Thursday, September 8, 2016

අපට ප්‍රයෝජනවත් ආයුර්වේදීය ඖෂධ කිහිපයක්



දණහිස් ඉදිමුම හා වේදනාවට

හීන් අරත්ත මුල්, මිදි මුල්, සාරණ මුල් මේවා කලං 4 බැගින් ගෙන වතුර පත අට එකට සිද පෙරා සහිද ලුණු දමා උදේ හවස බොන්න.

කැස්ස සහිත සෙම් උණට
දේව දාර, පත්පාඩගම්, සිරිතේක්කු, කලාදුරැ අල මේවා කලං 3 බැගින් ගෙන වතුර පත අට එකට සිද පෙරා සීනි, මී පැණි දමා උදේ හවස බොන්න.

තදබල කැස්සට
වියළි ඉගුරැ, වියළි මිදි, පාවට්ටා ගසේ සහමුල මේවා කලං 4 බැගින් ගෙන වතුර පත අට එකට සිද පෙරා සීනි, මී පැණි දමා උදේ හවස බොන්න.

අධික පිපාසය හා දහදිය ඒම වැඩි අයට
නෙල්ලි, රසකිද, පුහුල් දඩු, අට්ටික්කා පොතු මේවා කලං 3 බැගින් ගෙන වතුර පත අට එකට සිද පෙරා සීනි, මී පැණි දමා උදේ හවස බොන්න. 

දණහිස වේදනාවට 
අරත්ත අල, සාරණ මුල්, බැබිල මුල් මේවා කලං 4 බැගින් ගෙන වතුර පත අට එකට සිද පෙරා උදේට එඩරැ තෙල් ද හවසට සහිද ලුණුද දමා බොන්න. 

මුත්‍රා දැවිල්ල සහ මුත්‍රා ගල් ඇති අයට 
දිය හබරල කොළ, පිටවක්කා කොළ, අක්කපාන කොළ මේවා කලං 4 බැගින් ගෙන වතුර පත අට එකට සිද පෙරා සහිද ලුණු දමා උදේ සවස බොන්න.

කුෂ්ඨ හා ශරීරයේ ඇති වන දැවිල්ලට 
දුම්මැල්ල, කටුකරෝසන, අරළු, බුළු, නෙල්ලි, රසකිද මේවා කලං 2 බැගින් ගෙන වතුර පත අට එකට සිද පෙරා සීනි, මී පැණි දමා උදේ සවස බොන්න.

දියවැඩියාවට
අට්ටික්කා පොතු, කොස් පොතු මේවා කලං 6 බැගින් ගෙන වතුර පත අට එකට සිද පෙරා උදේ සවස බොන්න.

No comments:

Post a Comment

මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...