පසුගිය කොටසින්.....
මෙයා හදන්නෙ මගෙ කන්පෙති විදින්න.මෙම වඩේට විරුද්ධ වීමට සිතුනද....මට තවදුරටත් පිරිමියෙකු වසයෙන් සිටීමට නොහැකිබව තේරුම් ගත් බැවින් එයට ඉඩදුන්නෙමි.කටුවෙන් විදිනවිට කුඩා රිදුමක් ඇතිවිය. ඔහු විද්ද සිදුර තුලින් යමක් ඇතුල් කරනබව තේරුනි....මම හිතන්නෙ කරාබුවක් දැම්මෙ....මට සිතුනි. අනිත් කනද විද්ද ඔහු එයටද කරාබුවක් සවිකර කන්නාඩියක් මගේ මුහුන ඉදිරියට ඇල්ලුවේය.......මගේ කන් පෙතිදෙකේ ලස්සන රත්තරන් කරාබු දෙකක් දමාතිබෙනු දුටුවෙමි.....ප්රොෆෙස ලග තිබුනු තවත් පෙට්ටියක් ඇරිය ඔහු ඒ තුලින් ලස්සන රත්රන් මාලයක් ගත්තේය.....මේ ඔක්කොම මගේ තෑගි.....මගේ ගෙලෙහි එය පලදවන ගමන් කීවේය.......මම.... තැන්ක් සර් ...... කියමින් ඔහුට ස්තූති කලෙමි......දැන්නම් ඔයා ගොඩක් ලස්සනයි හර්ශනී......චතුරානි කීවාය. දහවල් කෑමගත් අපි සාප්පු යෑමසදහා නිවාඩුගෙන පිටත්වූවෙමු......
අද එතැන් සිට.....
අපි රෙදි සාප්පුවකට ගොඩවී පලමුවෙන්ම ගියේ කාන්තා ඇදුම් තබා තිබෙන පැත්තටය.කිසිදිනක කාන්තා අදුම් තෝරා පුරුදු නැති මට මෙය නුපුරුදු කටයුත්තක් විය. ඒවා දෙස බලන විටද ලැජ්ජා සහගත හැගීමක් සිත තුල ජනිතවිය.චතුරානි ඇදුම් තේරීමට පටන්ගත්තත් මා පැත්තකටවී සිටියෙමි.එක් ගවුමක් අතට ගත් ඈ වටපිටබලා මාව සොයන අයුරු දුටුවෙමි.......මොකද හර්ශනී ඈතට වෙලා ඉන්නෙ මේක හොදද කියල බලන්නකෝ.......ඇය මට අඩගැසුවාය.කිසිවක් නොකී මම හිස සොලවා හොඩයයි අනුමත කලෙමි............ඔහොම බලල හරියන්නෙ නෑ අනේ.... ටිකක් අතට අරන් ඇගට තියල බලන්න.......මම ලැජ්ජාව පිරුනු හිතුවිලි ඇතිව එය අතගෑවෙමි.එම ගවුම සිනිදු රෙදිවර්ගයකින් මසා ඇතිබව තේරුම් ගත්තෙමි.....මේක ඇන්දහම ඇගට සනීප ඇති.මන් ඇදන් ඉන්න කමිසෙට වඩා මේ රෙදි සනීපයි....ඒත් මේක ගැහැනු ඇදුමක්නෙ........නැවතත් ලැජ්ජාවක් ඇතිවිය......මේක ඔයාට ලස්සනයි නේද ඇසූ චතුරානි එය මගේ ඇඟට තබා හැඩබලන්න විය.අනතුරුව....මේක පොඩ්ඩක් තියාගන්නකො........ පැවසූ ඇය මගේ අතට එම ගවුම දුන්නාය. ලැජ්ජාවෙන් අතටගත් එම ගවුමේ රෙද්ද නැවතත් අත ගෑවෙමි.එහි ඇති සිනිදුබවත් රෙද්දෙහි ඇති සනීපයත් දැනුනු මට.........අත ගානකොට මෙහෙමනම් ඇන්දහම කොයිතරම් සනීපයක් ඇගට දැනෙයිද...... සිතන්ටවූයෙමි.........හර්ශනී....ඕක දිහා බලා ඉන්නෙ නැතුව හොද එකක් තෝරගන්නකෝ......චතුරානි නැවතත් අඩගැසුවාය.මුලින් තෝරාගත් ගවුම එක අතක තබාගත් මම ගවුන් පරීක්ශා කිරීමට පටන්ගත්තෙමි.....එක එක ජාතියෙ ලස්සන ඇදුම් කොල්ලන්ගෙ ඇදුම් වාගෙ නෙවෙයි කෙල්ලන්ගෙ ඇඳුම් කොයික තෝරගන්න කියල හිතාගන්නත් බෑ.....කවදාවත් ගවුමක් ඇදල නැති මට මේව ඇන්දොත් කොයි වගේ හිටීවිද?.......මම හිතන්නෙ මාවත් චතුරානි වගේ ලස්සන හැඩකාර තරුණියක් වගේ පෙනෙයි.මාවත් මේවගේ ලස්සන කෙල්ලෙක් වගේ පෙනුනොත්නම් වාසනාවක්...මේව ඇන්දම කොයිතරම් ඇගට සනීපයක් ඇතිවුනත් කොයිතරම් සුරූපී පෙනුමක් ගෙනදුන්නත් මෙච්චර කාලයක් පිරිමියෙක් හැටියට හිටිය මම ගවුන් ඇදගෙන කෙල්ලෙක් වගේ හැසිරෙන්නෙ කොහොමද........ නැවතත් මගේ හිතතුල කෙල්ලෙක් විදිහට ජීවත්වීමේ ලැජ්ජා සහගත හැගීම ඇතිවිය.....නැවතවරක් ගවුමක් තෝරාගෙන මා අසලට පැමිනි චතුරානි එයද මගේ ඇගට තබා හැඩබලන්ට විය...ලස්සනයි නේද ඇසූ ඇය එයද මා අතෙහි තැබුවාය.මේ ආකාරයට මාවෙනුවෙන් ගවුන් කිහිපයක් සහ සාය බ්ලවුස් කිහිපයක් තෝරාගත් ඇය මීලගට ගියේ ගැහැනුන්ගේ යට ඇදුන් තිබෙන පැත්තටය.ඇය මා දෙස බලමින් බ්රෙසියර තෝරන අයුරු දුටුවත් මා ඒ අසලට නොගියේ තවමත් සිතතුල පැනනැගී ඇති ලැජ්ජා සහගත හැගීම නිසාය.ඒවායේ සටහන් කර තිබෙන මිමි අනුව තෝරා ගත් නිසාත් ඇයත් මමත් එකම ප්රමානයේ නිසාත් ඒවා තෝරගැනීම ඇතරම් ගැටලුවක් ඇති නොවුනි. ඒ අනුව යට සායවල් කිහිපයක් සහ පෑන්ටි කිහිපයක්ද තෝරගත් බව දක්නට ලැබුනි......ඒක නෙවෙයි හර්ශනී මේ ගවුන් ටික ඇදල බලමුද?....ඇසුවාය.....ඔයා ඇදල බලන්න....මම කීවෙමි.........මට නෙවෙයිනෙ මේව ගත්තෙ ඔයාටනෙ ඉතින් ඔයා එපායැ ඇදල බලන්න.......චතුරිකා පැවසුවාය...මම කොහොමද මෙතැන අදින්නෙ.....ඇසුවෙමි.......මෙතැන නෙවෙයි අනේ පිටෝන් කාමරේ.....ඇය කීවාය.....කවදාවත් ඇදල නැති ඇදුම් එකවරම අදින්නෙ කොහොමද....හිතූ මම.....අපි බෝඩිමට ගිහිල්ලම ඇදල බලමු...........මම කීවෙමි.......අපි සාප්පුවෙන් නික්මීමට පෙර චතුරානි සෙන්ට් කුප්පියක් පව්ඩර් සහ ලිප්ටික් කිව්ටෙක්ස් කිහිපයක් ද මිලදීගනු දුටුවෙමි.....හර්ශනී අර සපත්තු කඩේටත් ගිහින් යමු.... ඇය යෝජනා කලාය. සපත්තු කඩයට ගොඩවූ ඇය ගැහැනු සෙරෙප්පු තේරීමට පටන්ගත්තාය...........ඕකනම් ඔයාට ගැලපෙනව .... ඇය අතට ගත් සෙරෙප්පුව පෙන්වා මා කීවෙමි.......මේ මට නෙවෙයි ඔයාට.........ඇය මාවෙනුවෙන් සෙරෙප්පු තෝරන බව දැනගත්තේ එවිටය..........මෙයා අදනම් මාව නියම කෙල්ලෙක් කරන්න හදන්නෙ.......අනේ මන්ද ලැජ්ජාවෙ බෑ.....මා සිතුවෙමි.......මා පෙන්වූ සෙරෙප්පුව මගේ කකුලට දා බලන ලෙස ඇය කීවාය......ගෙදර ගිහින් බලමු.....මම කීවෙමි....ඇදුම් වගේ මේව ගෙදර ගිහින් බලන්න බෑ දාල බලල ගන්න ඕනැ.........ඇය පැවසුවාය.....දැන් ඉතින් මොනව කරන්නද මම පුටුව මත වාඩිවුනෙමි.....සොප් එකේ සේවිකාවක් මා අසලට පැමින එය මගේ කකුලට පැලදවීමට පටන්ගත්තාය.....සෙරෙප්පුවේ පිටුපස තරමක් උස්වී තිබුනද ඇවිදින විට එහි අපහසුවක් නොමැති බව දැනුනි. ගැහැනු සෙරෙප්පු වලට හුරුනොමැති බවක් මිස වෙනත් කිසිම ගැටලුවක් ඇති නොවුනු බැවින් අපි ඒවා මිලදී ගත්තෙමු.
මතුසම්බන්ධයි.....
No comments:
Post a Comment
මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා