නැවත් වරක් තදබල අකුණු පහරක් පුපුරා ගියා, එහි ආලෝකයත් සමගම කාන්තා රූපය දැක ගැනීමේ අරමුණින් වම් පස හැරී බැලුවත් පෙර දුටු ඒ කාන්තාව දැක ගැනීමට නොහැකි වුණා. මගේ දෙකකුල් පණ නැතිව යනවා වගේ මට දැනුනා. ආපසු හැරී ඉක්මණින් බෑවුමට ගොඩ වෙලා නැවත් වරක් හැරී බැලුව, වතුර පිරැණු වෙල් යායේ බෙල්ල පමණක් ඉහලට සිටින සේ වතුරේ ගිලී ඇය මා දෙස බලා සිටිනවා....
ඉතුරැ කොටස
ඊ ළග අකුණු පහර පුපුරා යාමත් සමගම එම රෑපය නොපෙනී ගිය අතර දොළ පහරේ සහ කුඹුරේ ලියැදි වල ජල මට්ටමද සාමාන්‍ය පරිදි පෙනෙන්නට වුණා. මොහොතකට කලින් තිබූ ගලින් කල ආරැක්කු හැඩැති පිවිසුම් දොරටුවද මේ වන විට නොපෙනී ගොසින්. සුළගේ වේගයත් ක්‍රමයෙන් අඩු වූ අතර, වැසි ගතියත් ක්‍රමයෙන් පහව යන බවක් පෙනුනා. උදෑසන හිරැ පෑයීමට ආසන්න වෙලා කියලා මට දැනුනේ කුකුලන් සහ කපුටන් එකා දෙන්නා කෑ ගසන හඩින්. ඒත් සමගම උදෑසන අරුණාලොකයත් අවට පරිසරයට පතිත වුණා. දැන් තමයි ඇගට ප්‍රාණවත් ගතියක් ආවේ. ෆෝන් එක අරගෙන නිකමට වගේ වෙලාව බැලුවා, වෙලාව උදේ 6.00ත් වෙලා. ඇයි කවුරැවත් මාව හොයන්නවත් ආවෙ නැත්තේ කියලා මට හිතුනා. කොහොමත් දැන් ගෙදරට නෝන්ඩි වෙලා ඇති කියලා හිත හිතා ගෙවල් පැත්තට අඩිය තිබ්බා. ශේප් එකේ ගේට්ටුවෙනුත් ඇතුල් වෙලා අපි පාඩම් කරන තැනට ආව. බැලින්නම් හැමෝම පාඩම් කරල ඉවර වෙලා අපි නිදාගන්න විදිහට පැදුරු එහෙමත් බිම එලාගෙන නිදි. වෙනදා 5.30 විතර නැගිටින ගෙදර අනිත් කට්ටියත් හොදටම නිදි. මම ඉතින් කවුරැවත් අවදි නොකරම නාන කාමරයට ගිහින් නාලා, ඇදුමක් එහෙම මාරු කරලා, ගිහින් අම්මව නැගිට්ටෙව්වා. "පුතාල කීයටද නිදා ගත්තේ, අද නැගිටින්න හොදටම පරක්කු වුණා,ඊයේ වැස්සට හොදටම නින්ද ගියා " කියාගෙන අම්මා නැගිට්ටා.
මම එළි වෙනකම් ගෙදර හිටපු නැති එක ගෙදරට දැනිල නැති බව දැනගත්තට පස්සේ තමයි හිතට සැනසීමක් ආවේ. අම්මා නැගිටල යාලුවන්ටත් එක්ක තේ හදල දුන්නා. මම තේ කෝප්ප ටිකත් ලොකු ට්‍රේ එකක තියාගෙන ගිහින් පාඩම් කරන තැන මේසෙ උඩින් තියන විටත් හැම දෙනාම සැපට නිදි. ළගම හිටිය එකාට ඇන්නා පයින් පාරක්. ඌ කුනුහරැපයකුත් කියාගෙන නැගිට්ට්. "මොන හු....., ඒ මොකක්ද බන් ඔහොම ගහනවද බන් නිදාගෙන ඉද්දි" වේදනාබර මුහුණින් යාලුවා කිව්වා. ඔය විදිහට අනිත් මිතුරනුත් එකා දෙන්නා නැගිට්ටා. නමුත් කාටවත් කිසි ගානක් නෑ ඊයේ රාත්‍රියේ වුණු සිදුවීම ගැන. හැමෝම හැසිරෙන්නේ කිසිවක් නොවුන ගානට. අැගමැලි කඩමින් අවදි වෙන මිතුරන් ළිද ලග ටැප් එකෙන් මූණ කට සොදාගන පාඩම් කරන මේසය මත ඇති තම තමන්ගේ තේ වීදුරැව පානය කරන්න පටං ගත්තා. ඔය අතරේ හදිසියේ එක් යහලුවෙක්ට ඊයේ සිදුවීම මතක් වෙලා, "අපෝ බං, උඹ නං චාටර්, උඹ අරූ ගිය තැනටවත් ගියේ නෑ, ගියගමන්ම ආවනේ. මහලොකු චණ්ඩියා" කියලා මට බනින්න පටං ගත්තා. මට හීං දාඩිය දැම්මා. එතකොට මම දැක්කේ හීනයක් ද? නෑ මම කිසිම හීනයක් දැක්කේ නෑ,රාත්‍රියේ සිදු වූ සියල්ල මගේ ඇස් ඉදිරිපිට තමයි සිදු වුණේ. ඒක මට හොදටම විශ්වාසයි.
මම ඇහුවා "මචං මම ඊයේ නිදියනකොට කීයට විතර ඇත්ද බං" කියලා. "ඇයි යකෝ උඹමනෙ වෙල ලගට ගිහින් ආවගමන්ම නිදියමු කියලා අපි එක්කවත් කතා කරන්නේ නැතුව නිදිගත්තේ. එතකොට වෙලාව 4.15 විතර ඇති. අපිත් එහෙමම නිදාගත්තා ඉතින්. වැස්ස නිසා සීතලට නින්දගියා හොදටම, අපරාදෙ තව ටිකක් නිදාගන්නව බන් ගෙදර හිටියනම්" කියලා යාලුවෙක් කිව්වා.
මට හිතාගන්න බෑ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මටනම් 100% විශ්වාසයි මම මුහුණ දුන්න සිදුවීම ඇත්ත කියලා. කියන්න ගියොත් මාව අපේ උන් චාටර් කරන නිසා සද්ද නැතුව හිටියා. උදෑසන 7.30 විතර හැමොම තමතමන්ගේ නිවෙස් වලට පිටත්වෙලා ගියා.ඊට පස්සේ පාඩම් කරන තැන ටිකක් අස්පස් කරලා එහෙම තව ටිකක් නිදාගන්නව කියල හිතාගෙන ඇදට ගියා. නිකමෙට වගේ ෆෝන් එක අරගෙන ෆේස්බුක් එක පැත්තෙ යන්න හදනකොට කල්පනා වුණේ ඊයේ ගත්ත ෆොටෝස ගැන. පට ගාල ගැලරියට ගිහින් බැලුව ෆොටෝස් ටික. පපුව ගැහෙන්න ගත්තා, ඒ කියන්නේ ඊයේ රෑ සිදුවීම ඇත්තටම සිදුවෙලා. හීනයක් නෙමෙයි. දැන් මට 200% ෂුවර්. කවුද එතකොට යාලුවොත් එකක් නිදාගත්තේ...... මාර ප්‍රශ්නයක්, ඒ ප්‍රශ්නෙ මදිවට ෆොටේස් ටික දැක්කට පස්සේ මට හීන් දාඩිය දාන්න ගත්තා.
මම ඒදණ්ඩ උඩට ගොඩවෙලා ගත්ත පිංතූරවල මගේ වම් අත පැත්තෙන් කාන්තා රෑපයක් අදුරේ පාවෙනවා, අදුරැ නිසා හරියාකාරව නොපෙනුනත්, ලස්සන කාන්තාවක් දුහුල් සලුවකින් වගේ කල ඇදුමක් ඇගේ පටලගෙන, අදුරැ නිසා ඇයගේ දෙකකුල් නොපෙනුනත් බැලූ බැල්මට පේන්නේ ඇය පාවෙමින් සිටින ආකාරයක්. එක් ඡායා රෑපයක ඇය මා දෙසට හැරී මා දෙසට නෙත් යොමා සිටින ලෙස සටහන්ව තිබුණා. ඇය හැද සිටි දුහුල් සලුව තුලින් ඇගේ පිරිපුන් පපු ප්‍රදේශය විනිවිද පෙනුනා. තවත් චායා රෑපයක ඇය ආපසු හැරී ගමන් කරන ආකාරයක් සටහන් වෙලා තිබුණා.එහිද පාද ප්‍රදේශය දුමාරයකින් වැසීගොස් තිබුණේ. බැලූ බැල්මට පෙනෙන්නේ ඇය පාවී යන ආකාරයක්. ඇය ඇද සිටි දුහුල් සලුව නිසා පසුපස සිට බලනවිට ඇය මනා හැඩකාරියක් වගේ පෙනුම. විනිවිද පෙනෙන සුලු සලුවෙන් ඇගේ හැඩකාර නිතඹ මනා ලෙස පෙනෙන ලෙස කැමරාවේ සටහන් වෙලා. දකින ඔනෑම කෙනෙකුන් හට ඇය ගැන රාගික හැගීමක් ඇතිවනවා නොඅනුමානයි. (මටත් ඇතිවුණා ඉතින්, ලැඩ්ඩාවෙ බෑ .... :D)
මම සිහිනයක් නොදුටු බවටත්, යම් අරැම පුදුම අද්භූත සිදුවීමක් පෙර දින රාත්‍රියේ සිදුවූ බවටත් දැන් තහවුරැ වී අවසානයි. නමුත් යමෙකුට මෙය කිව්වත් ඔවුන් මා කියන දෙය විශ්වාස කරයිද? ඔවුන් කියයි මට පිස්සු කියලා, එහෙම නැත්නම් මොහිණී දිෂ්ඨියට අහුවෙලා කියල නූලක් යන්තරයක් දාන්න එක්කන් යයි. ඉතින් මම හිතාගත්තා ඊට වඩා හොදයි මෙම සිදුවීම මම අත්වින්දා වගේ මගෙන් පිටට මෙම සිදුවීම නොයවා, මගේ හිත තුළම රහසක් ආකාරයෙන් තියාගන්නව කියලා. එදා රාත්‍රියේ මගේ දුරකතන කැමරාවේ සටහන්වූ ඡායා රූප ටිකත් කිසිවෙකුට නොපෙන්නා සිටීමට මම හිතා ගත්තා. (ඇයි ඉතින් අපේ උන් මේ පොටෝ ටික දැක්කට පස්සේ උන් හැමදාම රෑට රෑට යයි දොළ ළගට, ඊට පස්සෙ මට තියෙන චාන්ස් එකත් නැති වෙනව :P)
එදින උදෑසන ආහාරය ගන්නාවිට වෙලාව උදෑසන අට පසුවී තිබුණා. ආහාර ගැනීමට පසු පාඩම් කිරීමට සිතක් නොවුණු නිසා PC එක ඔන් කළා ෆිල්ම් එකක්වත් බලන්න හිතාගෙන. නිකමට වගේ ෆේස්බුක් ලොග් වෙලා යාලුවො එක්ක චැට් පාරක් දාගෙන ඉන්නකොට nitifications වලට ආව "නොපෙනෙන බලවේග සහ ....... (මුලු නම මතක නෑ දැන්" කියලා පේජ් එකක අලුතෙන් දාපු පෝස්ට් එකක්. මම ඔකට ගිහින් කියව කියව ඉන්න අතරෙ මම දැක්කා මට වුණා වගේ සිදුවීම් ගොඩක් කට්ටිය Page එකට Post කරල තියෙනවා. මගේ සිදුවීමත් දාන්න ඔනෙ කියලා හිතලා මගේ තියෙන Fake අකවුන්ට් එකකින් ලොග් වෙලා දැම්මා කොටියෙන් පෝස්ට් එකක්. ඒ කාලේ ඔන කෙනෙක්ගේ වෝල් එකකට ඔන කෙනෙක්ට පෝස්ට දාන්න පුලුවන්. Security දැන් තරම් තද නෑ ෆේස් බුකියේ. Security තිබුණත් කවුරැත් වැඩිය අවධානයක් යොමු කළේ නෑ. (දැන් ඒකටත් එක්ක, මාර Security එකක්නේ දීලා තියෙන්නේ. දැන් ඉන්න උන්ට ෆේස් බුකියෙන් තොර ලෝකයක් නෑනේ. විශේෂයෙන් ගැහැණු ළමයි, කොල්ලො හොදා...යි) මම ෆේස් බුක් අකවුන්ට් එක හැදුවේ 2005 වසරේ, ඒ කාලේ යාලුවෙක් හොයාගන්න එකත් පට්ට අමාරැයි. දැන් එකටත් එක්ක, මේකෙ නැති එකෙක් නෑ. එක නමක් ගැහුවම දාහක් විතර පෙන්නනව.
උදේ වරැව විවිධ දේවල් කරමින් අමාරැවෙන් ගෙවල දැම්මා. 12 විතර හොද බත් පිගානකුත් ගිලල දාල ටීවි එකත් ඔන් කරලා, ඒක බලන ගමන් යාලුවෙක්ට ඇමතුමක් ගන්න ගත්ත මොබයිල් එක අතට. ඔය කාලේ ෆේස් බුක් එකෙන් ෆේස්බුක් Notification ලංකාවට SMS මගින් ලබා ගැනීමේ පහසුකම තිබ්බෙත් නෑ, ගූගල් යාහූ කිසිම අකවුන්ට් එකට ලංකාවේ දුරකතන අංක ලබාදීමට පහසුකම් සලසා තිබුණේ නෑ. (මම මේ කියන්න හැදුවේ උඹලාට ඔය දේවල් ලබල දෙන්න අපි කොයි තරම් මහන්සි වුණාද කියලා :D Hikzzz)
ආ.... මම කිය කිය හිටියේ මොබයිල් එක අතට ගත්ත කියලනේ. ඒකෙන් ලොග් වුණාම දැක්කේ අර මම Fake එකෙන් දාපු පෝසට් එක බලපු කෙනෙක් මට මැසේජ් එකක් දාල තිබුණා
"පුතා ඔයා කියපු සිද්ධිය සහ ඡායා රූප මම දැක්කා, මම හොදට අධ්‍යයනය කලා ඒ ඡායා රූප, ඔයා ඉන්නේ භයානක තත්වයක, ඔයාට උදව් අවශ්‍යයි, රාත්‍රියේ තනියම ගමන් බිමන් යන්න එපා. මේ සිද්ධිය කාට හරි වැඩිහිටියෙක්ට කියන්න, ඔහුට හෝ ඇයට මාගේ දුරකථන අංකය දී තියන්න, 077-XXXXXXX, මම ගුප්ත විද්‍යාවන් පිළිබද පර්යේෂණ කරන විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙක්, ඕනෑම මොහොතක මා අමතන්න"
එය ඔහුගේ මැසේජය විය.
මම හිතෙන් පිස්සු යකෙක් යයි සිතා, සිතින් සිනාසුනා, ඒත් යම් හැගීමක් හිතට දැනුන නිසාදෝ මන්දා, මම ඔහුගේ දුරකතන අංකය කොපි කරගෙන මගේ හොද මිතුරන් තිදෙනාටම මැසේජ් කලා. මේ තමයි ඒ මැසේජ් එක.
"මචන් මට මොකක් හරි අමුතු දෙයක් වුණොත් මේ අංකෙට කතාකරල උදව් ඉල්ලපන් 077-XXXXXXX"
සවස් වරැවත් ක්‍රමයෙන් ගෙවිල ගියා. සවස 04 පමණ වන විට වැසි වළාකුලු සියල්ල පාවෙලා ඈතට ගිහින් තිබුණා.සූර්යා බස්නාහිර සිට අපේ ගම එළිය කරනවා. ලස්සන ආලෝකයක් අපේ ගමට වැටිලා. රතට හුරැ එළියක්, වෙලේ ගැටගසා සිටි ගවයින් සිය අයිති කරැවන් විසින් නිවෙස් වලට ගාල් කරන දර්ශනය බලන්න අපූරැයි, ජහ්... පුතා ජහ්...., කියමින් ගවයින්ට පිටුපසින් අයිතිකරැවන් දෙදෙනෙකු එකිනෙකා සමග බර කතාබහක නිරතවෙමින් ගවයින් දක්වාගෙන දර්ශනය, ගවයින් එකෙකු උම් බෑ.... කියා කෑ ගසන විට වෙලේ දුර ඈත සිටින තවත් ගව රංචුවක් ඊට පිළිතුරැ ලෙස නැවත උම් බෑ.... කියා කෑ ගසන හඩ, තම වැඩ අහවර කර නිවෙස් බලා යන කුරැල්ලන්ගේ කීචි බීචි නාදය, සවස්වරැවේ අපේ ගම්මානයට ජනිත කළේ පුදුමාකාර අලංකාරයක්. සූර්යා බස්නාහිරින් බැසයන්න ඔන්න මෙන්න අවස්ථාවේ නැගෙනහිරෙන් සදු නැග එනවා, (අපේ ගමේ විතරයි ඔව්ව තියෙන්නේ, වෙන කොහෙවත් නෑ, ඇවිල්ලම බලන්න :P ) වෙලාව හයටත් කිට්ටු වීගෙන එනවා. මම තවම නිවස අසල සිට වෙල් යායේ සිරි නරඹනවා. වෙනදා නුදුටු වෙනස් ආලෝකයකින් චන්ද්‍රයා නැගෙනහිරෙන් නැග එනවා, වෙනදා කහ සුදු පාටින් දිස් වූ චන්ද්‍රයා අද රතට හුරැ තද කහ පැහැයක් අරන්.......
මතු සම්බන්ධයි......

No comments:
Post a Comment
මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා