හිමාලයානු සෘෂිවරැන් විසින් රචනා කර ඇති ඉන්දියානු ප්‍රබල බෝධිරාජ පූජාව සහ බන්ධනය අද ලංකාවේ සොයාගැනීමට අපහසු වන තැනට දුර්ලභ වීඇත. මෙම රහස අනුරාධපුර යුගයේ හිටපු හෙලයෝ දැනගෙන සිටියහ. දුර්භීක්ෂ, සතුරැ කෝලහල සමග මෙය විනාශ වී ඇත. ලක්වාසි ජනී ජනයාට මෙම බෝධි පූජාව තුලින් මහත් ශක්තියක් , සතුටක් ලගාකර ගැනීමට හැකි වන්නේය. මෙම බෝධි පූජාවත් සමග කරන බලගතු යන්ත්‍ර ක්‍රමයක් ලෙස ඉන්දියානු රහස් නිගණ්ඩු වල සදහන්ය. සෑම බෝධියකම සුර නිකායික දේවතාවන් අධිගෘහිතව වාසය කරයි. මෙම බන්ධනය අනුව ඒ එක් සුර නම් වූ දේවතාවකු පාට 3ක නූල් පොටට බන්ධනය කරගෙන පැමිණ අසාධ්‍ය මහා හාස්කම් පෙන්වමින් කුමන රෝගියෙකු වුවත් වරැ තුනෙන් නැගිටින හාස්කම් පෙන්වන පූජාවක් බවද පෙන්වීමට කැමැත්තෙමි. ප්‍රශ්න, ගැටලු දුරැවී ශරීරය ප්‍රාණවත් වන බලයක් මෙම පුජාවට ඇත. රෝගියෙකු මරණාසන්න වනතෙක් ඉන්නේ නැතිව පූජාව කර ජීවිතය බේරාගන්න.
බෝධි පූජාව කරන අන්දම
මෙම පූජාව පවත්වන ප්‍රධාන තැනැත්තා සහ සියළුම අය පූජාවට ප්‍රථම ස්ථානය කල යුතුය. වෙහෙර වහන්සේ වන්දනා කල යුතුය. බෝමළුව ඇමද බෝධින් වහන්සේ ඉදිරිපිට ගොක් අතු වලින් පහන් පැළක් සෑදිය යුතුය. එහි කහ දියරෙන් සෝදාගත් පඩුරැ 12ක්, බුලත් 12ක්, මල් මාලා 4ක්, (බෝධියේ හතර මුල්ලේ පූජාවට තබන්න), මල් වර්ග 9ක්, පංච වර්ණ කෝඩි 1 බැගින්, කපුරැ පෙති, හදුන්කූරැ, පිනිදිය, සැවැන්දරා, සුදු හදුන්, අගිල්, (ඉන්දියන් කට්ටකුමන්ජල් කුඩු මිශ්‍රකර සාදාගත් නැවුම් සුවද පැන් කළ 7ක්) වැටකෙයියා මල් 1, පුවක් මල් 1, අගුල් කබල් 1, නිල්, රතු, සුදු ඇඹරෑ තුන් නූලක්
පිළිවෙල
චෛත්‍ය ඇමද චෛත්‍ය වහන්සේට මල්, පහන්, සුවද දුම් පූජා කර තිසරණ ගොස් සියළුම දෙනා පන්සිල් සමාදන් වී චෛත්‍ය වටා 7 වරක් දකුණට යමින් තුන් සරණේ ගාථා කියා වන්දනා කරන්න. ප්‍රධාන පුජාව කරන කපු මහත්තයා හෝ සිල්වතා ගිතෙල් පහනක් චෛත්‍යයට පත්තු කර මේ චෛත්‍යයට අධිගෘහිත දේවතාවුන් වහන්සේගේ බලට මේ පහන් සිලට පැමිණෙන්නයි කියා දෑස් වසා 7 වරක් කියා පහන බෝ මළුවේ ගොක් යහනේ තැන්පත් කරන්න. හිදපු පොල් තෙලින් පහන් 21 ක් පත්තු කර බෝ මළුවේ 4 සීමාවේ තබන්න. ගොක් තටුවේ නිල්, රතු සහ සුදු තුන් පාට නූලක් අඹරා ගැට ගසා තුනක් සිර නොකර යහනේ තැන්පත් කරන්න. ගොක් යහනේ ඉහත සියළු පූජා තැන්පත් කරන්න. සුදු පාට තුන් නූලක් ගෙන ගොක් යහනේ එක් කෙලවරක් තබා අනෙක් කෙලවර බෝ ගසේ ගැට ගසන්න. ප්‍රධාන කපු තැන සුදු වතින් සැරසී පැන් කළය බැගින් දෝතට ගෙන දක්ෂිණාවර්තව තුන්වර බැගින් මෙත් වඩමින් බෝධීන් වහන්සේ නාවන්න. සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියමින් ශ්‍රද්ධාවෙන් කරන්න.
අප මහා බෝසතාණන් වහන්සේට බුදු වීමට ශ්‍රී මහා බෝධීන් වහන්සේ උපකාර කළේ යම් සේද මාගේ ආතුරයාට මේ බෝ සමිදු අනුහසින් බෝ රදුන්ට අධිගෘහිත සියළුම දේවියන්ගේ ආනුභාවයෙන් මාගේ ආතුර වූ නම සදහන් කරන්න. අයගේ මානිසික සුවය කායික සුවය ඇතිකර දෙන්නට හේතු වේවා සිතා අධිෂ්ඨාන කරන්න.
පූජාව පවත්වන ගාථා
ඉන්පසු දුම් කබලට පොල් කටු අගුරැ දමා සුවද දුමින් බෝධිය සුවදවත් කරන්න. චෛත්‍යයට සුවද දුම් අල්ලන්න. සියළුම පූජා යහනේ සහ බෝධියටද පහන් 21ක් පත්තු කර බෝධිය ඉදිරිපිට සෑදූ ගොක් යහන ලග ඉදගන්න. මුලින්ම තිසරණ සහිත පංචසීලය ද බුද්ධ වන්දනාවද දහම් වන්දනාවද සතර දළදා වැදීමද සොලොස්මස්ථාන වැදීමද මල් පූජා කිරීමද පහන් පූජා කිරීමද සුවද පූජා කිරීමද සුවද දුම් පූජා කිරීමද මවට පියාට වැදීම මියගිය නෑදෑයින්ට මේ අයුරිං පිං දීම ද කරන්න.
" ඒව මේව ඉතෝ දින්නං - පේතානං උප කප්පති
උන්නමේ උදකං වට්ටං - යථා නිණ්නං පවත්තතී"
අවසානයේ විශ්ණු, කතරගම , සමන් විභීෂණ, දැඩිමුණ්ඩ, ඊෂ්වර, ගම්භාර සියළු දෙවියන් සිහිපත් කර පිං දෙන්න.
බෝධියේ නූල අතට ගෙන බෝධිය දෙස බලාගෙන මාගේ නම......... සදහන් කර ආතුරයාට වැලද තිබෙන රෝගය සුවකර ගැනීමට මම මේ බෝධියට අරක් ගත් දේවතාවා දින 7කට මා බන්ධනය කර ගනිත්වා. දින 7න් පසු මේ බෝධි මූලයට පැමිණ මාගේ ආතුරයා සනීප වූවාට පසු මේ වැනි පූජාවක් තබා ඔබ වහන්සේ නැවත මේ බෝධියට බාරකරනවා සත්‍යයි. සත්‍යයි. සත්‍යයි කියා තුන් පාට නූල අතට ගෙන(තව අයෙකුට සුවද දුම් අල්ලන්න කියන්න.)
''ඉතෝ චුතෝහං වර ජම්බු දීපේ
හිමාලයේ හේම මයම්හි කූටේ
කප්පායුකෝ දේව පතිච හුත්වා
මෙත්තෙය්‍ය නාථස්ස සුතෝමි ධම්මං"
යන ගාථාව 7 වරක් කියා නූලට දුම් අල්ලමින් ගැට 3 එකවර හිර කරන්න. හිරකර නූල දගලාවි. බිය නොවන්න. මේ නූල ගෙන ගොස් පැන් ටිකක් බොන්න දී මූනේ ගා නූල ගෙලේ බදින්න.
මේ පූජාව කර පසුව සාමාන්‍ය බෝධි පූජාව දින 05ක් කර අවසාන 07 වන දිනයේ මේ වැනි පූජාවක් කරන බවට බෝ අත්තේ පඩුරක් බදින්න. මේ පූජාව දින7ක් කිරීමෙන් ඹ්නෑම දරැණු රෝගයක් සුව අතට පත් කළ හැකිය. පුරාණ හෙලයේ අත්දුටු, ප්‍රත්‍යක්ෂ මහා බල සම්පන්න පූජාවකි. අද මෙම පූජාව ලංකාවේ සොයා ගැනීමට නොහැකි දුර්ලභ ගනයේ මහා බල සම්පන්න පූජාවකි.
මම අද උදේ කමෙන්ට් එකක් දැම්මා. ඒක දැන් අතුරුදහන් වෙලානේ. මොකද ඒ?
ReplyDeleteසමාවෙන්න, තාක්ෂණික දොෂයක් වියහැකියි. මට ඊමේලයක් මගින් හෝ කොමෙන්ටුව ලැබී තිබුණේ නෑ...
ReplyDelete