''රතුවා තව එකක් දීපන් හාන්සි වෙන්නම''
''සුදු පුතා මොකද? මොකද? ඔය ඔලුව උස්සලා ගහපං''
''තව දහක් රතුවට. මොකද කියන්නේ''
''අම්මපා සල්ලි තිබ්බනම් මම දානවා''
කුකුල්ලු දෙන්නෙක් කොටා ගන්නවා. මිනිස්සු වටේ පිරිලා. හි්න්නි මහත්තයා වතුර ටිකක් කටට අරගෙන රතු කුකුලාට පිඹිනවා. බකල සුනිල් සුදු කුකුලාට ඒ විදිහටම වතුර පාරක් පිම්බා. මේ කුකුල්ලු හින්නි මහත්තයාලගේ. බකල සුනිල්ලාගේ රැපියල් ශත වෙනුවෙන් මැරෙනකම් කොටාගන්න ඹ්නා. බොහෝ විට පොර කුකුල් පොර වලදී අනිවාර්යෙන්ම එක කුකුලෙක් මැරෙනවා. අනිකා මැරැණේ නැතත් බොහෝ දුරට මැරැණා වගේ තමයි. උල් කටු පාරවල් වල තුවාල වලට ඒකා ගොඩ එන්නේ එහෙමත් වෙලාවකට තමයි.
ඔය අල්ලපනල්ලේ සෙල්ටන් බොහොම කලබලයෙන් මෙතෙන්ට කඩාපාත් වුණා. සෙල්ටන් කියන්නේ හින්නි මහත්තයාගේ එක කුස උපන් සහෝදරයා. නුරැස්සන ගතියෙන් හින්නි මහත්තයා ලගට සෙල්ටන් කිට්ටු වුණා. හින්නි මහත්තයා ඒත් සෙල්ටන්ව දැක්කේ නෑ. සසල්ටන්ට ඉහිලුම් නෑ. එච්චර හදිස්සියක් මිනිහගේ තිබුණේ. බැරිම තැන සෙල්ටන් හින්නි මහත්තයාගේ අතින් ඇදගෙන පැත්තකට ආවා.
''උඹ මෙතන කුකුල්ලු කොටවනවා. අන්න අයියප්පුවා කොළඹ යන්න ලෑස්ති වෙනවා. අපි ඔක්කෝටම කෙළවගන්නයි යන්නේ.''
සෙල්ටන්ගේ ගෝරනාඩුවට හින්නි මහත්තයා අන්දුන් කුන්දුන් වුණා.
''මොනවා අයියප්පුවා කොළඹ යන්න. අවුරැදු විස්සකට පස්සේ. අපිට කරපු අවනම්බුව අයියප්පුවාට අමතක වෙලාද?''
''ඒක මම දන්නේ සෑ. අර ආපු ලියුමෙන් පස්සේ තමයි අයියප්පුවා ඔය වෙනස් වෙලා තියෙන්නේ.''
''හරි හරි එ්වා මම බලාගන්නම්. ජායියා උඹ මෙතැන බලාගනින්''.
හින්නි මහත්තයා සෙල්ටන් එක්ක සරම කැහැපොට ගහගෙන ගියා නෙමෙයි ඉගිලුනා.
'' කෙහොම හරි ඔය ගමන නවත්තන්න බලපං''
හීනියට රත් කරගෙන හිටපු හින්නි මහත්තයාට සෙල්ටන් තව ටිකක් රත් කෙරැවා. දෙවට දිගේ ආපු හින්නි මහත්තයායි සෙල්ටනුයි වැලි පාරට අඩිය තිබ්බා විතරයි මිල්ටනුත් එතැන.
''ආ උඹත් ආපු එක හොදයි.''
මිල්ටන් දිහා බලපු සෙල්ටන් නවතින්නේ නැතුව ඉස්සර වුණා.
''මොකද මේ කලබලේ.''
''උඹට ඉතිං මොකද? කිසිම දෙයක් හොයා බලන එකක්යැ. කොලු නඩේ එක්ක දිව්‍ය ලෝකේ නෙමෙයි යන්න වෙන්නේ සුමනාගේ පැලේම තමයි ලගින්න වෙන්නේ.''
''කියන දෙයක් තේරෙන බාසාවෙන් කිහපන්කෝ. මල්ලේ පොල් කියන්නේ නැතුව. උඹ දැනටමත් තුන් ලෝකෙට අධිපති වෙලා වගේ. බෝතලේ පැන්නුවා නම් උඹ බෝධි සත්වයා වෙලා බල්ලන්ට දානේ දෙනවා.
.......මතු සම්බන්දයි.....
පිටකොටුව බස්නැවතුම් පොලේදී කෘතියෙන්
දැන් නම් හොදටම නිදිමතයි... ඉතිරි කොටස වෙන දවසක දෙන්නමකෝ. බලල පොඩි කොමෙන්ට් එකකුත් දාලම යන්න. හොදද නරකද, ඉතුරැ කොටස දාන්න ඔනෙද කියන එකත් එක්කම

No comments:
Post a Comment
මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා