Sunday, September 18, 2016

පාප කර්මයක් කර ඇත්නම් එය විදවන්න වෙනවාමයි...



සද්දර්මලංකාරය හි 446 පිටුවේ ඇති පරිච්ඡේදයක් ඇසුරින් මගේ 

සියලුම මිතුරන්ට වැදගත්වන පාඩමක් කියල දෙන්නයි හදන්නේ.

රහතන් වහන්සේ නමකට වුවද පෙරකල කුසල හෝ අකුසල කර්මයක් 

වේනම් එය පලිසන් දෙනවා යන්න තමයි මේ කතාවෙන් කියවෙන්නේ.

ඉතින් අපේ බෙෘද්ධ බුද්ධිමත් මිතුරු මිතුරියන්ට වැටහෙන්න ඔනේ අපේ

රහතුන් වහන්සේ කෙනෙක්ටත් මෙසේ කර්මයන් විපාක දෙනවනම් 

සාමාන්‍ය ජනයා වන අපට කවරනම් කතාවක්ද කියන එක. 

මෙය මනාකොට තේරුම් ගෙන මගේ මිතුරැ මිතුරියන් වැරදීමකින් හෝ සියලු සත්වයාහට හිරිහැර නොකෙරෙත්වා යන්න මගේ මේ ලිපියේ අරමුණයි.


මෙම විස්තරයට අදාල වූ තෙරුන් වහන්සේ  එවකට කැලණිය 

වෙහෙරෙහි විසු අතර කැළණි තිස්ස රජ බිසව හා උත්තිය නම් යුවරජ 

සමග නොමනා සම්බන්දයක් පවතී අතර මෙය දැනගත් රජු ඔහුව 

මරන්න සොයනවිට පැනගොස් සගවා සිටමින් තරුණයකු හා හිතවත් වී 

ඔහු පැවිදි වෙස්ගන්වා රජ දේවියට හසුන්පතක් එවන ලදී.මෙම හොර 

පැවිදි තෙම කැළණි තෙරුන් දැන් වළදා වඩින මග පසු පස විත් දේවියට

 පෙනෙන සේ හසුන් පත බිම හෙළිය.මෙය දුටු රජතුමා කැළණි තෙරුන්

ලිය පොඩිනම අත බිසවට දෙන ලද්දක් සේය සිතා  කැළණි තෙරුන් 

වහන්සේව තෙල් කටරමකට තෙල් දමා මරවන්නට නියෝග 

කලේය.එවිට කැළණි තෙරුන් රහත් වූ බැවින් එහි බද්ද පර්යන්කයෙන් 

සිට මෙසෙ වීමට කල අකුසලය සොයා බැලුසේක. කැළණි තෙරුන් එක්

ආත්මයක ගොපලු දරුවකු සිටියදී කිරි උණු කරනවිට මැස්සකු අල්ලා 

දමා කකාරා මැරූ අකුසලය දැක මෙය නොනැවැත්විය නොහැකි බව 

දැන එහිම පිරිනිවුනි.මෙය දුටු දෙවියන් කිපී මුහුද ගොඩගලන්නට 

සැලැස්වීය..

                                                         එසේ නම් සැදැහැවත් 


මිනිසුනි මැස්සකු මැරූ අකුසලය මෙසේ විය..වෙනකෙකු මැරිමෙ 

අකුසලය කෙබදුදැයි ඔබ මනසට වැටහේවා..!සත්වගාතනය ආදීනව 

ගෙනහැර දැක් වූයේ සද්දර්මලංකාරය හි 446 වන පිටුව ඇති කරුණු 

මතය 


බුදුසරණයි.....

No comments:

Post a Comment

මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...