ඇත්ත වශයෙන්ම මේ වන විට කැන්ටර්විල් භූතයා පසු වූයේ බලවත් භීතියකිනි. ඔහු කෙතරම් භීතියට පත් වූවාද කිවතොත් වහ වහා එතැනින් පැන ගොස් තම කාමරයට දිව ගියේය. ‘‘දෙවියනේ මේ ගෙදර තවත් භූතයෙක් ඉන්නවා.‘‘ ඔහු සිතන්නට විය. මුලු රාත්‍රියම ඔහු එසේම වාඩිවී පසු වූයේය. එහෙත් හිරැ කිරණ පළමුවෙන්ම වතිත වෙද්දී ඔහු නැගිට සිටියේය. ‘‘ මම ගිහිල්ලා මේ අලුත් භූතයාට වචන දෙක තුනක් කථා කරන්න ඕන. එක් භූතයෙකුට වඩා භූතයෝ දෙන්නෙක් ඉන්න එක වැඩිය හොදයි. සමහර විට අපි දෙන්නා එකතු වුනොත් මේ නිවුන් කොල්ලෝ දෙන්නව හොදටම බය කරන්න පුලුවන් වෙයි. ඔහු තමාටම කියා ගන්නට වූයේය. කෙසේ වුවද වොෂිංටන්ගේ කාමරයට පැමිණි ඔහු තුල ඇති වූයේ කිව නොහැකි තරම් මවිතයකි. ‘‘දෙවියනේ, කෝ මගේ යහලු භූතයා? අර සුදු පාට මුහුණක් තිබුණු භූතයා කෝ?‘‘ මෙසේ කී කැන්ටර්විල් භූතයා වඩාත් කිට්ටු වී විමසිල්ලෙන් බලන්නට වූයේය. ‘‘මේ මොකාද මේ! ඔහුගේ ඔලුව නිකම්ම නිකම් ගෝවා ගෙඩියක් විතරයි. ඔහුගේ මුලු සිරැරම නිකම්ම නිකම් රෙදි කැබලි ගොඩක් විතරයි. මෙසේ තමාටම කියාගත් කැන්ටර්විල් භූතයා එතැන පොළොව මත වැටී තිබූ ලිපි කැබැල්ල ගෙන කියවන්නට වුයේය. උදෑසන වැටුණු ලා හිරැ කිරණ නිසා ඔහුට එය පැහැදිලිව කියවිය හැකි විය.
ඔටිස් භූතයා
කැන්ටර්විල් චේස් හි සිටින එකම භූතයා.
‘‘මේ නම් අර නිවුන්නු දෙන්නගේ වැඩක්! යයි භූතයා තමාටම කියා ගත්තේය. ‘‘මම ඔවුන් දෙන්නව මැරෙනතුරැ බය කරනවා. බයකරනවාමයි! මම තමා මෙහෙ ඉන්න එකම භූතයා.‘‘ මෙසේ තමාටම කියා ගත් ඔහු මහා හඩින් කෝපාවිශ්ඨ වූ සිනහවක් පෑවේය. ‘‘රාත්රියේ කුරැල්ලන් අඩන ශබ්දය නැවත ඇසුණු විගස මම ඔවුන්ව මරා දමනවා!
එදින සන්ධ්‍යාෙව් හිරැ බැස ගියේය. අදුර කෙමෙන් පතිත විය. භූතයා ඉතා නොඉවසිල්ලෙන් වාඩිවී බලා සිටියේය. දැන් කලුවර වැටී සෑහෙන කාලයක් ගත වී ඇත. එහෙත් කුරැල්ලන් කෑ ගැසුවේ නැත. මේ අතර ඔටිස් පවුල සුපුරැදු ලෙස හොදින් නිදන්නට වූ අතර කුරැල්ලන් කෑ නොගැසූ නිසා භූතයා ඉතා කණගාටුවෙන් සිය කාමරයට ගියේය.
ඊලග දිනයේ භූතයා සිටියේ බලවත් වෙහෙසකිනි. ඔහුට ඇදෙන් බැසීමට තරම්වත් අවශ්‍යතාවයක් හෝ ධෛර්යයක් නොවීය. දැන් නිවසෙහි සිටින ඔටිස් පවුලේ සාමාජිකයන් සමග කටයුතු කිරීම ඉතා අසීරැ කරැණක් බව දැන් නම් භූතයාට වැටහී අවසානය. ඉතා සුලු දෙයකට පවා භූතයා දැන් තිගැස්සී යයි. ශබ්දයක් ඇසුනු සෑම අවස්ථාවකදීම ඔහු උඩ ගොස් බිම වැටේ.
මෙසේ ඊලග දවස් පහ ඔහු සිය කුටියටම වී සිටි අතර පුස්තකාල කාමරයේ ලේ පැල්ලම් ඇති කිරීම තාවකාලිකව නතර කර දැම්මේය. ‘‘ඒ ගොල්ලන්ට ඒ ලේ පැල්ලම් වලින් කිසිම වැඩක් නැහැ‘‘ ඔහු සිතන්නට විය. ‘‘ ඒ වුනාට සතියකට වරක් වත් මම ගේ ඇතුලෙ හොල්මන් කරන්න ඕනෙ. මම මේ ගෙදර ඉන්න එකම භූතයා නිසා ඒක මට අයිති රාජකාරියයි.
මේ අනුව සෑම සෙනසුරාදා දිනෙකම ඉන්පසු ඔහු නිවස පුරා මධ්‍යම රාත්‍රියේ සිට පාන්දර තුන පමණ වන තෙක් එහා මෙහා අැවිද්දේය. එහෙත් කිසිවෙකුටත් ඔහුගේ අඩි ශබ්දය ඇසුණේ නැත. ඊට හේතුව ඔහු පාවහන් පැළදීමෙන් වැලකීමයි. කිසිවෙකු ඔහු දුටුවේ නැත. ඊට හේතුව ඔහු සිය සුපුරැදු අදුරැ වර්ණ කබාය හැද නොසිටීමයි. මේ වන විට නම් භූතයා විසින් ඔටිස් මහතා දුන් තෙල් කුප්පය සිය දම්වැලට පාවිච්චි කරගනෙ සිටියේය.
එක්තරා සන්ධ්‍යා සමයක ඔටිස් පවුලේ සාමාජිකයින් මදක් ඇවිදීමට එළියට ගොස් සිටියහ. ඒ අතර තුර භූතයා තමාගේ නිදන කාමරයට ඇතුලු වූයේය. එසේ ඇතුලු වූ ඔහු ලේ කුප්පියෙන් තවත් ටිකක් තෙමන්ගේ බෝතලයට දමා ගත්තේය. තමාගේ දම්වැල් ශබ්දය නගනු දැකීමට දැන්නම් ඔහුට අවශ්‍ය නැත. ඊට හේතුව එසේ දම්වැල් ශබ්ද කිරීමෙන් පවුලේ කිසිවෙකුත් බිය නොවීමයි. කෙසේ වුවද ඔහු සතුව පැවති කාර්යභාරය සුලුපටු නොවීය. එපමණක් නොව ඔහු විදි දුක් ගැහැටද අපමණ විය. සෑම සතියකම නිවුන්නු දෙදෙන යම් කිසිවක් පඩිපෙල මත හෝ මුලුතැන්ගෙයි හෝ පුස්තකාල කාමරයේ හෝ තබා යති. භූතයා රාත්‍රියේ ඇවිදින සෑම දනෙකම එම භාණ්ඩ වල හැපී බිම පතිත වීම නිසා හිස තුවාල වේ.
















