Monday, October 31, 2016

අපි එකට ඉපදෙමු, එකට ජීවත් වෙමු, එකට මැරෙමු, සංසාරේ පුරාවට..


මේ හැම ස්පර්ශයක්ම 
අපිට අපිව මතක්කලා......,
අපි එකෙක් උනේ හැඟීම් වලින් විතරක්ම නෙමෙයි..,

ඒක පිස්සුවක්.........
ගතවෙන හැම තත්පරයක්ම
අපි සැමරුව හදවතින්ම...
ඒ බැඳිම් ලඟ නිසාම නෙමෙයි,

අපිට ජීවිතේ විඳින්න ලොකු කාලයක් නැති නිසා....
ඉතින්....
අපි එකට ඉපදෙමු, 
එකට ජීවත් වෙමු,
එකට මැරෙමු, 
සංසාරේ පුරාවට........."

----------------------------------------
අයිතිය...
♤♡^මාති^♢♧

Tuesday, October 25, 2016

ස්වර්ණමාලී මහා සෑ වන්දනාව 03




ශ්‍රී ලංකාද්වීපයට බුද්ධ ශාසනය ලැබෙනවා..........

01.       නැවත සසුන් මග පිරිසිදු වෙන්නේ
            ලොවට සෙතට රහතුන් වඩිමින්නේ
            පිනට අපට මහ මිහිදු නමින්නේ
            අරහත් මාහිමියන් වැඩමන්නේ

02.       තිස්ස නිරිදු රජ කරනා කාලේ
            මිස්සක පව්වට වඩිනා වේලේ
            ලස්සන රැව ඇති සදහම් මාලේ
            තිස්ස රජුට ලැබුණා ඒ කාලේ

03.       සත්ගුණ ඇති හිමි දහම් දෙසන්නේ
            ඇති පියවර උපමාවට ගන්නේ
            සෙත් සලසන තුන් සරණ ලැබෙන්නේ
            තිස්ස නිරිදු තෙරැවන් නමදින්නේ

04.       දම් රජුගේ බුදු බණ අසමින්නේ
            සංසාරේ දුක ගැන වැටහෙන්නේ
            නම්මාගෙන සිත සිල් සුරකින්නේ
            ළං වී ගෞතම සසුනට එන්නේ

05.      අරිට්ඨ ඇමතිගෙ සිත පහදිනවා
           පන්සියයක් කුමරැන් එක්වෙනවා
           පින් පල දෙන යුගයක් මතුවෙනවා
           ගෞතම සසුනේ පිහිට ලබනවා

06.      පන්සියයක් ලක් පුතුන් සැදෙන්නේ
           තුන් සිවුරෙන් ගත පොරවා ගන්නේ
           සන්සුන් ලෙස නිවනට යොමු වෙන්නේ
           ගෞතම බුදු සසුනයි බබලන්නේ

07.      සගමිත් තෙරණිය මෙහි වඩිමින්නේ
           ජය සිරි මහ බෝධිය  සමගින්නේ
           පන්සියයක් අගනන් එක්වෙන්නේ
           ගෞතම සසුනේ පිහිට ලබන්නේ

08.      සිරිලක අගනන්ගේ සිත පහදා
           බුදු සසුනේ පැවිදිව සෙත් සාදා
           දුරැ කරමින් කතුනට ඇති බාධා
           සරිලක බබලයි විලසින් පෝදා
    
09.      ගෞතම මුනිදුගෙ ධාතු ලැබෙනවා
           එය වට කොට දාගැබක් තනනවා
           ථූපාරාමය ලෙස නමදිනවා
           සිරි ලක ගෞතම සසුන දිලෙනවා

10.      අනුබුදු මාහිමි පෙරට වඩිනවා
           බුදු සසුනට සග පිරිස සැදෙනවා
           දහම විනය මැනැවින් පිහිටනවා
           ථූපාරාමෙන් රැස් විහිදෙනවා

මිහිදුමහ රහතන් වහන්සේ මේ භූමියට වඩිනවා. දේවානම්පියතිස්ස රජතුමා සමග පැමිණ මේ විදිහටයි එය සිදුවන්නේ,

01.     දිනක් මිහිදු හිමි මෙහි වඩිමින්නේ
          දනක් උසට මල් මිටි පුදමින්නේ
          පිනක් කරන නිරිදුන් කැදවන්නේ
          මැණික් පිරැණු බිම ගැන පවසන්නේ

02.    රජුනි ඔබට මුණුබුරෙක් ලැබෙනවා
         නමින් ගාමිණී අභය කියනවා 
         මහ පින් ඇති ඔහු මෙහි රජ වෙනවා
         එකලට ගෞතම සසුන දිලෙනවා

03.    සිරිලක එක්සේසත් කරවන්නේ
         මෙන්න මෙතැන මහසෑය කරන්නේ
         ද්‍රෝණක් මුනි ධාතුන් පිහිටන්නේ
         ගෞතම බුදු සසුනයි බබලන්නේ

04.    තිස්ස නිරිදු සතුටින් ඉපිලෙනවා
         දෑත නළලෙ බැද සාදු කියනවා
         එය සිහි කොට කුළුනක් තනවනවා
         මහ සෑයට බිම් කොටස තබනවා

05.    කවන්තස් නම් රජු රජ වෙනවා
         කැළණි රජුගෙ දූ කුමරි ලැබෙනවා
         විහාර මහ දේවයයි කියනවා
         පින් ඇති බිලිදෙකු පතා සිටිනවා

06.    එළාර නම් රජු මහි පැමිණෙන්නේ
         ලබා සෙනග දඹදිවින් ගෙනෙන්නේ 
         බලා සිටින විට රට පිරිහෙන්නේ
         අවාසනාවේ යුගයකි එන්නේ 

07.    රැහුණට කාවන්තිස් රජු යන්නේ
         නුහුරට යන සතුරන් රජ වෙන්නේ
         බුදු සසුනයි රැක ගත යුතු වන්නේ
         විහාර මහ දේවිය ලතැවෙන්නේ                                                                                                                                               08.    පුත් කුමරෙකු නැති දුකින් තැවෙන්නේ
         සග රැවනට දන් පැනින් පුදන්නේ
         සසුන රකින දරැවෙකුයි පතන්නේ
         සිල් ගුණ දම් රැක පින් කර ගන්නේ 

(පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගේ කෘතියකින්)

Free Energy Experimen 01 (12V බැටරියකින් 230V )


මේ දවස්වල කතන්තරකාරයා පොඩි පරීක්ෂණයකට අතගහල ඉන්නේ, ඒක නිසා පසුගිය දවස් දෙකේ ටිකක් කාර්ය්‍ය බහුල වුණා. ඒ තමයි Free Energy ඒ කියන්නේ නැවතීමකින් තොරව දිගටම විදුලිය ලබාගන්න ක්‍රමයක් හොයන එක.මේක මගේ සංකල්පයක් නම් නෙමෙයි ඕන්. මම මේකට යොමු වුණේ Youtube එකේ මේ පිළිබදව තිබුණු වීඩයෝ වගයක් දැකලා. Free Energy නොවුණත් මුලින්ම සාදපු උපකරණයනම් සාර්ථක වුණා. ඒ තමයි 12V(7A) බැටරියකින් 230V විදුලියක් නිෂ්පාධනය කරන එක. පොඩි ඉන්වර්ටර් එකක් හදල අවුට්පුට් ට්‍රාන්ස්ෆෝමර් එකක් හරහා 230V ගන්න පුලුවන්. පුධාන ස්විචයෙන් නිවසේ විදුලිය විසන්ධි කරලා අවුට්පුට් ට්‍රාන්ස්ෆෝමර් එකෙන් පිටතට ලැබෙන 230V විදුලිය නිවසේ තියෙන ප්ලග් බේස් එකකට දුන්නම මුලු නිවසටම බැටරිය මගින් විදුලිය ලැබෙනව. සී.එෆ්.එල් බල්බ 10 පමණ එකවර දැල්විය හැකි අතර පැය 4 පමණ කාළයක් මෙසේ බල්බ දල්වාගන්න පුලුවන්. L.E.D බල්බ භාවිතා කරනවනම් ඊටත් වැංි බල්බ ගණනක් පැය 04 වැඩි කාළයක් දල්වාගන්න පුලුවන්.  ටෙලිවිෂන් එක පමණක් ( L.E.D TV) පැයක් පමණ බලන්න පුලුවන්විදුලිබලය තියෙන වෙලාවට එම ට්රාන්ස්ෆෝමරයම භාවිතා කරල බැටරිය නැවත ආරෝපණය කරගන්න පුලුවන්. දැනට මේ ටික තමයි හදාගන්න පුලුවන් වුණේ. මේක කොහොමද Free Energy වෙන්නෙ කියල දැන් ඔයාල හිතනව ඇති.

මම හිතන් ඉන්නව මේ උපකරණය Free Energy උපකරණයක් බවට පත් කරන්න, ක්‍රම දෙකක් ඔලුවෙ තියෙනව.  (මේ දේවල් Free energy ම නොවුණත් මූලිකවම මෙතන ඉදන් කරගෙන යනවා.

   01.    නිවසේ ඉවත්කල වතුර මෝටරයේ කුඩා වෙනස්කම් කිහිපයක් සිදුකර වෙනත් කුඩා  මෝටරයක්  ආධාරයෙන් වතුර මෝටරය කරකවා, එවිට ලැබෙන විදුලිය කොන්ට්‍රෝල් යුනිට් එකක් හරහා ලබාගෙන ඉහත සදහන් කල බැටරිය ආරෝපණය කරගැනීම. (කුඩා මෝටරය කරකැවීමට විදුලිය බැටරිය මගින් තමයි ලබාගන්නේ)

   02.    30W පමණ Solar පැනල් එකක් භාවිතා කරල එයින් නිෂ්පාධනය වෙන විදුලිය Charging controller එකක් හරහා ලබා දීල බැටරිය ආරෝපණය කිරීම.

මේ දවස්වල පළවෙනියට කිවුව ක්‍රමය අත්හදා බලමින් ඉන්නව. Ebay එකෙන් Order කරපු මෝටර් කිහිපයක් සහ කාන්දම් කුට්ටි වගයක් ලංකාවට එනකම් පුංචි ප්‍රමාදයක් තියෙනව. ඒ ටික ආව ගමන් ඊලග පියවරට යනව. ඊලගට චායාරෑපත් එක්කම ලිපියකින් ඔයාලව මේ ගැන දැනුවත් කරන්නම්කෝ.


පරීක්ෂණය ආරම්භයේදී  ලිපියක් ලියන්න හිතුවෙ නැති නිසා  ෆොටෝ එකක්වත් පිළිවෙලකට  ගන්න බැරි වුණා. ඊලගට කරන දේවල් පියවරෙන් පියවර ෆොටෝ ගන්නම්කෝ.....

Tuesday, October 18, 2016

ස්වර්ණමාලි මහ සෑ වන්දනාව 02

  ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් ශ්‍රී ලංකාද්වීපයේ මහා ස්ථූපයේ තැන්පත් වෙනවා කියා බුදුරජාණන් වහන්සේ සක් දෙවිදුන්ට වදාළා. සක් දෙවිදුන්ගේ ඒ මස මහා කස්සප මහරහතන් වහන්සේ ට අසන්නට ලැබුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අජාසත්ත රජතුමාට කිව්වා, එක් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා රාමග්‍රාම ස්ථූපයේ සදන්නට ඕන ශ්‍රී ලංකාද්වීපය උදෙසා.

01.       අසා සක් දෙවිදුගේ මේ බස  -   මහ කස්සප හිමි එදා
            අජාසත් රජු හට ද දුන්නේ    -  ද්‍රෝණ සතකින් මුනිදු දා

02.       ලබා එක් ද්‍රෝණයක් රම්ගම  -  සදා දාගැබ තුළ රදා
            බෙදා ගන්නට නොහැකි විය එය  -  එදා සුරැකුනි මුනිදු දා

03.       දහම්සෝ නරපතිදු දඹදිව    -    සහන් සිත් ලැබ සාසනේ
            දහස් ගණනින් තනා දාගැබ්    -    පහන් සිත් මතුකළ තැනේ

04.       සතක් වූ ද්‍රෝණයක් ධාතුන්    -    රැගෙන තැන්පත් කරමිනේ
            රාගම ඇති ධාතු ගන්නට     -    සිතක් පහළව සිටි තැනේ

05.       රහත් මුනිවරැ පැමිණි රජු වෙත  -  මුනිදු වදහල දේ කියන්නේ
            සාක්කියකට සිටින සක් දෙවි -  ද්‍රෝණයක් ධාතුන් රකින්නේ

06.   මහත් කොට ලොව සදන සෑයට- බුදු රජුන් වෙන් කොට තබන්නේ
        රහත් ගුණයට හිස නමා රජු - ධාතු ගන්නට එහි නොයන්නේ

ධාතුන් වහන්සේලා තැන්පත් කළේ රාමග්‍රාම ස්ථුපයේ. ඒ ස්ථූපය ගංගාවේ සැඩපහරට කැඩුණා. කරඩුව පහළට ගසාගෙන ගියා.

01. හිමිවතේ සිට ගලා බසිනා    -    නදී සැඩ පහරයි වදින්නේ
      රම්ගමේ ඇති සෑය  බද වට  -    සදක් ගෙවනා ලෙස කැඩෙන්නේ

02. දිනක් ඒ දාගැබ කැඩී ගොස්    -    කරඩුවද නදියට වැටෙන්නේ
      මැණික් වරැසාවකට මැදි වුණ -  රනක් ලෙස පහළට ඇදෙන්නේ

03. නිවන් ලැබ දුන් මුනිදු ධාතුන්     -    මහා සයුරට වඩිමනේ
      ගමන් නවතා කෙමෙන් පහළට  -    වඩින කරඩුව දකිමිනේ

04. පවන් විලසින් රැලි නගා යන   -    නාගයින් එය රකිමිනේ
      දැනුම් දුන් විට නාග රජු හට    -    වැද වැටී එහි පැමිණුනේ

05. රන් රැවන් අතුරා යහන් මත     -    මැණික් දාගැබ කරමිනේ
      මන් තුටින් මහකාල නා රජු    -    ලොවක් ලද ලෙස සතුටිනේ

06. නා අගනන් මිණි වීණාවන් ගෙන- නා නැටුමෙන් මල් සුවද සදුන් ගෙන
      නා නා බුදු ගුණ කව් පද බැද ගෙන-නා රජවරැ නමදිති කරඩුව ගෙන

ඊලගට ධර්මාශෝක රජු මුල්වෙලා කළ ධර්ම සංගායනාව. ඒ ධර්ම සංගායනාවෙන් පස්සේ මිහිදු මහරහතන් වහන්සේ වැඩම කළා.

01.       දඹදිව් තලයේ පිපුන සසුන් මල
            කලින් කලට පරවෙන්නට යන කල
            මලින් සුවද රෙන් උරන බඹර කැළ
            ලෙසින් දෙවි බඹුන් රකිති සසුන් මල

02.       සම්බුදු බණ දුක් නිවන මගේ යන
            අමතක කොට වාදයකට බැස ගෙන
            ගෞතම සම්බදු සසුන බැහැර වෙන
            තැනට පැමිණි විට සිවුරැ දරා ගෙන

03.      පෙරට රහත් මුනිවරැ වඩිමින්නේ
            අකලට පර වෙන මල රැක ගන්නේ
            රජවරැ බුදු සසුනට පහදින්නේ
            නිසි කල සංගායනා කරන්නේ

04.       දම්සෝ නිරිදුන් දායක වෙනවා
            කම්ඵල අදහන හැම එක්වෙනවා
            නිම් නැති බාධක දුරහැරලනවා
            දම්රජුගේ දම් සක සුරැකෙනවා

 (පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගේ කෘතියකින්)

Thursday, October 13, 2016

ස්වර්ණමාලි මහ සෑ වන්දනාව 01

දඹදිව බුදු සසුන බබලනවා.......



01.       රතුන්ගෙන් දඹදිව බබලන්නේ
            දහසක් හිරැ සදු විලස දිලෙන්නේ
            මහසත් ගුණ ඇති හැම එක්වෙන්නේ
            රහසක් නැති බුදු සසුන දිලෙන්නේ

02.       සතලිස් පස් වසරක් ගත වන්නේ
            සැම සිත් ලොව දහමට නතු වන්නේ
            විකසිත කළ බුදු කිස නිව වන්නේ
            පිරිනිවනට කල් බව දැන ගන්නේ

03.       විසල් පුරේ අප මුනි වැඩ සිටි සද
            කුසල් නොමැති මරැ පැමිණි පෙරට වැද
            සියල් සැපත දන සම්බුදු මග බිද
            නොකල් ගමනකට ඇරයුම් ලද සද

04.       සැම සත හට මෙත් සිත යොදමින්නේ
            මුනි ගුණයට නැඹුරැව පවතින්නේ
            අවරගිරට යන හිරැ විලසින්නේ
            පිරිනිවනට දින නියම කරන්නේ

05.       අසූ වසක් මනු ලොවේ ගෙවන්නේ
            ගැසූ අයුරැ සන ලෙස නිම වන්නේ
            විසූ තැනින් බැහැරට වඩිමින්නේ
            නැසූ දුකින් නිවනට යොමු වන්නේ

06.       කුසිනාරාවට සිමිදු වඩින්නේ
            වැසි පොද ලෙස දෙවිවරැ රැස් වන්නේ
            රිසිලෙස මුනිදුට යහන තනන්නේ
            නිසි විලසට මුනිදුන් සැතපෙන්නේ

07.       සල් රැක් යුගලක් දෙපස තිබෙන්නේ
            මල් වරැසාවක් විලස පෙනෙන්නේ
            කල් බලනා අප මුනි මෙලෙසින්නේ
            සිල් ඇති සක් දෙවිදුට පවසන්නේ

08.       දෙවිදුනි මේ බුදු සිරැර දැවුන විට 
            ලැබෙයි ධාතු සොලොසක් වූ නැලියට
            බෙදනා විට අට ද්‍රෝණක් විලසට
            එක ද්‍රෝණක් රැක දෙනු වෙන රටකට

09.       සයුරේ මුතු ඇටයක් විලසින්නේ
            ඒ රට ඔබ සුරැකිය යුතු වන්නේ
            සීහල දීපය ලෙස දැනගන්නේ
            ඒ රට තුල බුදු සසුන දිලෙන්නේ

10.       රාම ගමේ දාගැබක් තැනෙනවා
            ද්‍රෝණයක්ම ධාතුන්ද රැදෙනවා
            නා ලොව නා රජවරැ නමදිනවා
            ඒ ධාතුනි සිරි ලකට වඩිනවා

11.       සීහලදීපේ සෑය තැනෙනවා
            වීතරාගි බුදු ගුණය රැදෙනවා
            මිහිකත මුදුනේ මල්කඩ වෙනවා
            ද්‍රෝණයක්ම ධාතුන් පිහිටනවා

සාදු !  සාදු  !!  සාදු !!!

 (පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගේ කෘතියකින්)

Tuesday, October 11, 2016

අංගම්පොර සටන් කළාව 02 කොටස


උපුටා ගැනීම ---> http://angampora.blogspot.com බ්ලොගයෙන්




ඉලංගම්පොර (armed combat)
ඉලංගම්පොර අංගම්කලාවට අයත් තවත් එක් අංගයකි.
ආයුධ සහිතව කරනු ලබන සටන් ඉලංගම් පොර ලෙස හඳුන්වයි.
අංගම් කලාව තුල ආයුධ 64ක් දැකිය හැක. මේවා සූසැට ආයුධ ලෙසින් හඳුන්වයි. ඒවා අතුරින් ප‍්‍රධාන ආයුධ වර්ග 5 ක් සඳහන් වේ. ඒවා නම්,
1. වක් ආයුධ
2. වක‍්‍ර ආයුධ
3. දික් ආයුධ
4. මොට්ට ආයුධ
5. කුංච ආයුධ ලෙස දැක්විය හැක.
  මෙම වර්ග 5 අයත් ආයුධ වර්ග කිහිපයක් නම්වශයෙන් පහත දැක්වේ
  කෙටි කඩුව
  බර මුගුර
  මන්නය
  වේලායුධය
  දිග කඩුව
  කෙටි මුගුර
  මෝල්ගස
 දුන්න හා ඊතල
පාරා වළල්ල
යගදාව
හෙල්ලය
තෝමරය
සිරිය
කලාකිරිඤ්ඤය
පලිහ
කිණිස්ස
මඩුවලිගය
අංකිරිච්චිය
මුගුර
කෙටේරිය

කඩු ශිල්පය
කඩු ශිල්පය එදා ලක තුළ විශාලවශයෙන් ව්‍යාප්තව පැවති නිසා කඩුවට සටන් වලදී ප‍්‍රධාන තැනක් හිමි විය. විවිධ නම්වලින් යුත් නානාවිධ කඩු විශාල සංඛ්‍යාවක් තිබුණ සඳහන්වේ.
කඩු සටන් ක‍්‍රම ඉලංගම් සටන් වලදී 110 ක් පමණද වැඩ වර්ග ලෙස බෙදා දැක්වීමේදී කඩු වර්ග 28 පමණ ද දැකිය හැක. මෙහි දී තනි කඩුවකඩු දෙක,හා කඩු හතරේ හරඹය සුවිශේෂ වේ. මනා නිපුණත්වයක් සහිත කඩු සටන්කරුවෙක් හට එකවර විශාල ප‍්‍රමාණයක් හා තනිව සටන් කිරීමේ හැකියාව පවතී. කඩු හා පොලූ සටන් වලදී හිටි පිනුම්,බඩ පිනුම් හා පසු පසට ගසන පිනුම් සේම කරණම් ද භාවිත වේ.

ජනප‍්‍රවාදයට අනුව රජ සමයේ සිටි ශූර අංගම් කරුවන් සතුරාගේ හිසට ඉහළින් කරණම් ගසමින් සතුරා මරා දමා ඇත.

වේලායුධ හරඹය


වේලායුධය
ඉලංගම් සටන් වලදී භාවිතා කරන අති සුවිශේෂී ආයුධයක් ලෙස ‘‘වේලායුධය’’ එතුන කඩුව හැඳින් විය හැක. මෙය සමූහ ඝාතක අවියක් ලෙස යොදා ගනී. වේලායුධයමෙයට මෙම නම යොදා ඇත්තේ එය ඇnග වටා වෙළෙන බැවිනි. මෙම ආයුධය සකස් වී ඇත්තේ අnගලක් පමණ මහත අඩි හයක් පමණ දිගින් යුතු මුවහත් වානේ පටි වලිනි.
වේලායුධයේත්තනි පටියපටි තුනපටි හය ලෙස ප‍්‍රභේද පවතී. දෑතට වේලායුධ දෙකක් ගෙන කරකවන විට එය පොළොවේ නොවදින අතර සතුරාමට කිසිසේත් ළnගට පැමිණිමට නොහැකි වේ. වේලායුධය හැසිරවිය යුත්තේ ඉතා පරිස්සමිනි. එය නිවැරදිව හැසිරවීමට නොහැකි වුවහොත් තමාටම තුවාල සිදු වීමට පුථවන.
කලා කිරිඤ්ඤයද වැදගත් ආයුධයකි. කලාකිරිඤ්ඤ එක සහ කලාකිරිඤ්ඤ දෙකේ සටන්හරඹ ද පවතී. කලාකිරිඤ්ඤය සාම්ප‍්‍රදායිකව සාදනු ලබන්නේ මී හරක් අnගක් යොදා ගනිමිනි. කලාකිරිඤ්ඤයෙන් සතුරෙකුට ගැසූ විට බොහෝ විට අස්ථි බිඳුම් වලට ලක්වන අතර පිටතින් ඇතිවන තැලීම් සුව වුවද මී හරක් අnග ඇති විෂ නිසා ඇතුළතින් පහර දෙනු ලැබූ ස්ථානය වණ වන බව කියවේ.
කිණිස්සඅංකිරිච්චියහා කෙටේරිය යන ආයුධ සඳහා ද ඉලංගම් සටන් ක‍්‍රම රාශියක් පවතී. මෙම ආයුධ වලින් සතුරා පහර දෙනු ලබන විට එය වළක්වා ප‍්‍රති ප‍්‍රහාර දෙන ආකාර රාශියක් ද අංගම් සටන් කරුවන් විසින් ප‍්‍රගුණ කර ඇත. කෙටේරියෙන් පහර දීමේදී ඇති විශේෂත්වය නම් කෙටේරි පහරක් ඇnගට ඇතුථ වූ පසු එය නැවත ගලවා දැමීමේදී ශරීරයෙන් විශාල කොටසකට හානි සිදු වීමයි.
ඉලංගම් සටන් අතර මෝල්ගස දෙකෙන් කරනු ලබන හරඹරියනෙ මුගුරු දෙකකින් කරනු ලබන හරඹ හා රියනෙ පොලූ කෑලි දෙකකින් ද කරනු ලබන හරඹ විශාල ප‍්‍රමාණයක් ඇත.
තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු.

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...