෙනවා. (අර නිකම් ටීවී එකේ යන ඉන්දියානු කථා වගේ. හික්ස්....)

සීයා කොහොම හරි ඔය කියන කාලෙ වෙනකොට ගමේ කාටවත් බය නැති, චණ්ඩිය වගේ හිටිය ඩයල් එකලු, කසිප්පු පෙරන එකලු රැකියාව විදිහට කළේ, එයා කට්ටිය දාල අරක්කු හොරෙන් පෙරැවලු. සීයා තමයිලු මුදලාලි වගේ හිටියේ.පෙරනව වගේම හොදටම බීමටත් ඇබ්බැහි වෙලාලු හිටියේ. හැමදාම රෑට හොදට සප්පායම් වෙලා කුණුහරුප කිය කිය, අහල පහල මිනිස්සුන්ටත් කෑ ගගහලු ගෙදරට යන්නේ. අම්මා තාත්ත කුඹුරැ වැඩ තමයි කරල තියෙන්නේ. සීයගේ පවුලට හොදට සල්ලි බාගේ හෙම තිබිලා තියෙනව. කොච්චර තිබුණත් සීයට කෑල්ලක් බෑල්ලක් හෙම සෙට් කරගන්න බැරිලු, සීයාගේ කල් කිරියාව හොද මදි නිසා කවුරුවත් සීයාට කැමති නෑලු. ඉතින් කොහොම හරි සීයාගේ තාත්ත ගේමක් ගහල වැදගත් පවුලකින් සීයාට කටයුත්තක් සූදානම් කරල දුන්නලු. වැඩෙත් ස්ථීර වෙලා (ඇත්තටම සීයා විවාහ වුණේ එයා එක්කලු) ගෙවල් වලිනුත් ගිහින් කතාබහ කරගත්තලු. ගෑහැණු ලමයගේ ගෙදරින් කිව්වලු සීයට අතන මෙතන හම්බවෙන්න තියාගන්න එපා. ඕනෙ වෙලාවක ගෙදරට ඇවිත් කතාබහ කරල යන්න කියලා. (අපි ඇහුව කතාබහ විතරද කියලා, සීයා කිව්ව " නෑ අහවල් එකට " කියලා, අපි පස්සේ ඔය අහවල් එක ගැනත් සෑහෙන දේවල් අහගත්ත උන්දෑගෙන් Hikzzz)

සීයා බොන එකත් ටික ටික අඩු කලාලු, අරක්කු පෙරන රැකියාවත් අත්හැරලා සීයාගේ තාත්තත් එක්ක එකතු වෙලා කුඹුරු වැඩ කරන්න පටන්ගත්තලු. (කෙල්ල හින්දා සීයා හොද ළමයෙක් වෙලා) මාස කීපයක් සීයා කෙල්ලගෙ ගෙදර ආව ගියාලු. මංගල්ලයකට දින වකවානු එහෙමත් කතාබහ කරගෙනලු හිටියේ. දවසක් සීයා ආච්චිව හම්බවෙන්න අවේලාවේ ගියාලු (රෑ 12 විතර), අපිනම් ඔව්වට කියන්නේ කොටු පනිනව කියලානේ.... ඉස්සරත් ඔය වගේ සීන් වෙලා තියනව නේද බලන් යනකොට. (අපිනම් ඔහොම නෑ ඕං....) මල කෙළියක් තමයි එදා වෙලා තියෙන්නේ. සීයා ආච්චිව වත්ත පහල කෝපි පදුරකට හේත්තු කරගෙනලු, (මොනව කළාද කියල සීයාගෙන් ඇහුවට කිව්වේ නෑ..... ඔන එකක් හිතාගන්න. මමනම් හිතුවේ කොපි කඩන්න ඇති කියලා) ඔය අස්සේ ආච්චිලාගේ තාත්තා හුලුඅත්තකුත් පත්තු කරගෙන හිතුවෙ නැති විදිහට කඩාපාත් වුණාලු. දෙන්නව අතේ මාට්ටුලු. වැටමාර පොල්ලක් කැඩෙනකම් දෙන්නටම හොදට නෙලල සීයට යන්න කිව්වලු. තව දවස් තුනකින් මගුල කරනව කිව්වලු. දැන් සීයට පට්ට නෝන්ඩිලු. උදේම සීයලාගේ තාත්ත හම්බවෙන්න ආච්චිගේ තාත්ත එනව කියලත් කිව්වලු. සීයාට ෆුල් අවුල් ලු.සීයා යනගමන් අවුලටත් එක්ක බොන්න ඔනෙ කියලා හිතාගෙන සීයා දන්න පොට් එකකට ගිහින් හොදට බිව්වලු. බීලා ඉවර වෙලා පුරැදු පාරෙන් ගෙදර එන්න පිටත් වුණාලු...

මම මුල් කොටසේ කියපු කනත්ත පහුකරගෙන සීයා දැන් එනවලු.සීයට දැනෙනවලු පාරේ යනව යනව ඉවරයක් නෑ කියල, (ඔය පාරෙ මස් මාලු, බැදුම් කාල යන මිනිසුන්ව යම් කිසි බලවේගයක් විසින් මං මුලා කරනව කියල ජනප්‍රවාදයක් අපේ ගමේ තියනව).‍ෙඔහොම ටික දුරක් යනකොට ගොඩා...ක් උස කලුම කලු මිනිහෙක් පාරෙ හිටගෙන ඉන්නවලු, කකුල් දෙක පාර දෙපැත්තෙලු. සීය යකාටවත් බය නැති මිනිහා වුණාට හීන් දාඩිය දැම්මලු. සීයගේ වෙරි හිදුනලු. ඔන මගුලක් කියලා සීයා රිංගුවලු අරූගේ කකුල් දෙක යටින්. (යකාට හෙන අවුල් යන්නැති නේ..... ) රිංගල ඉවරවුණා විතරලු මෙන්න ආයේ ඉන්නවලු ඉස්සරහට වෙලා. දෙතුන් වතාවක් රිංගපු සීයාට දැන් බයටත් වඩා ඇති වුණේ තරහක්ලු. හිරේ යන්න හරි අනිනව කියල හිතාගෙන ගත්තලු ඉනේ තියෙන කිනිස්ස ඇදල. ඇන්නලු යකාගේ කකුලට ඩෝං ගාල. යකත් දුන්නලු පාරක් සීයා වැටුනලු ඇලට.සීයත් චණ්ඩියනේ ඉතින්, අතඇරියේ නෑලු ගේම. ඇන්නලු අනිත් කකුලටත් යකාගේ. පැය බාගයක් විතර යනකම් යකත් එක්ක දැවැන්ත සටනක් ලු , ඔය අතරෙ සීයාට තේරැණාලු මේ යකා එක්ක ගහගන බේරෙන්න බෑ කියලා.

සීයට කවුරැ හරි කොදුරනව වගේ ඇහුණලු "පුතේ මම උඹට පොඩිකාලේ කියලා දුන්නු මන්තරේ මතක් කරගනින් කියලා" ඒත් එක්කම සීයාට මතක් වුණාලු මේ වෙලාවට එන්නේ සූනියම් දෙවියන්ගේ දරැණු වෙස් ඇති අවතාරයන් බව. සූනියම් දෙවියන්ගේ අවතාර වලින් ආරක්ෂා වීමට අවශ්‍ය ශ්‍රී විශ්ණු කාලෙම  සීයාට මතක් වෙලා. සීයා පට ගාල වැලි අහුරක් අරගෙන ශ්‍රී විශ්ණු කාළමෙන් වැලි අහුරට මතුරල ගැහුවලු අවතාරය දිහාට. අවතාරෙ ක්‍රමයෙන් වෙනස් වෙලා සාමාන්‍ය මනුස්ස ස්වරූපයක් මවාගෙන "උඹ උඹේ මුත්තා නිසා බේරැණා" කියලා අතුරැදහන් වුණාලු. 

පස්සෙලු සීයාට කල්පනා වුනේ සීයාට රහසින් වගේ ඇහිලා තියෙන හඩ සීයාගේ මුත්තාගේ කියලා...

ඔය කතාව අහලා ඉවර වෙලා අපි සෙට් එක ගෙදර එන්න පිටත් වුණා. ගෙදරට එනකොට වෙලාව පාන්දර 03.00 විතර වෙලා. අපි පාඩම් කළේ නෑ... තව තවත් හොල්මන් කතා කිය කිය හිටියා.....

මතු සම්බන්දයි........

Sunday, April 17, 2016

මොහිණිගේ අඩවිය 01

මොහිණිගේ අඩවියේ සුන්දරත්වය




ඔන්න යාලුවනේ මම ඔයාලට කිව්ව වගේම අලුත් අවුරැද්ද පහු වෙලා ඔයාලට කියවන්න මම විසින්ම ලියන කතාවක් දෙනව. මේක දෙන්න ටිකක් පරක්කු වුණේ මොකද දන්නවද. කතාවේ මුල් කොටස ලියලා ඒකේ අඩුපාඩු හදල දෙන්න කියලා අපේ **කසූ** (ඔයාලට නිසදැස් එහෙම ලියලා දෙන්නේ) ට දුන්න. එයා අඩුපාඩු හදල දෙන්න ටිකක් කාලය ගත්තතේ. නැතුව මගේ පරක්කුවක් හෙම නොවෙයි. :P ඉතිරි කොටස් ටිකනම් එහෙම වෙන්නේ නෑ. ඉතින් මේ කතාව කියවල බලන්නකෝ.... කොමෙන්ට් එකක් දාන්න පුලුවන්නම් කියවල කතන්නර කාරයා ගොඩක් සතුටුයි. අමාරැනම් කමක් නෑ ඉතින්... :(

ඔයාල ආසයි නේද වෙනස් විදියෙ කතාවක් අහන්න. මං කියන්නම් ඒ වගේ කතාවක්.මේක මං පුංචි කාලේදී එහෙම නැත්නම් අවුරැදු පහළොවක් දාසයක් වගේ කොල්ල කාලෙදී මූණ දීපු සත්‍ය සිදුවීමක්. මේ සිදුවීම සිදුවුණේ හරියටම කියනවනම් 2003 අවුරැද්දෙයි.එ් කාළය වෙනකොට මං සාමාන්‍ය පෙළ විභාගයට මූණ දෙන්නයි ලැහැස්ති වෙමින් හිටියේ. මේක සුන්දර පරිසරයක් වටා ගෙතුන අද්භූත කතාවක්. කාතාව මැද හරියෙදි ඔයාලට කියවන්න ලැබෙයි බය හිතෙන දේවල් සහ ඒව්වට මුහුණ දුන්නු ආකාරය. මගේ කතාව කියවන්නට කලින් කියවන සියලු දෙනාට මෙම කතාව හා සම්බන්ධවන ප්‍රදේශය ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.එම හැදින්වීමත් එක්කම මම කතාවත් ලියාගන යන්නම්. කතාවේ කොටස් කීයක් තියෙයිද කියන එකනම් දැන්ම කියන්න බෑ. ගොඩක් තියෙයි. එහෙනම් කතාව කියවල බලන්න. මම මේ කතාවට නම දාන්නේ මොහිණීගේ අඩවිය කියල , කතාව කියවගන යන්නකෝ..

අපේ නිවස තිබුණේ සුන්දර වෙල් යායක් අයිනට වෙන්නයි, ගෙදරත් වෙලත් අතරින් ලස්සන දොල පාරක් ගලා බසිනව. මොන තරම් පෑවිල්ලක් ආවත් මේ දොල පහර කිසිම දාක හිදෙන්නේනෑ කියල තමයි ගම් වැසියො කියන්නේ. වෙල් යාය නිරන්තරයෙන් ගොවියන් විසින් වගා කටයුතු කරන නිසා අපේ ගෙදර ඉදන් බලනකොට පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. සිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්නේ.කුඩා ගොයම් පැළය හැදෙන කාළයේ ඉදලා කරලින් බරවුණ නාඹර ගොයම් ගස් දක්වාම වෙල් යායේ පැතිරෙන වර්ණවත් භාවය කා‍ගේත් සිත් ඇදගන්නව.

කුඹුරැ වල වැඩ නොකරන කාළයට ගම් වැසියන් විසින් තමන් ඇති කරන ගවයින් , එලුවන් කඹුරට ගෙනවිත් දානව, ඒ ඇයි දන්නවද, ඒ කාලෙට මුලු කුඹුරැ යායම විවිධ තෘණ ශාක වලින් පිරී ගිහින්, ගවයින්ට, එලුවන්ට අවුරැදු වගේ, දොල පහරෙන් එන වතුරත් තියෙනවනේ. ඒ විතරක් නෙමෙයි සත්තු සර්පයිනුත් වැහි වැහැල. ඒකට හේතුව වෙලේ වැඩ නොකරන නිසා, වෙල් යායේ ඇවිදින්න යනවනම් බොහොම පරිස්සම් විය යුතුයි. ඒ වගේම වෙලේ තියෙන පොඩි පොඩි දියකඩිති වල චූටි චූටි තිත්ත පැටව් පිරිල දගලනව. උන්ව කන්න ආව සුදුම සුදු පාට කොක්කු වෙල හැම තැනටම ගොඩ බැහැල,  වරින් වර වෙල්යායට ගොඩබාන පක්ෂින් දුටුවිට සිහිවන්නේ ගුවන් තොටුපොලක්,බැලූ බැලූ තැන සුදු පාටයි.ගුවන් යානා නවත්වල වගේ.

වෙලේ තැන් තැන් වල පෙර කන්නයේ ගොයම් කැපූ පසු ඉතිරි වූ ගොයම් ගස් වලින් හටගත් වී කරල්, ඒවා  කෑමට වරින් වර කොළ පැහැති ගිරව් රෑන් පිටින් ඉගිල එනව.උන් ලස්සන රටා මවමින් වෙල පුරා ඉගිල යනව. වෙල අයිනට වෙන්න තරමක් දුරින් ඇති විශාල කුබුක් ගස වවුලන් විසින් තමන්ගේ රාජධානිය බවට පත්කරගෙන. කිසිවෙකුටත් කරදරයක් නොමැතිව දහවල පුරාවටම එල්ලී නිදන උන් හිරැ බැසයාමත් සමගම රෑන් පිටින් පියඹා ගොස් අන්ධකාරයේ නොපෙනී යනවා.

අප නිවසේ සිට වෙල් යාය වෙත පිවිසීමට ඇත්තේ පොල් කොට දෙකක් ඇල හරහා දැමීමෙන් සකසා ගත් ඒදණ්ඩක්. ගමේ කොතනක හෝ පොල් ගස් කිහිපයක් කැපූ විට එක කොටයක් හෝ දමා ඒදණ්ඩ අලුත් කිරීමට අපේ ගම් වැසියන් අමතක කරන්නේ නෑ, ගමේ කුඩා දරැවන් පාසල් යන්නේ ඔය ඒදන්ඩ හරහා ගොස් නිසා වීම තමයි ඒකට හේතුව. මෙම ඒදන්ඩ කෙලින්ම වෙල‍ෙන් එහා පැත්තේ තියෙන්නේ පොදු නාන ළිදක්. ඒදන්ඩේ සිට නාන ලිදට යාමට ඇත්තේ වෙල හරහා ඇති තරමක් මහත් වූ නියරක් දිගේ. ඒ නියර අනිත් නියරවල් සමග සසදන විට තරමක් පළලින් වැඩි නිසා ගම් වැසියන් එය හැදින්වූවේ මහ නියර කියායි. මෙම මහ නියර මැදට වෙන්නට විශාල රුක් අත්තන ගසක් පිහිටා තිබෙනව. ඔය ගහේ මල් පිපෙන කාලෙම අපේ මුලු ගමම රුක් අත්තන මල් සුවදින් සුවදවත් වෙනව. මෙම ගස තිබෙන ප්‍රදේශයේ විශාල වට ප්‍ර‍මාණයක් වැලි වලින් සකස් වූ වැලි තලාවක්. සවස් වෙන විට පුංචි ළමුන් විවිධ ක්‍රීඩාවල නිරත වීමට මෙම ස්ථානය  ක්‍රීඩා පිටියක් බවට පත් කරගන්නව.

ඒදන්ඩෙන් එගොඩ වෙලා කෙලින්ම ගියොත් නාන ලිද පැත්තට යන්න පුලුවන්, වම් පැත්තට හැරිලා වෙල අයින දිගේ දොල පහරට සමාන්තරව වැටිල තියෙන නියර දිගේ ලියොත් ගමේ පාලු කනත්තක් දැකගන්න පුලුවන්. මේ කනත්ත වටාත් සැගවුණු කතන්තර එමටයි.සවස 6 න් පසුව කිසිවකුත් ඒ පැත්තට යන්නට නොපෙළඹෙන්නේ නිරායාසයෙන්මයි. ඉදහිටලා ඇගේ අමාරැවට කරටි කැඩෙන්න මත්පැන් සප්පායම් වුණු ගමේ " අයියා" කෙනෙක් සද්දයක් දාගෙන ඒ පෙදෙසට ගියත්, පසු දින වන විට එ් අයියා වෙනුවෙන් තොවිලයක් නැටීමට හෝ ඇප නූලක් දැමීමට අප නිවෙස අසල  යන්ත්‍ර‍ මන්ත්‍ර‍ කටයුතු කරන විජේ සීයාගේ නිවෙසට එනවාමයි..

මතු සම්බන්දයි......


Monday, April 11, 2016

ෆිල්ම් වල DVDRip, CAM , BDRip, TS, SRC ෆෝමැට් ගැන දැන ගන්න.

             DVDRip, CAM , BDRip, TS, SRC 




චිත්‍රපට බලන්න අපි කවුරුත් කැමතියි.ඒ නිසාම අන්තර්ජාලය භාවිතා කරන අප බොහෝ දෙනා අප කැමති චිත්‍රපට සොයා බාගත කරගන්න උත්සුක වනවා. මෙයටපහසුම හාවිශ්වාසදායීම ක්‍රමය නම් ටොරන්ට් හරහා අදාල චිත්‍රපටය බාගත කිරීමයි.කෙහෙන් චිත්‍රපටයක් ඩවුන්ලෝඩ් කළත් ඒ සම්බන්ධව නිතරම අහන්න දකින්න ලැබෙනවචන මාලාවක් තියනවා. ඒ තමයි CAM, DVD Rip, TS, SRC වැනි ඒවා.
නමුත් ඔබහරියාකාරවම මේ කෙටි යෙදුම් වල අර්ථයන් දන්නවාද ? නොදන්නවානම් ඊළඟචිත්‍රපටය බාගත කිරීමට කලින් මෙය කියවන්න. මේ කෙටි යෙදුම් වලින් චිත්‍රපටයේගුණාත්මක භාවය හඳුනා ගන්නට පුළුවන්. එමගින් අර්ථ ගන්වා තිබෙන්නේ ඔබ බාගතකිරීමට සූදානම් වන චිත්‍රපටයේ අදාළ පිටපත පිටපත් ගන්වා තිබෙන ආකාරයයි.බෝහෝ අවස්ථා වළදී මෙය නීති විරෝධී කටයුත්තක්.
නමුත් චිත්‍රපට බැලීම සඳහාවූ ලාභදායීම ක්‍රමය එය වනවා.
CAM
අප පොදු ව්‍යවහාරයේ කැමරා කොපි ලෙසහඳුන්වන්නේ මේ ඛාණ්ඩයේ චිත්‍රපට පිටපත්. බොහෝ අවස්ථා වලදී මෙවැනි පිටපත්සාදන්නේ චිත්‍රපට ශාලාවට වීඩියෝ කැමරාවක් ගෙන ගොස්චිත්‍රපට ශාලාවේචිත්‍රපටය පෙන්වන තිරය රූගත කිරීමෙනුයි. සමහර අවස්ථා වල කුඩා තෙපා භාවිතාකොට තිබුණත් බොහෝ අවස්ථාවල තිරය චලනය වනු දැකිය හැකියි. එමෙන්ම රූගතකරන්නා වාඩිවන ස්ථානය අනුව තිරය පෙනෙන කෝණයද වෙනස් වනවා. තිරයේ ඇති අකුරුවැනි දෑ කියවීමට අපහසුයි. හඬ ලබා ගැනීම සඳහා කැමරාවේම ඇති මයික් එක භාවිතාකරනවා. කළාතුරකින් අවස්ථාවකදී හැරුණු කොට cam ගුණාත්මක භාවයෙන් ඉතාමත් පහළමට්ටමකයි පවතින්නේ. චිත්‍රපටයක් නිකුත් වී සතියක් යාමට මත්තෙන් මේ වර්ගයටඅයත් පිටපතක් බාගත හැකියි.

TELESYNC (TS)
මෙයත් බොහෝ දුරට cam වලම ගති ලක්ෂණඋසුලනවා. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ හඬ ලබාගන්නේ කැමරාවේ ඇතිමයික්‍රෝෆෝනයෙන් නොව පැහැදිළි හඬ පටයක් ජැක් එකක් මාර්ගයෙන් කැමරාවටසම්බන්ධ කිරීමෙන් වීමයි. විදේශීය සිනමා ශලා වල ඇසීම අඩු අයට ශ්‍රවණය කිරීමසඳහා තම ආසනයේ හෙඩ් ෆෝන් සවිකර තිබෙනවා. එම ජැක් භාවිතා කරමින් කැමරාවට හඬඇතුල් කිරීම සිදු වනවා. මේ නිසා cam වලදී මෙන් නොව TS වලදී හඬ පැහැදිළිවඇසීමට පුළුවන්.පින්තූර වල ගුණාත්මක භාවය cam ආකාරයමයි.

TELECINE (TC)

TC ආකාරයට නිකුත්වන චිත්‍රපට පිටපත්අපට වැඩියෙන් දකින්න ලැබෙන්නේ නැහැ. සිනමා ශාලාවේ චිත්‍රපටය පෙන්වීම සඳහාභාවිතා කරන reels ඩිජිටල් පිටපත් බවට හරවා නිකුත් කරන පිටපත් TC ලෙසහඳුන්වනවා. මේ කාර්‍ය කිරීම සඳහා අවශ්‍ය උපකරණ හිඟ වීමත්, දුශ්කර භාවයත්නිසා බොහෝ අවස්ථා වල දැක ගැනීමට නොහැකියි. නමුත් හඬ සහ පින්තූර වලගුණාත්මක භාවය ඉහල මට්ටමක පවතිනවා.

SCREENER (SCR)

චිත්‍රපටයක් නිකුත් වූ විට එහිපිටපත් preview එකක් ලෙස VHS ආකාරයෙන් විවිධ ස්ථාන වලට යැවෙනවා. මේ VHS ටේප් එකකින් ඩිජිටල් කරණය කරන ලද පිටපත් scr ලෙස හඳුන්වනවා. VHS එක අලුත්නම් පිටපත පැහැදිළි වනවා. නමුත් ප්‍රකාශන අයිතිය සඳහන් වැකි, කොපි කරඇත්නම් දැනුම් දෙන්න යැයි පවසන වැකි ආදිය චිත්‍රපටය පුරාවට දර්ශනය වියහැකියි.

DVD-SCREENER (DVDscr)
SRC මෙන් නොව මෙය පෙර සඳහන් කළ පරිදියවන DVD එකකින් උපුටා ගනු ලබනවා. නමුත් ප්‍රකාශන අයිතිය සඳහන් වැකි, කොපිකර ඇත්නම් දැනුම් දෙන්න යැයි පවසන වැකි ආදිය මෙහිදීත් චිත්‍රපටය පුරාවටදර්ශනය විය හැකියි.

DVDRip
ජනප්‍රියම පිටපත් ක්‍රමය යැයිකිවහොත් නිවැරදියි. චිත්‍රපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කොට අවසානයේ මිළ දීගැනීම සඳහා නිකුත් කරන DVD තැටි වලින් මේ පිටපත් නිර්මාණය වනවා. හඬ මෙන්මරූප වලද ගුණාත්මක භාවය ඉහලයි. නමුත් මෙහි ප්‍රධානම අවාසිය වන්නේ චිත්‍රපටයනිකුත්වී DVD නිකුත් වන තුරු විශාල කාලයක් බලා සිටීමමට සිදු වීමයි.

VHSRip
DVDRip ලෙස චිතපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කොට අවසානයේ මිළ දී ගැනීම සඳහා නිකුත් කරන VHS වලින් මේ පිටපත් නිර්මාණය වනවා.

BDRip
මිළදී ගැනීම සඳහා නිකුත් කළ BluRay තැටියකින් පිටපත් කරන ලද පිටපත් මෙළෙස හඳුන්වනවා. ගුණාත්මක භාවය DVDRip වලට වඩා ඉහලයි. (1080p හෝ 720p)

TVRip
රූපවාහිනියේ විකාශය වන අතරතුටග්‍රහණය කරගන්නා ලද හෝ චන්ද්‍රිකා මගින් රූපවාහිනී නාලිකා වලට විකාශය වීමටනියමිත චිත්‍රපට එවමින් සිටිනා අතරතුර ග්‍රහණය කරගන්නා ලද පිටපත් මේ ලෙසහඳුන්වනවා. සමහ අවස්ථා වල තිත් වැනි දෑ දර්ශනය විය හැකියි.

HDRip

HD TV මාර්ගයෙන් පිටපත් කරගන්නා ලද සිනමා පිටපත් HDRip වනවා. TVRip වලට වඩා ගුණාත්මක භාවය ඉහළ වුනත් BDRip වලට වඩා අඩුයි.

DivX Re-Enc
චිත්‍රපටය DVD හෝ VCD තැටියකින්ලබාගෙන පමාණයෙන් කුඩා DivX ෆයිල් එකකට හරවා මේ පිටපත් නිම කරනවා. බොහෝඅවස්ථාඅ වල 350mb, 200mb ලෙස ප්‍රසිද්ධව ඇත්තේ මේවායි.

DivX / XviD
DivX හෝ Xvid ලෙස හඳුන්වන්නේ මෙතෙක්සඳහන් කළ පිටපත් වර්ගයක් නොව මහු මාධ්‍ය සඳහා වූ ෆයිල් ෆෝමැට් එකක්. මෙහි codecs වර්ග දෙකක් භාවිතා වනවා. ඒ low motion හා high motion වශයෙන්. දැන්බොහෝ විට යොදා ගැනෙන්නේ high motion codecs පමණයි.

XVCD/XSVCD

පෙර සඳහන් කළ ලෙසම මෙයත් ෆයිල් ෆෝමැට් එකක්. වඩා වැඩි තිර විභේධනයකින් යුත් වීඩියෝ සඳහා යොදා ගැනෙන

Sunday, April 10, 2016

කැන්ටර්විල් මන්දිරයේ බිහිසුනු භූතයා "The Canterville Ghost" දසවන කොටස 10

භුතයාගේ මියයාම




එදින සවස තේ පානය සදහා වර්ජිනියා පැමිණියේ නැත. ඔටිස් මහත්මිය සේවකයෙකු අමතා උඩු මහලට ගොස් ඇය කැදවාගෙන එන ලෙස නියෝග කළාය. එහෙත් වර්ජිනියා නම් නිවසෙහි නොසිටියාය. සමහර විට ඈ වත්තෙහි ඇවිදිමින් පසු වෙනවා විය යුතු යැයිද පසුව ඇය පැමිණෙතැයි ද ඔටිස් මහත්මිය කල්පනා කළාය. එහෙත් පැය හයක් පමණ වන තුරැත් වර්ජිනියා නිවසට පැමිණියේ නැත. පවුලේ සියල්ලෝම බලවත් ලෙස කලබලයට පත් වූහ. නිවුන්නු දෙදෙන වත්ත පුරාම ගොස් ඇයව සොයා බැලූහ. ඔටිස් යුවල නිවස පුරාම වර්ජිනියා සෙවූහ. එහෙත් ඈ නම් කොහේවත් නැත. දැන්නම් ඔවුන් හොදටම බියපත් වී අවසානය. කුමක් කල යුතුදැයි කිසිවෙකුටවත් සිතා ගත නොහැකි විය. මේ අතර වොෂිංටන් අසල ගම්මානයකට ගොස් ඈ පිළිබද විපරම් කොට බැලීම සදහා මිනිසුන් කිහිප දෙනෙක් රැගෙන ඒමට අදහස් කළේය.

ඔවුහු සියලු දෙනා නැවත වරක් වත්තේත් නිවසේත් හොදින් පරීක්ෂා කර බැලූහ. එහෙත් ඔවුන් කිසිවෙකුටත් ඇය සොයාගත නොහැකි විය. පවුලේ සාමාජිකයින් සියල්ලෝම වර්ජිනියා හැරැණු විට රාත්‍රී ආහාරය සදහා මේසය වටා රොක් වූහ. ඔටිස් මහත්මයා ඔවුන් අමතා මෙසේ කීවේය. ‘‘ඔබලා හැම කෙනෙක්ම රාත්‍රී ආහාරය ගෙන මෙතනම ඉන්න. මම වහාම පොලීසියේ ආධාර ඇතිව කොහොම හරි වර්ජිනියාව සොයාගෙන එන්නම්.‘‘

ඔටිස් මහතා නිවෙසෙන් පිටත් වීමත් සමගම චෙෂයර්හි ආදිපාදවරයා පැමිණියේය. ඔටිස් මහතා පිටත්ව ගිය බව ඇසූ කෙණෙහිම ඔහුද ඔටිස් මහතා පසුපස දිව ගියේය.

‘‘වර්ජිනියා නැතිව මට නම් රාත්‍රී ආහාර ගන්න බැහැ. ඒ නිසා කරැණාකර මා සමග අමනාප වෙන්න එපා. මාත් ඔබ සමග ඇයව සෙවීමට එනවා. ඇය නැතිව මේ ගෙදර මට නම් අපායක් වගෙයි.‘‘ ඔහු කීවේය.

හිරාම් ඔටිස් මහතා සිනාසුණේය. එයින් අනතුරැව ඔවුන් දෙදෙන පොලිස් ස්ථානයට බලා පිටත්ව ගියහ. ඔවුන් එදින රාත්‍රී එකොලහට පමණ ආපසු නිවෙසට පැමිණියේ අධික වෙහෙසකින් මෙන්ම බලවත් සංතාපයෙන් යුතුවය. නිවුන්නු දෙදෙනටද වොෂිංටන්ට ද ඔවුන් දෙදෙන දොර අසලදී මුණ ගැසිණ. ‘‘ඈ ගැන කිසිම ආරංචියක් නැහැ. ‘‘ යැයි ඔටිස් මහතා සහ ආදිපාදවරයා ඔවුන්ට කීහ.

මේ අතර ඔටිස් මහත්මිය ඉතා අසනීපයෙන් යුතුව පුස්තකාල කාමරයෙහි පසු වූවාය. ‘‘ඔබ මොනවා හෝ ආහාර සදහා ගන්න ඕන‘‘ යැයි ඇගේ ස්වාමි පුරැෂයා ඇයට කීවේය. ‘‘අපි හැම කෙනෙක්ම මොනවා හරි කන්න ඕනෙ.‘‘

මේ අනුව සියලු දෙනා ඉක්මනටම ආහාර ගත්හ. එහෙත් කිසිවෙකුත් කථා කළේ නැත. අවසානයේ දී ඔටිස් මහතා ඔවුන් අමතා කථා කලේය. ‘‘දැන් හැම කෙනාම නිදාගන්න යමු. අද රාත්‍රියේ මීටත් වඩා යමක් අප කාටවත් කරන්න බැහැ.‘‘

එය මධ්‍යම රාත්‍රිය විය. එකවරම පවුලේ සියල්ලන්ටම ඇසෙන්නට වූයේ පඩිපෙල දෙසින් එන භූත කඩවල්ය. එදින නම් නොයෙකුත් හඩවල් ඇසෙන්නට විය. මේ නිසා ඔවුන් සියලු දෙනා සිය කාමර වලින් එලියට පැණ එහා මෙහා දුවන්නට විය. එම ශබ්දය කුමක්දෝ කියා වටහා ගැනීමට කිසිවෙකුටත් නොහැකි විය. කිසිවෙකුත් නැත. එහෙත් එකවරම දොරක් විවර වූ අතර කිසිවෙක් එම ස්ථානයේ පෙනී සිටින බව ඔවුන්ට පෙනිණ. ඒ අන් කිසිවෙකු නොව වර්ජිනියාය. ඈ ආපසු ගෙදර පැමිණ ඇත. ඇගේ වත බොහෝ සේ සුදු මැලි වූ අතර ඇය සුරතේ කුඩා පෙට්ටියක් තිබිණ. සියලු දෙනාම ඇය වෙතට දිව ගියහ. ඔටිස් මහත්මිය සිය දෑතම දියණියගේ ගෙල වටා යවා ඈ වැළද ගත්තාය. නිවුන්නු දෙදෙන නැටුමක් නටන්නට විය.

‘‘වර්ජිනියා ඔබ මෙපමණ වෙලා කොහෙද හිටියෙ?‘‘ යයි ඔටිස් මහතා කථා කරන්නට වූයේ බලවත් කෝපයෙනි. ‘‘ඔබ අපට මෙතරම් කරදර කළේ මොන එකකටද?‘‘ අපි මේ මුලු පලාතම පීරලා ඔබව සෙව්වා. ඔබේ අම්මා මොන තරම් දුක් වුණාද? ඇයට අසනීපත් වුණා. මේ වගේ දේවල් මින්පසු නම් ඔබ කවදාවත් කල යුතු නැහැ. කොහෙත්ම නැහැ. මා කියන දේ ඔබට ඇහෙනවා නේද?

‘‘තාත්තේ,‘‘ වර්ජිනියා ඉතා පහත් ස්වරයෙන් කථා කරන්නට වූවාය. ‘‘ මා සිටියේ භූතය සමගයි. ඔහු දැන් මැරිලා. ඔබලාම ඇවිත් ඔහුව බලා ගන්න. ඔහු ඉතාම නරක තත්වයකයි හිටියෙ. ඔහු නරක මිනිහෙක් තමයි. නමුත් තමන් මෙතෙක් කළ දේවල් වලට ඔහු ගොඩක් කණගාටු වුණා. නමුත් මිය යාමට කලින් මේ ආභරණ පෙට්ටිය මට දුන්නා‘‘.

පවුලේ සියල්ලෝම මෙය අසා බලවත් මවිතයට පත් වූහ. මෙහි දී වර්ජිනියා ඔවුන් සියලු දෙනා අමතා තමා සමග පැමිණෙන ලෙස කීවාය. අනතුරැව සියලු දෙන පඩිපෙල බැස කුඩා කාමරයකට පිය නැගූහ. එම කාමරය තුල ඇට සැකිල්ලක් බිම වැතිරී තිබිණි. එම ඇට සැකිල්ලේ අත්වල සහ පාද වල දම්වැල් තිබිණි. නැතහොත් දෑත් සහ දෙපා දම්වැල් වලින් බැද දමා තිබිණි. එකෙණෙහිම ඔවුන් සියලු දෙනාටම අවබෝධ වී තිබුණේ ශ්‍රීමත් සයිමන් ද කැන්ටර්විල් 1984 දී මිය ගිය බවයි.

‘‘බලන්න!‘‘ යයි නිවුන්නු දෙදෙනාගෙන් එකෙක් කියන්නට වූයේය. ‘‘ජනේලයෙන් එබිලා බලන්න! අර මැරිලා තිබුණු ගසේ දැන් මල් පිපිලා නේද? නැවත වතාවක් මල් පිපිලා!‘‘

‘‘ඊට හේතුව මරණය අවුත් භූතයාව රැගෙන ගිය එකයි.‘‘ වර්ජිනියා පිළිතුරැ වශයෙන් කීවාය.

මතු සම්බන්දයි............

Thursday, April 7, 2016

අපි ආයෙත් හමු නොවුනා නම්.........

අපි ආයෙත් හමු නොවුනා නම්.........

ඉස්සර දවසක මිය ගිය සෙනෙහස,

යලි ඉපදී මා හද රිදවන්නට අපි ආයෙත් හමු නොවුනා නම්........

ඔබ නොහඳුනනා විරහ වේදනා පෙරදා වින්දේ මා පමණයි,

හුග කලකින් හමු වී සෝ ලතැවුල් අදත් විඳින්නේ මා පමණයි.........

සමු ගන්නට නම් අහිමි ආදරෙන් මේ ලෙස ඇයි,

අප හමු වන්නේ ආදරයේ කඳුළින් මිය යන්නද ජීවිත ඉරණම විසඳෙන්නේ.......


කැන්ටර්විල් මන්දිරයේ බිහිසුනු භූතයා "The Canterville Ghost" නවවන කොටස 09

මරණයේ ගෙවත්ත


‘‘ඔබ ඇමරිකාව ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ. පුලුවන් නම් එහි යන්න. ඇමරිකාවට යන්න. ඔබට අවශ්‍ය නම් මම තාත්තා ලවා ඔබට ගුවන් අවසර පත්‍රයක් ලබා දෙන්නම්. එහි ඉන්න මිනිසුන් භූතයෙක් වෙනුවෙන් ඩොලර් සිය දහස් ගණනක් වුවත් ගෙවයි. මම ඒක හොදින්ම දන්නවා.‘‘

මට නම් ඇමරිකාවට යන්න කොහෙත්ම උවමනා නැහැ.‘‘ යයි මෙවර ද භූතයා බලවත් කලබලයට පත්ව කෑ ගැසුවේය.

‘‘ඇයි එහෙ තිබෙන හැම දෙයක්ම අලුත් නිසාද? එහි තිබෙන කිසිම දෙයක් ඔබ තරම් පැරණි නැති නිසාද?‘‘ යයි වර්ජිනියා පැවසුවේ ඉතාමත්ම කෝපයට පත්වයි. අනතුරැව ඇය ඔහුගෙන් පිළිතුරක් නැති තැන මෙසේ කීවාය. ඔබට සුභ දවසක්. මම ගිහිල්ලා මගේ නිවුන් සහෝදරයන් දෙදෙනාට කියනවා තවත් සතියක් ම ගෙදර ඉන්න කියලා.‘‘

‘‘කරැණාකර යන්න එපා වර්ජිනියා මෙනෙවිය.‘‘ යැයි භූතයා ඉතා ශෝකී ස්වරයෙන් කියන්නට විය. ‘‘මම ඉන්නෙ හුගක් කණගාටුවෙන්. ඒ වගේම මොනව කරන්නද කියලා මට තේරෙන් නැහැ. මට නිදා ගන්න යන්න උවමනායි. නමුත් මට නින්ද යන්නෙ නැහැ.‘‘

‘‘මොනවා? ඒක හරිම පහසු දෙයක්. හැම කෙනෙකුටම දහවලට උනත් නින්ද යාවි. ඉක්මනටම ඇදට යන්න. ගිහිල්ල ඇස් දෙක පියා ගන්න. එච්චරයි.‘‘ වර්ජිනියා කීවාය.

‘‘මට බැහැ.‘‘ භූතයා තවත් කණගාටුවෙන් කියන්නට විය. ‘‘මට කොහෙත්ම බැහැ. අවුරැදු තුන්සීයක්ම මම හිටියෙ නින්දක් නැතිවයි. මා දැන් ඉන්නෙ හොදටම වෙහෙසට පත්වෙලා. ඇත්තම කියනවා නම් හුගක්ම වෙහෙසට පත්වෙලා.‘‘

වර්ජිනියා ඔහු අසලින් වාඩි වූවාය. එසේ වාඩි වී මුහුණ දෙස ඉතා කරැණාවෙන් නෙත් යොමු කළාය. ‘‘භූත මහත්මයා මට ඔබ ගැන හුගක් කණගාටුයි.‘‘ ඕ කියන්නට වූවාය. ‘‘ඔබට නිදා ගන්න පුලුවන් තැනක් කොහෙවත් නැද්ද?‘‘

‘‘සමහර විට ........ හුගක් දුර නම් තියෙනවා.‘‘  ඔහු පහත් ස්වරයෙන් කියන්නට විය. ‘‘එතැන පුංචි වත්තක් තිබෙනවා........

වර්ජිනියාට හැඩීමට තරම් ශෝකයක් අැතිවිය. ඔහු මේ මරණයේ වත්ත පිළිබදව බව ඇයට අවබෝධ විය.‘‘ ඔබ කියන්නෙ මරණය වත්ත පිළිබදව නේද?‘‘ අනතුරැව ඇය පහත් ස්වරයෙන් ඇසුවාය.

‘‘ඔව්, මරණයේ වත්ත! මරණය ගැන මට හිතෙන විට මට නිතර නිතර කල්පනා වෙන්නේ ඉතා ලස්සන නිශ්චල දෙයක් කියා. ඒ වත්තට යන්න මම කැමතියි. ඒ වත්තෙහි ඊයේ දිනක් කියාවත් හෙට දිනක් කියාවත් දිනයක් නැහැ. මට කාලය කියන එක අමතක කරන්න ඕන. ජීවත් වීම නිතර කල්පනා කරන්න ඕනෙ. ආදරණීය වර්ජිනියා, ඔබට පුලුවන් මට උදව් කරන්න. ඔබට පමණයි පුලුවන්. ආදරය කියන එක තිබෙන්නෙ ඔබ ලග විතරයි. ආදරය, මරණයට වඩා ඉතා මත් ශක්තිමත් දෙයක්.‘‘

එකවරම මුලු කාමරයම සිසිල් විය. මිනිත්තු දෙකකින් මුලු පරිසරයම නිසල විය. වර්ජිනියා තුල ඇති වූයේ බලවත් භීතියකි. එහෙත් භූතයා යලි කථා කරන්නට විය.

‘‘ඉස්සර නම් එක්තරා කථාවක් තිබුණා ගැහැණු ලමයෙක් මා වෙනුවෙන් අඩනවා නම් කැන්ටර්විල් මන්දිරය නැවත වතාවක් නිස්කලංක වෙනවා. මට නම් අඩන්න බැහැ. මට කාගෙන්වත් යමක් ඉල්ලා සිටින්න බැහැ.  නමුත් ඔබට පුලුවන් වර්ජිනියා ඔබ ප්‍රාර්ථනා කලහොත් මට මරණය ලගාවේවි. හැබැයි මට ඉතාමත් බියකරැ දේවල් දක්නට ලැබෙයි. ඒ වගේම ඉතා බියකරැ ශබ්ද ඔබට ඇසෙන්නට ලැබෙයි. ඒ වුණාට ඔබ බියවන්න එපා. සෑම දෙයක්ම ඉවර වුණාට පසුව ඔබට ගෙදර යන්න පුලුවනි.
වර්ජිනියා පිළිතුරක් නොදුන්නාය. මේ නිසා භූතයා පෙරටත් වඩා අසරණ තත්වයට පත්වුණි. ඔහු බලවත් කණගාටුවෙන් පසුවන බව වටහා ගත් ඈ එකවරම නැගී සිටියාය.

‘‘මම බය නැහැ!‘‘ යැයි ඕ අනතුරැව පහත් ස්වරයෙන් කථා කරන්නට වූවාය. ‘‘ඔබව රැගෙන යන්න කියා මම මරණයෙන් ඉල්ලා සිටින්නෙමි. එහෙම හොදයි නේද?‘‘

මෙම ප්‍රකාශයෙන් භූතයාගේ මුවෙහි මනා හසරැල්ලක් මතු විය.  ඔහු වහා ඇගේ අතින් අල්ලා ගත්තේය. ඔහුගේ හස්තය ඉතා සිසිල් විය. එහෙත් වර්ජිනියා බියපත් නොවූවාය. ඈ ඔහුත් සමගම ගමන් කළාය. මුලු කාමරයම නිශ්චල වූ අතර විවිධ ශබ්ද ඇසෙන්නට ද විය. එම ශබ්ද ඇසුනේ කාමරයේ තිබූ නොයෙකුත් පිංතූර වලිනි. පිංතූර වල සිටි මිනිසුන් ඇය අමතා මෙසේ කෑ ගැසූහ. ‘‘ඉක්මනට ආපසු යන්න පුංචි වර්ජිනියා! ඉක්මන්ට ආපසු යන්න!“ එහෙත් වර්ජිනියා සිය දෙනෙත් තදින් පියා ගත්තාය. පිංතූර වල සිටි සත්තු පවා ඇය අමතා මෙසේ කියන්නට වූහ. ‘‘පුංචි වර්ජිනියා, හුගක් ප්‍රවේශම් වන්න. හුගක්ම ප්‍රවේශම් වන්න. ප්‍රවේශම් නොවුනහොත් නැවතත් අපට ඔබව දක්නට ලැබෙන්නේ නැහැ.‘‘ එහෙත් වර්ජිනියා මේ කිසිවකටත් කන් දුන්නේ නැත. ඈ ඒ වෙනුවට කාමරයේ කොනක සිටගෙන සිටියාය. භූතයාද ඈ සමගම එම ස්ථානයේ සිටියේය. ඔහුගේ මුවින් වචන කිහිපයක් පිටවනුද ඇයට ඇසුනි. එහෙත් දෙනෙත් විවර කල විගසම ඇය දුටුවේ මුලු පරිසරය කලු පැහැ ගැන්වෙන තරම් අදුරැ වී ඇති බවයි.මුලු පරිසරයම සිසිල් වූ අතර ඇගේ ඇදුමින් කිසිවෙකු අදින බවක් ඇයට වැටහිණි.

‘‘ඉක්මන් කරන්න! ඉක්මන් කරන්න! භූතයා කියන්නට විය. ‘‘ඉක්මන් කලේ නැත්නම් අපි ප්‍රමාද වුණා වැඩි වෙන්න පුලුවන්. එක්වරම පුස්තකාල කාමරයෙහි පුදුමාකාර දෙයක් සිදු විය. දැන් පුස්තකාල කාමරයෙහි කිසිවෙකු නැත.

මතු සම්බන්ධයි......

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...