‘‘ඔබ ඇමරිකාව ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ. පුලුවන් නම් එහි යන්න. ඇමරිකාවට යන්න. ඔබට අවශ්‍ය නම් මම තාත්තා ලවා ඔබට ගුවන් අවසර පත්‍රයක් ලබා දෙන්නම්. එහි ඉන්න මිනිසුන් භූතයෙක් වෙනුවෙන් ඩොලර් සිය දහස් ගණනක් වුවත් ගෙවයි. මම ඒක හොදින්ම දන්නවා.‘‘
මට නම් ඇමරිකාවට යන්න කොහෙත්ම උවමනා නැහැ.‘‘ යයි මෙවර ද භූතයා බලවත් කලබලයට පත්ව කෑ ගැසුවේය.
‘‘ඇයි එහෙ තිබෙන හැම දෙයක්ම අලුත් නිසාද? එහි තිබෙන කිසිම දෙයක් ඔබ තරම් පැරණි නැති නිසාද?‘‘ යයි වර්ජිනියා පැවසුවේ ඉතාමත්ම කෝපයට පත්වයි. අනතුරැව ඇය ඔහුගෙන් පිළිතුරක් නැති තැන මෙසේ කීවාය. ඔබට සුභ දවසක්. මම ගිහිල්ලා මගේ නිවුන් සහෝදරයන් දෙදෙනාට කියනවා තවත් සතියක් ම ගෙදර ඉන්න කියලා.‘‘
‘‘කරැණාකර යන්න එපා වර්ජිනියා මෙනෙවිය.‘‘ යැයි භූතයා ඉතා ශෝකී ස්වරයෙන් කියන්නට විය. ‘‘මම ඉන්නෙ හුගක් කණගාටුවෙන්. ඒ වගේම මොනව කරන්නද කියලා මට තේරෙන් නැහැ. මට නිදා ගන්න යන්න උවමනායි. නමුත් මට නින්ද යන්නෙ නැහැ.‘‘
‘‘මොනවා? ඒක හරිම පහසු දෙයක්. හැම කෙනෙකුටම දහවලට උනත් නින්ද යාවි. ඉක්මනටම ඇදට යන්න. ගිහිල්ල ඇස් දෙක පියා ගන්න. එච්චරයි.‘‘ වර්ජිනියා කීවාය.
‘‘මට බැහැ.‘‘ භූතයා තවත් කණගාටුවෙන් කියන්නට විය. ‘‘මට කොහෙත්ම බැහැ. අවුරැදු තුන්සීයක්ම මම හිටියෙ නින්දක් නැතිවයි. මා දැන් ඉන්නෙ හොදටම වෙහෙසට පත්වෙලා. ඇත්තම කියනවා නම් හුගක්ම වෙහෙසට පත්වෙලා.‘‘
වර්ජිනියා ඔහු අසලින් වාඩි වූවාය. එසේ වාඩි වී මුහුණ දෙස ඉතා කරැණාවෙන් නෙත් යොමු කළාය. ‘‘භූත මහත්මයා මට ඔබ ගැන හුගක් කණගාටුයි.‘‘ ඕ කියන්නට වූවාය. ‘‘ඔබට නිදා ගන්න පුලුවන් තැනක් කොහෙවත් නැද්ද?‘‘
‘‘සමහර විට ........ හුගක් දුර නම් තියෙනවා.‘‘ ඔහු පහත් ස්වරයෙන් කියන්නට විය. ‘‘එතැන පුංචි වත්තක් තිබෙනවා........
වර්ජිනියාට හැඩීමට තරම් ශෝකයක් අැතිවිය. ඔහු මේ මරණයේ වත්ත පිළිබදව බව ඇයට අවබෝධ විය.‘‘ ඔබ කියන්නෙ මරණය වත්ත පිළිබදව නේද?‘‘ අනතුරැව ඇය පහත් ස්වරයෙන් ඇසුවාය.
‘‘ඔව්, මරණයේ වත්ත! මරණය ගැන මට හිතෙන විට මට නිතර නිතර කල්පනා වෙන්නේ ඉතා ලස්සන නිශ්චල දෙයක් කියා. ඒ වත්තට යන්න මම කැමතියි. ඒ වත්තෙහි ඊයේ දිනක් කියාවත් හෙට දිනක් කියාවත් දිනයක් නැහැ. මට කාලය කියන එක අමතක කරන්න ඕන. ජීවත් වීම නිතර කල්පනා කරන්න ඕනෙ. ආදරණීය වර්ජිනියා, ඔබට පුලුවන් මට උදව් කරන්න. ඔබට පමණයි පුලුවන්. ආදරය කියන එක තිබෙන්නෙ ඔබ ලග විතරයි. ආදරය, මරණයට වඩා ඉතා මත් ශක්තිමත් දෙයක්.‘‘
එකවරම මුලු කාමරයම සිසිල් විය. මිනිත්තු දෙකකින් මුලු පරිසරයම නිසල විය. වර්ජිනියා තුල ඇති වූයේ බලවත් භීතියකි. එහෙත් භූතයා යලි කථා කරන්නට විය.
‘‘ඉස්සර නම් එක්තරා කථාවක් තිබුණා ගැහැණු ලමයෙක් මා වෙනුවෙන් අඩනවා නම් කැන්ටර්විල් මන්දිරය නැවත වතාවක් නිස්කලංක වෙනවා. මට නම් අඩන්න බැහැ. මට කාගෙන්වත් යමක් ඉල්ලා සිටින්න බැහැ. නමුත් ඔබට පුලුවන් වර්ජිනියා ඔබ ප්‍රාර්ථනා කලහොත් මට මරණය ලගාවේවි. හැබැයි මට ඉතාමත් බියකරැ දේවල් දක්නට ලැබෙයි. ඒ වගේම ඉතා බියකරැ ශබ්ද ඔබට ඇසෙන්නට ලැබෙයි. ඒ වුණාට ඔබ බියවන්න එපා. සෑම දෙයක්ම ඉවර වුණාට පසුව ඔබට ගෙදර යන්න පුලුවනි.
වර්ජිනියා පිළිතුරක් නොදුන්නාය. මේ නිසා භූතයා පෙරටත් වඩා අසරණ තත්වයට පත්වුණි. ඔහු බලවත් කණගාටුවෙන් පසුවන බව වටහා ගත් ඈ එකවරම නැගී සිටියාය.
‘‘මම බය නැහැ!‘‘ යැයි ඕ අනතුරැව පහත් ස්වරයෙන් කථා කරන්නට වූවාය. ‘‘ඔබව රැගෙන යන්න කියා මම මරණයෙන් ඉල්ලා සිටින්නෙමි. එහෙම හොදයි නේද?‘‘
මෙම ප්‍රකාශයෙන් භූතයාගේ මුවෙහි මනා හසරැල්ලක් මතු විය. ඔහු වහා ඇගේ අතින් අල්ලා ගත්තේය. ඔහුගේ හස්තය ඉතා සිසිල් විය. එහෙත් වර්ජිනියා බියපත් නොවූවාය. ඈ ඔහුත් සමගම ගමන් කළාය. මුලු කාමරයම නිශ්චල වූ අතර විවිධ ශබ්ද ඇසෙන්නට ද විය. එම ශබ්ද ඇසුනේ කාමරයේ තිබූ නොයෙකුත් පිංතූර වලිනි. පිංතූර වල සිටි මිනිසුන් ඇය අමතා මෙසේ කෑ ගැසූහ. ‘‘ඉක්මනට ආපසු යන්න පුංචි වර්ජිනියා! ඉක්මන්ට ආපසු යන්න!“ එහෙත් වර්ජිනියා සිය දෙනෙත් තදින් පියා ගත්තාය. පිංතූර වල සිටි සත්තු පවා ඇය අමතා මෙසේ කියන්නට වූහ. ‘‘පුංචි වර්ජිනියා, හුගක් ප්‍රවේශම් වන්න. හුගක්ම ප්‍රවේශම් වන්න. ප්‍රවේශම් නොවුනහොත් නැවතත් අපට ඔබව දක්නට ලැබෙන්නේ නැහැ.‘‘ එහෙත් වර්ජිනියා මේ කිසිවකටත් කන් දුන්නේ නැත. ඈ ඒ වෙනුවට කාමරයේ කොනක සිටගෙන සිටියාය. භූතයාද ඈ සමගම එම ස්ථානයේ සිටියේය. ඔහුගේ මුවින් වචන කිහිපයක් පිටවනුද ඇයට ඇසුනි. එහෙත් දෙනෙත් විවර කල විගසම ඇය දුටුවේ මුලු පරිසරය කලු පැහැ ගැන්වෙන තරම් අදුරැ වී ඇති බවයි.මුලු පරිසරයම සිසිල් වූ අතර ඇගේ ඇදුමින් කිසිවෙකු අදින බවක් ඇයට වැටහිණි.
‘‘ඉක්මන් කරන්න! ඉක්මන් කරන්න! භූතයා කියන්නට විය. ‘‘ඉක්මන් කලේ නැත්නම් අපි ප්‍රමාද වුණා වැඩි වෙන්න පුලුවන්. එක්වරම පුස්තකාල කාමරයෙහි පුදුමාකාර දෙයක් සිදු විය. දැන් පුස්තකාල කාමරයෙහි කිසිවෙකු නැත.
මතු සම්බන්ධයි......

No comments:
Post a Comment
මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා