Monday, July 25, 2016

සරුංගලය

සරුංගල් කාලෙ ඇවිල්ල, පුංචි කොලු පැටව් පුංචි සරුංගල් හදාගෙන ගෙමේ පිට්ටනි වල, වෙල් යායවල් වල කෑකෝ ගසමින්, ඒ මේ අත දුවමින් ලබන පුදුමාකාර සතුට දකින කතන්තරකාරයත් සුලු මොහොතකට සිතින් කුඩා අවදියට දිවගියා.

යමක් කමක් යාන්තමින් තේරෙන කාලෙ තාත්ත හදල දෙන පුංචිම පුංචි සරැංගලය අරන් පාරේ දුවනකොට ලැබුණ සතුට මතක් වෙද්දි, අනේ ආපහු පුංචි කාලෙට ගිහින් අම්මා, තාත්තා එක්ක හුරතල් වෙන්න තිබුණනම් කියල හිතුණා. දැන් උදේට වැඩට යනකොට අම්මට තාත්තට වදින එක විතරනේ කරන්නේ. තාත්ත සරුංගල් හදල දෙන්නත් කලින් අතීතෙට ගිහාම, මුලින්ම අම්ම තමයි සරුංගලයක් හදල දුන්නේ, මම හිතන්නේ ඔයාලටත් අම්ම ඒවගේ සරුංගලයක් හදල දීල ඇති. ඒ තමයි යාන්තමට ඇවිදින්න පුරුදුවුණ කාලේ කඩෙන් බඩු ගෙනාපු සිලි බෑග් එකකට ගෝනි නූලක් ගැටගහල දීල අම්ම මගේ අතින් අල්ලගන පුතාගේ සරංගලේ කිය කිය මාව ඇවිදීමට හුරු කරමින් මට හදල දුන්න සරැංගලේ.

ටිකක් ලොකු වෙනකොට, මටම කියල තනියම සරුංගලයක් හදාගන්න පුලුවන් කාලෙ වෙනකොට, ඒ කියන්නේ ඉස්කෝලෙ 6 වසර වගේ වෙනකොට මම තමයි අනිත් යාලුවන්ටත් සරුංගල් හදල දෙන්නේ.

ඉතින් දැන් කතන්තරකාරය ලොකු ළමයෙක්නේ... ඒත් තවමත් 6 වසර ළමයි සරැංගල් හදාගන්න කතන්තරකාරය හොයන් එනව. ඒ දරුවන්ට සරුංගල් හදල දෙන අතරතුරේ කතන්තරකාරයට හිතුනා කතන්තර කාරයාගේ ආදරණීය නෝනයි, චූටි දුවයි එක්ක වෙලට ගිහින් සරුංගලයක් යවන්න. ඉතින් ගිය ඉරිදා සරුංගලයක් හැදුව. හැබැයි තවම යවන්න බැරි වුණා. ඉරිද එකපාරටම වැස්සක් ඇදන් වැටුනනේ. ලබන සෙනසුරාද ඉරිද තමයි ආයේ නිවාඩුවක් ලැබෙන්නේ. එදාට අපේ සරැංගලේ උඩටම යවල අයේත් අපේ අම්ම, තාත්ත, සහෝදරිය එක්ක ගතකරපු ලස්සන පුංචි කාලෙට යනව.

මම
කතන්තරකාරයා

මේ ෆොටෝ ටිකත් බලන්නකෝ, නැත්නම් පාලුයි වගේ පෝස්ට් එක






2 comments:

  1. අදනම් පාසලේ විෂයය බාහිර ක්‍රියාකාරකමක් ලෙස සරුංගලයක් හදාගෙන එන්න කිව්වොත්, සරුංගලය හදන්නේ ළමයා නෙවෙයි වෙන කෙනෙක්. නැත්නම් කඩෙන් ගන්නවා. සරුංගලයක් උඩ යැවීමේ ප්‍රායෝගික අත්දැකීම ලබන ළමයි හරිම අඩුයි.

    ReplyDelete
  2. ස්තුතියි සහෝ කොමෙන්ටුවට..

    එවැනි ක්‍රියාකාරකම් දරුවන්ටම කිරීමට දීම තුලින් දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතාව වර්ධනය වන අතර, අපගේ කුඩා අවධිය මෙන් ලස්සන ළමා වියක් ළමයාටද අදාකර දීමට ලැබෙනවා.....

    ReplyDelete

මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...