
තව බලන්න
නුඹේ නෙත පිරැණු කදුලට
නොවැටී හිදින්නට කියාපන්
මා සිතේ හිනැහුනු සිනා පොද
රැගෙන එනතුරැ ඇසිල්ලෙන්..........
නුඹේ හද දවන සුසුමට
වැටෙන්නට ඉඩ දී සිනාසෙන්
තවත් නම් සිත රිදෙන සිතුවිලි
නොඑන්නට හිදිමි නුඹ ළගින්.........
මෙතෙක් මා හැඩවූ අතීතෙට
සමුදෙන්න කාළය දැන් ඇවිත්
ආදරේ පුරන්නට හිතේ හැටියට
සිතක් ඇත පෙරමග බලන්.......
ආදරේ පුරන්නට මේ සිතට
නුඹෙන් අවසර නොලදහොත්
හිදින්නම් දුර ඈත තනිවෙලා
ආදරේ මතක පොත පෙරලමින්.....
No comments:
Post a Comment
මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා