එහෙත් ඔහු නිවැරදි නොවීය. එක්වරම ඔටිස් මහත්මිය දොරක් විවර කරමින් එම ස්ථානයට පැමිණියාය. "ශ්‍රීමත් සයිමන්, මම හිතන්නෙ ඔබ අසනීපයෙන් පසුවෙනවා වෙන්න ඇති." ඈ කියන්නට වූවාය. "මෙන්න ඔබට දොස්තර ඩොබේන් මහතාගේ බෙහෙත් කුප්පියක්. මිනිසුන් කියනවා මේ බෙහෙත හරිම හොද බෙහෙතක් කියලා"
සිය නිදන ඇදුමින් සැරසී තමා දෙස සිනා සෙමින් බලා සිටින කාන්තාව දෙස භූතයා බැලුවේ ක්‍රෙ ා්ධයෙන් ගැහෙමිනි. කුමක් හෝ බිටකරැ දෙයක් කළ යුතු යැයි ඔහු සිතන්නට විය. කුමක් හො බිය ජනක දෙයක් ඇයට කියා ඇය බියපත් කළ යුතු යැයි ඔහු සිතුවේය. එහෙත් ඕටිස් මහතා සහ සෙසු පවුලේ සියලු දෙන තරප්පු පේලිය දෙසින් එනු ඇසුණු බැවින් ඔහු තමන්ටම මෙසේ කියා ගත්තේය.
"අපොයි දෙවියනේ මට ඉක්මනටම යන්න ඕනෙ!" මෙසේ සිතූ ඔහු යළිත් ඉවතට දව ගියේය.
මෙවර සිය කාමරයට ගිය භූතයා බෙහෙවින්ම ශෝකයට පත්ව සිටියේය. දැන්නම් සියල්ල කණ පිට පෙරලී ඇති බව ඔහුට පෙනිණ. තමාට මෙවැනි බියකරැ තත්වයකට වැටීමට සිදු වී ඇති බව ඔහු සිතන්නට විය. මොවුන් බියපත් කිරීම ඉතා අසීරැ කරැණකි.
මෙම ඕටිස් පවුල කැන්ටර්විල් වේස් නිවසෙහි පදිංචිව සිටිනතාක් කල තමාගේ ආධිපත්‍ය පැතිරිය නොහැකි බව ඔහුට වැටහිණි. දරැණුම තත්වය වූයේ ඔහුට සිය සන්නාහකය ඇද ගැනීමට නොහැකි වීමයි. ඔහු මෙසේ සිතන්නට විය.‘‘මා සිතුවේ ඇමරිකන් ජාතිකයන් සන්නාහකය වැනි පැරණි දේවල් වලට ලොකු ආශාවක් දක්වනවා කියලයි. ඒක තමයි මට තිබුණ හොදම ඇදුම. පළමු වන එලිසබෙත් මහ රැජිනගේ කාලයේ පටන් මේ වනතුරැ මම එක් ආඩම්බරයෙන් ඇදගෙන හිටියා. නමුත් එ්ක දැන් හුගක්ම බර වැඩියි. ඒකට හේතුව මම දැන් හුගක්ම මහලු නිසා වෙන්න ඇති. මට දැන් ඒක ඇද ගන්න බැහැ. මා දැන් මොනවා කරන්නද කියා මට නම් හිතාගන්න බැහැ.
මෙම සිද්ධිය සිදු වී දින තුනක් හතරක් ගත වන තුරැත් භූතයා පසු වූයේ බලවත් අසහනකාරී තත්වයකින්ය. ඔහු බොහෝ දුරට ඇදටම වී කාලය ගත කලේය. කාමරයෙන් පිටතට ගියේ නම් ඒ ගියේ සෑම පාන්දරකම පුස්තකාල කාමරයේ ලේ පැල්ලම තැබීම සදහාය. එහෙත් ඒ අතරම ඔහු මෙම ඇමරිකන් පවුල බිය කරවීම සදහා අලුත් සැලැස්මක් පිලිබදව සිතන්නට විය.
‘‘මේ ඇමරිකිනුවන් බය කරන්න මට මොනවද කරන්න තියෙන්නේ‘‘ යි ඔහු සිතන්නට විය. ‘‘හොදයි අපි බලමුකො. ආ.... ඔව්! මම හිතන්නේ මගේ වැඩේට සිකුරාදා හුගක් හොද දවසක් කියලා. ඒත් මම ඇද ගන්නේ මොනවගේ ඇදුමක්ද? හරි, මේක හොදයි. මේ විශාල තොප්පියයි කලු පැහැති කබායයි මට ඇද ගන්න පුලුවන්. ඒ අතරෙම මේ පිහියත් මම අතට ගන්නවා.‘‘
එදින සන්ධ්‍යාවේ වර්ෂාව ඇති විය. ඊට අමතරව විශාල හුලගක් හමා ගියේය. මුලු නිවසම නිස්කලංක විය. භූතයාට නම් මෙම කාලගුණය බෙහෙවින්ම යහපත්ය. ‘‘මේක තමයි මගේ සැලැස්ම‘‘ ඔහු සිතන්නට විය. ‘‘මම ඉස්සෙල්ලා වොෂිංටන්ගෙ කාමරේට යනවා. ඔහුට නම් මම කොහොමටවත් කැමති නැහැ. ඔහු හැම දවසකම පිංකර්ටන් පොලිෂ් වලින් මා තබන ලේ සලකුණ පිස දමනවා. එයින් පසුව මම හිරාම් ඔටිස් මහතා ලගටත් මහත්මිය ලගටත් යනවා. මේ වතාවෙ නම් මට හොදටම බය වේවි. එතකොට වර්ජිනියා.....‘‘
මෙහිදී ඔහු මදක් නතර විය. ඇත්තෙන්ම වර්ජිනියා ඉතා යහපත් දැරියක් වූවාය. ඈ ඉතා රෑමත්ය. කිසි විටෙකත් ඇය ඔහුට සිනාසුනේ නැත. ‘‘මම මගේ අවතාර ශබ්ද ඇගේ ඇද අසල වැඩිපුර කරන් නැහැ. ටිකක් විතර ශබ්ද කරල ටිකක් විතර ඇයව බය කරනවා. වැඩිපුර නම් බය කරන්නැහැ.‘‘ ඔහු මෙසේද සිතන්නට විය. ‘‘එතකොට අර නිවුන්නු දෙන්නා..... උන් දෙන්නට නම් මතක හිටින්න හොද වැයින් පාඩමක් උගන්නන්න ඕනෙ. ඉස්සෙල්ලම මම ඔවුන්ගේ ඇද උඩ ඉදගන්නවා. ඊට පස්සේ උන් දෙන්නා මැද්දෙන් යනවා. මගේ අත් දෙක සීතල නිසා මම මිය ගිය මිනිහෙක් කියලා ඔවුන් සිතාවි. ඊට පස්සෙ මම මගේ කබාය පොළොව මතට ගලවා දමනවා. එතකොට ඔවුන් මගේ ඇටකටුව දකීවි. හරිම වැඩේ! එතකොට නම් ඔවුන් දෙන්නා ඇති තරම් බය වේවි.!‘‘
ඊලග සිකුරාදා හොදින් එම සිදුවීම සිදු විය. වේලාව රාත්‍රී 10.30 විය. ඔටිස් පවුලේ උදවිය නිදාගැනීමට යාමට සූදානමින් සිටියහ. එහෙත් ඔවුන්ට දොර දෙසින් කිසියම් ශබ්දයක් ඇසිණි. ඒ පිළිබද නොතකා ඔවුන් පඩිපෙල බැස අවුත් තම තමන්ගේ කාමර වලට ගියහ. භූතයාට මෙය ඉවසිය නොහැකි කරැණක් විය. නිවුන්නු දෙදෙනා වරින් වර මහ හඩින් සිනාසුනහ.
රාත්‍රී එකොලහට කාලක් තිබියදී තමා ක්‍රියාත්මක විය යුතු යැයි භූතයා සිතුවේය. එහෙත් ඒ වන විටද නිවස නිශ්චල නොවීය. නමුත් මධ්‍යම රාත්‍රී දොළහ වන විට මුලු නිවස පුරාම රජයන්නට වූයේ නිශ්චලතාවයයි. එබැවින් රාත්‍රී දොලහට භූතයා සිය කාමරයෙන් එලියට පැමිණියේය.
ඔහුගේ මලානික වූ මහලු මුහුණේ ඉතා බියකරැ සිනහවක් විය. මේ වන විට ඔටිස් පවුලේ සියල්ලෝම නින්දේ පසුවූ බැවින් අදුරැ කාමරය තුල භූතයා එහා මෙහා සැරිසරන්නට විය. තමාට කිසිවක් ශ්‍රවණය වූ බවක් ඔහුට වැටහුණු බැවින් ඔහු විගහට නතර විය. එහෙත් ඒ කුස්සිය පැත්තෙන් ඇසුණු කුරැලු ශබ්දයක් බව වැටහුණු බැවින් ඔහුගේ සැකය දුරැ විය. භූතයා කෙමෙන් කෙමෙන් වොෂිංටන්ගේ දොරටුව අසලට පැමිණියේය. තදින්ම හැමූ සුලග නිසා ඔහුගේ දුඹුරැවන් හිසකෙස් සැලෙන්නට විය. ඔහු ඉතා බිහිසුණු ලෙස සිනාසුණේය. දැන්නම් සුදුසුම වෙලාව යැයි ඔහු සිතුවේය. ඔහු වොෂිංටන්ගේ කාමරය කෙලවර දෙසට හැරැණේය... එහෙත් ඔහු නතර විය. ඔහුගේ මුව විවර වුයේ ඔහු අතිශයින්ම පුදුමයට පත්වූ නිසාය. ඊට හේතුව ඔහු ඉදිරියේ ඉතාමත් බිහිසුණු දෙයක් දර්ශනය වීමයි. එය දුටු කෙණෙහිම භූතයා අතිශයින්ම භීතියට පත්විය. ඒ තවත් භූතයෙක් දැයි ඔහු සිතන්නට විය. එම අලුත් භූතයාගේ මුහුණ රවුම් වූ අතර ඔහු බෙහෙවින්ම මහත ගතියකින් යුක්ත විය. එම භූතයාගේ සිනහව තමාගේ සිනහවට වඩා බිහිසුණු බව ඔහුට අවබෝධ විය. එම භූතයාගේ ඇස් සහ මුව දෙපස බෙහෙවින්ම රක්ත වර්ණයෙන් යුතු විය. අලුත් භූතයාගේ අතෙහි ලිපියක් වැනි යමක් තිබෙනු කැන්ටර්විල් භූතයාට දක්නට ලැබිණි.

No comments:
Post a Comment
මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා