Thursday, March 24, 2016

............ආදරය.............

බලන්න, අර අහස දිහා
සදු ඇවිදින් නෑ තාම
ඒත් අදුරැ වළාකුල් අතර
පුංචි එළියක් පෙනෙනවා නේද?

                     
ඒ පහන් තරැවක්......
සදු නැති අමාවකට
රෑ අහසට තනි රකින්න ඇවිදින්.....
ඒ වුණත් අපි ඒ තරැව දකින්නේ
සදු නැතිදාට විතරමයි 


සද පායන දාටත් ඒ තරැව එහෙමයි        
සද එළිය ඉස්සරහා                                        
පහන් තරැවේ කාන්තිය මදි.........              
ඒ උනත්                                                          
මේ පුංචිම පුංචි තරැව
රෑ අහසට හැමදාම තනි රකිනවා........

                                 

දන්නවාද?
ඔයත් හරියට ඒ අහස වගේ
අහසට සද වගේ ඔයා‍ග්ෙ ළග
ගොඩක් අය හිනැහෙද්දී....
මගෙ ආදරෙත් හරියට පහන් තරැවක් වගේ
ඔය ඇස් දෙකට පෙනෙන්නේ නැතුව යාවි.......



ඒත් මං හැමදාම ඔයා වෙනුවෙන් පායනවා.......
ඔයාට නොපෙනුනත් ඔයාට නොදැනුනත්...
ගොඩා......ක් ආදරේ කරනවා.........
.


ලිව්වේ
ධනුශිකා බැද්දේගම 

1 comment:

මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...