මීගමුව
උසාවියේ සිදුවන කතන්තරකාරයා ඇස් දෙකෙන් දැක්ක සිදුවීමක් තමයි මේක. මීට පෙර උසාවි
වලට ගිහින් නොමැති නිසා කතන්තරකාරයා දුටු දෙය වැරදියට සිතා සිටිනවාද දන්නේත් නෑ.
හරි වැරද්ද ඔයාල හිතල බලන්නකෝ, මම සිදුවුණු සිදුවීම කියන්නම්.
මා කියන්නට යන
කතාවේ වරද වූයේ අපේ අතින්මය. එය මුලින්ම පිළිගෙන සිටිමි. සිදුවීම සිදුවූවේ මේ
අයුරිනි.
එදින සිංහල
අලුත් අවුරුද්ද සදහා ආයතනය ලබාදුන් නිවාඩු අවසන් වී නැවත රාජකාරීන් ආරම්භ කළ දිනය
විය. නිවාඩුවෙන් පසු වැඩ පටන්ගෙන පළමු දිනය නිසා වැඩි වැඩක් ආයතනය තුල නොතිබූ
නිසා, අපි විසින් කළමණාකාරතුමාගෙන් වේලාසන යාමට අවසර ඉල්ලා ගතිමු. ඒ සෑම වසරකම
සිංහල අලුත් අවුරුදු සැමරීම සදහා පුංවි පාටියක් දැමීම සදහායි. කාර්ය්‍යමණ්ඩලයේ
මිතුරන් එක්වී අහල පහල ඇති සාමාන්‍යතත්වයේ චයිනීස් රෙස්ටුරන්ට් එකක වෙනදා මෙම
පාටිය පවත්වන අතර, මෙවර පාටිය පැවැත්වීමට තෝරා ගැණුනේ අලුත්ම තැනක්. ගම්පහ පැත්තේ
අලුතෙන්ම පටන් අරන් තිබුණු අවන්හලක්, අපේ ආයතනයෙන් ඉවත්වීගිය මිතුරකු විසින් මෙම
ස්ථානය යෝජනා කල අතර ඔහුගේ කාර් එකෙන් අපිව රැගෙනයාමට පැමිණෙන බව පැවසුවා. කොළඹ සිට රැකියාවට පැමිණෙන මිතුරෙකුත්, අප
ආයතනයේ රියදුරැ මහතා සහ තවත් ආයතනයේ මිතුරන් දෙදෙනකුත් කළින් සදහන් කළ මිතුරාගේ
කාරයේ යාමට සූදානම් වුණා. අනිත් පිරිස තම තමන් පැමිණි වාහන වල යාමට සූදානම් වුණා,
කතන්තරකාරයාත් ඉතින් තවත් යාලුවෙකුත් දාගන අනිත් මිතුරනුත් සමග පිටත් වුණා. අවශ්‍ය
සියලුදේ රැගෙන (බියර් සහ අරක්කු) කතන්තරකාරයා එතනට පැමිණෙන විට අනිත් සියලු දෙනා
බයිට්,සැන්ඩි ආදිය සූදානම් කරල තිබුණා. (මේවගේ
අවස්ථාවල කළමණාකරන කටයුතු භාරදෙන්නේ කතන්තරකාරයාට තමා ඉතින්, ඒ ඉතින් කතන්තරකාරයා
මතින් තොර පුද්ගලයෙක් නිසා)
පාටිය පටන්ගත්තා. අවන්හල අලුත් නිසාදෝ, බයිට් ටිකනම් ප්‍රමාණයෙන් සහ
තත්වයෙන් නියමෙටම තිබුණා. කතන්තරකාරයාත් ඇති තරම් බයිට් කා ස්ප්‍රයිට් පානය කලා.
වෙලාව ක්‍රමයෙන් ගතවීගියා. එය කතන්තරකාරයාට හොදහැටි දැනුනත්, මතිවී සිටි අනිත්
මිතුරන්ට කාළය පිළිබද අවබොධයක් නොතිබුණි. වෙලාව රාත්‍රී 08.00 , 09.00 වෙනකොට එකා
දෙන්නාට නිවෙස් බලා යාමට අවශ්‍ය විය,මෙවන් අවස්ථාවල කතන්තරකාරයාගේ වගකීමක් වූයේ
බීලා වැඩිවුණ පුද්ගලයින් ප්‍රවාහනය. වගකීම ඉෂ්ඨ කිරීමක් ලෙස මුලින්ම, දුම්රියේ
වේයන්ගොඩට යන මිතුරකු ගම්පහ දුම්රිය නැවතුම් පොළ වෙත ගෙනයාමට සිදුවිණි. ඔහු සිහිය
නොමැති තත්වයට මත්පැන් පානය කර නොමැති වීම සහනයක් වුණා. ඒ යන අතරතුර සිගරට් බීමට
එක් තැනකත්, බුලත්විට කෑමට තවත් තැනකත් බයිසිකලය නැවැත්වීමට සිදුවුණා. ඒ හැරුණුකොට
වෙනත් ගැටලුවක් ඔහුගෙන් සිදුවුණේ නෑ. ඔහුව ප්‍රවේශමට දුම්රියට නංවා නැවත අදාල
ස්ථානයට පැමිණෙනවිට සියලු දෙනා මත්පැන් බෝතල් හිස් කර තිබූ අතර හතර පස්දෙනෙකු සිටි
තැන්වලම නිසොල්මන් වෙලා, ඒ කියන්නේ හොදටම වැදිලා. තවත් කොටසකට මද පවනට වැදිලා,
තවත් කොටසකට වැදිලා නෑ (ඒ මම ඈ.....) මදපවනට වැදුණු කට්ටියට පොලීසියෙන් ගැටලුවක්
නොවී යන්න පුලුවන් පාරවල් කියා දීල ඔවුන් පිටත් කරල හැරිය අතර, හොදටම වැදුනු තුන්
දෙනෙක් ඉතිරි වුණා. කලින් කියපු යාලුව මතකයි නේ. කාර් එකේ කට්ටියවම දාගන ආවෙ, අන්න
එයාටත් ඉතින් මදපවනට තමයි වැදිල තිබුණේ. එයා කිව්ව හොදටම වැදුනු සෙට් එක දාල
එන්නම් කියල.
වෙන යන්න ක්‍රමයක් නොතිබුණු නිසා වැඩිවුණු තුන්දෙනාවත් වාහනයට නංවාගන,
පරිස්සමට යනලෙස අවවාද කරල, කොයිකටත් කියල ඔවුන් පසුපසින් මමත් බයිසිකලයෙන් ගියා. මද
දුරක් යනවිට කාරයේ වේගය වැඩිවූ අතර, කාරයේ සෙට් එකත් ඉතා ශබ්ධයෙන් දාගන, ඇතුලේ
සිටි පිරිස අත් වාහනයෙන් එලියට දමමින්,හූ කියමින්, කෑකෝගසමින් යන්නට වුණා. ජා ඇලට
කිට්ටුවෙනකොටම රාත්‍රී මුරසේවයේ හිටපු පොලිස් ත්‍රීරෝද රථයක් සහ බයිසිකල්
නිලධාරීන් පිරිසක් පසුකර ගිය අතර මොවුන්ට තේරැණා මත්පැන් පානය කරල තමයි පදවන්නේ
කියල. මම කාරෙකට ලංකරල කිව්වා ඇතුල් පාරකට හරවන්න, සද්දේ අඩු කරන්න ආදී වශයෙන්,
නමුත් කියූ කිසිදෙයක් ඔවුන් නෑසූ අතර පොලිස් නිළධාරීන් ලුහුබැදන් ඇවිත් එක්වරම
කාර් එකට ඉස්සර කරල ත්‍රීවීලර් එක සහ බයිසිකලය නැවැත්වුවා. වාහනය සහ රියදුරා පමණක්
අත්අඩංගුවට ගත් අතර, අනිත් පිරිසට යන ලෙස පොලීසිය විසින් ප්‍රකාශ කලා. මේ වෙනකොට
හැමෝගෙම වෙරි බැහැලා. (හෙ හේ......) පොලිස් නිලධාරියෙක් කාරය පැදවූ අතර අනිත්
පිරිසත් නංවාගත්තේ ඔවුන්ට යාමට වෙන වාහනයක් නොතිබූ නිසා.කතාබහකර සහනායක් ලබා ගැනීමට උත්සාහ කළද (ජරාවක් දීමට) ඒ සදහා පොලිස්
නිළධාරීන් එකග නොවිනි.
**පොලීසිය ගැන දෙයක් පැවසීමට අවශ්‍යයි, පොලිස් සහතිකයක් ලබා ගැනීම, රක්ෂණ
කටයුත්තක් සදහා අවශ්‍ය ලිපියක් ලබා ගැනීම වැනි කටයුතු සදහා මිනුවන්ගොඩ පොලීසියට මා
වාර කිහිපයක් ගිහින් තියෙනව, අපි කිසිම වරදක්වත් සිදුකරල නොවෙයි. නමුත් ඒ
නිලධාරීන් අපට කථාකරන්නේ බල්ලන්ට වගේ. (විශේෂයෙන්ම පහල නිළධාරීන්) දවසක් බයිසිකලය
ඇක්සිඩන්ට් වෙලා, රක්ෂණයෙන් මුදල් ලබා ගැනීමට අවශ්‍ය ලිපියක් ගන්න රථවාහන අංශයට
ගියවෙලේ, මා පැය 1 ½ පමණ රස්තියාදු කළ අතර පරක්කු ඇයි යන්න විමසූවිට පොලිස් කාන්තාවක්
මා හට කියා සිටියේ තොපි බීල ගිහින්
හප්පගෙන උදේට එනව වාර්ථාගන්න කියලා. කනේ ගහන්න හිතුන ඒ බැල්ලිට. මම හිතාගත්ත පොලිස්
කාරයෙක් පාරෙ මැරෙන්න වැටිල හිටියත් ආයෙ ඇහැක් ඇරල බලන්නේ නෑ කියල. **
ඒ අතින් බලනවිට ජා ඇල පොලීසිය මනුස්සයින්ට සැලකීම අතින් ඉහල මට්ටමක තියෙනව
කියල දැනගත්තේ මේ සිදුවීම සිදුවුණ දවසේ. බීල වැඩි වෙලා හිටිය පුද්ගලයින්ට පවා ගරු
සරු ඇතිව කතා කළා. මා එය දුටුවා. කෙසේ හෝ වාහනය පැදවූ මිතුරා බැල්ම් පුම්බා
අවසානයේ කූඩුවට දැමූ අතර අනිත් පිරිසට නිවෙස්වලට යනලෙස පැවසුවා. ඔවුන් පිටත්කර
හැරිය අතර නැවත පැමිණ මිතුරාට බිස්කට් සහ සිසිල් බීම බෝතලයක් ද බිම වාඩිවීමට පත්තර
කොළ කිහිපයක්ද ලබා දී ඒ අසල සිටි පොලිස් නිලධාරියකු සමග කතාබහ කර සිදුවිය යුතු දේ
පිළිබදව දැනගත්තා. එතුමා පැහැදිලිකරදුන් ආකාරයට පසුදින උසාවි දිනයක් බැවින් එදිනටම
නඩුව ලියවාගත් අතර ඔහුට ස්තුති කර මිතුරාටද සමු දී පසුදින උදෑසන උසාවියට පැමිනෙන
බව පවසා මා නිවෙස බලා පිටත් වුණා. නිවසට පැමිණෙන විට වෙලාව පාන්දර 02 පමණ වූ අතර
ඇගපත සොදාගෙන නිදාගත්ත.
පසුදා උදේම සූදානම් වෙලා මිතුරා බැලීමට පොලීසියට යනවිට තවත් මිතුරන් පැමිණ
සිටි අතර ස්වල්ප වේලාවකින් ඔවුන් පොලිසියේ ජිප් රථයකට නංවාගෙන මීගමුව උසාවියට
රැගෙන ගියා. ඒ පිටුපසින් මම තවත් මිතුරකුත් නංවාගෙන මගේ බයිසිකලයෙන් උසාවිය වෙත
ගියා. බයිසිකලය නවත්වා උසාවියේ අදාල නඩුව අසන ශාලාවට අපි පැමිණි අතර, වෙනත් පොලීසි
වලින් සහ බන්ධනාගාරයෙන් ගෙනා සිරකරැවන් දැමීමට උසාවියේ පිටුපස සකසා ඇති සිරකුටියට
අපේ යාලුවත් දාලා තිබුණා. ඔහු සිරකුටියේ සිටින ආකාරය දුටු අපිට එක්වරම සිනාවකුත්
නොගියාම නොවේ.....
විනිශ්චකාරතුමා පැමිණි අතර මද වේලාවකින් උසාවියේ වැඩ පටන්ගත් අතර, 11.30 පමණ
වෙන විට මිතුරාගේ නම කියනු ඇසුණා. ඔහු සිටි කූඩුවේ දොර ජේලර් වරයකු විසින් ඇරිය
අතර මිතුරා විත්ති කූඩුවට ගොඩවීමටත් පෙර දඩය 6000/= රියදුරැ බලපත්‍රය මාස 06ට
අවලංගු බවත්, දඩය ගෙවීමට පසු නිදහස් කරන බවත් පැවසුවා. මිතුරාව නැවත සිර කූඩුවට
දැමූ අතර දඩ මුදල ගෙවීමට ඇති ස්ථානය සොයා මමත් සහයට පැමිණි මිතුරාත් පිටත් වුණා.
එහිදී සිදුවන්නේ දඩ මුදල ගෙවා මුදල් ගෙවන ස්ථානයෙන් ලබා දෙන කොළය රැගෙනගොස්
සිරකුටිය අසල මේසයේ සිටින නිළධාරීන්ට එම කොළය ලබා දීමයි. එය ලබා දුන් ක්ෂණයෙන්
සිරකරුවා නිදහස් කළයුතු අතර සමහර පුද්ගලයින් එම කොළය ලබා දුන් පසුවත් සෑහෙන
වෙලාවක් කූඩුවේ තබා ගනියි. මගේ මිතුරාටද එසේ සිදුවූ නිසා, මා විසින් නැවතත් කොළය
ලබාගත් නිළධාරිනියගෙන් ඒ පිළිබදව විමසා සිටියා. ඇය හරි හරි, දායි දායි පැවසූ අතර,
මම කූඩුව අසලට වී මිතුරා එළියට දමනකම් බලා සිටියා.
**** එහිදී මා දුටු දෙය තමයි මෙම ලිපිය ලිවීමට මුල් වූ හේතුව, එහිදී මා දුටු
ආකාරයට දඩ මුදල් ගෙවූ කොළය ලබාගැනීමට සිටින නිළධාරීන්ට සමහර (උසාවිය පුරුදු, නිතර
යන එන) පුද්ගලයින් විසින් දඩය ගෙවූ කොළය සමග රැ.100 මුදලක් ලබා දෙයි. එතන සිටින
නිලධාරීන් එම මුදල සගවාගන මුදල් සමග දඩකොළය ලබාදුන් අය පමණක් ඉක්මණින් එලියට දැමීම
සිදුකරන අතර අනිත් පුද්ගලයින් පමාකර නිදහස් කරයි. මෙම සිද්ධිය මා බලා සිටිනු දුටු
එක් නිලධාරිණියක් එක් වරම තිගැස්සී අපේ කොළය ජේලර් කෙනෙක්ට ලබා දුනි. ඉන්පසුව
මිතුරාව නිදහස් කළ අතර අපි එම ස්ථානයෙන් පිටත්වී නැවත ජා ඇල පොලීසියට පැමිණ
යාහලුවගේ කාර් එකත් නිදහස් කරගෙන නිවෙස් බලා ගියා****
යුක්තිය ඉටුකරගන්න අපි යන උසාවිය තුලත් මෙවැනි වැරදි ක්‍රියා සිදුවනවානම්
වෙන ස්ථානවල සිදුවෙන එක ලොකු දෙයක් නෙමෙයි.
මට කියන්න තියෙන්නේ මගේ මිතුරන්ට යම් හේතුවකින් මීගමුව උසාවියේ කූඩුවෙන්
මිතුරකු හෝ නෑදෑකෙනෙකු හෝ කවුරුන් හෝ ඉක්මණින් එලියට ගැනීමට අවශ්‍ය නම්, රැපියල්
100 මුදලක් සමග දඩය ගෙවූ කොළය ලබා දෙන්න කියල විතරයි. ඒක කියන්න තමයි මේතරම් වටයක්
ආවේ..... හෙ හේ......
තවත් ලිපියකින් හමු වෙනකම් එහෙනම් ජයවේවා!!!
මම,
කතන්තරකාරයා.....

No comments:
Post a Comment
මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා