බැරි වෙලවත් ඔහු තෙල් කුප්පිය පවිච්චි කලේ නැත්නම් මට ඔහුගේ දම්වැල් ටික ගලවා දමන්න සිදුවෙනවා.
ඊළග දින කිහිපය තුල නිවෙඉ බෙහෙවින්ම නිශ්චල විය. කිසිවෙකුටත් භුතය දැකීමට හෝ ඔහුගේ ශබ්දය ඇසීමටවත් නොහකි විය. පවුලේ සියලු දෙනාම කතා කලේ පුස්තකාල කාමරයේ බිම ඇති ලේ පැල්ලම පිලිබඳවය. වොෂින්ටන් දිනපතාම එම ලේ පැල්ලම මකා දැම්මේය. එහෙත් සෑම රාත්‍රියකම ලේ පැල්ලම නැවත නැවත මතු විය. මේ අතර ඔවුන් පුදුමයට පත්වූයේ සෑම රාත්‍රියකදීම ඔටිස් මහතා පුස්තකාල කාමරයේ දොරවලුත් ජනේලත් තදින්ම වසා දමා යතුරු තමා අතට ගැනීම නිසාය. එපමණක් නොව ඔහු යතුරැ සිය නිදන කාමරයේම තබාගත්තේය. මීට අමතරව ලේ පැල්ලමේ පාටද ක්‍රම ක්‍රමයෙන් පුදුමාකාර ලෙස වෙනස් වන්නට විය. සමහර දින වල එම ලේ පැල්ලම් රක්ත වර්ණයෙන් යුක්ත වූ අතර සමහර දිනවල ලා රතු පැහැයෙන් යුතු විය. තවත් දිනෙක එය කහ පැහැයෙන් තිබෙන ඔවුන්ට දක්නට ලැබිණි. එක්තරා උදෑසනක ලේ පැල්ලම පරීක්ෂා කර බැලූ ඔවුනට පෙනුනේ එම ලේ පැල්ලම කොළ පැහැයෙන් තිබෙන බවකි. මේ දුටු ඔවුන් සියලු දෙනාට මහ හඩින් සිනහ පහළ විය.
"අපොයි දෙවියනේ මේකෙ පාට හෙට වෙන කොට මොකක් වෙයිද?" යැයි කියමින් ඔවුන් සිනාසෙමින් එකිනෙකා දෙස බලන්නට වූහ. එහෙත් කුඩා වර්ජිනියා නම් ඔවුන් සමග සිනාවට සම්බන්ධ වූයේ නැත. ලේ පැල්ලම දුටු ඇය තුල ඇතිවූයේ බලවත් කණගාටුවකි. එසේ ලේ පැල්ලම කොළ පාට වූ දින සිය කාමරයට ගිය වර්ජිනියා අඩන්නට වූවාය.....
දෙවෙනි වරට ඔටිස් පවුලේ උදවියට භූතයා දක්නට හැකිවූයේ ඉරිදා දිනක රාත්‍රියේ දීය. ඔවුහු එදින සිරිත් පරිදි නින්දට ගිය අතර විනාඩි කිහිපයක් ගතවන තුරැත් නිවස නිෂ්චලව තිබුණි. එක්වරම මෙම නිහඩතාවය බිදිමින් මාරාන්තික ශබ්ධයක් මුලුතැන්ගෙය දෙසින් ඇසෙන්නට විය. එය කුමක්දැයි සොයා බැලීමට ඔවුන් එකා පසුපස එකා මුලුතැන්ගෙය දෙසට දිව ගියහ. එහිදී ඔවුන්ට දැකගත හැකි වූයේ අති විශාල අධික බරකින් යුතු සන්නාහකයක් මහ පොලව මත වැටී ඇති බවකි.
"මේ සන්නාහකය තිබුණේ සාමාන්‍යයෙන් අතන බිත්තියේ කෙළවරේ. ඒක පොලවට කඩා වැටුනේ කොහොමද? අපි ටිකක් පරීක්ෂා කරලා බලමු" වොෂින්ටන් කීවේය.
ඒ අනුව ඔවුන් සියලු දෙන එය පරීක්ෂා කරන්නට වූහ. එකෙනෙහිම ඔවුනට දර්ශනය වූයේ කැන්ටර්විල් භූතයා සන්නාහකය අසල තිබූ අසුනක් මත වාඩිවී සිටින බවකි. ඔහු කම්මුලට අත තබාගෙන සිටියේය. මේ දුටු ලාබාල වියෙහි වූ නිවුන්නු දෙදෙන මහ හඩින් සිනාසෙන්නට වූහ. ඇමරිකන් ජාතිකයකු වූ ඕටිස් මහතා වහාම සිය තුවක්කුව අතට ගත්තේය.අනතුරැව ඔහු භුතයා අමතා මෙසේ තර්ජනය කළේය.
"උස්සාපන් උඹේ අත් !"
මීට කීකරැ වෙම්දෝයි නොදැන භූතයා ඔවුන් පසුකොට දොර දෙසට දිව ගියේය. ඔහු පහන නිවා දැමූ අතර සියලු දෙනාම අන්ධකාරයේ පසු වූහ. කාමරයෙන් ඉවතට ගිය භූතයා ඉතා බිහිසුනු ලෙස සියලු දෙනාම බිය කරවන සුලු සිනහවක් පෑවේය. ඇත්තෙන්ම ඒ සිනාව ඉතා ප්‍රසිද්ධ සිනහවක් විය. ඔටිස් පවුල කෙසේ වෙතත් එතෙක් කාළයක් කැන්ටර්විල් චේස් නිවෙසේ සිටි සියල්ලෝම මෙම බියකරැ සිනහව නිසා දැඩි කම්පනයට පත් වූහ. කැන්ටර්විල් චේස් නිවසේ මීට වසර සිය ගනණකට පෙර සිටි එක්තරා පුද්ගලයෙකුගේ හිසකෙස් පවා තමාගේ මෙම සිනහව නිසා දුඹුරැ පැහැයට හැරැණු බව භූතයාට මතකය. මේ අතර භූතයා පඩිපේලිය නගිමින් ඉදිරියට ගියේය.
"හරි හරි, ඒගොල්ලො දැන් හොදටම බය වෙලා." දිව යන අතරම ඔහු සතුටින් සිතන්නට විය.


No comments:
Post a Comment
මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා