අප කුඩා කාලයේ සිට වන්දනාමාන කරන මිනුවන්ගොඩ ප්‍රදේශයේ වෑගොව්ව ග්‍රාමයේ සුන්දර වෙල්යායක් අසල පිහිටා ඇති පුරාණ දේවාලයකි. එම දේවාල භූමිය ගම්භාර දෙවියන්, නැතිනම් සූනියම් දෙවියන් ලෙසින් හදුන්වන දේවතාවන්ට කැපවූ දේවාලයකි. කිසිදු කපු මහතකු හෝ නොමැතිව අප කුඩා කාලයටත් එහා දිවෙන, එනම් අපේ සීයා ආච්චී ගේ කාලයටත් පෙර සිට දිවෙන පැරණි අතීත කතාවකට අප දේවාලය හිමිකමි කියයි. කිසිවකුගේ මැදිහත් වීමක් නැතිව මෙතරම් කාළයක් එම ස්ථානයේ තිබෙන දේවාලය මෑත අතීතයේ සිට මුලු රටේම ජනප්‍රිය වන්නට පටන්ගෙන තිබේ. මා සිතන ආකාරයට දැන් වසර 3-4 කාළයක සිට තමයි මෙසේ දේවාලය රටතුල ජනප්‍රිය වුණේ. අපි 2006 අපොස උසස්පෙළ විභාගයට මුහුණදුන් කාළයේ බාර හාර වීමට අම්මා සමග මෙම දේවාලයට යන විට දේවාලයේ දක්නට ලැබුණේ අවට ගම්වල වෙසෙන ගම් වාසීන් පමණයි. නමුත් එය දැන් බොහෝ දෙනා පැමිණෙන ස්ථානයක් බවට පත්වී හමාරයි. කොපමණ ජන කදක් සෙනසුරාදා සහ බදාදා යන දිනයන්වල මෙම ස්ථානයට ඇදී එන්නේද, ඔබ දුටුවොතින් පුදුම වේවි. කොපමණද කියනවනම්, මෙහෙම කියන්නම්කෝ...
සෑම සෙනසුරාදා සහ බදාදා දිනකම මමත් බිරිදත් දරුවාත් අපේ දේවාලය වන්දනාමාන කිරීමට යාම පුරුද්දක්ව තිබුණා. මෙම වසරේ මුල සිට ක්‍රමයෙන් දේවාලය වන්දනාමාන කිරීමට එන පිරිස සීඝ්‍ර ලෙස වැඩි වීමට පත්වුණා. ගමේ වැසියන්ට පවා දේවාලයට ඇතුලුවීමට දිගු පෝලිමක සිටීමට දැන් සිද්ධ වෙලා තියෙනව. මීට මාස තුනකට විතර පෙර දිනයක් පවුලේ උදවියත් සමග දෙවියන් වැදීමට දේවාලය වෙත ගියත් දේවාලය තුලට කිට්ටු වීමටවත් නොහැකි තරමට බැත්මතුන් රැස් වෙලා, කුඩා දරුවකු රැගෙන දේවාලය වෙත ලංවීමට හෝ නොහැකි වුණා. එම දිනයෙන් පසු අදවනතුරුත් දේවාලය පැත්තටවත් ගියේ නෑ....
එසේ නොගියේ භක්තිමත් භාවයේ අඩුවීමක් සිදුව නොවේ. අතීතයේ නිදහසේ ගලක් උඩ වාඩිවෙලා අම්ම, ආච්චි සමග දෙවියන් වැදල, දේවාලෙ අසලින් ගලාගෙන යන දොල පහරෙ සෙල්ලම් කරලා වෙලේ දුවල හිටපු අපිට මෙසේ කලබලයෙන් තෙරපෙමින්, පෝලිම් වල හිදිමින් කුඩා දරුවන්ද අතැතිව දෙවියන් වැදීම සිදුකිරීම අපහසු බැවින් නිසයි.
මම මේ කියන්න ගියේ ඕක නෙමෙයි, අපේ ගම්භාර දෙවියන් පිලිබද ලියවුණු වැදගත් ලිපි පෙලක් බ්ලොග් අඩවියකින් හමුවුණා. ඒක දේවාලයට ලැදි අපේ මිතුරන් අතරෙ බෙදා දීමට තමයි මේ ලිපිය ලියන්නේ. මේ ලිපිය උපුටා ගත්තේ මෙන්න මේ අඩවියෙන් තමයි. (MAhasohonage pathiruwa)
ලිපිය කොටස් තුනකින් තමයි තියෙන්නේ, එහෙනම් මුල් කොටස කියවල බලන්නකෝ....
සුනියම්
දේවතාවා - 01
මෙලොව උපන්
කිසිවකු රෝගී නොවුණු අවස්ථාවක් ඔබ අසා තිබේද? තුන්දොස් (වා,පිත් හා සෙම්) කිපීමෙන්
හැදෙන ලෙඩ වලට බලි තොවිල් පලක් නැත,පෙළක් බටහිර දොස්තරලා පාවාද මේවා කරනු ඇත හේතුවනම්
මෙහි කිසියම් වූ හේතු බුත කරනා ඇති නිසාවෙනි,එහෙත් ඉන්නකන් අනුන්ට වල කපල,වැරදි වැඩ කරලා දිව්‍යලෝකය
යන මිනිසුන් අසා නැති අතර එවැනි වුන් සමහර විට ප්‍රේත,බුත හා යක්ස ආත්ම වල උප්පතිය
ලබනු ඇත.ඔන්න දැන් කියන උන්ව නොයෙක් මන්ත්‍ර වලින් බැද තවකෙකුට කරදර කරන්නට දැමිය
හැක,එය තුලින්
සිදුවනුයේ අපරාදයකි,මෙම වැඩ
කරන කියන අයවලුන් ඉතාමත් ගෞරවයෙන් භක්තියෙන් යුතුව පුද සත්කාර කරනු ඇත නැතිනම් වැඩ
වරදින බව ඔවුන් හොදහැටි දන්නා දෙයකි මෙම දෙවියන් වටා ගෙතුණු කතා බොහොමයි, මායාදුන්නෙ රාජ්‍යය සමයෙන්
පසුව මෙම ගම්බාර දෙවියන් කතා ඇතිවූ බවය,මෙම දෙවියන්ට විටෙක යකෙකු ලෙසද සලකනු ලබයි වීමට
හේතුව නම් චරිත දෙකක් සතුවීමය, තවද පෙර දැක්වූ ලෙස
කැබැලෑවෙයකු ලෙස ප්‍රසිද්ද වුවත් දේවත්වයට පත්වුයේ කල කි දේවල් යහපත් වු බැවිණි, පෙළක් මිනිසුන්සේම මෙම
දෙවියන්ට නම් කීපයකි,පළමුව එය
ගැන කතා කරමු
1.අදත්ත කුමාර
2.නාග ඔඩ්ඩිස කුමාර
3.සන්නි ඔඩ්ඩිස කුමාර
4.ගරුඩ කුමාර
5.වෙළබ ඔඩ්ඩිස කුමාර
6.සුනියම් දෙවියන්
7.සුනියම් යකා ලෙස අමතනු ඇත,
තවත් පත පොතේ මෙලෙස සදහන්
වේ.
1.සුළු ඔඩ්ඩිස
1.සුළු ඔඩ්ඩිස
2.නාග ඔඩ්ඩිස
3.රාජ ඔඩ්ඩිස
4.දේව ඔඩ්ඩිස
5.දෙමල ඔඩ්ඩිස
6.ගරුඩ ඔඩ්ඩිස
7.සත්ජන්ම
ලෙස හදුන්වනු ලබයි තවද රාක්ෂ
.බුරුනාග ,නරසිංහ , වෘක දේව, මී මැසි, කැලෑ මිණි,පොලොන්,දෙමළ,නාග කන්‍යා ආදී වූ දස අවතාර
වලින් පෙනී සිටින අවස්ථා ද ඇති බව තතු දන්නෝ දනිති, තවද පත්තිනි දෙවියන්
සත්වාරයක් උපන් බව දැක්වෙ එය්හ සමානව සුනියම්දෙවියන් ද යක්ස ආත්ම වල උපත ලබා ඇත, එසෙ නම් අප ගැන කුමන කතාද? සත් ජන්ම ලෙස හදුන් වන මෙම
දෙවින්ගෙ ජන්ම හතකි
1.මහකෙළ නා රජුගෙ දකුණු නාස්
පුඩුවෙන් පිටවූ විස වායුවෙන් උපත ලැබූ නිසාවෙන් විෂ ඔඩ්ඩ්ස නමින් ද
2.ගරුඩ ලොව ගිරිකන්ද නම් යක්සනියගෙ කුසින් උපන්
බැවින් ගරුඩ ඔඩ්ඩ්ස නමින් ද
3.බද්දක්කාරම් නම් යක්සනියගෙ
කුසින් උපන් බැවින් දෙමල ඔඩ්ඩ්ස නමින් ද
4.උතුරු කුරු-දිවයින හනුවන්නී නම් යක්සනියගෙ කුසින් උපන්
බැවින් වෙළද ඔඩ්ඩ්ස නමින් ද
5.වජ්‍රරපානී ගොසලු නම්
යක්සනියගෙ කුසින් උපන් බැවින් රාජ ඔඩ්ඩ්ස නමින් ද
6.ආයුපාල කුමරිය දැවු සොහොනින්
උපන් බව දැක්වෙන අතර
7. වන උපත මා හට සොයාගන්නට
බැරිවිය(කණගාටුව පලකර සිටිමි)
කලක් ගත වූ පසු මෙම බලසම්පන්න කුමරුගෙ හිස සැඩපලු පසක් ගෙතී තිබුණු අතර නිල රථය ලෙසින් නිලවර්න ජව සම්පන්න අශ්වයෙකි,වමතින් ගිනි කබලක් දකුණතින් වඩිග කඩුවක් රැගෙන සිටින බවත් තවත් තැන්වල ත්රිශුලයක් අතැතිව සිටින අතර නිතර මුකයෙන් විස ලේ වැගිරේ තවද කට පැත්තකට ටිකක් හැඩවූ විලාසයක් ඇති වග පත පොතෙහි සදහන්ය,එසෙ දැක්වෙන කොට කුමරුන්ගෙ කාලසටහන මෙසෙ විය දින15 යක්ස විලාශය හා දින15 දේව විලාසයෙන් සිටින්නට විය, යක්ස විලාසය තුල දඩුවම්දෙන,පලිගන්නා හා ඉතා කෘර ගති ඇති කාර්යයන් හා මිනිස් ගාතනයන් කරන්නටද අමතක කලේ නැත, මෙම ගාතන වැඩි නිසාවෙන් ශක්‍ර දේවේන්ද්‍රයා මිනිස් ගාතන තහනම් කලේය, ආවේනික (කෘර ගති)ගතිය අත්හරින්නට බැරිවිය එනමුදු තුනුරුවන් ගුණ ඉස් මුදුනින් පිළිගත්තෙය ඊට ගරු කරන්නටද පසුබට නොවිය, තවද තුනුරුවන් සරණ යන්නවුන් ආරක්ෂා කරන්නට ඔවන්කරන්නා වූ පුද ජූජා බාර ගන්නටත් කිසිදු දිනක අමතක නොකලේය,
තවද තවත් පත පොතෙ හි ජන මතයන් වල මෙවැන්නක්ද අසන්නට
තිබෙ එනම් සුනියම් දෙවිදුන් වඩින මග පෙරමන් යන්නට සිටිනුයේ මහසෝන් හා ඊරි අවතාරයන්
බවය යන එනමග සුපරීක්ෂාවට රජාට PSD වගෙ සුනියම් දෙවියන්ට
සිටිනුයේ මොවුන්ය,දිත්ව
චරිතයක් හොබවන මෙවැනි දෙවි කෙනෙක් සදහා යක්සා වේශය දී නියම මාර්ගෝපදේශකයන් ලබාගන
සිටී ඊටත් ලංකාවේ සිට්න යක්ස පිරිවර මෙම සුනියම් යක්ස අවතාරය සමග එක්ව වැඩ කරන බව
ජන මතයක් පවතී, ඊට හේතුව
ලෙසින් දක්නට තිබෙනුයේ කොයි මල යකත් හූනියම් යකුන්ට යටහත් පහත් බැවිනි, එබැවින් කොයි වැඩකරුත් යන්ත්‍ර
මන්තර වල හදිහූනියම් වල ශිල්ප දක්වන්නට පෙර මෙම දෙවිදුන් වැද නමස්කාර කොට අවසරපතා
නිසි වත් පිළිවෙත් ක්‍රමානුකුලව සිදුකල යුතු බැව් තතු දන්නෝ දනිති,එය එසේවන තරමට එහි ප්‍රතිපල
අතිප්‍රබලය ගැස්සුනොත් කල එකාත් උදව් කල එකාටත් අඩු නැතිව සලකනු ඇත,
මෙවැනි වූ කරුණු නිසාවෙන්
බහුතරයක් අප සමාජයේ මිනිසුන් පළිගන්නට සුනියම් යකුන්ට බාර කරති, එසෙය් කරන මිනිසුන් ඔවුන්
නොදැනුවත්ම තමන් ගතකරන මිනිසත් බවින් පිරිහෙන බව අමතකවීම ශෝකජනක දෙයකි, තව මිනිසකුට වලකපා,තව කෙකුව අපහසු තත්වයකට
පත්කර ලබාගන්න දෙය කවදක්වාත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සැපතක් ලබනොදෙ, මෙම ගත කරන සමාජය යහපත්
මිනිහටතියා දෙවි කෙනෙකුටවත් ඉන්නට නොදෙන බව මින් ඔබට වැටහෙනු ඇත,මොකද දෙවියන්ට කන්නලව්
කරනුයේ අහවලාට මරපන් කොටපන් වද-දීපන් තලා-පෙලාපන් ආදී දේවල් වලනි, ලේ සෙලවීම් කරන්නට පසුබට
නොවන නිසාවෙන් නොවලහා ඉටුකලත් ඔබ පිරිහෙන ප්‍රමාණය අතිමහත්ය මා එය පෙළක් ලිපිවලින්
ඔබට දක්වා ඇත,
මෙම දෙවිදුන් හට ආරාදන කවියක මේ ලෙස සදහන්වෙ "සහස ගති පුල්වන් දකුණතින් වඩිග කඩුවක්, මුකයේ ලේ පොලගෙක් - සිරස සැඩ-පලු පසන් යුත් - නැගී නිල්වන් තුරගකු ඔඩ්ඩී - සුනියම් දේවතාවා දැන් මම ගැතිව දෙවනා පුද බලා දිවැස් ලා වඩින් දැන්....! " ආදී ලෙසින් දේවතා අරදානය සිදුකරනු ඇත තවද පෙළක් අයවලුන් සුනියම් දේවතාවා වෙනුවට සුනියම් යකුන් ලෙසින් බාවිතා කරනු ඇත,
මෙම දෙවිදුන් හට ආරාදන කවියක මේ ලෙස සදහන්වෙ "සහස ගති පුල්වන් දකුණතින් වඩිග කඩුවක්, මුකයේ ලේ පොලගෙක් - සිරස සැඩ-පලු පසන් යුත් - නැගී නිල්වන් තුරගකු ඔඩ්ඩී - සුනියම් දේවතාවා දැන් මම ගැතිව දෙවනා පුද බලා දිවැස් ලා වඩින් දැන්....! " ආදී ලෙසින් දේවතා අරදානය සිදුකරනු ඇත තවද පෙළක් අයවලුන් සුනියම් දේවතාවා වෙනුවට සුනියම් යකුන් ලෙසින් බාවිතා කරනු ඇත,
තවත් කොටසකින් හමුවන අදහසින්
අදට නවතිම්..





මචං කට්ටඩියෝ. දැන් මේ දෙයියලා පල්වෙලා. උඹට දැන් මේ දෙයියලා විකුනලා සල්ලි හොයන්න බැහැ. මේ 21 වැනි සියවස.
ReplyDeleteසූනියම් දේවතාවුන් වහන්සේ වගේම දැඩිමුණ්ඩ දේවතාවුන් වහන්සේත් මම අදහනවා පිහිටනම් අප්‍රමාණයි. මස් මාංශ අනුභව නොකර පංසිල් රැකගෙන සාධාරණ විදිහට ධාර්මිකව ජීවත් වෙන්න. දේවාශර්වාදය ලැබේවි
ReplyDelete