Tuesday, July 26, 2016

ආරක්ෂක උපකරණ 06

පාද වලට වියහැකි අනතුරු

2යමක් වැදීමෙන් වන අනතුරු
2වැටීමෙන් හා ඉසීම් වලින් ඇතිවන අනතුරු   
2පීඩනයෙන් ඇතිවන අනතුරු
2විදුලිසැර වැදීමෙන් වන අනතුරු
2අධික උණුසුම, ශීතල සහ තෙතමනය මගින් වන අනතුරු
2ලිස්සා යාම මගින් වන අනතුරු  


මතකතබාගන්න...
7කර්මාන්ත ශාලාව තුලදී ආරක්‍ෂිත සපත්තු හෝ බූට්ස් පැලදීම 
    අනිවාර්යය වේ.
7ජලයේ හෝ ඒ අශ්‍රිතව හෝ ලිස්සනසුළු උවදුරු සහිත ස්ථාන වල 
    වැඩ කරන විට ආරක්‍ෂිත සපත්තු හෝ බූට්ස් පැළදිය යුතුය.
7හානිකර රසායනික ද්‍රව්‍ය සමග වැඩ කරනවිට රසායනික ද්‍රව්‍ය 
    වලට ඔරොත්තු දෙන ආරක්‍ෂිත සපත්තු හෝ බූට්ස් පැළදිය යුතුය. 

ආරක්ෂිත සපත්තු / බූට් නිවැරදිව භාවිතත කරන ආකාරය සහ 
නඩත්තු

8  ඔබ සිදුකිරීමට යන කාර්ය්‍යට ගැලපෙන නිවැරදි වර්ගයේ 
         සපත්තු තෝරාගෙන භාවිතා කරන්න. (එහිදී තමාගේ පාද වල
         ප්‍රමාණයට ගැලපෙන සපත්තු තෝරා ගත යුතුය)

8  සෑම භාවිතා කිරීමකටම පෙර හොදින් පරීක්ෂා කර බලන්න.

8  සිදුරු සහ පළුදුවීම් අත්දැයි පරීක්ෂා කර බලන්න.

8  කැඩුණු සහ ගෙවුණු සපත්තු / බූට් වෙනුවට අලුත් ඒවා 
         භාවිතා කරන්න.

8  රසානික ද්‍රව්‍ය භාවිතයේදී යොදා ගන්නා සපත්තු / බූට් වල 
         සිදුරු සහ පළුදු නොතිබිය යුතුය.

8  සෑම විටම  සපත්තු පිරිසිදුව හා වියලිව තබාගන්න. සෑම 
         භාවිතයකින්ම පසුව තැවරුණු දූවිලි හෝ රසායනික ද්‍රව්‍ය 
         ඉවත්කර තබන්න.

8  සපත්තු සෑම විටම පිරිසිදු, සිසිල් . වියලි, වාතාශ්‍රය සහිත 
         ස්ථානයක ගබඩා කරන්න.

8  සපත්තු රසායනික ද්‍රව්‍ය සම්බන්ධ කාර්යයන් සදහා යොදා ගත 
         විට , සපත්තු ගැලවීමට පෙර තැවරුණු රසායනික ද්‍රව්‍ය ඉවත් 
         කිරීමට ජලය භාවිතා කරන්න.

ශරීර ආරක්ෂාව 
ශරීර ආරක්ෂාව වැදගත් වන්නේ ඇයි?
සම ශරීර අභ්‍යන්තරයේ කොටස් වලට  ස්වභාවික බාධකයක් 
     ලෙස ක්‍රියා කරයි.

රසායනික ද්‍රව්‍ය වලට සමේ පවතින එම බාදකය බිදිය හැකි 
     අතර ඒ මගින් ශරීර අභ්‍යන්තරයේ කොටස් වලට හානි සිදු 
     කල හැකිය.


  මෙම පහත රූපයේ වැරැද්ද ඔබට පෙනෙනවාද?

ශරීරයට සිදුවිය හැකි අනතුරු වර්ග 
3උෂ්ණත්ව ආතතතිය
3අධික තාපයට (උණුසුම් ද්‍රව්‍ය) සහ අධික ශීතලට 
   නිරාවරණය මගින් පිළිස්සීම් සිදුවිය හැකිය.
3හානිකර රසානික ද්‍රව්‍ය ස්පර්ෂය
3රසානික ද්‍රව්‍ය ශරීරයට විසිවීම  
3සාත්මිකතාවයක් ඇතිකරන ද්‍රව්‍ය වලට නිරාවරණය වීම
3විකිරණය 

ශරීර ආරක්ෂක උපකරණ වර්ග 
-කවර්රෝල් (පූර්ණ ශරීර ආවරණය)

-ඇස්බැස්ටස් වැනි ද්‍රව්‍ය භාවිතයේදී 
-හානිකර රසායන ද්‍රව්‍ය බාවිතයේදී 
-හදිසි අවස්ථාවක ප්‍රතිචාර දැක්වීමේ සහ බේරා 
     ගැනීමේ ඇදුම් 
-ඒප්‍රන්
-පරිවරණය කරන ලද කබා සහ කලිසම්  
  0ගිනි  ප්‍රතිරෝධී
  0තාප ප්‍රතිරෝධී 
  0සිසිලස ප්‍රතිරෝධී 

කවර්රෝල්  සහ ඒප්‍රන්  භාවිතත කරන ආකාරය සහ නඩත්තු
1ඔබ ඉටු කිරීමට යන කාර්යයට ගැලපෙන 
     නිවැරදි ශරීර ආරක්ෂණය තෝරාගෙන භාවිතා 
     කරන්න.
1රසායනික ද්‍රව්‍ය සමග වැඩ කිරීමට අදාල ඇදුම් 
     රසායනික ප්‍රතිරෝධී බව තහවුරු කරගන්න.
1ඒප්‍රන් $ කවර්රෝල් භාවිතයට පෙර පරීක්ෂා 
     කර බලන්න.
1භාවිතයෙන් පසු පිරිසිදු, සිසිල් . වියලි, වාතාශ්‍රය 
     සහිත ස්ථානයක ගබඩා කරන්න.
පුද්ගල ආරක්ෂක උපකරණ පැළද නොසිටීමට දෙන පිළිගත නොහැකි නිදහසට කරුණු ...
“හදිස්සියට දැක්කේ නැහැ , බැලුවේ නැහැ”
“මට අනතුරු වෙන්නේ නැහැ”
“විනාඩියක වැඩක් තියෙන්නේ”
“පොඩි වැඩක් තියෙන්නේ”
අනතුරු බොහෝ විට අප නොසිතන අවස්ථාවල සිදුවේ. එනිසා එය සිදු වීමට පෙර වලක්වා ගනීම සහ සුදානම්ව සිටීම සැමගේ වගකීමක් වේ.



No comments:

Post a Comment

මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...