මොහිණිගේ අඩවියේ සුන්දරත්වය
ඔන්න යාලුවනේ මම ඔයාලට කිව්ව වගේම අලුත් අවුරැද්ද පහු වෙලා ඔයාලට කියවන්න මම විසින්ම ලියන කතාවක් දෙනව. මේක දෙන්න ටිකක් පරක්කු වුණේ මොකද දන්නවද. කතාවේ මුල් කොටස ලියලා ඒකේ අඩුපාඩු හදල දෙන්න කියලා අපේ **කසූ** (ඔයාලට නිසදැස් එහෙම ලියලා දෙන්නේ) ට දුන්න. එයා අඩුපාඩු හදල දෙන්න ටිකක් කාලය ගත්තතේ. නැතුව මගේ පරක්කුවක් හෙම නොවෙයි. :P ඉතිරි කොටස් ටිකනම් එහෙම වෙන්නේ නෑ. ඉතින් මේ කතාව කියවල බලන්නකෝ.... කොමෙන්ට් එකක් දාන්න පුලුවන්නම් කියවල කතන්නර කාරයා ගොඩක් සතුටුයි. අමාරැනම් කමක් නෑ ඉතින්... :(
අපේ නිවස තිබුණේ සුන්දර වෙල් යායක් අයිනට වෙන්නයි, ගෙදරත් වෙලත් අතරින් ලස්සන දොල පාරක් ගලා බසිනව. මොන තරම් පෑවිල්ලක් ආවත් මේ දොල පහර කිසිම දාක හිදෙන්නේනෑ කියල තමයි ගම් වැසියො කියන්නේ. වෙල් යාය නිරන්තරයෙන් ගොවියන් විසින් වගා කටයුතු කරන නිසා අපේ ගෙදර ඉදන් බලනකොට පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. සිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්නේ.කුඩා ගොයම් පැළය හැදෙන කාළයේ ඉදලා කරලින් බරවුණ නාඹර ගොයම් ගස් දක්වාම වෙල් යායේ පැතිරෙන වර්ණවත් භාවය කාගේත් සිත් ඇදගන්නව.
කුඹුරැ වල වැඩ නොකරන කාළයට ගම් වැසියන් විසින් තමන් ඇති කරන ගවයින් , එලුවන් කඹුරට ගෙනවිත් දානව, ඒ ඇයි දන්නවද, ඒ කාලෙට මුලු කුඹුරැ යායම විවිධ තෘණ ශාක වලින් පිරී ගිහින්, ගවයින්ට, එලුවන්ට අවුරැදු වගේ, දොල පහරෙන් එන වතුරත් තියෙනවනේ. ඒ විතරක් නෙමෙයි සත්තු සර්පයිනුත් වැහි වැහැල. ඒකට හේතුව වෙලේ වැඩ නොකරන නිසා, වෙල් යායේ ඇවිදින්න යනවනම් බොහොම පරිස්සම් විය යුතුයි. ඒ වගේම වෙලේ තියෙන පොඩි පොඩි දියකඩිති වල චූටි චූටි තිත්ත පැටව් පිරිල දගලනව. උන්ව කන්න ආව සුදුම සුදු පාට කොක්කු වෙල හැම තැනටම ගොඩ බැහැල, වරින් වර වෙල්යායට ගොඩබාන පක්ෂින් දුටුවිට සිහිවන්නේ ගුවන් තොටුපොලක්,බැලූ බැලූ තැන සුදු පාටයි.ගුවන් යානා නවත්වල වගේ.
වෙලේ තැන් තැන් වල පෙර කන්නයේ ගොයම් කැපූ පසු ඉතිරි වූ ගොයම් ගස් වලින් හටගත් වී කරල්, ඒවා කෑමට වරින් වර කොළ පැහැති ගිරව් රෑන් පිටින් ඉගිල එනව.උන් ලස්සන රටා මවමින් වෙල පුරා ඉගිල යනව. වෙල අයිනට වෙන්න තරමක් දුරින් ඇති විශාල කුබුක් ගස වවුලන් විසින් තමන්ගේ රාජධානිය බවට පත්කරගෙන. කිසිවෙකුටත් කරදරයක් නොමැතිව දහවල පුරාවටම එල්ලී නිදන උන් හිරැ බැසයාමත් සමගම රෑන් පිටින් පියඹා ගොස් අන්ධකාරයේ නොපෙනී යනවා.
අප නිවසේ සිට වෙල් යාය වෙත පිවිසීමට ඇත්තේ පොල් කොට දෙකක් ඇල හරහා දැමීමෙන් සකසා ගත් ඒදණ්ඩක්. ගමේ කොතනක හෝ පොල් ගස් කිහිපයක් කැපූ විට එක කොටයක් හෝ දමා ඒදණ්ඩ අලුත් කිරීමට අපේ ගම් වැසියන් අමතක කරන්නේ නෑ, ගමේ කුඩා දරැවන් පාසල් යන්නේ ඔය ඒදන්ඩ හරහා ගොස් නිසා වීම තමයි ඒකට හේතුව. මෙම ඒදන්ඩ කෙලින්ම වෙලෙන් එහා පැත්තේ තියෙන්නේ පොදු නාන ළිදක්. ඒදන්ඩේ සිට නාන ලිදට යාමට ඇත්තේ වෙල හරහා ඇති තරමක් මහත් වූ නියරක් දිගේ. ඒ නියර අනිත් නියරවල් සමග සසදන විට තරමක් පළලින් වැඩි නිසා ගම් වැසියන් එය හැදින්වූවේ මහ නියර කියායි. මෙම මහ නියර මැදට වෙන්නට විශාල රුක් අත්තන ගසක් පිහිටා තිබෙනව. ඔය ගහේ මල් පිපෙන කාලෙම අපේ මුලු ගමම රුක් අත්තන මල් සුවදින් සුවදවත් වෙනව. මෙම ගස තිබෙන ප්රදේශයේ විශාල වට ප්රමාණයක් වැලි වලින් සකස් වූ වැලි තලාවක්. සවස් වෙන විට පුංචි ළමුන් විවිධ ක්රීඩාවල නිරත වීමට මෙම ස්ථානය ක්රීඩා පිටියක් බවට පත් කරගන්නව.
ඒදන්ඩෙන් එගොඩ වෙලා කෙලින්ම ගියොත් නාන ලිද පැත්තට යන්න පුලුවන්, වම් පැත්තට හැරිලා වෙල අයින දිගේ දොල පහරට සමාන්තරව වැටිල තියෙන නියර දිගේ ලියොත් ගමේ පාලු කනත්තක් දැකගන්න පුලුවන්. මේ කනත්ත වටාත් සැගවුණු කතන්තර එමටයි.සවස 6 න් පසුව කිසිවකුත් ඒ පැත්තට යන්නට නොපෙළඹෙන්නේ නිරායාසයෙන්මයි. ඉදහිටලා ඇගේ අමාරැවට කරටි කැඩෙන්න මත්පැන් සප්පායම් වුණු ගමේ " අයියා" කෙනෙක් සද්දයක් දාගෙන ඒ පෙදෙසට ගියත්, පසු දින වන විට එ් අයියා වෙනුවෙන් තොවිලයක් නැටීමට හෝ ඇප නූලක් දැමීමට අප නිවෙස අසල යන්ත්ර මන්ත්ර කටයුතු කරන විජේ සීයාගේ නිවෙසට එනවාමයි..
මතු සම්බන්දයි......

පටන්ගැන්මට බයනම් හිතෙන්නේ නෑ.... ඉතිරියත් ලියන්න බලන්න
ReplyDeleteඅමුතුයි වගේ ටිකක්
ReplyDelete