Monday, September 26, 2016

කරවිල වල ගුණ.............





කරවිල යනු බොහෝ දෙනෙකුගේ කැමැත්ත මෙන්ම අකමැත්ත ඇති එළවළුවකි. එහෙත් කරවිල වල තිබෙන පෝෂ්‍යදායී බව ඔබව බෙහෝ රෝගයන් ගෙන් ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් වේ. ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල මෙන්ම අප්‍රිකාව වැනි රටවලත් කරවිල වැවේ. 

කරවිල ව්‍යංජනයක්, බැදුමක්, සම්බෝලයක් ලෙස පිළියෙල කර ගැනීමට අප ගෘහනියෝ සමත් වෙති. කරවිලවල ඇති තිත්ත රසය නිසා බොහෝ දෙනෙක් මේ එළවළුව කෑමට ප්‍රිය නොකරයි. නමුත් කරවිල කැබලි ලෙස කපා ඇට ඉවත් කර ලුණු වතුරේ බහා තැබීමෙන් තිත්ත රසය අඩු කර ගත හැකිය. කරවිල වල තන්තු, ඛනිජ ලවණ, විටමින් සහ ඇන්ටි ඔක්සිජන් අඩංගු වේ.

රැධිරයේ පවතිනා සීනි ප්‍රමාණය අඩු කිරීමට කරවිල වලට ඉතාමත් ශක්තියක් ඇත. මේ නිසා දියවැඩියාවෙන් පෙලෙන රෝගීන් කරවිල අාහාරයට ගැනීම ඉතාමත් ගුණදායකය. polypeptide -p ශාක ඉන්සියුලින් අඩංගු වේ. මෙය රැධිරයේ සීනි ප්‍රමාණය අඩු කිරීමට හේතු වේ. තවද මෙහි අඩංගු charantin මගින් සෛල තුලට ග්ලූකොස් පරිවහනය කරයි. 

වියළි කරවිල කුඩු 5g දවසට 3 වරක් ගැනීම තුලින් රැධිර සීනි මට්ටම 25% කින් අඩු වන බව පර්යේෂකයන් විසින් පෙන්වා දී අැත. අග්න්‍යාශයේ බීටා සෛල කරවිල ආහාරයට ගැනීම නිසා නැවත ප්‍රතිසංස්කරණය වන බව පෙන්වා දී ඇත.

කරවිල දීර්ඝ කාලීනව ආහාරයට ගැනීමෙන් දියවැඩියාව සුව කළ හැකි බව පර්යේෂණ වලින් පෙන්වා දී ඇත. Folates විශාල ප්‍රමාණයක් නැවුම් කරවිල වල හදුනාගත හැකිවේ. ඒවා කලලවල ස්නායු පද්ධතිය වර්ධනයට විශාල මෙහෙයක් ඉටු කරයි. රැධිරය පිරිසිදු කිරීමේ ගුණයක් කරවිල වල ඇති නිසා සමේ කැසීම්, පලු දැමීම් වැනි සමේ රෝග වලට වඩාත් හිතකර වේ.




රැධිරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කිරීමටත් කරවිල වල අඩංගු පෝෂ්‍ය අගයන්ට හැකියාව ලැබේ. විටමින් සී බහුල එළවළුවක් වන කරවිල ස්වභාවික ඇන්ටි ඔක්සිජන් ලෙස ක්‍රියා කරයි.  මෙය සෛල වල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ යාන්ත්‍රණයට සහාය වේ. ශරීරයේ අපද්‍රව්‍ය වැඩි වන විට මුක්ත සෛල වැඩිපුර ඇති වීමෙන් පිළිකා සෛල ඇතිවේ.  පිළිකා මර්දනය කිරීමේ හැකියා කරවිල වලට ඇත්තේ එහි ඇන්ටි ඔක්සිජන් බහුලව අඩංගු නිසාය. තවද මී පැණි, කුරැදු සහ ගොරකා වල බහුල ලෙස ඇන්ටි ඔක්සිජන් අඩංගු වේ. කරවිල, කුරැදු සහ උඩරට තේ මිශ්‍ර කර ඖෂධීය තේ නිෂ්පාදය කර ඇත. මෙහි දියවැඩියාව සුව කිරීමේ ගුණය ඇත. කරවිල, කරලක් ලෙසද හදුන්වා දී ඇත.

තවද බොහෝ රෝග වලින් ආරක්ෂාව ලබා දෙන flavonoids එනම් B-carotene, a-carotene, lutein, zea-xanthin සහ කරවිල වල හදුනාගත හැකිය. විටමින් A ද බහුල එළවළුවක් වන මෙය බොහෝ රෝග වලට එරෙහිව ක්‍රියා කරන ආරක්ෂකයෙක් ලෙස ක්‍රියා කරයි.

අපද්‍රව්‍ය වලට එරෙහිව ක්‍රියා කළ හැකි ප්‍රෝටීනයක් වන MAP 30 ප්‍රෝටීනය කරවිල වලින් නිස්සාරනය කර ඇත. ඒවා පිළිකා සෛල වලට එරෙහිව ක්‍රියා කරයි. 

කරවිල වල ගුණ

  • කිරිදෙන මව්වරැන්ගේ මව්කිරි වඩවයි.
  • ආහාර රැචිය වඩවයි.
  • හෘදයට හිතකරයි.
  • අකලට හිසකෙස් පැසීමට ප්‍රතිකර්මයක් වේ.
  • අත් පා වල හිරියක් ඇත්නම් එය වැලක්වයි.
  • මලබද්ධයට බෙහෙවින් ගුණදායකයි.
  • අර්ශස් රෝගීන්ට හිතකරයි.
  • පණු රෝග නසන ඖෂධයකි.
  • දිලීර අසාදන සුවකරයි.
  • අධික තරබාරැ අයට යහපත්වේ.
  • පීනසට, ඇදුමට, හිසරදයෙන් පෙලෙන ඔබට ගුණදායකයි.
  • සෙංගමාලය, සරම්ප, පැපොල වැනි රෝග වලට ගුණදායකයි.
  • හන්දි රෝග වලක්වයි.
  • මුත්‍රා ගල්වලින් පීඩා විදින්නන්ට ගුණදායකයි.

Sunday, September 25, 2016

හදවත පාරන සොඳුරැ හැඟුම්......



හදවත පාරන සොඳුරැ හැඟුම්

හිර කරගෙන සිටිය ඇති

සවනට ළංවී ආදරයෙන්

කියන්න කාලය දැන් ඇවිදින්


ඇසට ඇස තියා බලාන ඉන්න

ළැමෙහි හොවා හිස සුවෙන් නිදන්න

නිමක් නැතිව මල් හාදු පුදන්න

හිනා වෙලා මගෙ පෙම පිළිගන්න



කඳුලු පිස දමා සිනහ නගන්න

අඳුරැ ලොවට මිනි පහණක් වෙන්න

සංසාරෙම එක් වෙලා හිඳින්න

මගෙ පෙම පිළිගෙන අවසර දෙන්න

Wednesday, September 21, 2016

අතීතයේ සොදුරු මතක සටහන්........

ඒ කාලෙ දැන් වගේ ගිනි කාස්ටෙට පායන්නේ නෑ. සතියට දවසක් හරි වැස්ස ඇදහැලෙනව. මුලු ගම්මානයටම සිසිලස ලබාදෙන්න පුලුවන් තරමේ විශාල රබර් යායක් ගම මධ්‍යයේ පිහිටල තිබුණා. පුංවිකාලේ ඔය රබර් යාය අසලින් වැටිල තියෙන පාරේ යන්න මම හරිම බයයි. ඒ තරමටම අදුරු ස්වභාවයක් තිබුණා. මට මතක මතක තැන් රාශියක විශාල කජු ගස්, අඹ ගස්, කොහොඹ ගස්, මහෝගනී ගස්, විශාල කොට්ට පුලුං ගස් සහ කොට්ටං ගස්, ලුණුමිදෙල්ල ගස්  වැනි රූස්ස ගස් ගම පුරා පැතිරිලා තිබුණා. මේ සියලු ශාක වලින් මුලු ගම්මානයම සිසිල් කලා. දැන් 2016, මේ වෙනකොට ක්‍රමක්‍රමයෙන් අපේ ඇස් ඉදිරිපිටම අපේ ගම්මානය එලි පෙහෙලි වෙලා,මුලු  ගමම සිසිලසින් නහවාපු, අපිට ජීවත් වෙන්න අවශ්‍ය ඔක්ෂජන් ටික ලබල දුන්නු, බොන වතුර පොද හිදෙන්නට නොදී ගමේම ලිං වලට වසර මුලුල්ලේම ඒකාකාරීව ජල සැපයුම ලැබීමට සැල්ස්වූ ඒ විශාල ශාඛ සියල්ල විනාශවී ගිහින්, මේ විස්තරය ඔයාලට කියන්න සිද්ධ වුණේ..... මම ලියන්න හදන පොස්ට් එක ගැන කල්පනා කරනකොට ඒකාලේ ගම තිබූ විදිහත් දැන් තියෙන විදිහත් පිලිබද කියන්න ඔනෙමයි කියල හිතුණා. පරිසරය ඔය ආකාරයෙන් වෙනස්වී විනාශවී යාමත් එක්කම පරිසරය තුල සැගවී තිබෙන අතීත කතාද අපිට අනාවරණය නොවීම විනාශ වෙලා යනව.

 පාසලේ උසස්පෙළ ව්‍යාපෘතියට මම කලේ ශාක පිලිබද ව්‍යාපෘතියක්. තවත් යාලුවො කීපදෙනෙකුත් එක්ක පැළෑටි වගයක් සෙවීමට සහ ඡායාරූප ගැනීමට නිවසින් පිටත් වුණා. වෙල අයින දිගේ යමින් අවශ්‍ය ශාක සහ පැළෑටි වල ඡායා රූප ගැනීම සහ නිදර්ශක එකතු කිරීම සිතුවාටත් වඩා හොදින් සිදුකරගැනීමට හැකි වුණා. වැඩි දුරක් යාමටත් ප්‍රථම අවශ්‍ය කරන ශාක සියල්ල එකතු කරගැනීමට හැකි වුණා. වෙල අයිනේ එක යායට වැඩුණු දං පදුරු වල දම්ම දම් පැහැයෙන් ඉතා හොදින් ඉදී තිබුණූ දං ගෙඩි කමින්, කරද ගස් වල හැදිල තියෙන ඇඹුල්ම ඇඹුල් කරද, කෝකිරිල්ල ආදිය කමින් මිතුරන් සමග එදා ගතවුණු ඒ පැය කිහිපයක අතීතය කොයි තරම් සුන්දරයිද, ව්‍යාපෘතියට අවශ්‍ය දත්ත රැස් කරගැනීමෙන් පස්සෙ අපි හැමෝම එකතු වෙලා වෙල මැද මහ නියර ආසන්නයේ පිහිටල තිබුන වතුරවලට බැහැල නාපු අතීතෙ මතක් වෙනකොට පුදුමාකාර ලෙස සිතට සැනසුමක් දැනෙන්නෙ. ඒ වගේම පුදුමාකාර දුකකුත් දැනෙනව, ඒ වගේ අත්දැකීමක් ආයෙත් කවදාවත් ගන්න නොලැබෙන බව මතක් වෙනකොට.

තවත් දවසක් තව සිද්ධියක් වුණා. එදා හොදටම වැහි, කාටවත් පාසල් යාමට, හො නිවසින් එළියට බහින්නවත් බැරි තත්වයක් තිබුණේ. මුලු වෙල් යායම වතුරින් පිරිල, හරියට වැවක් වගේ. මෙන මංගල්ලයක් වුණත් එකෙක් උන්න, පොත් ටිකත් උස්සගෙන පාඩම් කරන්න එනව. වැස්සනෙ කියල චූන් එකේ නින්දක් දාන්න හිතන් හිටියත් මේක ආවෙ නැතෑ පාඩම් කරන්න. මම නිදාගත්තත් ඌ පාඩම් කරල තමයි ගෙදර යන්නේ. වැඩේ කියන්නේ ඌ අද දොස්තරකෙනෙක්, මම එහෙම නෑ, හෙ හේ..... අපිවත් යාන්තමට හරි උසස් පෙල ගොඩ දැම්මේ ඌ තමයි ඉතින්. හැබැයි අදටත් එදා හිටිය ඩෑල් එක්ම තමයි, ඒකත් කියන්නෙපෑ....
කලින් කිය කිය හිටියෙ ධාරානිපාත වැස්සක් ගැනනෙ, එදා මමයි ඔය කියපු යාලුවයි වැස්සෙම පිටත්වුණා වතුර පිරිල තියෙන වෙලට බැහැල පොඩි ෆන් එකක් ගන්න කියල. ඔය යමින් ගමන් පාර අයිනෙ වැටිල තිබුණු අඩි 7-8 විතර දිග ඇදකුද නැති කැන්ද අත්තක් දැකල ඔකත් අතේ තියාගෙන තමයි වෙලට බැස්සෙ. හොදේ කියන්නේ අපි දෙන්නටම පීනන්න බෑ.... නියරක්වත් පේන්නේ නැති වෙල දිගේ දැන් මූයි මමයි ඉස්සරහට යනව. වතුර ඉණ ගාවට. ඉස්සරහින් ගිය මම එකපාරටම නියර කැඩිල තිබුණ තැනකින් ජබොක් ගාල වැටුණා. වතුර පාර සැර නිසා එහෙමම ඇලට ගහගෙන ගියා. එදා ඇලේ වතුර මට්ටම මාව පොගවන ගානට තිබුණා. මම දැන් ඇලේ ගහගෙන යනව. මට උඩ යට හොයාගන්නවත් බෑ, එකපාරම මතක්වුණා අතේ දිග කැන්ද ලීයක් තියෙන බව. ඇලේ ගහගෙන යන ගමන්ම ලීය ඒ මේ අතට කලා.ලීය ඇලේ අඩියේ වදිනබව දැනුන නිසා ඊළගට කලේ උපරිම වෙර දාල ලීය බිම ගහනගමන් අනිත් කෙලවර අල්ලන් උඩට ඉස්සුණා. වතුරෙන් උඩට මතුවුණා, හුස්මකුත් ගන්න පුලුවන් වුණා. ඒත් ආපහු වතුරටම වැටුණා. ඔය විදිහට කරමින් මීටර් 500 විතර දුරට වතුරේ ගහගෙන ගියා. තවත් වරක් ලීයේ ආධාරයෙන් උඩට මතුවෙනකොට ලාවට වගේ දැක්කා යාලුවත් ඇලට සමාන්තරව වැටිල තියෙන නියර දිගේ (නියර කිව්වට නියර මුලුමනින්ම ජලයෙන් යටවෙලයි තිබුණේ) මම පසුසෙන් දුවගෙන එනව. දැන් මම ඉන්න හරිය ලීය බිම ගහල ගැම්මක් අරන් උඩට ආවත් මාව වතුරෙන් උඩට මතු වෙන්නේ නෑ. ඒ තරමට ගැඹුරයි. වතුරෙ සැඩ පාරට ඇලේ අඩියේ වලවල් හෑරිලා තියෙන්න ඇති.

අවසන් වරට හිස ඔසවා බැලීමෙන් දැක්ක විදිහට වම දකුණ සහ උඩ යට ගැන අවබෝධයක් තිබුණා. එකපාරටම ගණදෙවි නුවණ පහල වුණා වගේ, අතේ තිබුණු ලීය යාලුව පැත්තට දික් කරා.අනිත් කෙළවර මම අල්ලගෙන හිටියේ... එකපාරටම මම වතුරේ ගසාගන යෑම නතරවුණා. මම එකතැන නතරවෙලා හිටියේ.

යාලුවා ලීයෙන් අදිමින් හිටියේ. ක්‍රමයෙන් මාව නියර පැත්තට ඇදිල එනබව හැගුනේ කකුල බිම වදිනව දැනුණට පස්සේ. ඒ වෙනතුරැත් වතුර ඇතුලේ හුස්මක් නොගෙන සිටි නිසා දැන්නම් ඉන්න පුදුම අපහසුයි. කකුල බිම වැදීමත් එක්කම හිතට ලුබුණු ධෛර්ය්‍ය නිසා එක්වරම හිටගත්ත. යාන්තම් පයගහල හිටගත්ත, ඒත් එක්කම හොද හුස්මක් ගත්ත. පියවි සිහිය ආවට පස්සේ දැක්කේ, එතකොටත් වතුරමට්ටම උරහිස් මට්ටමට ඇවිත් තිබුණේ. හොද කුණුහරැප කිහිපයක් යාලුවගේ කටින් පිටවෙනවත් ලාවට වගේ ඇසුණා........

මෙම දිනයේ ගත් සත්‍ය ඡායාරූප කිහිපයක්.






Tuesday, September 20, 2016

ආදරේ රන් බිගුන් නැසූ

කම්මැලිකමේ ඔහේ ඉන්නකොට ලස්සන සිංදුවක් අහන්න ලැබුණා,



ආදරේ රන් බිගුන් නැසූ

ආදරේ රන් බිගුන් නැසූ
බාදුරා මල ඔබයි ලදේ........
ආදරේ රන් බිගුන් නැසූ
කපුරැ මල ඔබ තමයි  ලදේ.........

ආදරේ රන් බිගුන් නැසූ.............

ගලන ගගුලක් ලෙසින් දුටූ
ඔබයි මිරිගුව මුවන් නැසූ.............
රසය ඇති කර පනත් නැසූ
ඔබයි පිණි බිද විසක් මුසූ.........

රැදුරැ ලෙස කැලඹිලා හැමු
සුලග ඔබ වෙයි පහන් නිවු................
ලෙවන් කීවත් ලදේ සෙනේ්
සුපුන් සද ඔබ තමයි මගේ.....

ආදරේ රන් බිගුන් නැසූ........

Sunday, September 18, 2016

පාප කර්මයක් කර ඇත්නම් එය විදවන්න වෙනවාමයි...



සද්දර්මලංකාරය හි 446 පිටුවේ ඇති පරිච්ඡේදයක් ඇසුරින් මගේ 

සියලුම මිතුරන්ට වැදගත්වන පාඩමක් කියල දෙන්නයි හදන්නේ.

රහතන් වහන්සේ නමකට වුවද පෙරකල කුසල හෝ අකුසල කර්මයක් 

වේනම් එය පලිසන් දෙනවා යන්න තමයි මේ කතාවෙන් කියවෙන්නේ.

ඉතින් අපේ බෙෘද්ධ බුද්ධිමත් මිතුරු මිතුරියන්ට වැටහෙන්න ඔනේ අපේ

රහතුන් වහන්සේ කෙනෙක්ටත් මෙසේ කර්මයන් විපාක දෙනවනම් 

සාමාන්‍ය ජනයා වන අපට කවරනම් කතාවක්ද කියන එක. 

මෙය මනාකොට තේරුම් ගෙන මගේ මිතුරැ මිතුරියන් වැරදීමකින් හෝ සියලු සත්වයාහට හිරිහැර නොකෙරෙත්වා යන්න මගේ මේ ලිපියේ අරමුණයි.


මෙම විස්තරයට අදාල වූ තෙරුන් වහන්සේ  එවකට කැලණිය 

වෙහෙරෙහි විසු අතර කැළණි තිස්ස රජ බිසව හා උත්තිය නම් යුවරජ 

සමග නොමනා සම්බන්දයක් පවතී අතර මෙය දැනගත් රජු ඔහුව 

මරන්න සොයනවිට පැනගොස් සගවා සිටමින් තරුණයකු හා හිතවත් වී 

ඔහු පැවිදි වෙස්ගන්වා රජ දේවියට හසුන්පතක් එවන ලදී.මෙම හොර 

පැවිදි තෙම කැළණි තෙරුන් දැන් වළදා වඩින මග පසු පස විත් දේවියට

 පෙනෙන සේ හසුන් පත බිම හෙළිය.මෙය දුටු රජතුමා කැළණි තෙරුන්

ලිය පොඩිනම අත බිසවට දෙන ලද්දක් සේය සිතා  කැළණි තෙරුන් 

වහන්සේව තෙල් කටරමකට තෙල් දමා මරවන්නට නියෝග 

කලේය.එවිට කැළණි තෙරුන් රහත් වූ බැවින් එහි බද්ද පර්යන්කයෙන් 

සිට මෙසෙ වීමට කල අකුසලය සොයා බැලුසේක. කැළණි තෙරුන් එක්

ආත්මයක ගොපලු දරුවකු සිටියදී කිරි උණු කරනවිට මැස්සකු අල්ලා 

දමා කකාරා මැරූ අකුසලය දැක මෙය නොනැවැත්විය නොහැකි බව 

දැන එහිම පිරිනිවුනි.මෙය දුටු දෙවියන් කිපී මුහුද ගොඩගලන්නට 

සැලැස්වීය..

                                                         එසේ නම් සැදැහැවත් 


මිනිසුනි මැස්සකු මැරූ අකුසලය මෙසේ විය..වෙනකෙකු මැරිමෙ 

අකුසලය කෙබදුදැයි ඔබ මනසට වැටහේවා..!සත්වගාතනය ආදීනව 

ගෙනහැර දැක් වූයේ සද්දර්මලංකාරය හි 446 වන පිටුව ඇති කරුණු 

මතය 


බුදුසරණයි.....

Tuesday, September 13, 2016

සුනියම් දේවතාවා - 03

උපුටා ගැනීම

MAhasohonage pathiruwa




                                                                    මාජය තුල කැපීපෙනෙන චරිතවලට නොයෙක් කතා නිර්මාණය වීම අමුතුදෙයක් නොවන බව ගම්බාර දෙවියන් වටා ගෙතුණු කතාවලින් ඔබට වැටහෙනු ඇත, මේ ගැන කරුණු කාරනා සොයන කල මා තවත්  සුනියම් දෙවියන් යනු කවරෙක්ද යන්න තව දුරට සොයා ගියා එතකොට මට ලැබුන විදිහට එය කෙටියෙන් කියනවනම් කතරගම දෙවියන්ට බාර වෙනවනෙ මිනිසුන් අහවල් අහවල්කාරිය කියල ඕව උනාම ඉටුකරන්න එපැයි, අපෙය් හැත්ත වැඩක් කරගන්නකන් විතරනෙ එට පස්සෙ උන්ට මතක නෑ වැඩෙ කරන්නට කලින් කියපු දේවල් ඔන්න ඕව මතක් කරන්නට ගම්බාර දෙවියන් තමා මුන්ට මතක් කොරන්නෙ,එම නිසා එම දෙවියන් කතරගම දෙවියන්ට සිදුවන බාරහාර සම්බන්දව වගකියන්නෙ,එවගෙ ම කතරගම දෙවියන් සතු තවත් එක් බලවත් දෙවි කෙනෙකි, ඊලග තැන නම් ලංකාවෙ විසු බලවත් යක්ස ගෝත්‍රික හැඩිදැඩි පුද්ගලයෙකි, දරුණු ලෙස දඩුවම් දෙන තමුන්ට පුද පුජ කරන මිනිසුන් රකින්නෙකි, මෙය දැනගත් දැඩිමුන්ඩ දෙවියන් දිව්‍ය වරයන් සමග යහපත් ලෙස ජීවත්වන්නට අණ දුනි, දිව්‍යවර තුල යන්ත්‍රමන්ත්‍ර බලය, යහපත් මිනිසුන් අරක්ෂාකරන්නට සමග දිව්‍ය බලය ඇතුලත්විය, මොන දෙය තිබුනත් ආවේනික ගති විටින් විට මතුවිණි, යහපත් ක්‍රියා වැඩිවන තරමට  මේ නිසාවෙන් මොහු දේවත්වයට පත්වන්නට විය, අප මිනිසුන් කන්නට ඕනනම් කබරත් තලගොයා කරගන්නවා කියල අහල ඇති, රටේම තියන දහදුරා වැඩ කරලා ඇවිත් අහවල් අහවල්කාරිය කරලා දෙන්න ලෙස දනින් වැටෙනවා නොවැ, තව පලිගහනවා මේවා නිසා යහපත් මිනිසකුටවත් ඉන්න බැරි සමාජයක එක අතකින්දෙවියන් යක්ෂයන් වන එක අහන්න දෙයක් ද
                                       මිනිස් සිත බණ භාවනාවකට සිත යොමුකරනවට වඩා තවකෙකු සමග  කේලමක් කුනුහරුපයක් හෝ පස්පවක් කරන්නට සිත වේගයෙන් යොමුවනවා ඇත,පෘතග්ජනයන් ලෙසින් තැන තැන දුවන සිත පවට ලෝල්ය, දහමට සිත යොමුවනුයේ ඔබ අප පෙර කලාවූ කුසලයන් වල විපාක ලෙසිනි නැතිනම් කරකියා ගන්නට බැරි උනාමපංසලට රින්ගීමය නැතිනම් පන්සලෙ සිටින හිමියන්ට කැතකතා කියමින් නන්නත්තරෙය් යෑමය,පෙර ලිපිය මා සදහනක් කලා සුනියම් දෙවියන් සමග වැඩකර වැඩ වරද්දාගත්අය ඉන්නව කියලා මතක ඇති, ගම්බාර දෙවියන් හා  මෑතකාලයේ ප්රසිද්ද පුද්ගලයෙකුට වුන වැඩක් තැන කළුතර දිස්තිරික්කයේ පානදුර පරදේශයේ ඇතිනෙ මීට වඩාකියන්නෙ නෑ  ගම්බාර දෙවියන් සමග මෙත්රී බුදුන් දැක නිවන් දකින්නට එක්ව පින්කරන බව පවසමින් යහපත්ලෙස කල්යවා එන මිනිසුන්ට වැහෙන අමුනුෂයන්  මා කල පින්අනුමෝදන් වී සිටින්න ලෙසින් අමුනුෂයන් බැද ඔවුන්ගෙන්  නොයෙක් වැඩ කලේ ,ඒවා හරියටම හරි ගියේය ක්රමයෙන් ප්රසිද්දවිය, කල්යත්ම පවට ගිජුවිය තමා සතුව තිබුයහ ගතිගුණ ක්රමයෙන් මැකීයන්නට විය, තමා සමග සිටි අමුනුශ්යන් දැන් දැන් පවට බරය එසේ  සියලු දෙය ලග කර දුන් කෙනාම එය විනාශ කරන්නට  මිනිසාගේ සිතයොමුකරවන බව එය දුටු විට සිතුන,  පින්වත් කපුමහතා ක්රමයෙන් බීමට පවා ඇබ්බැහි වුවෙකි, කලෙක මාද එම ස්ථානයට ගියා  බැවින් එම කාරනය ගැන හොදින්සොයාබලන්නට හැකිවිය,
                                                  දෙවියන් ගැන නොයෙක් අදහස් ඇත,හැබැයි එක් වැරදි මතයක්  එනම් දැඩිමුණ්ඩ හා සුනියම් දෙවියන් යන දෙදෙනාම එක් බවය,නිළරථය ලෙස සුනකයකු පිට වැඩසිටින බවත්ය,මෙය කිසිසේත් සිදුනොවන්නකි පැරැණි  මන්ත් ශාස්ත්රය හදාරපු උදවියගෙන් ඇසුකල එය මනාව පැහැදිළි විය, තවත් දෙයක්ගිහිපිරිතක් හෝ මොනයම් ආරක්සා පිළිවෙතක් සිදුකරන කල ගම්බාර දෙවියන්ගෙන් අවසර ගන්නෙ ඇයි? මීට හේතු බුත කරනා  ලෙසින් කරන කීපයක් ලැබුණි, යන්ත්-මන්ත්රවල කෙල පැමිණියකු ලෙසින් සිටියත් සුනියම් දෙවියන් එම කෙලපැමිණි පුද්ගලයට බලවත් බැවින් එම කරන කටයුතු ඇතුළු නිසිලෙස කරගන්නට නම් අවසර ගතයුතුමය,නැතහොත්  හෝ අඩුවක් අතපසුවීමක් අතලග බව දන්නා බැවිනි තවද දිව් ලෝකවල වැඩවසන දෙවියනට කිසියම් වු පාලන ක්රමයක් ඇත,සාදාරණ  කොන්දේසි මතපදනම් වූ නිතිමලාවක් ඔවුන්ද යටත්ය,එය කොයි 1දේවියටත් 1මය, දෙයක් ලංකාවෙ නිතිවගෙ නොවෙයි, සියලුම ගම්මානවල වගකීම හා ආදීපත් පවර දි තිබෙනුයේ සුනියම්දේවත්වයේ ගම්බාර හෙවත් ගම්පරවෙනි නාමයෙන් ප්රසිද්දව සිටින දිව් ශක්තියටය එය සුනියම් දෙවියන් සතුවන නිසාවෙන් ගම්බාර දෙවියන් ලෙස හදුන්වනු ඇත,තවද ඒමගම වැසියන් ආරක්ස කරන්නට පුර්ණ බලතල ලබා දී තිබෙන නිසාත් ඉහල පෙළ දෙවියන් ගම්මානවලට  බලපෑමක් සිදුකරන්නට පෙර සුනියම් දෙවි අවසරය ගත යුතුය,තවද උසස් දේව අරාදනාවක් හෝ ප්රබල රාජගණයේ දිශ්ටියක් ජපකරන්නට අවසර ලබා ගත යුතු බව අත්දැකීම ඇති ගුරුන්නාන්සේලා දන්නවා ඇත, මෙවැනි කරුණු කරනනිසාවෙන් 
සුනියම්දෙවියන්- " බලපුළුවන්කාර කෙරුම්කාර නඩුකාර නම්බුකාර ගම්බාර සිද්ද සුනියම් දෙවියන්" ලෙස හදුන්වනුයේ එම නිසාවෙනි  
    
  

පුසැරි නම් බිසව
            කුසෙන් උපන් යකා  
විසිතුරු නයි  බරණින්

          සැරසෙයි නොයෙකා 
දොස පිරිපත හැර
           මේ ආතුරන් දැකා

බැස සව්මෙනං වර
            මේ පුදට ඔඩ්ඩි යකා




                 



කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...