Monday, September 26, 2016

කරවිල වල ගුණ.............





කරවිල යනු බොහෝ දෙනෙකුගේ කැමැත්ත මෙන්ම අකමැත්ත ඇති එළවළුවකි. එහෙත් කරවිල වල තිබෙන පෝෂ්‍යදායී බව ඔබව බෙහෝ රෝගයන් ගෙන් ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් වේ. ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල මෙන්ම අප්‍රිකාව වැනි රටවලත් කරවිල වැවේ. 

කරවිල ව්‍යංජනයක්, බැදුමක්, සම්බෝලයක් ලෙස පිළියෙල කර ගැනීමට අප ගෘහනියෝ සමත් වෙති. කරවිලවල ඇති තිත්ත රසය නිසා බොහෝ දෙනෙක් මේ එළවළුව කෑමට ප්‍රිය නොකරයි. නමුත් කරවිල කැබලි ලෙස කපා ඇට ඉවත් කර ලුණු වතුරේ බහා තැබීමෙන් තිත්ත රසය අඩු කර ගත හැකිය. කරවිල වල තන්තු, ඛනිජ ලවණ, විටමින් සහ ඇන්ටි ඔක්සිජන් අඩංගු වේ.

රැධිරයේ පවතිනා සීනි ප්‍රමාණය අඩු කිරීමට කරවිල වලට ඉතාමත් ශක්තියක් ඇත. මේ නිසා දියවැඩියාවෙන් පෙලෙන රෝගීන් කරවිල අාහාරයට ගැනීම ඉතාමත් ගුණදායකය. polypeptide -p ශාක ඉන්සියුලින් අඩංගු වේ. මෙය රැධිරයේ සීනි ප්‍රමාණය අඩු කිරීමට හේතු වේ. තවද මෙහි අඩංගු charantin මගින් සෛල තුලට ග්ලූකොස් පරිවහනය කරයි. 

වියළි කරවිල කුඩු 5g දවසට 3 වරක් ගැනීම තුලින් රැධිර සීනි මට්ටම 25% කින් අඩු වන බව පර්යේෂකයන් විසින් පෙන්වා දී අැත. අග්න්‍යාශයේ බීටා සෛල කරවිල ආහාරයට ගැනීම නිසා නැවත ප්‍රතිසංස්කරණය වන බව පෙන්වා දී ඇත.

කරවිල දීර්ඝ කාලීනව ආහාරයට ගැනීමෙන් දියවැඩියාව සුව කළ හැකි බව පර්යේෂණ වලින් පෙන්වා දී ඇත. Folates විශාල ප්‍රමාණයක් නැවුම් කරවිල වල හදුනාගත හැකිවේ. ඒවා කලලවල ස්නායු පද්ධතිය වර්ධනයට විශාල මෙහෙයක් ඉටු කරයි. රැධිරය පිරිසිදු කිරීමේ ගුණයක් කරවිල වල ඇති නිසා සමේ කැසීම්, පලු දැමීම් වැනි සමේ රෝග වලට වඩාත් හිතකර වේ.




රැධිරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කිරීමටත් කරවිල වල අඩංගු පෝෂ්‍ය අගයන්ට හැකියාව ලැබේ. විටමින් සී බහුල එළවළුවක් වන කරවිල ස්වභාවික ඇන්ටි ඔක්සිජන් ලෙස ක්‍රියා කරයි.  මෙය සෛල වල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ යාන්ත්‍රණයට සහාය වේ. ශරීරයේ අපද්‍රව්‍ය වැඩි වන විට මුක්ත සෛල වැඩිපුර ඇති වීමෙන් පිළිකා සෛල ඇතිවේ.  පිළිකා මර්දනය කිරීමේ හැකියා කරවිල වලට ඇත්තේ එහි ඇන්ටි ඔක්සිජන් බහුලව අඩංගු නිසාය. තවද මී පැණි, කුරැදු සහ ගොරකා වල බහුල ලෙස ඇන්ටි ඔක්සිජන් අඩංගු වේ. කරවිල, කුරැදු සහ උඩරට තේ මිශ්‍ර කර ඖෂධීය තේ නිෂ්පාදය කර ඇත. මෙහි දියවැඩියාව සුව කිරීමේ ගුණය ඇත. කරවිල, කරලක් ලෙසද හදුන්වා දී ඇත.

තවද බොහෝ රෝග වලින් ආරක්ෂාව ලබා දෙන flavonoids එනම් B-carotene, a-carotene, lutein, zea-xanthin සහ කරවිල වල හදුනාගත හැකිය. විටමින් A ද බහුල එළවළුවක් වන මෙය බොහෝ රෝග වලට එරෙහිව ක්‍රියා කරන ආරක්ෂකයෙක් ලෙස ක්‍රියා කරයි.

අපද්‍රව්‍ය වලට එරෙහිව ක්‍රියා කළ හැකි ප්‍රෝටීනයක් වන MAP 30 ප්‍රෝටීනය කරවිල වලින් නිස්සාරනය කර ඇත. ඒවා පිළිකා සෛල වලට එරෙහිව ක්‍රියා කරයි. 

කරවිල වල ගුණ

  • කිරිදෙන මව්වරැන්ගේ මව්කිරි වඩවයි.
  • ආහාර රැචිය වඩවයි.
  • හෘදයට හිතකරයි.
  • අකලට හිසකෙස් පැසීමට ප්‍රතිකර්මයක් වේ.
  • අත් පා වල හිරියක් ඇත්නම් එය වැලක්වයි.
  • මලබද්ධයට බෙහෙවින් ගුණදායකයි.
  • අර්ශස් රෝගීන්ට හිතකරයි.
  • පණු රෝග නසන ඖෂධයකි.
  • දිලීර අසාදන සුවකරයි.
  • අධික තරබාරැ අයට යහපත්වේ.
  • පීනසට, ඇදුමට, හිසරදයෙන් පෙලෙන ඔබට ගුණදායකයි.
  • සෙංගමාලය, සරම්ප, පැපොල වැනි රෝග වලට ගුණදායකයි.
  • හන්දි රෝග වලක්වයි.
  • මුත්‍රා ගල්වලින් පීඩා විදින්නන්ට ගුණදායකයි.

No comments:

Post a Comment

මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...