Friday, January 6, 2017

මොහිණීගේ අඩවිය 11

10 කොටස                   12 කොටස





පසුගිය කොටසින්
=============

මොකද කියනවනම්, මා නිද්‍රාවට පත්වෙනවාත් සමගම මගේ මායා බලයත් දස මසක් ගතවනතුරු නිද්‍රාවට පත්වෙනව. ඉතින් මම නිද්‍රාවට පත්වෙනවාත් සමගම මම මායා බලයෙන් මවාගන සිටින මාලිගය කඩා වැටෙන්නට පටන් ගනීවි. ඒ මොහොත වනවිට ඔබ සිටින්නේ පොළව යටට වන්නට නිසා මාලිගය කඩා වැටෙන්නට පෙර ඉවත් වීමට නුඹට නොහැකි වේවි.

නුඹට ඉන් පෙර මාලිගයෙන් ඉවත්වීමට හැකි වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව,

එක් වරම ඇගේ මුවින් එසේ පිට විට. 

ඒ කියන්නේ ඇගේ සිත තුල යම් කිසි ආදරයක් මා ගැන ඇති නිසා නේද? මා තුළ ප්‍රශ්නාර්තයක් ඇති විය.

පුරාණ කනත්ත දෙසට කිට්ටු වෙනවිට කනත්ත පිහිටි භූමියේ අලංකාර මාලිගාව සැකසී තිබූ අතර, ඇය මා තුරැලු කර ගනම පොළවට පහත් විණි. එසේ තුරුළු වී සිටීම මට ගෙන ආවේ පුදුමාකාර හැගීමක්. ඇත්ත වශයෙන්ම ඒක ඇය පිළිබද ඇතිවූ ආදර හැගීමක්.......

අද එතැන් සිට
==========


අපි මාලිගය භූමියට පා තබනවාත් සමගම කාමිණීගේ සේවිකාවන් යැයි සිතියහැකි රූමත් ළදුන් 5 දෙනෙක් පමණ මාලිගය තුළ සිට ඉදිරියට පැමිණියා. ඉතා සතුටු ස්වරයෙන් කෑ කෝ ගසමින් අප සිටි තැනට පැමිණි ඔවුන් කාමිණීට ආචාර කර මා වටා දුව පනිමින් දගලන්නට වුණා. විටෙක මගේ ඇගේ  දැවටෙමින්ද, මගේ ශරීරය ස්පරශ කරමින්ද ඔවුන් දගලන්නට වුණා. මින් පෙර අවස්ථාවකදීද එසේ සිදු වී ඇතත් මෙවර එම සිදුවීම කාමිණී යක්ෂණියට නුරුස්සන ස්වභාවයක් තමයි ගත්තේ. එක්වරම දෑත් ඉහළට ඔසවා භයානක හඩකින් කෑ ගැසූ ඇය රතු කරගත් දෙනෙතින් සුරූපී වෙසින් සිටි ඇගේ සහචර යක්ෂණියන් දෙස බැලුවා.
මේ මගේ දඩයම. නුබලාට බැහැ එයට ළං වෙන්න හෝ භුක්ති විදින්න. ඔහුගෙන් ඈත් වෙලා හිටපල්ල. යැයි ඇය පවසන්නට වුණා.

එසේ පැවසූ ඇය එම යක්ෂණියන් දෙසට කුඩා මල්ලක් වීසි කළා. මෙන්න උඹලාගේ අද රාත්‍රී ආහාරය කියමින් ඇය ඒ දෙසට ඇගිල්ල දිගු කළා.

ඇය වීසිකළ මල්ල බිම වැටෙනවාත් සමග ඒ තුළින් කුඩා දරුවකුගේ හැඩිල්ලක් ඇසෙන්නට වුණා. හැගී ගිය ආකාරයට මාස පහක් හෝ හයක් වයස කුඩා දරුවෙක් තමයි ඒ තුළ සිටියේ. තම ගොදුර වටා ඉතා සතුටු ලීලාවෙන් දැගලූ ඔවුන් මද වේලාවකින් ගොදුරත් සමගම දුමාරයක් බවට පත් වී අතුරුදන් වී ගියා. තවත් සිවල්ප වේලාවකින් මාලිගය දෙසින් එම දරුවාගේ කෑ ගැසිල්ල එක්වරක් ඇසුණු අතර, ඉන්පසු පරිසරය දිගු නිහැඩියාවකට පත්වුණා.

ඉන්පසු එම නිහැඩියාව බිදුනේ කාමිණීගේ කටහඩ අවදිවීමත් සමගයි. ඔබ බිය වූවා ද? මේ මාලිගය තුලට ඇතුළුවන ඔබට බියවීමට කිසිදු කාරණාවක් නැහැ. කිසිම මනුෂ්‍යයෙක්ගෙන්, අමනුෂ්‍යයෙක්ගෙන්, සතෙකුගෙන් හෝ කිසිම දෙයකින් කිසිම අනතුරක් මේ මාලිගය තුල ඔබට සිදුවන්නේ නැහැ.යි ඇය පැවසුවා.

දැන් අපි යමු ඇතුළට යැයි පවසමින් ඇය මාගේ අතින් අදින්නට වුණා.
මාලිගයේ දොරටුව ගනකම් ලෝහමය එකක් වූ අතර එය ඉතා අළංකාර ලෙස කැටයම් කර තිබුණා. පලු දෙකට ඇරෙන ආකාරයෙන් සකසා තිබූ දොරටුව අසලට යනවිට ඉබේම හැරැණු අතර අප දෙදෙනා ඒ තුලින් මාලිගයට ඇතුලු වුණා.

මාලිගය තුල තිබූ සියලුම බඩු භාණ්ඩ පෞරාණික ඒවා වූ අතර,ලීයෙන් කළ භාණ්ඩ නිතර ඔප දමන්නාක් සේ හොදින් දිස්නය දුන්නා. සෑම තැනම පහන් දැල්වීම සදහා පළිගු වලින් සෑදූ ඉටි පන්දම් සවි කරන රදවන තිබූ අතර ඒවා අප යන විටත් දැල්වෙමින් තිබුණා.

ඇය එම ස්ථානය පසුකර මාත් සමග දිගටම ගමන් කළ අතර විවිධ කාමර වලට ඇතුළුවන දොරවල් ගණනාවක් පසුකළ අතර, තනිව ගියහොත් මග වරදින තරම් කාමර ගණනක් එහි වුණා. අවසානයේ විසිතුරු තරප්පු පෙළක් බසින්නට වුණා. එය මාලිගයේ  පොළව තුළට වන්නට තමයි පිහිටල තිබුණේ. හුරතල්ව මගේ අතේ එල්ලී ගමන් කළ ඇය මාව තරප්පු පෙළෙන් පහළට කැදවාගන ගියා. ඉන් අවසානයේ ඇයත් මමත්  විශාල අළංකාරවත් කාමරයකට ඇතුළු වුණා. එය ඉස්තරම් තත්වයේ භාණ්ඩ වලින් සහ අවශ්‍ය සියලුම දේ වලින් සමන්විත වුණා. එයින් පැහැදිළි වූයේ එම කාමරය කාමිණීට අයත් කාමරය බවයි.

බිත්ති වල විවිධ චිත්‍ර ඇද තිබූ අතර බොහොමයක් ඒවා විවිධ ලිංගික ඉරියව් දැක්වෙන ඒවා බව මද වේලාවක් නිරීක්ෂණය කිරීමේදී පැහැදිළ වුණා.එම කාමරයේම  දකුණු පසට වන්නට බිත්තියටම අල්ලා විශාල රාක්කයක් ඉදිකර තිබූ අතර එය පෞරාණික පොත් පත් වලින් පිරී තිබුණා. කාමරයේ මධ්‍යයට වන්නට විශාල ඇදක් තිබූ අතර එය වියනක් සහිත ඇදක් බව බැලූ බැල්මට දැකගත හැකි වුණා. නමුත් එම වියනේ විවිධ ස්ථාන වල අමුතු දේවල් එල්ලා තිබෙනු දැකගත හැකි වුණා.

මා ඒවා නිරීක්ෂණය කරන අතරතුර කාමිනී කාමරයේ වම් පසට වන්නට පිහිටි පැරණි ලීයෙන් කළ විශාල අල්මාරිය දෙසට ඇවිද ගිය අතර, යන අතර මගදීම ඇය හැද සිටි ඇදුම  උණා දමන්නට වුණා. පිටුපසින් සිටි මට ඇගේ නග්න දේහය මැනවින් දැගගතහැකි වුණා. දිව්‍යාංගනාවක මෙන් රූමත් වූ ඈගේ ශරීරය මෙවර මට දිස් වූවේ පෙරට වඩා වෙනස් ස්වරූපයකින්. වයසක මැහැල්ලකගේ සිරුරක ස්වභාවයක් ඒ අවස්ථාවේ පෙනෙන්නට වුණා. අල්මාරිය විවෘත කළ ඇය එයින් එළියට ඇදගත් ඇදුමක් ඉක්මණින් ඇගේ උණාගත් අතර, ඇදුමේම තිබූ හිස් ආවරණයකින් හිසද වසාගත්තා. දැන් ඇගේ මුහුණ හෝ කිසිදු කොටසක් පිටතට නොපෙනෙන අතර ඇගේ පෙනුම හරියට මායා චිත්‍රපටි වල සිටින මායා කාරියක් වගේම තමයි කියල දකින ඕනෑම කෙනෙකුට සිතෙනව.
ඔබ විවේකයක් ගන්න, මම මගේ මෙහෙකාරියන් අතේ ඔබට පවිත්‍ර වීමට අවශ්‍ය උණු ජලය සහ අළුත් ඇදුම් ද, කෑමට අවශ්‍ය ආහාරද එවන්නම්. ඔබ ආහාර ගෙන සුවසේ නිදන්න. ඔබ අවදිවන විට මා නැවත පැමිනෙන්නම්. යි පැවසූ ඈ පිට වීමට සූදානම් වුණා. හදිසියේ යමක් මතක් වී ආපසු හැරුණු ඇය, නුබට අවශ්‍ය ඕනෑම තැනක ඇවිදින්න, නමුත් වසා ඇති කාමර වලට ඇතුළු වෙන්න එපා, ඒක හොදින් මතක තියාගන්න. යැයි පැවසූ ඇය කාමරයෙන් පිට වුණා.

ඇය කතා කරන හඩේ ද මහළු ස්වරයක් තිබූ අතර, මාගේ සාමාන්‍ය දැනීමට අනුව වැටහී ගියේ දැන් රාත්‍රිය ගෙවී අවසන් වෙමින් පවතින බවයි. හිරු උදාවත් සමග ඇගේ ශක්තිය නැතිවීයාමට පටන් අරන් තිබුනේ.

තවත් ස්වල්ප වේලාවකින් පිරිමින් තුන් දෙනෙකු විසින් විශාල දුම් දමන ජල බදුන් කිහිපයක් වාර කිහිපයකදී ගෙනැවිත් කාමරය තුල වූ පැරණි මෝස්තරයේ  නාන බේසම උණු ජලයෙන් පුරවන්නට වුණා. පුරවා අවසන් වුණු ඔවුන් තිදෙනා මා දෙසට හැරී හිස නමා ආචාරය පළකොට එතුනින් පිටවී ගියා. ඒ අවස්ථාවේ වෙන කල යුත්තක් නොවූ නිසා පොඩි වොෂ් එකක් දාගන්න හිතාගෙන හැද සිටි ඇදුම් ටිකත් ගලවල ඇද උඩින් තියල හීන් සීරුවේ නාන බේසමට බැස්සා.

නැවත කිසිවෙකු නො ඒවි යැයි සිතා එසේ ඇග පත සොදා ගැනීමට සූදානම් වූවාත්, එක් වරම කාන්තාවන් තිදෙනෙකු ආහාර පාන සහ ඇදුම් අතැතිව කාමරයට ඇතුළු වුණා. කාන්තාවන් දෙදෙනෙකු විසින් රැගෙන ආ ආහාර තබමින් කෑම මේසය සකස් කළ අතර අනිත් කාන්තාව යම් කිසි පීරිසියක් වැනි බදුනක් සහ ඇදුම් රැගෙන මා සිටි දෙසට පැමිණි අතර, මා පසු කොට බිත්තිය දෙසට ගමන් කළ ඇය,  ඇය රැගෙන ආ දේවල් එහි වූ මේසය මත තබනු ඇසුනා.

මගේ පසු පසින් සිටි නිසා ඈ කුමක් කරන්නේ ද යැයි වැටහීමක් නොතිබුණත් ඇගේ පාද වල බැද තිබූ පාද සළඹ හඩින් තේරුනේ ඇය මා සිටිනා දිහාවට එන බවයි. මා පිටුපසින් පැමිණි ඈ මා පසුකර මාගේ ඉදිරියට පැමිණි අතර මා ඉදිරියේදී ඈ හැද සිටි දුහුල් ඇදුම ගලවා නිරුවත් විය. කිසිදු කතා බහක් නොකළ ඇය මා සිටිනා නාන බේසම තුළටම පැමිණ මා අසලින් වාඩි වී මගේ ශරීරය සුමුදු ලෙස අත ගාන්නට විය. රන් වන් පැහැ සමක් තිබූ ඇගේ හිසකෙස් කළු පැහැයෙන් යුතු විය. ඉදිරියට වැටුණු හිසකෙස් නිසා ඇගේ පියයුරු යුගල වැසී තිබූණි. කෑම මේසය සකසමින් සිටි ළදුන් දෙදෙනාද එම කාර්ය අවසන් වූ අතර ඔවුන් දෙදෙනාද මුලින්ම පැමිණි කාන්තාව මෙන්ම අප අසලට පැමිණ නිරුවත් වී නාන බේසමට ගොඩ වීය. අලුතෙන් එක් වූ එක් කාන්තාවක් තරමක් කලු පැහැති සිරුරකින් යුතු වූ අතර අනිත් කාන්තාව සුදු පැහැ සිරුරකින් යුතු වී ය. නමුත් බැලූ බැල්මට කළු පැහැති කාන්තාව අනිත් දෙදෙනාටම වඩා ලස්සනකින් යුතු කාන්තාවක් වී ය. ඔවුන් කිසිවෙක් ඇසිපිය නොහෙලූ අතර කිසිදු සිනාවක් හෝ කතා බහක් නොවී ය. ඔවුන් යම් කිසි මෝහනයකට පත් වූ ආකාරයක් තමයි පෙනෙන්නට වූයේ. හැගී ගිය ආකාරයට ඔවුන්ට ලබා දී තිබූ කාර්ය්‍ය වූයේ මට ආහාර ලබා දීමත්, මා පිරිසිදු කිරීමත් යන කාර්ය්‍යන් දෙක විය යුතුයි.

මේ වෙන විට නිරැවත් යුවතියන් තිදෙනෙකු මැද තනිවී සිටි මට අපූරු සිතුවිලි පහළ වීමට පටන් ගනිමින් තමයි තිබුනේ.....

මතුසම්බන්ධයි...

යාලුවනේ කතාව හොදයි නම් ශෙයාර් කරල සහයෝගයක් දෙන්න. අපේ පිටුවටත් ලයික් එකක් දාල එකතු වෙන්න. මෙන්න ෆේස්බුක් ලින්ක් එක https://www.facebook.com/kathantharakaraya/ 

No comments:

Post a Comment

මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...