පසුගිය කොටසින්
==============
"සෙන්ට්
තෝමස් වල තියෙනවා කාර්මික සමාගමක්. මම ඒකෙ ප්‍රධානියව දන්නව. මම අද රෑම
ඔහුට කතා කරන්නම්. ඔවුන් ලග තියෙනව විශාල දොඹකර සහිත පාරැ යාත්‍රා. මේක
සුළු වැඩක්. අපි උදේට බලමු."
"මොකක්ද
අපේ යානයට වුණේ? මම හිතුවෙ නැහැ සාන්තියාගෝට අපිව දැන්ම මරන්න උවමනා වෙයි
කියල. අඩු තරමේ අපි සබ්මැරීනය හොයා ගන්නකම්වත්" ෆර්ගියුසන් පැවසීය.
"තෙල්
නළය අවහිර වෙලා. ඒ විතරක් නෙවෙයි. අවසාන මොහොතෙ යානය සිරස් අතට හැරැණ.
ප්‍රශ්න දෙකක් එකපාර එන්න මෙතන යමක් සිද්ධ වෙලා තියෙනව. සාන්තියාගෝ පොඩි
උත්සාහයක් කරල බැලුවෙ." ඩිලාන් සැක පහල කළේය.
අද එතැන් සිට
කාර්නි
තම හිතවතාගේ නිවසට ගිය පසු එම පුද්ගලයා ඔවුන් තිදෙනාව නවාතැන කරා කැදවාගෙන
ගියේය. තම කුටියට පිවිසි බ්‍රිගේඩියර්වරයා කළ පළමු දේ වූයේ ලන්ඩනයට
ඇමතුමක් ගැනීමයි. ඒ වන විට ලන්ඩනයේ පාන්දර 5.00 වූ අතර ඔහුගේ සහායක
ජැක්ලේන් සුව නින්දේ සිටියේය. අනික් කෙළවර රිසිවරය එසවනු ඔහුට ඇසුනි.
"ජැක්, මම කතා කරන්නෙ" ෆර්ගියුසන් පැවසීය. "තවම නිදිද?"
"දෙවියනේ! ඇයි මේ වෙලාවෙ බ්‍රිගේඩියර්, පාන්දර පහයි."
"ඊට වඩා අපේ වැඩේ වැදගත්. මම හොයා ගත්ත සාන්තියාගෝට තොරතුරැ එන මාර්ගය"
"ඇත්තටම සර්" ජැක් ඇදෙන් ඉවතට පනිමින් ඇසීය.
"ඔබ විශ්වාස කරනවාද? අපේ ෆ්‍රැන්සිස් පාමර්"
"දෙවියනේ! මට විශ්වාස කරන්න බැහැ කවදාවත්"
ජේශප් ජැක්සන් සිද්ධියත් ගුවන් අනතුර ගැන ලුහුඩු විස්තර ෆර්ගියුසන් පැවසුවේය.
"පාමර්
පවුල ගැන සියලුම විස්තරත්, ඔවුන්ගේ සියලු ආදායම් මාර්ග ගැනත් තොරතුරැ
පරිගණකයෙන් ගන්න. තියෙන හැම මාර්ගයක්ම යොදාගන්න." ෆර්ගියුසන් උපදෙස්
දුන්නේය.
"එතකොට සර් නියෝජ්‍ය අධ්‍යක්ෂ කොහොමද?" ජැක් විමසීය.
"සයිමන් කාටර්? මිනිහගෙ සම්බන්ධයක් නැහැ වගේ. නමුත් පාමර් සිද්ධිය මිනිහ විශ්වාස කරන එකක් නැහැ."
දුරකතන
ඇමතුම නිමවූ බ්‍රිගේඩියර්වරයා උණු දියෙන් ඇග පත සෝදා රාත්‍රී ඇදුමකින්
සැරසෙන විට දිග ලෝගුවක් වටා තුවායක් ගැට ගසා ගත් ඩිලාන් 7E කුටියට
පිවිසුණි.
"ඔබ
හරි බ්‍රිගේඩියර්. සාන්තියාගෝට අපිව දැන්මම මරන්න උවමනා නැහැ. ඒ මොකද
මිනිහට අපිව ඉදිරියේදිත් ප්‍රයෝජනවත් වෙනව. නමුත් ගුවන් අනතුර අහම්බෙන්
සිදුවූ දෙයක් නොවෙයි" ඩිලාන් පැවසීය.
"මිනිහ
පස්සෙ හිත වෙනස් කරගත්ත වෙන්න බැරි නැහැ. අපි මේක හොයා ගනිමු" යි කී
බ්‍රිගේඩියර්වරයා ජංගම දුරකථනය ගෙන කාලෝස් ප්‍රීටෝට ඇමතුමක් ගත්තේය.
"මම බ්‍රිගේඩියර් ෆර්ගියුසන් කැනීල් වලින්. රාත්‍රී කෑමටයි. අපිට කරපු සංග්‍රහ වලටයි කරැණාකරල සාන්තියාගෝට ස්තූති කරන්න."
"නමුත්.... හා! බොහොම ස්තූතියි බ්‍රිගේඩියර් කතා කළාට?" ඔහු ඇමතුම අවසන් කළේය.
"මට තව ෂැම්පේන් වීදුරැවක් වක්කරන්න ඩිලාන්. ඊට පස්සෙ අපි නිදාගනිමු."
"නැහැ බ්‍රිගේඩියර්. ඔබ මට එක දෙයක් පැහැදිළි කළ යුතුයි" ඩිලාන් සැකමුසු බැල්මක් හෙලමින් කීය.
"හොදයි මොකක්ද?"
"සෙන්ට්
ජෝන් වලට ඔබේ ගමන මුලදිම සැලසුම් කරලයි තිබුණෙ. ඒ නිසා ඔබ මට ආසනයක් වෙන්
කරන අතරම ඔබටත් එකක් වෙන්කරව ගත්ත. එකකොට සාන්තියාගෝ මම ගැන දැනගෙනයි
හිටියේ."
"ඉතින් ඒක එහෙම වුණා"
"නමුත් ඇයි ඔබ පාමර් සැක කළේ" ඩිලාන් ඇසීය.
"තොරතුරැ
විශ්ලේෂණය පුතා. මේ සිද්ධිය දැනගෙන හිටියෙ හෙන්රි බේකර්. ගැහැණු ළමය,
අද්මිරාල් ට්‍රැවර්ස්, මම, ජැක් හා ඔබත් අගමැතිවරයාත්. මේ හැම කෙනෙක්ම
එකිනෙකාට විශ්වාසයි."
"ඉතුරැ වෙන්නෙ පාමර් හා කාටර්" ඩිලාන් පැවසිය.
"හරියට හරි. මගේ අත්දැකීම් වලින් මම දන්නව කාටර් මොන වගේ පුද්ගලයෙක් ද කියල. නියම දේශප්‍රේමියෙක්"
"ඒ නිසා ඔබ ෆ්‍රැන්සිස් පාමර්ව සැක කළා"
"නිසැකවම.
කවුරැත් එහෙම සැක හිතන්නෙ නැහැ. කවුරැත් දන්න රදළ පවුලක් එංගලන්තෙ පැරණිම
පවුලක්. රජයේ ඇමතිවරයෙක්." අතවූ බීම වීදුරැව හිස් කළ ෆර්ගියුසන් "නමුත්
ෂර්ලොක් හෝම්ස් කියන විදියට සැක කටයුතු සියල්ලම සැක නැත්තම්, සැක කළ යුතු
හොදම දේ සැක කරන්න. හා! හොදයි. සුභ රාත්‍රියක්. හෙට උදේ හමුවෙමු."
පසුදා
උදෑසන මාරියා බ්ලැන්කෝ යාත්‍රාවට වී සාන්තියාගෝ කෝපි බදුනක් තොල ගාමින්
සිටි අතර අල්ගාරෝ යකඩ ගරාදි වැට අල්ලාගෙන මුහුද දෙස යොමු වූ නෙතින් යුතුව
කල්පනාවේ නිමග්නව සිටියේය.
"කොහොමද අපිට වැරදුනේ අල්ගාරෝ. උඹට එක වැඩක් වත් හරියට කරන්න බැරිද?"
"කරන්න අවශ්‍ය දේ මම දන්නව සිංඥෝරේ."
මෙවිටම කපිතාන් සේරා ඔවුන් සිටි තැනට පිවිසියේය.
"මගේ
මිනිහෙක් මේ දැන් කතා කළා. ඊයෙ රෑ සෙස්නා එක මුහුදට කඩාගෙන වැටිලා. දකුණු
වෙරළ තීරෙදි. අරැන් තුන්දෙනාම දිවි ගලවාගෙන" සේරා වාර්තා කළේය.
"මතක් කරන්න එපා ඔවුන් ගැන" අල්ගාරෝ කේන්තියෙන් ආපසු හැරී කිය.
"ඇති, ඇති" සාන්තියාගෝ දෙබැම අකුලාගෙන ඉවත බලාගෙන පැවසීය.
"සිංඥෝරේ අපේ ඉදිරි වැඩසටහන කොහොමද?" සේරා විමසීය.
සාන්තියාගෝ අල්ගාරෝ වෙතට හැරැණි.
"අද හවස හය විතර වෙනකොට අර කෙල්ල එනව. අල්ගාරෝ ගුවේරත් එක්ක සෙන්ට් ජෝන් වලට යන්න ඕනෑ."
"අපි ඒකිව මෙහාට අරන් එන්නද සිංඥෝරෙ?" නපුරැ හිනාවකින් යුතුව අල්ගාරෝ ඇසීය.
"අවශ්‍ය නැහැ. ඒකිගෙන් තැන දැනගන්න විතරයි අවශ්‍ය. ඒ ටික උඹලට පුළුවන් කියල මම හිතනව"
"ඔබ කියන විදියකට සිංඥෝරෙ." අල්ගාරෝ ඉවතට ගියේය.
"අද රෑට අපි පැරඩයිස් බේ වලට යන්න ඕනෑ. කොහොම හරි දැන් මට ශ්‍රීමත් ෆ්‍රැන්සිස්ව අරගෙන දෙන්න" සාන්තියාගෝ සේරාට නියෝග කළේය.
විවෘත කිරිමේ උත්සවයක සිටි පාමර්ව සම්බන්ධ කර ගැනීමට සේරා විනාඩි විස්සක් පමණ වෙහෙසුන අතර අවසනයේදී ඇමතුම සාර්ථක විය.
"කවුද මේ? දැගත්ම දෙයක් නම් කියන්න. මට දැන් කතාවක් කරන්න තියෙනවා"
"මට විශ්වාසයි ෆ්‍රැන්සිස් අපූරැ කතාවක් කරයි කියල"
" ආ! මැක්ස් ඔබද? කොහොමද අලුත් තොරතුරැ?"
"අපිට හමුවුණ පරණ මිත්‍රය. ජෝශප් ජැක්සන්. මිනිහට 1945 ගැන හොද මතකයක් තියෙනවා. අපූරැ මිනිහෙක්."
"අපොයි දෙයියනේ ඉතින්" පාමර් කලබලයට පත්විය.
"කලබල වෙන්න දෙයක් නැහැ. වාහනේ රෝදයක් මාරැ කරන්න ගිහින් මිනිහ අනතුරකින් මැරිල. අපරාදෙ අහිංසකය"
"මැක්ස් මට ඒ විස්තර එපා"
"ඒත් හොදට අහන්න. මගේ මිනිහ වැඩේ ඉවර කරන්න කලින් ෆර්ගියුසන් මිනිහයෙන් සියලු විස්තර අරගෙන"
"එතකොට ෆර්ගියුසන් හැමදෙයක්ම දන්නව" ෆාමර්ගේ උගුරේ යමක් හිරවෙනු මෙන් දැනුණි.
"මගේ මව, සැම්සන් කේ මාර්ටින් බෝමන්."
"ඔව් හැමදෙයක්ම මම හිතන්නෙ" සාන්තියාගෝ පැවසීය.
"දැන්
මට මතක් වුනේ. මගේ පෞද්ගලික ලේකම් කිව්ව අපේ පවුලෙ විස්තර වගේම අපේ සියළු
ආදායම් මාර්ග ගැන පරිගණක වාර්තා කවුරැහරි අරගෙන තියෙනවා"
"ඇමතිවරයෙකුගෙ ආරක්ෂාවට ඒවාගේ සෝදිසි කරනවා. නමුත් සැක කටයුතු මොනව හරි තියෙනව නම් මට දැනුම් දෙන්න."
මතු සම්බන්ධයි.

No comments:
Post a Comment
මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා