ගොඩක් XP SP2 තවමත් භාවිතා කරන කට්ටියට තියෙන ගැටලුවක් තමයි Office 2010, XP ඔපරේටින් සිස්ටම් තියෙන මැෂින් වලට ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. මටත් ඔය ගැටලුව ආව Office 2010 ආව මුල් කාලේ. ඉතින් නෙට් එකේ Search පාරක් එහෙම දාල වැඩේ ගොඩ දාගත්ත. අද බ්ලොග් එකට ලියන්න දෙයක් කල්පනා කරනකොට හිතුන මේක ඔයාලටත් වැදගත් වෙයි කියල.
ඔයාල XP SP2 මැෂින් එකකට Office 2010 දානකොට මුලින්ම මේ Error මැසේජ් එක එයි. දාන්න උත්සහ කරපු කට්ටිය දන්නව ඇති. පහල රූපෙ බලන්නකෝ....
XP Service pack 03, Windows Vista, Win7, Win8, වලනම් කිසි ගැටලුවක් නැතුව Office 2010 දාන්න පුලුවන්.
XP Service Pack 02 වලට දාන විදිය බලමු දැන් එහෙනම්. මම කියන විදියට පියවරෙන් පියවරට කරන්න.
පළමු පියවර -------> Registry Editor ඕපන් කරගන්න. දන්නේ නැත්නම් මෙහෙම කරන්න.
1. යන්න Start menu
2. ඔබන්න Run
3. ටයිප් කරන්න regedit.exe
4. OK එක ඔබන්න, නැතිනම් Enter කරන්න
දෙවන පියවර -------> Registry Editor එකේ මෙන්න මේ පාත් එක සොයාගන්න.
HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\Windows
Screen Shot ටික බලන්නකෝ පහල තියෙන.
තුන්වන පියවර -------> පහල රූපේ විදියට දකුණු පැත්තේ ලිස්ට් එකේ තියන
CSDVersion කියන එක උඩ double-click කරන්න.
control දිග ඇරියම අනිත්වා බලාගන්න අමාරැ නිසා ඒකේ Screen Shot එකක් වෙනම දාන්නම්.
හතරවන පියවර ------> පොඩි Box එකක් Open වෙයි. ඒකෙ තියන අගය 300 කරන්න.
පස්වන පියවර ------> Registry Editor එක Close කර මැෂින් එක Restart කරන්න.
දැන් Office 2010 ඉන්ස්ටෝල් කරන්න. කිසිම ගැටලුවකින් තොරව පරිඝණකයට එය ස්ථාපනය වෙයි.
:-) :-) :-) :-)

No comments:
Post a Comment
මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා