Sunday, September 11, 2016

සූනියම් දෙවියන් 02 කොටස






සුනියම් දෙවිදුන් පිලිබද මීට පෙර ලබාදුන් ලිපියේ ඉතිරි කොටස තමයි අද ලියන්න බලාපොරොත්තු වෙන්නේ. කියවලම බලන්නකො කට්ටිය එහෙනම්.

පසුගිය සතියේ සෙනසුරාද ගෙදර කට්ටියත් එක්ක ගියා ලොකුඅම්මලගේ ගෙවල් පැත්තේ. එතකොට වෙලාව 8.00 විතර ඇති. අම්මයි,නංගියි,මමයි,මගේ පුංචි දුවයි,ආදරණීය බිරිදයි, මල්ලියි තමයි ගියේ. ලොකුඅම්මලගේ ගෙවල් තියෙන්නේ දේවාලෙට යන පාරෙම තමයි. 

සෙනසුරාදා දේවාල දවසක් නිසා ප්‍රධාන පාරේ සිට දේවාලය දක්වා (2Km-3Km අතර දුර ප්‍රමාණයක්)  බැතිමතුන්ගෙන් පිරී ගිහින්. වාහනයක යන්නේනම් පරිස්සමට යායුතුයි. ඉස්කෝලෙ ගාව වාහන තදබදයක්, මෙම ස්ථානයෙන් දකුණට හැරිල තමයි දේවාලයට යන්නේ. දැන් අපිත් යන්න ඔන ඔය පාරෙම තමයි. තදබදය අස්සේ මමත් හිමීට හිමීට කාර් එක ඉස්සරහට පදවගන යනව. ඉහත සදහන් කරපු හැරෙන තැන තියෙන කඩේ (සෝමෙ ගෙ කඩේ) ගාව වාහන නතර කරල යනවට සෝමෙ මාමා එච්චර කැමැත්තක් දක්වන්නේ නෑ. ඔය අතරෙ කඩේ ලගදී අදුරන කොල්ලෝ දෙන්නෙක් දැකල, ටිකක් කතාකරන්න කියල හිතාගන කඩේ අයිනට වෙන්න වාහනය නතරකළා, අනිත් වාහන යන එන එකට බාධා නොවෙන විදිහට. මෙන්න සෝමෙය ආවෙ නැතෑ කුණුහරුපයකුත් කියාගන. මෙතන වාහන පාක් එකක් නෙමෙයි #@# කියාගෙන. මමත් පොඩිවැන් දෙකක් විතර කියල වාහනෙන් බහිනකොට මිනිහ අදුරගත්ත මම කවුද කියල. ඊටපස්සේ හිනාවෙලා කතාකරල අපිට එලවලු රොටී වලිනුත් සංග්‍රහ කරල තමයි යැවුවෙ, ඒකත් කියන්න එපැයි.

එතැනින් පිටත්වෙලා දැන් පල්ලමට එනව ඒ එන අතරතුර අහල පහල ගෙවල්වල ඉදල දන්න අදුනන මිනිස්සු කෑ ගහනව යන්න බෑ.... යන්න බෑ.... මෙහෙට දාන්න මෙහෙට දාන්න කියල. වීදුරුව පාත් කරල මූණ පෙන්නුවම බලන්න එපැයි ඒ කට්ටියගෙ මූණුවල තියෙන ලැජ්ජාව. එතනත් පහුකරගන ගිහින් නැවත දකුණට හැරී ගමන් කරනවිට තමයි ලොකුඅම්මලාගේ නිවස තියෙන්නේ. 

සමහර ගම් වැසියන්ගේ දෛනික කටයුතුවලට කලබලකාරී සහ විනෝද ශීලී දෙදිනක් බවට දැන් සෙනසුරාදා සහ බදාදා පත්ව ඇති අතර, ඇතැමුන්ට නම් එය වටිනා දවස් බවට පත්ව ඇත. බෙහෝ ගම් වාසීන් විවිධ වෙලද කුටි, පූජා භාණ්ඩ අලෙවි සැල්, වාහන නැවතුම් ස්ථාන, සාස්තර කියන ස්ථාන (හෙ හේ, ඔයාල දන්නවත් ඇති මෙතන පුදුම සෙනගක් ඉන්නෙ,), වෙලාවල් හදහන් බලන තැන්, දේවාලය අසලට වෙන්න තවත් බොහෝ කඩ, ලොතරැයි කූඩූ, කෑම කඩ ආදියෙන් පිරිල ඉතිරිලා, 

බොහෝ ගම් වැසියන්ගේ ආර්ථිකය දියුණුවීමනම් සතුටට කරැණක්. එදා ලොකු අම්මලාගේ ගෙදර ගිහිනුත් කතාකලේ මේ මාතෘකාවම තමයි. එතකොටත් දේවාලය සහ සූනියම් දෙවිදුන් ගැන ගොඩක් කරැණු දැන්ගන්නත් ලැබුණා. ඉදිරියට ඒවත් කායන්නම්කෝ. 

කලින් ලිපියේ ඉතිරි කොටස කියවල බලන්නකෝ.....

සුනියම් දේවතාවා - 02
                                  හූනියම් දෙවියන් - යකු උපත ඔබ යම් අදහසක් ඇත.. එයට තවත් කොටසක් එක්කරන්නට ඔන, එකම දෙය ගැන කතා කීපයක් තියන කොට පොඩි අවුලක් තියනවා, මමත් මෙය සොයා බලන්නට පෙර කතා තුනක් දැනන්   උන්න මේවත් එක්ක මතුවට පල කරන්නම් හිතගිය කතා ටිකක් නිසා පල කරන්න හිතුන, මල විකාර ඉන්දියාවෙන් ආවා මේවත් MADE IN INDIA තමා පෙර බාරතයේ වඩිගපුර රජුන්ට නිමල නමින් දේවියක් හිටියා, ඇය ගර්බනී වුකල බලවත් ආසාවක් ලෙස පහලවුයේ සර්පයන් ඇග පැලදීමටය (පෙර කතාවට වඩා ටිකක් වෙනස් නෙ) මෙතුලින් උපන් කුමරු රවුද්‍ර ගතිවලින් පරිපුර්ණ විය,මේ කුමරා ඔඩිඩ්ස නමින් ප්‍රකට විය, මේ කුමරු බිහිවන  දින පරිවාර දේවියන් දහසට පිරිමි දරුඋපත් ලැබිණි, ඔවුන්ටද ඔඩිඩ්ස කුමරුන්ගෙ යක්ස විලාශයන් මවා පෑවේය, ඔඩිඩ්සගෙ පරිවාර පිරිස ලෙසින් මොවුන් දහස සිටියේය,   
                                    
කලක් ගතවූ පසු ඔඩිඩ්ස කුමරුන් විශාල පර්වතයක චතුවාර නමින් සතර දිසාවට දොරවල් සතරක් සහිත සතර දිසාවම පෙනෙන ලෙස මාලිගාවක් කරවා බිරියන් සතරදෙනෙකු සමග කල්යැවීය,ඔඩිඩ්ස කුමරුන් ආහාරය ලෙසින් ගත්තෙ නාගයන්ය පානය ලෙසින් නයි විසය,ඔඩිඩ්සගෙ බලය උරගා බලන්නටත් ප්‍රථමයෙන් පොඩි හුනියමක් කරන්නට හිතිල යොදුන් ගානක් දුරසිටින රජකෙනෙක් නමින් සාගල වූ රජ ගුප්ත ලෙස ලෙඩ කිරීමය, කලදෑ හරියට ම සිදුවිය,සාගල රජුගෙ ගත ඔඩිඩ්සගෙ බලයෙන් රෝගාතුර විය, එවකට සිටි නිමිති බලන බමුණන්ගෙ පිහිට පැතු සාගලරජු ඔඩිඩ්සට පුදජුජාවක් කරන්නට නියම විය,එය පලතුරු, සහල්, පස් පුළුටු(පුළුටු වර්ග පහක්),අල වර්ග හා වලස්හමක් ආදිය ජුජාවට අඩංගු ප්‍රදාන ජාති අතර විය,ඉන් පසුව සාගලරජු සුවපත්විය, මෙය මිනිසුන් අතර ප්‍රසිද්ද වන කල මිනිසුන්ද ඔඩිඩ්සට පුදජුජා කරන්නට පෙලබුණි.

තවත් පතපොතෙහි සුනියම් යකුගෙ ඇදුම වලස් හමක් ලෙසින්ද වාහනය රන්වන් ගොනෙකු ලෙසින් දැක්වෙ,තවද මොහුට දස බිසෝවරුන් සිටිබැව් සදහන්වෙ,
1.
තකරි
2.
මකරි
3.
යමදුති
4.
කාල-රාක්ෂි 
5.
අසේනි
6.
විසේනි
7.
ඉරුගල්කන්ඩි
8.
නාග-රූපී 
9.
පුෂ්ප-රූපී
10.
තිලෝක දේවි         
      
ලෙසින් බිරින්දෑවරුන් නම් සදහන්වෙ තවද මෙම නම් සර්ප-වෙදකම් වලදී ඇතැම් දල පහරවල් හදුන්වන්නට යොදාගන්නවා ඇත,   
                                              
බල කාමය මෙය කාලීන වදනකි බහුතරයක් මිනිසුන්ට මුදල් අත ගැවසෙන කල සොයනුයේ අසීමිත බලයකි එය මැරබලය, දේශපාලන බලය ආදී වූ නානාකරයේ බලයෙන් මත්වෙති, එවැන්නෙක් ගැන නැවත ඔබට  කියන්නට ගියකළ නැවතත් පැමිණෙනුයේ සුනියම් උපත ගැන තවත් මතයකටය.. වෙලාවකට මෙය එකම කතාවක කොටස් සේය. 
                             කෙසෙය් වුනත් මා හට දක්නට තිබුන මෙවැන්නක් එනම් මොහුගෙය් පියා ලෙස ඔඩිඩ් රජු ද මව ලෙසින් යදව්ගිරි දේවිය විය, ඔඩිඩ් කුමරු සොලොස්විය දී ලැබූ අසාමාන්‍ය මානසික හා ශාරීරික බලයෙන් මත්විය ප්‍රතිපල ලෙසින් තම පියාගෙම අසිපතින් පියාව දෙපලු කළේය, ඉන් පසු වඩිග පුරයෙන් ගොස් වඩිග රජුන් මරා එතැනින් පාඩේර නුවරට ගොසින් එහි රජුද මරා සිය පිරිවර සමගින් එරන්ද නම් වනයට වැද සිටිබවය, ඔබ අප දන්නා ලෙසින් බලයෙන් තරමක් වැඩි වනවිට අපට වැද වැඩි බලයක් තියන උදවිය ඇසුරු කරන්නට ප්‍රියවන බව නොරහසකි සමාජය තුල ඕණා තරම් පුද්ගල චරිත දක්නට ඇත, අහවලා අහවල්ලුන් ආදීලෙස දැක්වීම පලක් නැත, කෙස් වුවත් යක්ෂයන් අතර බලයේ කෙල පැමිණි යක්සයන්ට අදිපති වූ වෙසමුණි රජු මුණගැසී තමා විසින් මැරූ තුන්කට්ටුව ගැන පවසා මනුෂයන්ගෙ බිලි පුද ගන්නට අවසර ගත්තේය.. ඔන්න මෙතැන් පටන් මිනිසුන්ට ග්‍රහ බල දුර්වල පුද්ගලයන් බලා නොයෙක් ලෙඩ ඇතිකරන්නටත් අවෙලාවට හැසිරෙනවුන්ට බියකරුලෙසින් පෙනී සිටින්නට අමතක නොකළේය,තවද බිලිපුජා කරන්නවුන් ඉතාහොදින් ආරක්ස කරන බව පිළිගත් මතයකි.      

                   
ඔං බලපුළුවන්කාර,කෙරුම්කාර,නම්බුකාර නඩුකාර ගම්බාර දෙවියන්ට සංස්කෘත බසින් නමස්කාර කරන ශ්ලොකවල දෙවියන්ගේ ස්වබාවය පිලිබිබුකරයි..

ශිව මස්තු නමෝ රමඃ
කන්ද සෙනා සමාගමඃ
වඩිග තන්ත්‍ර මණි කණ්ඨඃ
ඔඩ්ඩි මංගල නමෝ නමඃ
අග්නිඃ කන්දංච හස්තේන
හස්තෙන වඩිග කර්ගතේ 
මුඛෙන විෂ සර්පේන
ශිර්ශේ පංච කේෂකේ

උදරේ නාග බන්දාම් - නිලොතතුරග වාහනා 
සුනියම් දේවතා නාම - මයහන්දි පාදකේ නමෝ             

          
මෙතුල ගම්බාර දෙවියන්ව නමස්කාරයට යොදාගන්නා ගාථාවකි ඇතැම් මෙ දෙවියන් පුජා කරන පිරිස මෙම ගාථාව කියා අවසානයේ දෙවියන්ට පින්දීම සිදුකරනු ලබති,තවද යන්ත්‍ර-මන්ත්‍ර වලදී බහුලව බවිතාවෙ, අදට නවතිනුයේ තවත් කොටසක් රසවින්දනයට තබමිනි එතුලින් ගම්බාර දෙවියන්ගෙ පුදා වැඩ වරද්දා ගත් අපේම මිනිසුන් ගැන කතාකරමු.. එතෙක් සියලු දෙනාට තුනුරුවන් සරණයි....!


1 comment:

  1. මචෝ මූ ගෑණු 10ක් තියාගෙන හිටියනම් මාර බඩු කිං කෙකෙනේ. මූ අපිට තමා ගේම දෙන්නේ අපි බඩු දෙකක් ගැහුවොත්.

    ReplyDelete

මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...