Monday, May 30, 2016

මොහිණීගේ අඩවිය 08

07 කොටස                             මෝහිණීගේ උපත         09 කොටස

පසුගිය කොටසින්

අම්මා වරින් වර ලබා දුන් ආහාර පාන නිසා පැය දෙක තුනක් යනවිට ශරීරය ප්‍රාණවත් වී ඇවිද ගැනීමට පුලුවන් තත්වයට පත්වුණා. 12 විතර මගේ මිතුරකු මා බැලීමට පැමිණි අතර ඔහුත් සමග කතාවකට වැටුණා. ඔහු සොයගන ඇති ආකාරයට මට මුණගැසී ඇත්තේ මොහිණීගේ අවතාරයක්. අවුරැදු ගණනාවකට කළින් අපේ ගම්පළාත් පාළනය කරගන සිටි සිටු පවුලක රූමත් දියණියක්.........

අද එතැන් සිට


කාමිණී නම් වූ ඇය කුඩා කළ සිටම දඩබ්බර දරැවකු සේ ඇතිදැඩි වී ඇති අතර වැඩිවියට පැමිණෙද්දීත් ඒ ගතිගුණ ඒ ආකාරයෙන්ම තිබිල තියෙනව. රූපශ්‍රීයෙන් නම් කිසිම අඩුවක් නැතිලු. දකින ඕනම කෙනෙක් ගේ හිත ඇය වෙත නිකම්ම ඇදිල යනවලු. තරැණ වියට එළඹෙනකොට ඇයගේ විවිධ ආශාවන් වැඩි වෙලා. හොදින් හෝ නරකින් තම අවශ්‍යතා ඉටුකර ගන්නවලු. දෙමාපියන්ටවත් පාළනය කරගන්න බැරි තත්වයකට පත්වෙලා තියෙනව. ඔය ආශාවන් අතරින් ඇය වැඩියෙන්ම ප්‍රිය කරල තියෙන්නේ පිරිමින්ව තම වසගයට අරගන ඔවුන් සමග යහන් ගතවෙලා තම කාම ආශාවන් ඉශ්ඨ කරගන්න. ඇයට තිබිල තියෙන්නේ එසේ මෙසේ ආශාවන් නෙමෙයි. විකෘති කාමාශාවන්ලු.තමන්ගේ සේවිකාවන් සියල්ලමත් ඇය සමග එකතු කරගන්නවලු මෙම ක්‍රියාවන්ට. (අපේ කාලේ ඔහොම එකියක් උන්නනම් නේද ඉතින් :P ) සමහර පිරිමින් මරණාසන්න වනතුරැම දින ගනන් ඇයට අවශ්‍ය විදියට යහනේ තබාගන්නවලු. ප්‍රදේශ වාසීන් හට කරකියාගත හැකි දෙයක් නැතිලු. එවකට සිටි රජතුමත් ඇගේ වසගයේ සිටි නිසා රජතුමා නැටුවේ ඇගේ පදයටලු.

ඇගේ දෙමා පියන් මහලු අවධියේ කොසේ හෝ මැයට විවාහයක් සිදුකර දී තිබෙනව. නමුත් ඒ පුද්ගලයාත් දමාසයක් වැනි කෙටි කාළයක් තුලදී මරනයට පත්වෙලා තියෙනව. කාළයාගේ ඇවෑමෙන් ඇගේ දෙමාපියන්ද මිය පරලොව ගියාට පසුව, එවකට රජකම් කළ රජතුමාගේද අභාවය සිදු වෙලා තියෙනව. ඇය තරැණවියේ සිටම කාටත් රහසේ මන්ත්‍ර‍ශාස්ත්‍ර‍ හදාරල තිබෙනව. ඇගේ දෙමාපියන් සහ රටේ රජු මියයන කාළය වනවිට ඈ මන්ත්‍ර‍ාස්ත්‍රය පිළිබද උපරිම දැනුමක් ලබා සිටි අතර ඈ වටා සිටි සේවිකාවන්ද ඇගේ ගෝලයන් බවට පත් කරගන ඇත. සෑම සවසකම සේවිකාවන්ද පිරිවරා අශ්ව කරත්තයෙන් සංචාරය කරන ඇය කවුරැන් හෝ කඩවසම් තරැණයකු ඇගේ මාලිගාවට අල්ලාගන යයි. ඇයට විරුද්ධව නැගීසිටීමට යමෙකු උත්සහ කරයි නම් ඇගේ මන්ත්‍ර‍බලය උපයෝගි කරගෙන ඔවුන් විනාශ කර දමයි. එනිසා ඇයට සියලු දෙනා බිය වූහ. ඇය අමරණීයත්වයට පත්වීමට උත්සාහ ගන්නා වගක් රටපුරා පැතිර යන්නට විය.

රජතුමාගේ ඇවෑමෙන් ඊළගට රජකමට පත්ව ඇත්තේ එතුමාගේ පුත්‍ර‍යා වන අතර, එතුමාට මෙම පුවත දැනගන්නට ලැබිණ. මේ ආකාරයෙන් පුරැෂයින් ඝාතනයට පත්වීමට හැරිය නොහැකි බව තරයේ කියා සිටි එතුමා කාමිණී අල්ලා සිරකිරීමට සෙන්පතිට නියෝග කළා. සේනාවද රැගෙන ඇය ඇල්ලීමට ගියද කාමිණි සහ ඇගේ සේවිකාවන් පිරිවර විසින් ඔවුන් වසගයට ගෙන ඇගේ අවශ්‍යතා ඉටුකරගන ගමේ සෑම තැනම ඔවුන්ගේ මිණී ගොඩගසා ගොස් තිබුණා. ඔය ආකාරයෙන් රජතුමා සේනා කිහිපයක් එවුවත් ඇයව පරාජය කිරීමට නොහැකි වෙලා තියෙනව. රජතුමා ඉතාම හොද බෞද්ධයෙක්ලු. පසුකාලීනව බුද්ධාගම නගාසිටුවීමට ලොකු සේවයක් කරල තියෙනව. ඇය පැරදවීමට ක්‍ර‍යක් රජතුමා විසින් එවකට රටේ වැඩ වාසය කළ මහානායක ස්වාමීන් වහන්සේලා සමග කථාබහ කරගෙන තියනව. 

ඒ උපදෙස් අනුව පොහොය දිනයකදී රජතුමා පෙරමුණ ගත් සේනාවක් අවිත් කාමිණී සහ ඇගේ සහචර කණ්ඩායම අල්ලා මරාදමා මෙම පළාතට තිබූ බිය ජනක තත්වය නිමා කර දී තිබෙනව. කාම්ණී ඇතුලු පිරිවර හිස ගසා දැමීමෙන් තමයි මරල තියෙන්නේ. හිස ගසා දැමීමට මොහොතකට පෙර ඇය විසින් තර්ජනාත්මක ස්වරයෙන් කියල තියෙනව ඇය මරා දැමුවත් නැවත එන බව. මීටත් වඩා බලවත්ව පැමිණ තම ආධිපත්‍යය පතුරවන බවට. කෙසේ හෝ රජු විසින් ඇයගේ කතාව ඉවර කර ඇති අතර ගම් වැසියන් විසින් උත්සව සැනකෙලි පවත්වමින් ඇගේ මරණය සමරල තියෙනව. අද ගමේ ඇති සුසානභූමිය නිර්මාණය වෙලා තියෙන්නේ ඇය සහ පිරිවර වලදැමූ ස්ථානයේ. එනම් ඇයගේ මන්දිරය පිහිටි භූමිය. පසු කාලීනව ගැමියන් විසින් ඇගේ මන්දිරයද සමතලා කරල දාල තියනව.

ඇය මරා දමා මාසයක් පමණ ගතවනවිට ගම්වාසීන් ඉතාමත් නිදහස් බියෙන් තොර ජීවන රටාවකට හුරු වී ඇති අතර ගමි ප්‍රදේශයේ පිරිමි ගහනය නැවත වර්ධනය වීමට පටන් ගෙන තියෙනව. එයින් වසර 100 පමණ ගතවුණාට පසුව අපේ ගම් ප්‍රදේ්‍ශයේ පිරිමි ගැහැණු සම ප්‍ර‍මාණ වලින් ඉදල තියෙනව. එසේ සියල්ල සිදුවී වසර 100 පිරෙන දිනයේ මැදියම් රාත්‍රියක එවකට සිටි අතිදක්ෂ මන්ත්‍රාචාර්ය කෙනෙක් ගමේ සුසාන භූමියේ තම ගෝල බාලයිනුත් එක්ක යාගයක් කරල තියෙනව. ඔය යාගෙ දවසේ මැදියම් රෑ හෙන පුපුරමින් වැස්ස ඇදහැලිල තියෙනව. ගමේ ඈත කොනකින් පටන් ගත්තු සුලි කුණාටුවක් කරකැවෙමින් ගස් කොලන් කඩා බිද දමමින් සුසාන භූමිය පැත්තට ඇදිල ගිහින් තියෙනව. ගම් වැසියෙත් දැකල තියෙනව. මමත් ඒ වගේ දෙයක් දැක්ක කියල පසුගිය කොටස් වල සදහන් කරල ඇති. ගමේ ඇති පුරාවෘත අනුව එදින මන්ත්‍රාචාර්යතුමා විසින් අදුරු අමනුෂ්‍ය ලෝකයේ සිටි මායාකාරියට මෙලොවට පැමිණීමට දොරටුවක් තමයි විවෘත කරල දීල තියෙන්නේ. මගේත් මගේ මිතුරාගේත් නිගමනයන්ට අනුව එම දොරටුව ඇත්තේ අපේ ගමේ ඊසාන දිශාවට වෙන්න ගම කෙළවර පිහිටි ස්ථානයකයි. මා මුහුණ දුන් අවස්ථාවේදීත් සුලි කුණාටුව ආවේ ඊසාන දිග දෙසින්, මිතුරා සොයාගන ඇති විස්තර වලට අනුවත් එය පටන් ගෙන ඇත්තේ ඊසානදිග දෙසට වන්නයි.

පුරාවෘත කතාවට අනුව සුලියක් ආකාරයෙන් පැමිණෙන්නේ කාමිණී සහ ඇගේ සේවිකාවන්, කාමිණී මරණින් පසු අමනුෂ්‍ය ලෝකයේ අදුරැ පෙදෙසකට එනම් නරක පැත්තට ඇද වැටී ඇති අතර ඇය මනුෂ්‍ය ලෝකයේදී ලබාගත් ගුප්ත ශාස්ත්‍ර‍න් පිළිබද දැනුම නිසා අමනුෂ්‍ය ලෝකයේ බලවත් රූමත් යක්ෂණියක් බවට පත්වෙලා. මන්ත්‍ර‍කරුවා විසින් අමනුෂ්‍ය ලෝකයත් මනුෂ්‍ය ලෝකයත් අතර ගමන් කළ හැකි දොර විවෘත කළ විගස මෙලොවට පැමිණීමට දැඩි ලෙස ඔනෑකමින් බලා සිටි කාමිණී ඇගේ පිරිවරත් සමග මෙලොවට පැමිණ තිබෙනවා. පැමිණි විගස ඇය ගොස් ඇත්තේ ඇගේ මාලිගය ඇති ස්ථානයටයි. එම ස්ථානය විනාශ කර දමා සුසාන භූමියක් බවට පත් කර ඇති බව දුටු ඇය ඉතාමත් කෝපා වෙලා තිබෙනව. ඇගේ භූමිය තුල යාග කරමින් සිටි පිරිස දුටු ඇයට තව තවත් තරහා ගොස් තියෙනව. අනිත් එක තමයි එතන ඉදල තියෙන්නේ පිරිමි කට්ටියනේ. අවුරුදු 100 පුරාවට සිරවී තිබූ ආශාවන් මෙම පිරිස මගින් කාමිණී සහ සේවිකාවන් සංසිදුවාගන තිබෙනව. සෑහෙන ප්‍ර‍මාණයකට දක්ශ සහ බලවත් වූ මන්ත්‍රාචාර්යා පමණක් විනාශ කිරීමට ඇයට අපහසු වෙලා තියෙනව. එම ස්ථානයෙන් කෙසේ හෝ පැනගත් ඔහු ගල්කන්ද රජමහාවිහාරයේ බොධියේ අසලට ගිහින් තමයි යකින්නගෙන් බේරිලා තියෙන්නේ. එදින රෑ එළිවන ටිකට ගමේ පිරිමින් විශාල වශයෙන් ලේ උරා බීම සහ ලිංගිකව වධ දීම මගින් මරා දමා තිබුණා. බේරැණු ඉතිරි සියලු දෙනා පන්සල් භූමියට පැමිණ ආරක්ෂාකාරීව පසුදා පහන් වෙන තුරැ ඉදල තියෙනව. පියවි ඇසට පෙනෙන ආකාරයෙන් පැමිණ ඇති එම යක් සේනාවට පන්සලේ සීමාව පසුකරගෙන ඒමට නොහැකි වෙලා තියෙනව. 

හිරුගේ පළමු කිරණ පොළවට වැටෙත්ම වේදනා කාරී ශබ්ධ නගමින් එම යක්ෂණිය සහ පිරිස සුසාන භූමිය දෙසට දුමාරයක් බවට පත් වී පාවී ගොස් තිබෙනව. දහවල් කාළයේ එම යක්ෂණියට බලයක් නැති බව වටහාගත් පිරිස භූමියෙන් එළියට පැමිණිලා නිවෙස් වලට ගිහින් තියෙනව. 

එම කාළයේ කවුරැත් නොසිතූ ලෙස ශ්‍රීපාද අඩවියේ රහසේ වාසය කළ දිවැස් ලාභී රහතුන් වහන්සේ නමක් එදින උදෑසන අවදි වෙලා දිවැසින් අප දේශය බලන විට මෙම ඛේදවාචකය දැකල තියෙනව. රහතුන් වහන්සේ සෘධිබලයෙන් ගල්කන්ද රජමහා විහාරයට වැඩමකර පන්සලේ නායක ස්වාමීන්ද්‍ර‍යන් වහන්සේ සහ අනිකුත් ස්වාමීන් වහන්සේලාත් සමග සාකච්ඡා කර ඇති අතර දහවල් කාළයේ පිරිත් දේශනා කර ගමේ ඇතිවී තිබූ බිය නැති කරල තියෙනව. එදින පටන් එම පිරිතේ බලය ගම්මුන්ගේ දැහැමි ජීවන රටාව අනුව රදා පවතින බව පවසා ඇති අතරකෙදිනක හෝ ගම්වාසීන් අකුසල් ක්‍රියාවන්ට පෙළඹුනහොත් එම  පිරිතේ බලය  නොමැතිවී යන බව පවසා ඇත. එම මොහොතේ පටන් ගම තුල යකින්නගේ බලය හීන වී යනබව පවසා තිබෙනව. ඇදිරි වැටෙන්න පෙර පන්සලට රැස්වූ ගම් වාසීන් බියවී කුමක් සිදුවේදැයි විමසිල්ලෙන් ඉදල තියෙනව. ඉර බැසයාමත් සමගම අවදිවූ කාමිණී සහ පිරිස රුධිරය සොයා ගම පුරා සැරිසරන්න වුණා.නමුත් ඔවුන්ට වෙනදා තරම් බලගතු බවක් පෙනෙන්න තිබුණේ නැතිලු. ගමන් කිරීමේ හැකියාව හැරෙන්නට භෞතිකමය දේවල් වලට බලපෑම් කිරීමට නොහැකිලු. ඒ අර පිරිතේ බලය නිසා ලු. වෙනදා රැස් විහිදවමින්, අළංකාර ඇදුම් මවා ගනිමින්, තද වැසි සුළං මවා පාමින් මිනිසුන්ට හිරිහැර කරමින් හැසිරෙන යකින්න එදින බල හීන යකින්නක් බවට පත්ව සිට ඇති අතර, පෙණුම වී ඇත්තේ පැරණි සිටු කුමරියකගේ ජරාජීර්ණ වූ ඇදුමක්. සිරැරද කුණුවී ඔජස් ගලමින් තමයි හිදල තියෙන්නේ.

විහාරයේ සිට පිටතට වැඩම කළ රහතුන් වහන්සේ ඇය ප්‍ර‍ුමුඛ කණ්ඩායමෙන් ධර්මය අසා නිවැරදි මගට ඒමට කැමතිදැයි විමසා ඇති අතර, එයට යකින්න සහ පිරිවර අකමැත්ත පළකර ඇත. ඉන් පසු තම සෘධි බලයෙන්  අහසට නැගි රහතුන් වහන්සේ විශාල හස්තයක් මවාගන කාමිණී ඇතුලු යකුන් ටික එම අතින් එක මිටට ගෙන, ගමේ ඊසාන දෙසට ගුවනේ පාවී ගොස් අහසේ සිටම අමනුශ්‍ය ලෝකයට දොර විවරකර අතෙහි වූ යකුන් අනිත් ලෝකයට විසිකර දැමූ බවට තමයි පැරණි කථාවේ කියන්නේ. 

එම කාර්යන් අවසන් කළ රහතුන් වහන්සේ නැවත ශ්‍රීපාද අඩවියට වැඩමකිරීමට යන අවස්ථාවේ නායක හාමුදුරැවන්ගේ ඉල්ලීම පරිදි ගල්කන්ද රජමහ විහාරලේ ගල් පව්ව මත් වන්දනාමාන කිරීම සදහා රහතුන් වහන්සේගේ සිරි පතුල් තබා ගල්පව්ව මත සිරිපතුලක් මැවූ බව සදහන් වෙනව. පන්සලට යන උදවියට අදටත් ඒ සිරිපතුල දක්නට ලැබෙනව.

කාළයාගේ ඇවෑමෙන් ගැමියන් නැවතත් තම ජීවිත හොදින් ගතකරන්නට වෙලා තියෙනව. අර මන්ත්‍රාචාර්ය්‍යතුමාත් පැවදිවෙලා තියෙනව. තමන් දන්න සියලු දැනුම පුස්කොළ පොත්වල ලියූ ස්වාමීන්වහන්සේ, අමනුශ්‍ය ලෝකයට දොරටුව විවර කරන මන්ත්‍ර‍ පවා ලියල තියෙනව. රහතුන් වහන්සේ දේශනා කළ ආකාරයට ගැමියන් කුසල් කරමින් ජීවත් වෙලා තියෙනව. 

යාලුවා මට ඔය කතාව කියල ඉවර වෙනකොට තමයි ඔරලෝසුව දිහා බැලුනේ... දැන් වෙලාව 5.30, සිතට බයක් දැනෙන්න ගත්තා.....

මතු සම්බන්ධයි........

1 comment:

  1. ගූ හතයි. ගොන්පාට් දහයයි.

    ReplyDelete

මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...