Sunday, April 3, 2016

කැන්ටර්විල් මන්දිරයේ බිහිසුනු භූතයා "The Canterville Ghost" හත්වන කොටස 07




"මම තව එක වාරයක්වත් උත්සාහ කරන්න ඔනෙ"ඔහු තමාටම කියාගන්නට විය."මේ වතාවෙදි නම් නිවුන්නු දෙන්නා මට බය වේවි.දැන් ඉතින් මම සූදානම් වෙන්න ඔනෙ....."

ඔහුගේ පැතුම ක්‍රියාත්මක කිරීම සදහා භූතයා පැය තුනක්ම බලා සිටියේය. එහෙත් මධ්‍යම රාත්‍රිය වනවිට ඔහු සියල්ල සූදානම් කර ගත්තේය. අනතුරැව ඔහු සිය කාමරයෙන් පිටතට ඇවිද්දේය. මෙදින නම් භූතයා රතු කබායක් හැද සිටියේය. ඔහුගේ දෑතෙහි තුවක්කු දෙකක්ද විය. නිවුන්නු දෙදෙනා බය කිරීමට ඔහුට කෙතරම් අවශ්‍යවීද කිවහොත් එවර ඔහු ගියේ හිස ගලවා පසෙක තබාය.

නිවුන්නු දෙදෙනාගේ කාමරය අසලට භූතයා ගමන් කළේය. කාමරයේ දොර වසා තිබිණි. ඔහු එක්වරම දොර විවර කළේය. එහෙත් පුදුමයකි! උඩ තිබූ වතුර භාජනයක් ඔහුගේ හිස මතට කඩා වැටිණි. භූතයා පිටුපසට පැන්නේය. ඔහු කොතරම් දුරට තෙත බරිත වීද කියහොත් ඔහුගේ මුලු ඇටකටුව පුරාම ජලයෙන් නැහැවී තිබිණි. ඔහුට වඩාත් ඉවසිය නොහැකි වූයේ මෙම දර්ශනය හොදින් බලා සිටි නිවුන්නු දෙදෙන මහා හඩින් සිනාසෙන්නට වූ නිසාය. බිය නිසාම කැන්ටර්විල් භූතයා බලවත් ලැජ්ජාවට පත් වී හැකිතාක් වේගයෙන් ආපසු සිය කාමරයට ගියේය.

ඊළග දිනයේ කැන්ටර්විල් භූතයා පසුවූයේ බලවත් අසනීප ගතියකිනි. " මේ පවුල බිය ගන්වන්න නම් මට බැහැ" ඔහු තමාටම කියාගත්තේය. එයින් පසු ඔහු කුඩා තුවක්කුවක් ගෙන නිතර නිතර ඇවිදින්නට විය. ඔහු වරක් කාමරයෙන් පිටතට ගියේය.ඒ යන අතරම ඔහු තමාටම මෙන් මෙසේ කියාගත්තේය. " අර නිවුන්නු දෙන්නා නම් හරිම භයානකයි!"

භූතයාට ඉතාමත් අපලදායක දිනය එළැඹුණේ සැප්තැම්බර් 10 දා ය. එදින රාත්‍රී දෙකට පමණ ඔහු තරප්පු පෙළ බසිමින් සිටියේය. ඔහුගේ අරමුණ වූයේ පුස්තකාළ කාමරයට යාමයා.

"මම පුස්තකාල කාමරයට යන්න ඔන. තවත් ලේ සලකුණු එතැන තියෙනවද කියලා ගොහින් බලන්න ඕනෙ."

එක්වරම අදුරැ මුල්ලක සිටි කුඩා මිනිසුන් දෙදෙනෙක් ඔහු වෙත කඩාපැන්නේය. "හේයි!" යයි ඔවුහු මහ හඩින් කෑ ගැසූහ. එසේ කෑගසන අතරම මහ හඩින් සිනාසෙන්නට වූහ.භූතයාට ඔවුන් බියපත් වූවාට වඩා භූතයා ඔවුන්ට බියපත් විය. එබැවින් ඔහු පඩිපෙල දෙසට දිවගියේය. එහෙත් එතැන ඇත්තේ බාධකයකි. වොෂින්ටන් එහි සිටියි. " අපොයි දෙවියනේ එතැනට යන්නත් බැහැ.මම දැන් කොහෙ යන්නද?" ඔහු හැකිතාක් වේගයෙන් දිවයන්නට විය. මුලුතැන්ගෙය හරහා දිවගිය භූතයා ඝන අදුරේ නොපෙනී ගියේය. එදින ඔහු ආපසු සිය කාමරයට පැමිණියේ ඉතාමත් කිලුටු වී වෙහෙසට පත් වී ඉතා ඛේදනීය තත්වයකට පත් අසරණ භූතයෙකු මෙනි.

මෙම දරැණු රාත්‍රියෙන් පසු කිසිවෙකුටත් ඔහු දැකගත නොහැකි විය. නිවුන්නු දෙදෙන නම් ඔහු එනතුරැ සමහර දිනවල නොඉවසිල්ලෙන් බලා සිටියහ. ඔවුන් පඩිපෙළ මත යම් යම් දේ තැබුවත් භූතයා නැවත පැමිණියේ නැත. පවුලේ සාමාජිකයන් සියල්ලම මේ පිළිබදව මවිතයට පත් වූහ. එමෙන්ම ඔවුන් තුළ සතුටක්ද ඇතිවී තිබිණි.

මේ අතර ඕටිස් මහතා පොතක් ලිවීමට පටන් ගත්තේය. ඔටිස් මහත්මිය එංගලන්තයේ සිටි සිය සියලුම මිතුරැ මිතුරියන්ව හමු වූ අතර ඇමෙරිකාවේ සිටි මිතුරැ මිතුරියන්ට ලිපි ලීවා ය. සිතා ගතහැකි සෑම සෙල්ලමක්ම නිවුන් දෙදෙනා හා වෙෂිංටන් දිනපතාම කළහ. වර්ජිනියා නම් ඇගේ මිතුරා වන සිසිල් සමග ඇවිදීමට ගියා ය. මෙම මිතුරා අන් කවරෙකුත් නොව චෙෂයර් හි ආදිපාදවරයාය. දැන්නම් තවදුරටත් නිවසේ භූතයෙකු සිටිනවා යැයි කිසිවෙකුත් සිතුවේ නැත.

එහෙත් ඔවුන්ගේ එම සිතුවිල්ල නිවැරදි නොවීය. ඒ වන විටද භූතයා නිවෙස තුලම සිටියේය. එහෙත් ඔහු සිටියේ තද බල අසනීපයෙන් සහ ඉමහත් කණස්සල්ලෙනි. එහෙත් තවදුරටත් කැන්ටර්විල් චේස් මන්දිරයේ භූතයා වන නාමය අතහැර දැමීමට තරම් ඔහු පෙළඹුණේ නැත. භූතයා සිටින්නේ බලවත් කොපයෙනි. කැන්ටර්විල් භූතයා කිසිසේත්ම වෙෂයර් පවුල ප්‍රියකළේ නැත. සිසිල් දැන් වර්ජිනියා සමග මිත්‍ර‍ත්වයක් ඇතිකරගෙන සිටියි. එහු පුරා සතියක්ම ඔටිස් පවුල සමග ඇවිදීමට යාම සිරිතක් කරගෙන සිටියේය. මේ නිසා සිසිල සම්බන්ධයෙන් කුමක් හෝ කළ යුතු යැයි භූතයා කල්පනා කළේය.

" ඔහු නම් තමාට බය වේවි. ඔහු ඕටිස් පවුලේ කෙනෙක් නෙමෙයි. ඔහු චෙෂයර් කෙනෙක්." කෙසේ වුවද කාමරයෙන් පිටතට පැමිණිවිට කැන්ටර්විල් භූතයා සෑහෙන්න බියපත්ව සිටියේය. " මේක නම් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. උන්ටත් වඩා මං බය වෙලා. අර නිවුන්නු දෙදෙනා මෙලහකටත් මං එනතුරැ ලැහැස්ති වෙලා බලාගෙන ඇති. ඒ නිසා මටනම් එළියට යන්නට බැහැ!"

කැන්ටර්විල් භූතයා මෙසේ තමාටම කියාගත්තේය. එදින චෙෂයර් ආදිපාදවරයාට භූතයා දැක ගැනීමට භාග්‍යක්  නොවිණි. භූතයා එදින මුලු රාත්රියම හොද හැටි නිදාගත්තේය. එහෙත් පසු දින වර්ජිනියා දැකීමට යා යුතු යැයි ඔහු තීරණය කර ගත්තේය.....

.......මතු සම්බන්දයි.......

No comments:

Post a Comment

මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...