"කලබල වෙන්න දෙයක් නැහැ. වාහනේ රෝදයක් මාරැ කරන්න ගිහින් මිනිහ අනතුරකින් මැරිල. අපරාදෙ අහිංසකය"
"මැක්ස් මට ඒ විස්තර එපා"
"ඒත් හොදට අහන්න. මගේ මිනිහ වැඩේ ඉවර කරන්න කලින් ෆර්ගියුසන් මිනිහයෙන් සියලු විස්තර අරගෙන"
"එතකොට ෆර්ගියුසන් හැමදෙයක්ම දන්නව" ෆාමර්ගේ උගුරේ යමක් හිරවෙනු මෙන් දැනුණි.
"මගේ මව, සැම්සන් කේ මාර්ටින් බෝමන්."
"ඔව් හැමදෙයක්ම මම හිතන්නෙ" සාන්තියාගෝ පැවසීය.
"දැන්
මට මතක් වුනේ. මගේ පෞද්ගලික ලේකම් කිව්ව අපේ පවුලෙ විස්තර වගේම අපේ සියළු
ආදායම් මාර්ග ගැන පරිගණක වාර්තා කවුරැහරි අරගෙන තියෙනවා"
"ඇමතිවරයෙකුගෙ ආරක්ෂාවට ඒවාගේ සෝදිසි කරනවා. නමුත් සැක කටයුතු මොනව හරි තියෙනව නම් මට දැනුම් දෙන්න."
අද එතැන් සිට
ෆර්ගියුසන්,
ඩිලාන් හා කාර්නි උදයේ වෙරළට එන විට දුරදීම දොඹකරයක එල්ලෙන සෙස්නා යානය
දුටුහ. දොඹකරය හා යාත්‍රාවේ පුද්ගලයින් තිදෙනෙකු සිටි අතර එම කාර්යය
මෙහෙයවමින් තවත් පුද්ගලයෙකු කුඩා බෝට්ටුවක ඒ අසල සිටියේය. කුඩා බෝට්ටුවේ
සිටි පුද්ගලයා කාර්නිව අදුනාගෙන වෙරළ දෙසට යාත්‍රා කරගෙන ආවේය.
"කාගේද මේක?" ඔහු ඇසීය.
"මගෙ මිත්‍රයගෙ" කියූ කාර්නි ඔවුන්ව හදුන්වා දුන්නේය.
"මට ඉතාම සතුටුයි ඔබ ගැන. මේක ඉතා වැදගත් වැඩක්." ෆර්ගියුසන් පැවසීය.
"කඩා වැටෙන්න හේතුව මොකක්ද කියලා ඔබ හොයා ගත්තද?" ඔහු විමසීය.
"ඇරිය,
වැහුව වගේ වැඩක්. ලිහිසි තෙල් වලට වැඩිපුර ජලය දාල. එන්ජිම රත්වෙනකොට ජලය
වාශ්ප වෙනව. එ්කෙන් පීඩනය වැඩිවෙලා ඇතුලේ නල අවහිර වෙනව, නැත්තම් පිරෙනව.
මම මේක පැහැදිලි කරන්න අවශ්‍ය නැහැනෙ" ගොඩ ගැනීමේ කණ්ඩායම් නායකයා කීය.
"පුදුමයි, කොහොමද තෙල් වලට වතුර ආවේ?" කාර්නි විමසිලිමත් වීය.
"පිටින් කාට වුණත් දාන්න පුළුවන්. ගොඩබෑමේ හෑම උපකරණයක්ම ක්‍රියා විරහිත වෙනව. තරහකාරයෙකුගෙ වැඩක් වෙන්න පුළුවන්." මිනිසා කීය.
ලන්ඩනයේ සවස හය වන විට පාමර් නැවතත් සාන්තියාගෝ අමතමින් සිටියේය.
"වැඩේ
නරකම අතට හැරිල මැක්ස්. අපේ පවුලෙ අතීතය ඔක්කොම අවුස්සල පරිගණක තොරතුරැ
අරගෙන තියෙන්නෙ ජැක් ලේන් - ෆර්ගියුසන්ගේ පුද්ගලික සහායක. මම මෙතනම ඉවර
වෙයි වගේ."
"මෝඩයෙක් වෙන්න එපා ෆ්‍රැන්සිස්. මම හිතන්නෙ, ෆර්ගියුසන් ජැක් ලේන්ට විතරයි මේ සිද්ධිය කියල ඇත්තෙ"
"ජැක් මේක කාටර්ට හෝ අගමැතිතුමාට කියල තිබුණොත?"
"එහෙම වෙන්න බැහැ. එහෙනම් දැනටමත් ඔබට ඒ ගැන දැනගන්න පුළුවන් වෙනව"
"නමුත් ලේන් මේක හෙලි කරයි."
"බය වෙන්න එපා ෆ්‍රැන්සිස්. මම මිනිහ ගැන බලාගන්නම්."
"දෙවියනේ! එපා මැක්ස්. මම ජීවිත එක්ක සෙල්ලම් කරන්න කැමති නැහැ."
"මිනිහෙක්
වගේ වැඩ කරන්න බලපන්. හිට්ලර්ගෙ ලියකියවිලි ගත්තට පස්සෙ, ඒකෙ ඉන්න හැම
මිනිහෙක්ම අපේ අතේ. ඒක අපූරැ සෙල්ලමක් වෙයි. මමත් ලෝකෙ හොල්ලනව"
හඩනගා සිනාසුන සාන්තියාගෝ ඇමතුම අවසාන කර නැවතත් ලන්ඩනයේ වෙනත් අංකයකට ඇමතුවේය.
"මම
සාන්තියාගෝ, ඉක්මනින් ඉවර කරන්න වැඩක් තියෙනව. නම ජැක් ලේන්.
ස්කොට්ලන්ඩ්යාඩ් විශේෂ රහස් පොලිස් පරික්ෂකයෙක්. ලිපිනය හොයා ගන්න පුළුවන්
වෙයිනේ?"
දුරකතනය පසෙකින් තැබූ ඔහු අල්ගාරෝ කැදවීය. "යාළුව, ගුවේරා එක්ක සෙන්ට් ජෝන් වලට යන්න වෙලාව හරි"
සවස
පහයි තිහ වන විට පාරැ යාත්‍රාවය නැගුන ජෙනී සෙන්ට් ජෝන් වලට පැමිණ තම
අවන්හලට ගොඩවිය. ජෝන්ස් යුවල ඇයව මහත් හරසරින් ද ප්‍රීතියෙන්ද පිළිගෙන
තිබුණි. ඔවුහු පසුගිය සිදුවීම් පිළිබද කතා කරමින් සිටියහ. බිලී ඇයට
ඩිලාන්ගේ ජංගම දුරකතන අංකය ලබා දුන් පසු ඇය ඔහුට ඇමතුමක් ගත්තාය.
අල්ගාරෝට
හා ගුවේරාට පාරැවේදී ජෙනීව හදුනාගත නොහැකිව තිබුණි. තරැණ කාන්තාවන් කීප
දෙනෙකුම සිට අතර පාරැවෙන් බැස සාප්පු සංකීර්ණය දෙසට යන තරැණිය පසු පස ඔවුන්
ගමන් කරන්නට වූයේ ඇය ජෙනී යැයි අනුමාන කරමිනි. ඔවුන් අනුමාන කළ පරිදි
සාප්පු සංකීර්ණයෙන් හැරී අවන්හලට ගොඩවූයේ ජෙනී බව සැක හැරගත් දෙදෙන අවට
සැරිසරන්නට වූහ.
තම
කුටිය අසල පිහිනමින් සිටි ඩිලාන් තම ඇදුම් මත වූ දුරකතනය නාද දෙන්නට
වීමෙන් ඒ වෙතට පැමිණ ඇමතුම ලබාගත්තේය. දුරකතනය තුලින් ගලා ආවේ ජෙනීගේ
කටහඩයි. ඇය තම ගමන් විස්තර ලුහුඩින් පැවසූ අතර ඩිලාන් පසුගිය සිදුවීම්
හැකිතරම් සරල ලෙස ඇයට පැහැදිලි කලේය.
"ඉතිං ඔබ සබ්මැරිනය තිබෙන තැන දන්නවද?" ඔහු උනන්දුවෙන් විමසීය.
"මෙහෙම කියන්න බැහැ. පොඩි අදහසක් විතරයි. හතට කාර්නිත් එක්ක එන්න. එතකොට අපි කතා කරමු." ඇය ඇමතුම අවසන් කළාය.
කාර්යාලීය කාමරයෙන් පිටතට ආ ජෙනී ස්නානය කර අලුත් ඇදුමකින් සැරසීම සදහා නිවසට යාමට සූදානම් විය. මේරි ඇය තනිව යාමට විරැද්ධ විය.
"කොහෙවත් පයින් යන්න එපා දරැවො" කී ඇය බිලීට කතා කළාය.
"ජිප්
එක අරගෙන ජෙනීව ගෙදර එක්ක යන්න. ඇය ලෑස්ති වුනාම ආපසු එක්ක එන්න.
වටපිටාවත් ටිකක් සෝදිසියෙන් ඉන්න. මම ඇනීට කියන්නම් ඉස්සරහ බලන්න කියල" ඇය
යෝජනා කළාය.
ජෙනී
ඇගේ ගමන් මලු ඔසවා ගත් බිලීත් සාප්පු සංකීර්ණය අසල රථ ගාලට එනු අල්ගාරෝ හා
ගුවේරා බලමින් සිටියහ. ජිප් රියට නැගි ඔවුන් පිටත් වූ පසු අල්ගාරෝ ගුවේරාට
හිසින් සංඥා කර ජෙනීගේ නිවස දෙසට කඩිනමින් යන්නට විය.
"ඩිලානුයි අනිත් දෙන්නයි පේන්න නැහැ. කෙල්ල ඔවුන්ට කතා කරල නැහැ වගේ"
"ආයෙ කවදාවත් දකින්න ලැබෙන එකකුත් නැති වෙයි" අල්ගාරෝ පැවසීය.
"කොහොම වුණත් හිත ඇදිල යන කෙල්ලක්."
"කට වහගෙන ඉක්මන් කරපන්" අල්ගාරෝ කීය.
ලන්ඩනයේ
හෝස් ගාඩ් මාවගේ ෆර්ගියුසන්ගේ කාර්යාලයේ මැදියම් රැය වනතුරැද පාමර් පවුලේ
තොරතුරැ පරිගණක ආධාරයෙන් ලිපි ගොනු වලට ගනිමින් සිටි ජැක් ලේන් දවසේ කටයුතු
නිමා කිරීමට තමා ලබාගත් තොරතුරැ ඇතුලත් ලිපිගොනු බෑගය ආරක්ෂිත ලාච්චුවකට
දමා වසා තැබුවේය. අනතුරැව වැහි කබායකින් සැරසී විදුලි පහන් නිවා දමා මාවතට
වන් ඔහු පදික වේදිකාව දිගේ ඇවිද යන්නට විය.
පාරේ
අනික් පස සොරකම් කරන ලද ජගුවර රථයක රියදුරැ අසුනේ සිටි තරැණයා ඔහු අසල
අසුනේ වූ සේයා රැව විදුලි පන්දම් එලියෙන් පරික්ෂා කර එය තම කමිස සාක්කුවට
ඔබා ගත්තේය. උපැස් යුවලක් හා වැහි කබායකින් සැරසුන තරැණයා සාමාන්‍ය
පෙනුමෙන් යුතු විය.
මතු සම්බන්ධයි.

No comments:
Post a Comment
මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා