ධනය සෞභාග්‍ය ඇදී එන ගෙවල්
ඉන්දියානු වාස්තු විද්‍යාව නිර්මාණය කළ සෘෂිවරැන් අතර පරාසර සෘෂිවරයාට හිමි වන්නේ මුල් තැනයි. සෘෂිවරයින් වහන්සේලා එදා භාවනාවේ ගැඹුරැ සමාධියට ප්‍රවේශ වන වෙලාවට විශ්වය හා ඒකාත්ම වේ. ඈත අතීතයේ වාසය කළ පරාසර සෘෂිවරයානන් සෞභාග්‍යමත් නිවසක් ගොඩනැගීමේ සිට ජීවත් වීම දක්වා එම නිවසේ සතුට සැනසුම උදාවන්නේ වාස්තු විද්‍යාව තුල පිහිටන නිවස බව පෙන්වා දී ඇත. ඔබ නිවස ගොඩනැගීමට මුදල් යොදවා ඉඩම් මිලදී ගැනීමේදී කෝණාකාර අගට උල්හැඩයේ ඉඩම් ගැනීමෙන් වලකින්න. හරි හතරැස් ඉඩමක නිවස ගොඩනගා ගැනීමට සැලකිලිමත් වන්න. නිවස ගොඩනැගීම නැගෙනහිර දිශාවට ප්‍රධාන උලුවස්ස යොදා ගැනීම සංහ ලීලාව සතු නිවසක ලක්ෂණයකි. මහත් සැප සම්පත් හිමිවේ.
නිවසේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට රාජ රාජ මහා මාත්‍යයන්ගේ නිවෙස් ඉදිරිපිටට නොයොදන්න. වතුර වලවල්, වංගු ඉදිරිපිට නිවස අසහනකාරී නිවසකි. නිතර ලෙඩ දුක් ඇත. එමෙන්ම දේවාල, මහා වෘක්ෂ, සුසාන භූමි ඉදිරිපිට ගෙවල් සෑදීම ඒකාන්ත විනාශයයි. මේවාට අරක් ගත් සුර, අසුර නිකාය, ප්‍රේත යක්ෂ නිකා ඔබ නිතර විපතට පත් කරයි. නඩු හබ වලට හදිසි අනතුරැ වලට යොමු කරයි.
කට ඇරියා මෙන් නිවස ඉදිරිපිට ළිද ස්වාමියා ලෙඩ ඇදට දැමීම ඒකාන්තයි. ගෙවල් දෙකක දොරවල් මූණට මූණලා තිබීම සොර සතුරැ කරදර වලට මූලයයි. කුකුල් කොටු, ගව ගාල්, එලු ගාල්, ඌරැ කොටුද නිවස ඉදිරිපිට කැසිකිලි වැසිකිලි තිබීම නිසා නිවෙස් යක්ෂ උවදුරැ වලට ගොදුරැ වේ. රෙදි සෝදන ස්ථානය නිවස ඉදිරිපිට නොකරන්න. නිවසක් තනන විට ඔබ පළමුවෙන්ම පරිසරයත් දෙවනුවත් පරිසරයත් තෙවනුවත් පරිසරයත් පිළිබද සිතා බලන්න. ඉඩම් නිකම් ලැබුණා කියා ගෙයක් නිකන් ලැබුණා කියා මරාල වල පදිංචියට නොයන්න. මොන තරම් වස්තුව තිබුණත් නිතර නිතර කරදර, ප්‍රශ්ණ, නඩු හබ, ලෙඩ රෝග වලින් පෙලෙන්නේ නම් වැඩක් නැත.
නිවසක් සෑදීමට ප්‍රථම අනිවාර්යයෙන්ම බහිරව පූජාව, දේව පූජාව ගුරැන් වහන්සේ කෙනෙකුට කියා තබා ඉඩමේ ඉඩහැර ගන්න. භූමිය අරක් ගත් අෂ්ඨ බහිරව දේවතාවන්ගේ පරිවාර යක්ෂයින් මේ භුමි අරක්ගෙන ඉන්න බව අද නවීන කැමරා වලින් පෙන්නන්නේය. නැත්නම් ඔබට කොපමණ මුදල් තිබුණත් ගෙයක් තනා ගැනීමට නොහැකිවනවා සහතිකය. සමහරැ ගේ සාදා බහිරව පූජාව තබන කොට ලෙඩ වෙනවා. රැකියාව නැති වෙනවා. ව්‍යාපාරය බංකොලොත් වෙනවා. ඒ මේ හේතු නිසාය.
බාගෙට ගේ සාදා ඉතිරිය පස්සේ හදන්න කියා නිවසක පදිංචි නොවන්න. ඒ නිවස තරම් අවාසනාවන්ත නිවසක් තවත් නැත. කවදාවත් වැඩ ඉවර කරන්න ලැබෙන්නේ නැත. වැඩ ඉවර කළත් මහා කරදර නම් ඒකාන්තය. ඉවර කරන්න වන්නේ නැත.

No comments:
Post a Comment
මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා