Sunday, September 25, 2016

හදවත පාරන සොඳුරැ හැඟුම්......



හදවත පාරන සොඳුරැ හැඟුම්

හිර කරගෙන සිටිය ඇති

සවනට ළංවී ආදරයෙන්

කියන්න කාලය දැන් ඇවිදින්


ඇසට ඇස තියා බලාන ඉන්න

ළැමෙහි හොවා හිස සුවෙන් නිදන්න

නිමක් නැතිව මල් හාදු පුදන්න

හිනා වෙලා මගෙ පෙම පිළිගන්න



කඳුලු පිස දමා සිනහ නගන්න

අඳුරැ ලොවට මිනි පහණක් වෙන්න

සංසාරෙම එක් වෙලා හිඳින්න

මගෙ පෙම පිළිගෙන අවසර දෙන්න

No comments:

Post a Comment

මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...