Thursday, June 23, 2016

ආරක්ෂක උපකරණ 02

ආරක්ෂිත හිස් වැසුම් පැළදිය යුත්තේ,


§උඩක සිට ද්‍රව්‍ය වැටීමේ අවදාමනක් ඇති ප්‍රදේශ සහ ඒ අවට.
§පහලින් එල්ලා ඇති බාධක ඇති විට.

§හිස් සහ මුහුණු  ආරක්ෂාව යන දෙකම අවශ්‍ය ඇතැම් ස්ථාන වලදී.

ආරක්ෂිත හිස් වැසුම් නිවැරදිව  භාවිත කරන ආකාරය සහ නඩත්තුව

  • ආරක්ෂිත හිස් වැසුම්  වල  පිටතින් පිපිරීම් , නැවීම් , තැලීම් , කැඩීම්  සහ ඇතුලේ ඇති රදවනයේ   කැඩුණු පටි තිබේදැ යි  භාවිතයට පෙර පරීක්ෂා කර බලන්න.

  • ආරක්ෂිත හිස් වැසුම් වල අඩුපාඩු තිබේනම් වහාම අලුත් එකක් ලබා ගන්න.
  • භාවිතයේදී ආරක්ෂිත හිස් වැසුම් ඇතුලේ ඇති රදවනය හිසට හොදින් සහ පහසුවෙන් සවි වන සේ  සවි කර ගන්න.

  • කිසිවිටෙකත් ආරක්ෂිත හිස් වැසුම්  මත තීන්ත අලේප කිරීම සහ වාතය සදහා සිදුරු විදීම නොකරන්න.
  • කිසිවිටෙකත් ආරක්ෂිත හිස් වැසුම් තුල  භාන්ඩ (උදා- ලේන්සු , ග්ලවුස්) ගෙන යාමෙන් වලකින්න.

  • ආරක්ෂිත හිස් වැසුම ඇතුලත  සහ ඇතුලේ ඇති රදවනය  අතර පරතරය අගල් 1.25 ත් 1.5 ත් අතර විය යුතුය.


  • උස ස්ථාන වල , ෆොර්ක් ලිෆ්ට්  වල, ඉදිකිරීම් කටයුතු වල යෙදීමේදී සැම විටම නිකට පටිය පැළදිය යුතුය.

  • ආරක්ෂිත හිස් වැසුම  ඇතුලේ ඇති රදවනය කම්පන අවශෝෂකයක් ලෙස ක්‍රියා කරයි.  

  • සෑම ආරක්ෂිත හිස් වැසුමක්ම  වසර 3කට වරක් සහ ඇතුලේ ඇති රදවනය වසරකට වරක් මාරු කල යුතුය.

  • අවම වශයෙන් මසකට වරක් හෝ ආරක්‍ෂිත හිස් වැසුම් සබන් දියර සහ ජලය යොදා මිනිත්තු 5 හෝ 10 තිබෙන්නට හැර සෝදන්න.

  • හිරු එලියට හා තාපයට ඔබේ හිස් වැස්මේ ආවරණයට හානි කල හැකි බැවින් නිතරම ඔබේ ආරක්‍ෂිත හිස් වැස්ම පිරිසිදු,වියලි හා සිසිල් ස්ථානයක ගබඩා කර තබන්න.


ඇස් හා මුහුණ ආරක්ෂාව 

ඇස් හා මුහුණ ආරක්ෂාව වැදගත් වන්නේ ඇයි?
  •  වැඩබිමේදී ඇස් වලට සිදුවන තුවාල හේතුවෙන් සෑමවසරකමපුද්ගලයින් දහස්  ගණනක්  අන්ධ භාවයට පත් වේ. ඇස් හා මුහුණු ආරක්ෂක උපකරණ භාවිත කලේනම් මෙම අනතුරු වලක්වා ගන්නට තිබුනි.

  •      ඉතා කුඩා අංශු හෝ ද්‍රව්‍ය වලටද ඔබගේ ඇස් වලට ඇතුළු වී හානි කල හැකිය. ග්රයින්ඩ්ඉන් , ස්ප්‍රේ කිරීම වැනි කාර්යයන් මගින් ඉතා කුඩා අංශු හෝ ද්‍රව්‍ය නිකුත් වීම සිදුවේ.

  •      වායු , වාෂ්ප හෝ දියර ස්වරූපයෙන් පවතින විෂ රසායනික ද්‍රව්‍ය මගින් ඔබේ ඇස්  වලට හානි සිදුවිය හැකිය.

  •    ආරක්ෂිතව වැඩ කිරීම සදහා ඔබ භාවිතා කලයුතු ඇස් හා මුහුණු ආරක්ෂක උපකරණයේ ස්වරූපය / වර්ගය අංශ ප්‍රධානියා හෝ සුරක්ෂිතතා කළමණාකරුගෙන් විමසා දැන ගන්න.

ඇස් හා මුහුණ ආරක්ෂාවට අදාල උවදුරු

§පාවී එන කුඩා කැබලි සහ කොටස් 
§රසායනික ද්‍රව්‍ය (දියර)
§ඇසිඩ් හෝ කොස්ටික් දියර
§රසායනික වාෂ්ප හෝ වායු
§පාරජම්බුල කිරන, දැඩි ආලෝකය  සහ විකිරණ (පෑස්සුම් කටයුතු සහ ලේසර්)
§තාපය

ඇස් හා මුහුණ ආරක්ෂාවට අදාල පුද්ගල ආරක්ෂක උපකරණ 

§ආරක්‍ෂිත ගොගල්ස්
§ආරක්‍ෂිත කණ්නාඩි
§පූර්ණ මුහුණු ආවරණ
§පෑස්සුම් මුහුණු ආවරණ




මෙය සුදුසු ආරක්ෂිඇස් හා මුහුණු ආවරනයක්ද?


මතක තබා ගන්න... 
>>ඔබට මෙන්ම ඔබගේ කාර්යය සදහා වඩාත් යෝග්‍ය  ඇස් පළදනා
 තෝරා ගන්න.ඔබට මෙන්ම ඔබගේ කාර්ය්‍ය සදහා වඩාත් යෝග්‍ය
 ඇස් පළදනා තෝරා ගන්න.

>>පුද්ගලයාට හා කාර්ය්‍යය සදහා ගැලපෙන බොහෝ ඇස් ආරක්ෂක උපකරණ පවතී.
>> ඇස්  හා මුහුණු ආරක්ෂක උපකරණ අනවශ්‍ය ලෙස  නාසය
      නොරිද්දන හෝ හිසට පීඩනයක් ඇති නොකළ යුතුය. පහසුවන් 
     සිරවිය යුතුය.
>> ඇස්  පළදනා මගින් ඔබේ පෙනීමට බාධා හෝ අවහිර නොවිය
      යතුය.

මීළග කොටසින් ආරක්ෂිත කණ්නාඩි පිළිබදව වැඩිදුරටත් ඔබව දැන්වත් කරන්නම්. කියවලා යමක් 
ඉගෙනගත්තනම් කොමෙන්ට් එකක් දීලා සහයෝගයක් දක්වන්න. ශෙයාර් කරල අනිත් මිතුරන්වත්
දැනුවත් කරන්න.






No comments:

Post a Comment

මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...