නිවැසියන්ට
මහා තේජෝ බල, ධම්ම චක්ක බලය.
නිවසට තිබෙන
සියළුම යක්ෂ භය, ප්‍රේත භය, කුම්භාණ්ඩ භය, අසුර භය දුරැකර හැකි එකම බලය ධම්ම චක්ක
සූත්‍ර දේෂනාවයි. සමහර අමනුෂ්‍ය කොට්ඨාස පුද පූජා බාර නොගන්නා කොටසක් සිටින අතර
නිවැසියන් මහා දුකට පත්වන්නේ මේ දෝෂය නිසාය. විවිධ අමනුෂ්‍ය කොට්ඨාස නිවෙස් තුල
සැරි සරණ අතර එම බලවේගයන් විසින් නිවසේ සමගිය බිදීමට ද, සමහර අයට බිරිද,ස්වාමියා,
දරුවන් යක්ෂයන් විදිහට පෙනීමට සලස්වන අතර
නිතර එකිනෙක් අතර අඩදබර ඇතිකරවයි. නිතරම අයහපතටම හිත යයි. මස් මාංෂ අනුභවයටම හිත
යයි.අල්ලපු ගෙදර නිවැසියන් සමග හෝ රංඩු සරුවල් කරගනී. මේවා සිදුවීමට ඇතැම් විට
සෘජුවමත්, වක්‍රාකාරවත් අමනුෂ්‍ය බලවේගවල බලපෑම හේතු වෙයි.
අමනුෂ්‍යයන්ගෙන්
බේරෙන්න මෙන්න රහසක්.
අපිරිසිදු ලෙස
පවත්වා ගනිමින් ජීවත් වෙන නිවෙස්, එම නිවෙස් වල වෙසෙන මිනිසුන් නිසිලෙස පංච
ශීලයවත් ආරක්ෂා නොකරයි නම්, දුසිරිතට යොමුවී ඇත්නම්, නරක සිත් ඇත්තෝ නම්, එවන්
පරිසරයක් ඇති නිවෙස් අමනුෂ්‍ය වාසයට මහගු ලෙස උපකාරීවෙන තෝතැන්නක් වේ. අමනුෂ්‍ය
කරදර වලින් බේරීමට බුදුන්වහන්සේ දේෂනා කර ඇති ආකාරයට අඩුම තරමේ ඉහත සදහන් කල කාරණා
යහපත් අතට හරවා ගැනීම සිදුකල යුතුය. එවිට කිසිදු අමනුෂ්‍ය බලවේගයකට අපට ලංවීමටවත්
නොහැක.
ඉහත සදහන් කල
වටපිටාවක ධම්මචක්ක පිරිත් පටිය ඔබේ නිවසේ බුද්ධ පූජාවට පසු දිනපතා එකම වේලාවට
දමන්න. මෙම පිරිත සත් දිනක් දැමීමෙන් ඇතිවන ප්‍රතිඵලය බෙර 03 ගසා දින ගණන් කරන
යාගයට වඩා මහා බලසම්පන්න වන්නේය. හැකිනම් මෙම ලිපිය කියවන සියලුම දෙනා ධම්මචක්ක
සූත්‍ර දේශනා CD තැටියක් සොයාගන දිනපතා ශ්‍රවණයේ යෙදෙන්න. නිවැසියන් පුදුම සිතෙන
ආකාරයට සීඝ්‍ර දියුණුවක් නිවැසියන්ට අත්විදීමට හැකි වෙයි.
මෙම සූත්‍ර
දේෂනාව ලොව පහළ වූ සියලුම බුදුවරුන් දේෂනා කල සූත්‍රයක් වේ. නිවසේ සියලුම ප්‍රේත,
කුම්භාණ්ඩ, යක්ෂ, ඇස්වහ, කටවහ සියල්ල දුරින් දුරුවන මහා බල තරංග නිකුත් කරන පිරිත්
සඣායනයකි. මෙම ධම්මචක්ක සූත්‍රය අසා ඒ දුගතිගාමී භවයන්ගෙන් මිදෙන අමනුෂ්‍යයින්
විසින් නිවැසියන්ට සෙතක්ම සිදු කරයි.
ධම්මවක්ක සූත්‍රයේ
ප්‍රතිඵල
01.
නිවසේ හිර
බන්ධන ඇත්නම් සුනු විසුනු වී යයි.
02.
අසුර බන්ධන
ගැලවී යයි
03.
ගෙවල් අරක්ගත්
යක්ෂයින් පැත්ත පලාතේ නොඑයි
04.
පිං
බලාපොරොත්තු ලාභීන් සුගති ගාමී වේ.
05.
සිල්වත් පින් බර
නිවසක ධන මාර්ග ආකර්ෂණ ඇතිවී නිවැසියන්
ප්‍රීතිමත් වන්නේය
06. සත්වන දින
රාත්‍රියේ 10ත් 12ත් අතර මුලු නිවසම අමුතු සුවද විහිදුවමින් සදෙව්ලෝක දෙවියන් මෙම
ස්ථානයට බැල්ම හෙලාවි.

No comments:
Post a Comment
මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා