Wednesday, May 17, 2017

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස       28 කොටස


සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇයි දැයි චිත්ත සිතමින් සිටියා.. නමුත් ඒ සදහා සුදුසුම දිනය සප්ත සෙන්පතිතුමා ඒ වන විටත් තීරණය කර තිබුනා.. 

"
චිත්ත.. පැමිනෙන්න මා සමග.. අප අද දින සැලසුම සකස් කර අවසන් කල යුතුයි.."

"
අපගේ හමුදාව දහසකට ආසන්නයි.. ප්‍රතාපසිංහ රජුගේ හමුදාව ඒ තරමින් අඩකුයි මා දන්නා ලෙසට.. 
චිත්ත අපි අපගේ හමුදාව සිව් කොටසකට බෙදමු.. මා සිතා සිටින්නෙ ස්ථිරාංග රාජ්‍ය හා අප රාජ්‍ය වෙන් වන කඳු වැටිය ආසන්න සමතලා බිම අපගේ සටනට සුදුසුම ස්ථානය යැයි කියා.. එය එසේ නොවේද චිත්ත.. "

"
එය කදිමයි!! මාත් එය අනුමත කරනවා.."

"
යුද්ධය ප්‍රකාශ කරන විට අප එම ස්ථානය සදහන් කල යුතුයි චිත්ත..
මා සදහන් කල පරිදි පලමුවෙන් අප බෙදූ සිව් කොටසින් එක් කොටසක් ඔවුන් සමග සටනට යවමු.. එම සෙබල පිරිසේ නයකත්වය මා දරන්නම්.. 
අපගේ පිරිස කුඩා යැයි සිතමින් ඔවුන් අනවශ්‍ය බියකින් තොරව සටනට එලඹේවි..
එවිට අපගේ අනෙක් හමුදා කොටස් වෙන වෙනම කදු වැටිය එපිටින් එමින් සටන සදහා එක් විය යුතුයි.. ඔවුන් නොසිතූ මොහොතක අපගේ සෙබල පිරිස් සටන සදහා එක් කිරීමෙන් අපට වාසියක් ලබා ගත හැකියි... 
චිත්ත, මට ඔබගේත් අදහස් අවශ්‍යයි.."

"
අලුතින් ලබා දීමට කිසිදු අදහසක් නැහැ.. ඔබ එය මනා ලෙස සැලසුම් කර තිබෙනවා. ඇත්තෙන්ම අපූරුයි සෙන්පතිතුමනි.."

"
එලෙසම චිත්ත.., අනෙක් පිරිස් තුනෙහි නායකත්වය නන්දික, ඔබ සහ සාලිය දරන්න.. හෙට දිනයේ ඔවුන් රැස් කරවා මේ පිලිබදව දැනුවත් කරමු..
චිත්ත.. මා සිතා සිටින්නේ ජාල ව මෙහි රැගෙන එන්නට.. සටන සදහා රැගෙන යාමට.."

චිත්ත විශ්මයෙන් මෙසේ විමසුවා.. 

"
ජාල හස්තියා..? නමුත් ඒ සදහා ඔබට අවසර ලැබෙන එකක් නැහැ.. කුමක් පවසාද රැගෙන එන්නෙ..? "

සප්ත සිනා සී මෙසේ පැවසුවා..

"
චිත්ත මා දැනටමත් ඒ සියල්ල සූදානම් කර තිබෙන්නෙ.. හෙට දින සවස් වන විට ජාල මෙහි සිටීවි.."

""""""""""""""""""""""""""""""""'"""""""""""""""""""""""
පියරජතුමාගේ රජ්‍යයේ කිසිදු අනු දැනුමකින් තොරව කුමරු මෙලෙස සේනාවක් සංවිධානය කිරීම පිලිබදව ප්‍රභා විශ්මයට පත්වුනා.. මෙලෙස සේනාවක් සංවිධානය කිරීමට කුමරුට මුදල් කෙසේ ලැබෙන්නේද.. යුද්ධයකට විශාල මුදලක් වැය වෙනවා.. 
සෙබළුන්ට ආහාර පාන ආයුධ සදහා සියලු වියදම් ලබා දෙන්නේ සප්ත සෙන්පතීන් නිසා ඒ පිලිබදව ඔහුගෙන් අසා දැන ගැනීමට ප්‍රභා සිතා ගත්තා..

**************************************

~
මතු සම්බන්දයි~ 




කුමරුගේ යුධ වියදම් පිළිබව ප්‍රභා සප්තගෙන් විමසන විට ඔහු එම ප්‍රශ්නය මග හැර සිටියා.. 
බිම්සර පිලිබදව සත්‍ය දැන සිටියද නොසිටියද මේ අවස්ථාවේ කුමරු සම්බන්ද කිසිදු කරුණක් කිසිවෙකුට දිග හැර දැක්වීමට ඔහුට අවශ්‍ය නොවීය..
-------------------------------------------------
නමුත් සිදු වූයේ මෙයයි.. මෙකල වන විට කුමරුගේ වැඩිමල් සොයුරාගේ සරණ මංගල්‍යය සහ ඔටුනු අභිෂේකය පවත්වා අවසන් වූ කාලයයි.. කුමරුගේ මව්පියන්ට අවශ්‍ය වූයේ ඔහුටත් සුදුසු කුමාරිකාවක් සොයා සරණ මංගල්‍යක් සිදු කර දීමටයි.. නමුත් කුමරුට අවශ්‍යව තිබුනේ සටනක් මෙහෙයවා ප්‍රතාපසිංහ රජු පරාජය කිරීමටයි..
අනෙක් රාජ්‍ය වල රජවරුන් මෙන්ම තම පියානන්ද බියගුලු ලෙස කප්පම් ගෙවනු දැකීම ඔහුට අප්‍රිය වුනා.. කුමරු සරණ මංගල්‍යයක් සදහා කැමැත්තක් පලකලේ නැහැ.නමුත් ඔහු සටන් කිරීම සදහා සැලසුම් සිතීමේදී යුධ වියදම් පිලිබද ඔහුගේ අවදානය යොමු වුනා..
අවසානයේදී ඔහු සරණ මංගල්‍යය පිලිබද යෝජනාව එයට පිළිතුර කර ගත්තා..

"
පියාණනි, කුමාරිකාවක් සරණ පාවා ගැනීමට ප්‍රථම මට මාලිගාවක් තැනිය යුතුයි.."

නමුත් රජු පැවසුවේ මහා මාලිගාව අසල ඇති මාලිගා දෙකෙන් කුමරුට අවශ්‍ය ඕනෑම මාලිගාවක් තෝරා ගත හැකි බවයි.. නමුත් තම සිතැගි අනුව මාලිගාවක් තැනිය යුතු බවත් ඒ සදහා තමන්ම මැදිහත් විය යුතු බවත් කුමරු පැවසුවා.. 
ඔහු තම මාලිගාව තැනීම සදහා රාජ්‍ය සීමාව වනාන්තරය අසල තෝරා ගන්නවාට පියරජු ඒ තරම් කැමති වූයේ නැහැ..එය ප්‍රධාන මාලිගාවට විශාල දුරකින් පිහිටා තිබූ නිසා..
එහෙත් අකමැතිව සිටි කුමරු කෙසේ හෝ සරණ මංගල්‍ය සදහා කැමැත්ත පල කල නිසා රජුත් බිසවත් කුමරු කැමති අයුරක් ඉටු කර ගැනීමට ඉඩ දුන්නා.. එය සාදා නිම වන තෙක් කිසිවෙකුටත් නැරඹීමට ඉඩ නොදිය යුතුයැයි කුමරු පිය රජුගෙන් ඉල්ලීමක්ද කලා..
කුමරුගේ කැමැත්ත ලැබුනු බැවින් රජු සහ බිසව ඔහුට සුදුසු කුමාරිකාවක් අසල රාජ්‍යයන් වලින් සොයා බැලුවා..
පන්ඩුක රජුගේ දෙටු දියණිය ප්‍රභා පිලිබද ඔවුන් යෝජනාව ගෙන ආවේ එලෙසයි.. තමාට විවාහ වීමට අවශ්‍ය නැතැයි කියමින් කුමරිය තම මව් බිසව සමග වාද කර ගත්තේ මෙම යෝජනාව පැමිනි පසුවයි..
මාලිගාව සෑදීම සදහා හන්සක කුමරුට රාජ්‍ය භාණ්ඩාගරයෙන් මුදල් ලැබුනා.. ඒ සියල්ලම ඔහු යුද්ධය සදහා වියදම් ලෙස යොදා ගත්තා.. කෙලෙසක වත් පරාජය වීමට ඔහුට අවශ්‍ය වුනේ නැහැ..
ප්‍රතාපසිංහ රජු පරදා ඔහුව සිරගත කිරීමෙන් එම රාජ්‍ය තමාට අත් වන බව හන්සක කුමරු දැන සිටියා.. නමුත් ඔහුට තිබුනේ එම රාජ්‍ය පිළිබද තන්හාවක් නොවේ.. කෙසේ හෝ දුෂ්ඨ පාලකයාව ඉවත් කර තම පියාණන්ටත් අනෙක් රාජ්‍ය වල රජවරුන්ටත් සහනයක් සැලසීමයි.. රජවරුන්ගේ එම බදු බර, ඒ සෑම රාජ්‍යකම ජනතාව මතත් පැටවී තිබුනා..

***********************************

~
මතු සම්බන්දයි~ 


අභිරහස් සබ්මැරීනය 34 කොටස

33 කොටස                  35 කොටස
 
 
 
පසුගිය කොටසින්   
==============
 
"කලබල වෙන්න දෙයක් නැහැ. වාහනේ රෝදයක් මාරැ කරන්න ගිහින් මිනිහ අනතුරකින් මැරිල. අපරාදෙ අහිංසකය"

"මැක්ස් මට ඒ විස්තර එපා"

"ඒත් හොදට අහන්න. මගේ මිනිහ වැඩේ ඉවර කරන්න කලින් ෆර්ගියුසන් මිනිහයෙන් සියලු විස්තර අරගෙන"

"එතකොට ෆර්ගියුසන් හැමදෙයක්ම දන්නව" ෆාමර්ගේ උගුරේ යමක් හිරවෙනු මෙන් දැනුණි.

"මගේ මව, සැම්සන් කේ මාර්ටින් බෝමන්."

"ඔව් හැමදෙයක්ම මම හිතන්නෙ" සාන්තියාගෝ පැවසීය.

"දැන් මට මතක් වුනේ. මගේ පෞද්ගලික ලේකම් කිව්ව අපේ පවුලෙ විස්තර වගේම අපේ සියළු ආදායම් මාර්ග ගැන පරිගණක වාර්තා කවුරැහරි අරගෙන තියෙනවා"

"ඇමතිවරයෙකුගෙ ආරක්ෂාවට ඒවාගේ සෝදිසි කරනවා. නමුත් සැක කටයුතු මොනව හරි තියෙනව නම් මට දැනුම් දෙන්න."
 
අද එතැන් සිට
==========
 
ෆර්ගියුසන්, ඩිලාන් හා කාර්නි උදයේ වෙරළට එන විට දුරදීම දොඹකරයක එල්ලෙන සෙස්නා යානය දුටුහ. දොඹකරය හා යාත්‍රාවේ පුද්ගලයින් තිදෙනෙකු සිටි අතර එම කාර්යය මෙහෙයවමින් තවත් පුද්ගලයෙකු කුඩා බෝට්ටුවක ඒ අසල සිටියේය. කුඩා බෝට්ටුවේ සිටි පුද්ගලයා කාර්නිව අදුනාගෙන වෙරළ දෙසට යාත්‍රා කරගෙන ආවේය.

"කාගේද මේක?" ඔහු ඇසීය.

"මගෙ මිත්‍රයගෙ" කියූ කාර්නි ඔවුන්ව හදුන්වා දුන්නේය.

"මට ඉතාම සතුටුයි ඔබ ගැන. මේක ඉතා වැදගත් වැඩක්." ෆර්ගියුසන් පැවසීය.

"කඩා වැටෙන්න හේතුව මොකක්ද කියලා ඔබ හොයා ගත්තද?" ඔහු විමසීය.

"ඇරිය, වැහුව වගේ වැඩක්. ලිහිසි තෙල් වලට වැඩිපුර ජලය දාල. එන්ජිම රත්වෙනකොට ජලය වාශ්ප වෙනව. එ්කෙන් පීඩනය වැඩිවෙලා ඇතුලේ නල අවහිර වෙනව, නැත්තම් පිරෙනව. මම මේක පැහැදිලි කරන්න අවශ්‍ය නැහැනෙ" ගොඩ ගැනීමේ කණ්ඩායම් නායකයා කීය.

"පුදුමයි, කොහොමද තෙල් වලට වතුර ආවේ?" කාර්නි විමසිලිමත් වීය.

"පිටින් කාට වුණත් දාන්න පුළුවන්. ගොඩබෑමේ හෑම උපකරණයක්ම ක්‍රියා විරහිත වෙනව. තරහකාරයෙකුගෙ වැඩක් වෙන්න පුළුවන්." මිනිසා කීය.

ලන්ඩනයේ සවස හය වන විට පාමර් නැවතත් සාන්තියාගෝ අමතමින් සිටියේය.

"වැඩේ නරකම අතට හැරිල මැක්ස්. අපේ පවුලෙ අතීතය ඔක්කොම අවුස්සල පරිගණක තොරතුරැ අරගෙන තියෙන්නෙ ජැක් ලේන් - ෆර්ගියුසන්ගේ පුද්ගලික සහායක. මම මෙතනම ඉවර වෙයි වගේ."

"මෝඩයෙක් වෙන්න එපා ෆ්‍රැන්සිස්. මම හිතන්නෙ, ෆර්ගියුසන් ජැක් ලේන්ට විතරයි මේ සිද්ධිය කියල ඇත්තෙ"

"ජැක් මේක කාටර්ට හෝ අගමැතිතුමාට කියල තිබුණොත?"

"එහෙම වෙන්න බැහැ. එහෙනම් දැනටමත් ඔබට ඒ ගැන දැනගන්න පුළුවන් වෙනව"

"නමුත් ලේන් මේක හෙලි කරයි."

"බය වෙන්න එපා ෆ්‍රැන්සිස්. මම මිනිහ ගැන බලාගන්නම්."

"දෙවියනේ! එපා මැක්ස්. මම ජීවිත එක්ක සෙල්ලම් කරන්න කැමති නැහැ."

"මිනිහෙක් වගේ වැඩ කරන්න බලපන්. හිට්ලර්ගෙ ලියකියවිලි ගත්තට පස්සෙ, ඒකෙ ඉන්න හැම මිනිහෙක්ම අපේ අතේ. ඒක අපූරැ සෙල්ලමක් වෙයි. මමත් ලෝකෙ හොල්ලනව"

හඩනගා සිනාසුන සාන්තියාගෝ ඇමතුම අවසාන කර නැවතත් ලන්ඩනයේ වෙනත් අංකයකට ඇමතුවේය.

"මම සාන්තියාගෝ, ඉක්මනින් ඉවර කරන්න වැඩක් තියෙනව. නම ජැක් ලේන්. ස්කොට්ලන්ඩ්යාඩ් විශේෂ රහස් පොලිස් පරික්ෂකයෙක්. ලිපිනය හොයා ගන්න පුළුවන් වෙයිනේ?"

දුරකතනය පසෙකින් තැබූ ඔහු අල්ගාරෝ කැදවීය. "යාළුව, ගුවේරා එක්ක සෙන්ට් ජෝන් වලට යන්න වෙලාව හරි"

සවස පහයි තිහ වන විට පාරැ යාත්‍රාවය නැගුන ජෙනී සෙන්ට් ජෝන් වලට පැමිණ තම අවන්හලට ගොඩවිය. ජෝන්ස් යුවල ඇයව මහත් හරසරින් ද ප්‍රීතියෙන්ද පිළිගෙන තිබුණි. ඔවුහු පසුගිය සිදුවීම් පිළිබද කතා කරමින් සිටියහ. බිලී ඇයට ඩිලාන්ගේ ජංගම දුරකතන අංකය ලබා දුන් පසු ඇය ඔහුට ඇමතුමක් ගත්තාය.

අල්ගාරෝට හා ගුවේරාට පාරැවේදී ජෙනීව හදුනාගත නොහැකිව තිබුණි. තරැණ කාන්තාවන් කීප දෙනෙකුම සිට අතර පාරැවෙන් බැස සාප්පු සංකීර්ණය දෙසට යන තරැණිය පසු පස ඔවුන් ගමන් කරන්නට වූයේ ඇය ජෙනී යැයි අනුමාන කරමිනි. ඔවුන් අනුමාන කළ පරිදි සාප්පු සංකීර්ණයෙන් හැරී අවන්හලට ගොඩවූයේ ජෙනී බව සැක හැරගත් දෙදෙන අවට සැරිසරන්නට වූහ.

තම කුටිය අසල පිහිනමින් සිටි ඩිලාන් තම ඇදුම් මත වූ දුරකතනය නාද දෙන්නට වීමෙන් ඒ වෙතට පැමිණ ඇමතුම ලබාගත්තේය. දුරකතනය තුලින් ගලා ආවේ ජෙනීගේ කටහඩයි. ඇය තම ගමන් විස්තර ලුහුඩින් පැවසූ අතර ඩිලාන් පසුගිය සිදුවීම් හැකිතරම් සරල ලෙස ඇයට පැහැදිලි කලේය.

"ඉතිං ඔබ සබ්මැරිනය තිබෙන තැන දන්නවද?" ඔහු උනන්දුවෙන් විමසීය.

"මෙහෙම කියන්න බැහැ. පොඩි අදහසක් විතරයි. හතට කාර්නිත් එක්ක එන්න. එතකොට අපි කතා කරමු." ඇය ඇමතුම අවසන් කළාය.

කාර්යාලීය කාමරයෙන් පිටතට ආ ජෙනී ස්නානය කර අලුත් ඇදුමකින් සැරසීම සදහා නිවසට යාමට සූදානම් විය. මේරි ඇය තනිව යාමට විරැද්ධ විය.

"කොහෙවත් පයින් යන්න එපා දරැවො" කී ඇය බිලීට කතා කළාය.

"ජිප් එක අරගෙන ජෙනීව ගෙදර එක්ක යන්න. ඇය ලෑස්ති වුනාම ආපසු එක්ක එන්න. වටපිටාවත් ටිකක් සෝදිසියෙන් ඉන්න. මම ඇනීට කියන්නම් ඉස්සරහ බලන්න කියල" ඇය යෝජනා කළාය.

ජෙනී ඇගේ ගමන් මලු ඔසවා ගත් බිලීත් සාප්පු සංකීර්ණය අසල රථ ගාලට එනු අල්ගාරෝ හා ගුවේරා බලමින් සිටියහ. ජිප් රියට නැගි ඔවුන් පිටත් වූ පසු අල්ගාරෝ ගුවේරාට හිසින් සංඥා කර ජෙනීගේ නිවස දෙසට කඩිනමින් යන්නට විය.

"ඩිලානුයි අනිත් දෙන්නයි පේන්න නැහැ. කෙල්ල ඔවුන්ට කතා කරල නැහැ වගේ"

"ආයෙ කවදාවත් දකින්න ලැබෙන එකකුත් නැති වෙයි" අල්ගාරෝ පැවසීය.

"කොහොම වුණත් හිත ඇදිල යන කෙල්ලක්."

"කට වහගෙන ඉක්මන් කරපන්" අල්ගාරෝ කීය.

ලන්ඩනයේ හෝස් ගාඩ් මාවගේ ෆර්ගියුසන්ගේ කාර්යාලයේ මැදියම් රැය වනතුරැද පාමර් පවුලේ තොරතුරැ පරිගණක ආධාරයෙන් ලිපි ගොනු වලට ගනිමින් සිටි ජැක් ලේන් දවසේ කටයුතු නිමා කිරීමට තමා ලබාගත් තොරතුරැ ඇතුලත් ලිපිගොනු බෑගය ආරක්ෂිත ලාච්චුවකට දමා වසා තැබුවේය. අනතුරැව වැහි කබායකින් සැරසී විදුලි පහන් නිවා දමා මාවතට වන් ඔහු පදික වේදිකාව දිගේ ඇවිද යන්නට විය.

පාරේ අනික් පස සොරකම් කරන ලද ජගුවර රථයක රියදුරැ අසුනේ සිටි තරැණයා ඔහු අසල අසුනේ වූ සේයා රැව විදුලි පන්දම් එලියෙන් පරික්ෂා කර එය තම කමිස සාක්කුවට ඔබා ගත්තේය. උපැස් යුවලක් හා වැහි කබායකින් සැරසුන තරැණයා සාමාන්‍ය පෙනුමෙන් යුතු විය.

තාමත් පාමර් සිද්ධිය ගැන කල්පනාවට වැටුණු ජැක් පාර හරහා මාරැවීමට දකුණු පැත්ත බලා පාරය පය තැබීය. දකුණු පසින් එන ජගුවර් රථය ඔහු දුටු මුත් පාර මාරැ වීමට අවශ්‍ය තරම් කාලය තිබූ හෙයින් ඔහු පය ඉක්මන් කළේය. නමුත් ගොරහැඩි හඩක් නගමින් විදුලියක් සේ ආ රථය ඔහුව හප්පා දැමීය. පසෙකට විසිවී ගිය ජැක් නැගිටීමට වෙර දරන විට වේගයෙන් නැවතත් පසු පසට ධාවනය වූ ජගුවර් රථය ඔහුට යටකර දැමීය. රථයෙන් බට තරැණයා ලේ විලක් මැද නිසලව වැතුරැණ ජැක්ගේ සිරැරට නැඹුරැ වී බලා නැවතත් රථය පණගන්වා ගෙන ජැක්ගේ සිරැර යටකරගෙන විදුලි වේගයෙන් පලා ගියේය.
මතු සම්බන්ධයි.

 

Monday, May 1, 2017

අභිරහස් සබ්මැරීනය 33 කොටස

32 කොටස                  34 කොටස
 
පසුගිය කොටසින්   
==============
"සෙන්ට් තෝමස් වල තියෙනවා කාර්මික සමාගමක්. මම ඒකෙ ප්‍රධානියව දන්නව. මම අද රෑම ඔහුට කතා කරන්නම්. ඔවුන් ලග තියෙනව විශාල දොඹකර සහිත පාරැ යාත්‍රා. මේක සුළු වැඩක්. අපි උදේට බලමු."

"මොකක්ද අපේ යානයට වුණේ? මම හිතුවෙ නැහැ සාන්තියාගෝට අපිව දැන්ම මරන්න උවමනා වෙයි කියල. අඩු තරමේ අපි සබ්මැරීනය හොයා ගන්නකම්වත්" ෆර්ගියුසන් පැවසීය.

"තෙල් නළය අවහිර වෙලා. ඒ විතරක් නෙවෙයි. අවසාන මොහොතෙ යානය සිරස් අතට හැරැණ. ප්‍රශ්න දෙකක් එකපාර එන්න මෙතන යමක් සිද්ධ වෙලා තියෙනව. සාන්තියාගෝ පොඩි උත්සාහයක් කරල බැලුවෙ." ඩිලාන් සැක පහල කළේය.
අද එතැන් සිට
==========
කාර්නි තම හිතවතාගේ නිවසට ගිය පසු එම පුද්ගලයා ඔවුන් තිදෙනාව නවාතැන කරා කැදවාගෙන ගියේය. තම කුටියට පිවිසි බ්‍රිගේඩියර්වරයා කළ පළමු  දේ වූයේ ලන්ඩනයට ඇමතුමක් ගැනීමයි. ඒ වන විට ලන්ඩනයේ පාන්දර 5.00 වූ අතර ඔහුගේ සහායක ජැක්ලේන් සුව නින්දේ සිටියේය. අනික් කෙළවර රිසිවරය එසවනු ඔහුට ඇසුනි.

"ජැක්, මම කතා කරන්නෙ" ෆර්ගියුසන් පැවසීය. "තවම නිදිද?"

"දෙවියනේ! ඇයි මේ වෙලාවෙ බ්‍රිගේඩියර්, පාන්දර පහයි."

"ඊට වඩා අපේ වැඩේ වැදගත්. මම හොයා ගත්ත සාන්තියාගෝට තොරතුරැ එන මාර්ගය"

"ඇත්තටම සර්" ජැක් ඇදෙන් ඉවතට පනිමින් ඇසීය.

"ඔබ විශ්වාස කරනවාද? අපේ ෆ්‍රැන්සිස් පාමර්"

"දෙවියනේ! මට විශ්වාස කරන්න බැහැ කවදාවත්"

ජේශප් ජැක්සන් සිද්ධියත් ගුවන් අනතුර ගැන ලුහුඩු විස්තර ෆර්ගියුසන් පැවසුවේය.

"පාමර් පවුල ගැන සියලුම විස්තරත්, ඔවුන්ගේ සියලු ආදායම් මාර්ග ගැනත් තොරතුරැ පරිගණකයෙන් ගන්න. තියෙන හැම මාර්ගයක්ම යොදාගන්න." ෆර්ගියුසන් උපදෙස් දුන්නේය.

"එතකොට සර් නියෝජ්‍ය අධ්‍යක්ෂ කොහොමද?" ජැක් විමසීය.

"සයිමන් කාටර්? මිනිහගෙ සම්බන්ධයක් නැහැ වගේ. නමුත් පාමර් සිද්ධිය මිනිහ විශ්වාස කරන එකක් නැහැ."

දුරකතන ඇමතුම නිමවූ බ්‍රිගේඩියර්වරයා  උණු දියෙන් ඇග පත සෝදා රාත්‍රී ඇදුමකින් සැරසෙන විට දිග ලෝගුවක් වටා තුවායක් ගැට ගසා ගත් ඩිලාන් 7E කුටියට පිවිසුණි.

"ඔබ හරි බ්‍රිගේඩියර්. සාන්තියාගෝට අපිව දැන්මම මරන්න උවමනා නැහැ. ඒ මොකද මිනිහට අපිව ඉදිරියේදිත් ප්‍රයෝජනවත් වෙනව. නමුත් ගුවන් අනතුර අහම්බෙන් සිදුවූ දෙයක් නොවෙයි" ඩිලාන් පැවසීය.

"මිනිහ පස්සෙ හිත වෙනස් කරගත්ත වෙන්න බැරි නැහැ. අපි මේක හොයා ගනිමු" යි කී බ්‍රිගේඩියර්වරයා ජංගම දුරකථනය ගෙන කාලෝස් ප්‍රීටෝට ඇමතුමක් ගත්තේය.

"මම බ්‍රිගේඩියර් ෆර්ගියුසන් කැනීල් වලින්. රාත්‍රී කෑමටයි. අපිට කරපු සංග්‍රහ වලටයි කරැණාකරල සාන්තියාගෝට ස්තූති කරන්න."

"නමුත්.... හා! බොහොම ස්තූතියි බ්‍රිගේඩියර් කතා කළාට?" ඔහු ඇමතුම අවසන් කළේය.

"මට තව ෂැම්පේන් වීදුරැවක් වක්කරන්න ඩිලාන්. ඊට පස්සෙ අපි නිදාගනිමු."

"නැහැ බ්‍රිගේඩියර්. ඔබ මට එක දෙයක් පැහැදිළි කළ යුතුයි" ඩිලාන් සැකමුසු බැල්මක් හෙලමින් කීය.

"හොදයි මොකක්ද?"

"සෙන්ට් ජෝන් වලට ඔබේ ගමන මුලදිම සැලසුම් කරලයි තිබුණෙ. ඒ නිසා ඔබ මට ආසනයක් වෙන් කරන අතරම ඔබටත් එකක් වෙන්කරව ගත්ත. එකකොට සාන්තියාගෝ මම ගැන දැනගෙනයි හිටියේ."

"ඉතින් ඒක එහෙම වුණා"

"නමුත් ඇයි ඔබ පාමර් සැක කළේ" ඩිලාන් ඇසීය.

"තොරතුරැ විශ්ලේෂණය පුතා.  මේ සිද්ධිය  දැනගෙන හිටියෙ හෙන්රි බේකර්. ගැහැණු ළමය, අද්මිරාල් ට්‍රැවර්ස්, මම, ජැක් හා ඔබත් අගමැතිවරයාත්. මේ හැම කෙනෙක්ම එකිනෙකාට විශ්වාසයි."

"ඉතුරැ වෙන්නෙ පාමර් හා කාටර්" ඩිලාන් පැවසිය.

"හරියට හරි. මගේ අත්දැකීම් වලින් මම දන්නව කාටර් මොන වගේ පුද්ගලයෙක් ද කියල. නියම දේශප්‍රේමියෙක්"

"ඒ නිසා ඔබ ෆ්‍රැන්සිස් පාමර්ව සැක කළා"

"නිසැකවම. කවුරැත් එහෙම සැක හිතන්නෙ නැහැ. කවුරැත් දන්න රදළ පවුලක් එංගලන්තෙ පැරණිම පවුලක්. රජයේ ඇමතිවරයෙක්." අතවූ බීම වීදුරැව හිස් කළ ෆර්ගියුසන් "නමුත් ෂර්ලොක් හෝම්ස් කියන විදියට සැක කටයුතු සියල්ලම සැක නැත්තම්, සැක කළ යුතු හොදම දේ සැක කරන්න. හා! හොදයි. සුභ රාත්‍රියක්. හෙට උදේ හමුවෙමු."

පසුදා උදෑසන මාරියා බ්ලැන්කෝ යාත්‍රාවට වී සාන්තියාගෝ කෝපි බදුනක් තොල ගාමින් සිටි අතර අල්ගාරෝ යකඩ ගරාදි වැට අල්ලාගෙන මුහුද දෙස යොමු වූ නෙතින් යුතුව කල්පනාවේ නිමග්නව සිටියේය.

"කොහොමද අපිට වැරදුනේ අල්ගාරෝ. උඹට එක වැඩක් වත් හරියට කරන්න බැරිද?"

"කරන්න අවශ්‍ය දේ මම දන්නව සිංඥෝරේ."

මෙවිටම කපිතාන් සේරා ඔවුන් සිටි තැනට පිවිසියේය.

"මගේ මිනිහෙක් මේ දැන් කතා කළා. ඊයෙ රෑ සෙස්නා එක මුහුදට කඩාගෙන වැටිලා. දකුණු වෙරළ තීරෙදි. අරැන් තුන්දෙනාම දිවි ගලවාගෙන" සේරා වාර්තා කළේය.

"මතක් කරන්න එපා ඔවුන් ගැන" අල්ගාරෝ කේන්තියෙන් ආපසු හැරී කිය.

"ඇති, ඇති" සාන්තියාගෝ දෙබැම අකුලාගෙන ඉවත බලාගෙන පැවසීය.

"සිංඥෝරේ අපේ ඉදිරි වැඩසටහන කොහොමද?" සේරා විමසීය.

සාන්තියාගෝ අල්ගාරෝ වෙතට හැරැණි.

"අද හවස හය විතර වෙනකොට අර කෙල්ල එනව. අල්ගාරෝ ගුවේරත් එක්ක සෙන්ට් ජෝන් වලට යන්න ඕනෑ."

"අපි ඒකිව මෙහාට අරන් එන්නද සිංඥෝරෙ?" නපුරැ හිනාවකින් යුතුව අල්ගාරෝ ඇසීය.

"අවශ්‍ය නැහැ. ඒකිගෙන් තැන දැනගන්න විතරයි අවශ්‍ය. ඒ ටික උඹලට පුළුවන් කියල මම හිතනව"

"ඔබ කියන විදියකට සිංඥෝරෙ." අල්ගාරෝ ඉවතට ගියේය.

"අද රෑට අපි පැරඩයිස් බේ වලට යන්න ඕනෑ. කොහොම හරි දැන් මට ශ්‍රීමත් ෆ්‍රැන්සිස්ව අරගෙන දෙන්න" සාන්තියාගෝ සේරාට නියෝග කළේය.

විවෘත කිරිමේ උත්සවයක සිටි පාමර්ව සම්බන්ධ කර ගැනීමට සේරා විනාඩි විස්සක් පමණ වෙහෙසුන අතර අවසනයේදී ඇමතුම සාර්ථක විය.

"කවුද මේ? දැගත්ම දෙයක් නම් කියන්න. මට දැන් කතාවක් කරන්න තියෙනවා"

"මට විශ්වාසයි ෆ්‍රැන්සිස් අපූරැ කතාවක් කරයි කියල"

" ආ! මැක්ස් ඔබද? කොහොමද අලුත් තොරතුරැ?"

"අපිට හමුවුණ පරණ මිත්‍රය. ජෝශප් ජැක්සන්. මිනිහට 1945 ගැන හොද මතකයක් තියෙනවා. අපූරැ මිනිහෙක්."

"අපොයි දෙයියනේ ඉතින්" පාමර් කලබලයට පත්විය.

"කලබල වෙන්න දෙයක් නැහැ. වාහනේ රෝදයක් මාරැ කරන්න ගිහින් මිනිහ අනතුරකින් මැරිල. අපරාදෙ අහිංසකය"

"මැක්ස් මට ඒ විස්තර එපා"

"ඒත් හොදට අහන්න. මගේ මිනිහ වැඩේ ඉවර කරන්න කලින් ෆර්ගියුසන් මිනිහයෙන් සියලු විස්තර අරගෙන"

"එතකොට ෆර්ගියුසන් හැමදෙයක්ම දන්නව" ෆාමර්ගේ උගුරේ යමක් හිරවෙනු මෙන් දැනුණි.

"මගේ මව, සැම්සන් කේ මාර්ටින් බෝමන්."

"ඔව් හැමදෙයක්ම මම හිතන්නෙ" සාන්තියාගෝ පැවසීය.

"දැන් මට මතක් වුනේ. මගේ පෞද්ගලික ලේකම් කිව්ව අපේ පවුලෙ විස්තර වගේම අපේ සියළු ආදායම් මාර්ග ගැන පරිගණක වාර්තා කවුරැහරි අරගෙන තියෙනවා"

"ඇමතිවරයෙකුගෙ ආරක්ෂාවට ඒවාගේ සෝදිසි කරනවා. නමුත් සැක කටයුතු මොනව හරි තියෙනව නම් මට දැනුම් දෙන්න."
මතු සම්බන්ධයි.

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...