02 කොටස තුන්වන කොටස 04 කොටස
සිය කාමරයට වැදුණු භූතයා මදක් නතර වූයේ කරැණු සළකා බැලීම සදහාය. ඔහු තමන්ටම මෙසේ කියා ගත්තේය. අවුරැදු තුන්සියයක්ම මම කැන්ටර්විල් වේස් මන්දිරයේ සිටියා. ඒත් මේ වගේ දෙයක් නම් වුණේ නැහැ. බලාපල්ලා මට වෙච්ච දේක හැටි! පසුගිය අවුරැදු තුන්සීය මුලුල්ලේම මෙහෙ සිටි මිනිස්සු ගැන මට හොදට මතකයි. ඔවුන් හැම දෙනාවම මට සිහිපත් කරන්නට පුලුවන්. බොල්ටන් ආදිපාදිවරිය බය කිරීම නිසා මට ඇයව මරා දමන්නටත් සිද්ධ වුණා. මම ඇට කටුවක්ව සිටියදී ට්රිමොයිලැක් මැතිණිය මාව දුටුවා. ඒ නිසා ඇයට සති හයක්ම ඇදට වී සිටින්නට වුණා. කැන්ටර්විල් සාමි වරයා මාව කිහිප විටක්ම දුටුවා. ඒ වගේම උම්නි මහත්මිය මට බය බව මම හොදටම දන්නවා. ඒ වුණාට මේ ඇමරිකානුවන් දැන් කැන්ටර්විල් චේස් මන්දිරයට ඇවිල්ලා. ඔවුන් එහෙම අවුදින් මට තෙල් වර්ග දෙනවා. ඒ මදිවට දොඩම් ගෙඩි වලින් මට දමා ගසනවා. මේක නම් කොහෙත්ම උහුළාගන්න පුලුවන් දෙයක් නෙමෙයි. මොන තරම් භයානක දෙයක්ද? මම අලුත් සැලැස්මක් ගැන හිතන්න ඕනෙ.
මේ ආකාරයෙන් භුතයා දිගිනි දිගටම අලුත් සැලැස්මක් පිළිබද සිතන්නට විය. පසුදින උදෑසනම ඔටිස් පවුල ආහාර ගැනීම සදහා මේසය වටා එක්රොක් වූහ. ආහාර බුදිමින් ඔවුන් කථා කළේ භූතයා පිලිබදවය. හිරාම් ඔටිස් හමතා මෙවේලේ පසුවූයේ බලවත් කොපයෙනි. බලන්න, භූතයා මගෙ තෙල් කුප්පිය පාවිච්චි කරලා නැහැ! ඔහු කිව්වේය. ඔටිස් මහතා තමන්ගේ කුඩා නිවුන් දරැවන් දෙදෙනා කෙරෙහිද එසේම කෝපාවිෂ්ඨව සිටියේය. ඔහු ඔවුන් අමතා මෙසේ බැණ වදින්නට විය. භූතයා අවුරැදු සිය ගණනක් මේ නිවසේ වාසය කරලා තියනවා. ඔහු මේ ගෙදරට අවුදින් තිබෙන්නේ අපට වඩා බොහෝ කාළයකට පෙරයි. ඒ නිසා මේ කැන්ටර්විල් භූතයාට දොඩම් ගෙඩි වලින් ගහපු එක ගැන නම් මට කොහෙත්ම එකග වෙන්න බැහැ. ඒක හරිම නරක වැඩක්.
ඕටිස් මහතා ඇත්ත වශයෙන්ම යහපත් මිනිසකු බව මෙයින් පැහැදිළි වනු ඇත.එහෙත් අවාසනාවකට මෙන් නිවුන් දරැවන් දෙදෙන එම බසට සිනාසුණා මිස කිසිවක් කීවේ නැත.
ඔටිස් මහතා බලවත් කලකිරීමෙන් යුතුව මෙසේද කියන්නට වූයේය. එහෙමනම් එයා ඊයේ රාත්රියෙ මා දුන්න තෙල් කුප්පිය පාවිච්චි කළේ නැහැ. ඒ නිසා එයාගේ දම්වැල් වලින් ලොකු ශබ්ධයක් ඇහුණා. ඒ ශබ්ධය කොයි තරම්ද කියනවනම් මට නිදාගන්නත් අපහසු වුණා. හැම වෙලාවෙම දම්වැල් ශබ්ධය මගෙ නිදන කාමරයේ පිටතින් ඇසෙන්නට වුණා.කෝක වුණත් එයා නම් ඒ තෙල් කුප්පිය පාවිච්චි කරන්නම ඕනේ.එහෙම නැත්නම් මට නින්දක් ලැබෙන්නේ නෑ.
......මතු සම්බන්දයි....
කියවලා පොඩි කොමෙන්ට් එකකුත් දාලා යන්න හැකි නම් ...... :)
My blog contain storries, lot of storries written by me. Few stoeries written by my friends. Horror, sciencetific, commody, usefull article, etc. You can read my blog, All storries are written using sri lanka legends. Children can use this page. There is no adult only containt. Guys pls visit my blog and have a fun.
Subscribe to:
Post Comments (Atom)
කුමරිය ප්රභා 26 - 27 කොටස්
25 කොටස 28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්රමාද ඇය...

Elazz
ReplyDeleteElazz
ReplyDelete