Wednesday, August 17, 2016

***- සඳ -***



"මගේ සඳ ඔබ මගේ සඳ ඔබ
සරා සඳ විය පෑයු හිත් අහසේ"

ඔයා දන්නවද.....
දවසක් මං ඔයාව හඳට උපමා කලේ ඇයි කියලා.....
හඳ කියද්දි ඔයාගේ හදවතට දැනෙන්නෙ මොකක්ද??? ම්ම්ම්ම්ම්... ආන්න ඒ හැඟීම තමයි.... මට ඔයාව මතක් වෙද්දිත් දැනෙන්නෙ.... 
ඒ වගේම තමයි මට මෙහෙමත් හිතුනා......

සමාජය කියන අහසේ ගුරුවරයා කියන හඳ තමයි ඔයා.... එතකොට, තරු... ඔව්... ඔයාගෙ ගෝල බාලයො තමයි හඳ වටකර ඉන්න තරු කැට.... ම්ම්ම්ම්ම්... ඉතින් පුර හඳ කියන්නේ දැනුමෙන් පරිපූර්ණ වුනු ඔයා.... හඳ එළියෙන් තරු බබළනවා වගේ තමයි...., ඔයාගෙ දැනුමෙන් පෝෂණය වෙන ළමයි. දන්නවද.... පුර හඳ ලැබුවට පස්සේ... හඳේ එක එක වක ගානෙ අඩු වෙනවා... එහෙම ගිහින් දවසක අමාවක එනවා....... ඔයාත් ඔයාගෙ දැනුම ළමයින්ට බෙදලා දීල දීලා දවසක මේ ජීවිතේට සමුදේවි, මේ ලෝකෙන් යන්නට යාවි.... ඒ උනාට එදාට... අමාවක දා තාරකා ලෝකේ එළිය කරනවා වගේ, ලෝකෙ ලස්සන කරනවා වගේ.... ඔයා නිර්මාණය කරපු, ඔයා දායාද කරපු ඔයාගෙ ගෝලයෝ මේ ලෝකෙ ලස්සන කරාවි... ලෝකය බබළවාවි......

ඉතින් ඔයා හඳ නෙමෙයි කියන්නේ කොහොමද???
ඒ වගේම මං කියනවා

"හඳේ එළියට ලෝභ කෙරුවට, සඳ අයිති නිල් අහසටයි" කියලා........
"මගේ සඳ ඔබ මගේ සඳ ඔබ
 එදා සඳ නොව මෙදා සඳ ඔබ
 මගේ සඳ ඔබ මගේ සඳ ඔබ
 මගේ...."

ලිව්වේ..
**කසූ**

No comments:

Post a Comment

මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...