Sunday, June 19, 2016

පුද්ගල ආරක්ෂක උපකරණ

ඉතින් යාලුවනේ මේ ළගදි ගිය ට්‍රේනින් එකකදී මම ඉගෙන ගත්තු කර්මාන්තශාලා වල රැකියාවේ නියුතු යාලුවන්ට වැදගත් යැයි සිතෙන ලිපි පෙළක් අරන් එන්නයි හදන්නේ. කියවල බලල තමන්ට රැකියා ජීවිතයේදී තම සෞඛ්‍ය ආරක්ෂාවට වැදගත් දෙයක් ඇත්නම් එය භාවිතයට ගන්නා මෙන් ඉල්ලා සිටිනව. කියවල බලන්නකෝ එහෙනම්....

PPE යනු කුමක්ද?


P- Personal (පුද්ගල)
P- Protective (ආරක්ෂක)
E- Equipments (උපකරණ)

උදා - ආරක්ෂක අත් ආවරණ සහ පා ආවරණ

§වැඩපලේදී ඔබට සිදුවන  සෞඛ්‍ය හා  සුරක්ෂිතතාව සම්බන්ධ උවදුරු    
  වලින්  ඔබ ආරක්ෂා කිරීමට මෙම උපකරණ වලට හැකිය.

§කෙසේ වෙතත් එය නොපැලදීමට ඔබ තීරණය කරන්නේ නම්  හෝ 
  නිවැරදිව නොපලදින්නේ නම් ඔබ ආරක්ෂා කිරීමට එයට නොහැක. 

පුද්ගල ආරක්ෂක උපකරණ වර්ග
§හිස ආරක්ෂාව
§ඇස් සහ මුහුණ ආරක්ෂාව
§ශ්‍රවණ ආරක්ෂාව  
§ශ්වසන ආරක්ෂාව
§අත් ආරක්ෂාව
§පාද ආරක්ෂාව
§ශරීර ආරක්ෂාව

                           හිස ආරක්ෂාව


හිස ආරක්ෂාව වැදගත් වන්නේ ඇයි ?
බොහෝ අවස්ථා වලදී හිසට ඇති වන තුවාල බරපතල ඒවා වේ.එනිසා හිස ආරක්ෂාව ඉතා වැදගත් වේ.
ආරක්‍ෂිත හිස් වැසුමකින් පහත සදහන් දෑ වලින් ඔබව  ආරක්ෂා කල හැකිය.
§උඩක සිට හිස මතට වැටෙන ද්‍රව්‍ය
§තැලීම්, සීරීම්
§උඩක සිට වැටෙන හානිකර රසායනික ද්‍රව්‍ය
§විදුලි සැර වැදීම්


මෙය සුදුසු ආරක්ෂිත හිස් අවරනයක්ද?




ආරක්ෂිත හිස් වැසුම් යනු,
§හිසට වදින පහරවල් මගින් හිස ආරක්ෂා කරන තද අවරණයකි.
§ආරක්ෂිත හිස් වැසුම් ඇතුලේ ඇති රදවනය කම්පන අවශෝෂකයක් ලෙස ක්‍රියා කරයි.
§ආරක්ෂිත හිස් වැසුම් මගින් ඔබගේ  හිස, මුහුණ, ගෙල සහ උරහිස්  විසිරෙන හෝ වැටෙන හානිකර රසායනික ද්‍රව්‍ය මගින් ආරක්ෂා කරයි.
§බොහෝ ආරක්ෂිත හිස් වැසුම් විදුලි සර වැදීම් වලකන මාධ්‍යයක් (පරිවාරක)ලෙස ක්‍රියා කරයි.
§ආරක්ෂිත හිස් වැසුම් වලට මුහුණු ආවරණ, කන් ආවරණ සම්බන්ද කොට භාවිතාකල හැකිය.

ආරක්ෂිත හිස් වැසුම් සදහා උදාහරණ
පලන්චියක වැඩ කරමින් සිටි සේවකයකු අතින් වැරදීමකින් ඉස්කුරුප්පු නියනක් බිමට වැටුණු අතර  එය පහල වැඩ කරමින් සිටි සේවකගේ ආරක්ෂිත හිස් වැසුමේ වැදී සිරවිය.
  එක්සත් ජනපදයේ ගුවන් හමුදාව   විසින් සිදුකල ආරක්ෂිත හිස්වැසුමක  පරීක්ෂණය.    


ආරක්ෂිත හිස් වැසුම් පැළදිය යුත්තේ,
§උඩක සිට ද්‍රව්‍ය වැටීමේ අවදාමනක් ඇති ප්‍රදේශ සහ ඒ අවට.
§පහලින් එල්ලා ඇති භාදක ඇති විට.
§හිස් සහ මුහුණු  ආරක්ෂාව යන දෙකම අවශ්‍ය ඇතැම් ස්ථාන වලදී.

තවත් කොටස් කීපයක් තියෙනවා......

No comments:

Post a Comment

මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...