මේ දවස්වල කතන්තරකාරයා පොඩි පරීක්ෂණයකට අතගහල ඉන්නේ, ඒක නිසා පසුගිය දවස් දෙකේ ටිකක් කාර්ය්‍ය බහුල වුණා.
ඒ තමයි Free Energy ඒ කියන්නේ නැවතීමකින් තොරව දිගටම
විදුලිය ලබාගන්න ක්‍රමයක් හොයන එක.මේක මගේ සංකල්පයක් නම් නෙමෙයි ඕන්. මම
මේකට යොමු වුණේ Youtube එකේ මේ පිළිබදව තිබුණු වීඩයෝ වගයක්
දැකලා. Free
Energy නොවුණත් මුලින්ම සාදපු උපකරණයනම් සාර්ථක වුණා. ඒ තමයි 12V(7A) බැටරියකින් 230V විදුලියක් නිෂ්පාධනය කරන එක. පොඩි ඉන්වර්ටර් එකක් හදල අවුට්පුට් ට්‍රාන්ස්ෆෝමර්
එකක් හරහා 230V ගන්න පුලුවන්. පුධාන ස්විචයෙන් නිවසේ විදුලිය විසන්ධි කරලා අවුට්පුට් ට්‍රාන්ස්ෆෝමර්
එකෙන් පිටතට ලැබෙන 230V විදුලිය නිවසේ තියෙන ප්ලග් බේස් එකකට දුන්නම මුලු නිවසටම
බැටරිය මගින් විදුලිය ලැබෙනව. සී.එෆ්.එල් බල්බ 10 පමණ එකවර දැල්විය හැකි අතර පැය 4
පමණ කාළයක් මෙසේ බල්බ දල්වාගන්න පුලුවන්. L.E.D බල්බ භාවිතා කරනවනම් ඊටත් වැංි බල්බ
ගණනක් පැය 04 වැඩි කාළයක් දල්වාගන්න පුලුවන්.
ටෙලිවිෂන් එක පමණක් ( L.E.D TV) පැයක් පමණ බලන්න පුලුවන්. විදුලිබලය තියෙන වෙලාවට එම ට්රාන්ස්ෆෝමරයම භාවිතා කරල බැටරිය නැවත ආරෝපණය කරගන්න පුලුවන්. දැනට මේ ටික තමයි හදාගන්න පුලුවන් වුණේ. මේක කොහොමද
Free Energy වෙන්නෙ කියල දැන් ඔයාල හිතනව ඇති.
මම හිතන් ඉන්නව මේ උපකරණය Free Energy උපකරණයක් බවට පත්
කරන්න, ක්‍රම දෙකක් ඔලුවෙ තියෙනව. (මේ
දේවල් Free energy ම නොවුණත් මූලිකවම මෙතන ඉදන් කරගෙන යනවා.
01.
නිවසේ ඉවත්කල වතුර මෝටරයේ කුඩා
වෙනස්කම් කිහිපයක් සිදුකර වෙනත් කුඩා
මෝටරයක් ආධාරයෙන් වතුර මෝටරය
කරකවා, එවිට ලැබෙන විදුලිය කොන්ට්‍රෝල් යුනිට් එකක් හරහා ලබාගෙන ඉහත සදහන් කල
බැටරිය ආරෝපණය කරගැනීම. (කුඩා මෝටරය කරකැවීමට විදුලිය බැටරිය මගින් තමයි ලබාගන්නේ)
02.
30W පමණ Solar පැනල් එකක් භාවිතා කරල
එයින් නිෂ්පාධනය වෙන විදුලිය Charging controller එකක් හරහා
ලබා දීල බැටරිය ආරෝපණය කිරීම.
මේ දවස්වල පළවෙනියට කිවුව ක්‍රමය අත්හදා බලමින් ඉන්නව.
Ebay එකෙන් Order කරපු මෝටර් කිහිපයක් සහ කාන්දම් කුට්ටි වගයක් ලංකාවට එනකම් පුංචි
ප්‍රමාදයක් තියෙනව. ඒ ටික ආව ගමන් ඊලග පියවරට යනව. ඊලගට චායාරෑපත් එක්කම ලිපියකින්
ඔයාලව මේ ගැන දැනුවත් කරන්නම්කෝ.
පරීක්ෂණය ආරම්භයේදී
ලිපියක් ලියන්න හිතුවෙ නැති නිසා
ෆොටෝ එකක්වත් පිළිවෙලකට ගන්න බැරි
වුණා. ඊලගට කරන දේවල් පියවරෙන් පියවර ෆොටෝ ගන්නම්කෝ.....

Ela ela.apitath circuit diagram eka dennako.jawa wewa suba payhanawa
ReplyDelete