EBay එකෙන් ඇනවුම් කරවු මෝටරය
සහ කාන්දම් තවමත් නොපැමිණි නිසා නිවසේ තියෙන දේවල් ආධාර කරගෙන පොඩි පර්යේෂණ
කටයුත්තක නිරතවුණා. (මෙහිදී මට දැනගැනීමට
අවශ්‍ය වුනේ වතුර මෝටරයට භාහිරින් බලයක් ලබා දී කරකැවීමෙදී එයින් නිකුත් කරන
වෝල්ටීයතාවය සහ ධාරාව මැනගැනීම, මේ සදහා මම යොදාගත් මෝටරය 230V විදුලියෙන් ක්‍රියා කළද 12V බැටරියෙන් ක්‍රියා කරන
මෝටරයක් තමයි ඉදිරියට යොදාගන්න හිතන් ඉන්නෙ) මේක පුංචි කියාකාරකමක් විතරයි හොදේ....
පහත රූප වල ආකාරයට නිවසේදීම සොයාගන්න පුලුවන් ඉවතදාන ප්ලාස්ටික් මූඩි
කිහිපයක් ආධාරකරගෙන කප්පියක් සාදාගැනීම සිදුකළා. පසුගිය ලිපියකින් ඔයාලට පෙන්නුව මම Glue Gun එකක් ගෙන්නගත්තා. අන්න ඒක භාවිතා කරල තමයි ඇලවීම්
කටයුතු කළේ. එමගින් ඕනෑම ස්ථර දෙකක් අලවාගැනීම කරන්න පුලුවන්.
නම්‍යශීලී ප්ලාස්ටික් පටියක් ආධාරයෙන් මෝටරය කරකැවීමට බෙල්ට් එකක් සකසා
ගැනීම සිදුකළා. මෙසේ සාදාගත් බෙල්ට් එක කපිපි දෙක සමග හොදින් බදල අල්ලන්නේ නැතිවුන නිසා පිටි ගෝනි වලින්
ලබාගත් පිටි නූල් වලින් බෙල්ට් එකක් ආකාරයට සකස්කරගැනීමට සිදුවුණා. එමගින් මෝටරය
කරකවාගැනීම ඉතා පහසු වුණා.
වතුරමෝටරයට යොදාගන්න කප්පිය විශාල සහ බර වැඩි එකක් වුණානම් තවත් කාර්යක්ෂමව
මෝටරය කරකවාගැනීමට පුලුවන්. (ඊළගට එසේ කිරීමට බලාපොරොත්තු වෙනව)
මම භාවිතාකළ වතුරමෝටරය කරකැවීමට යොදාගත් මෝටරයේ RPM එක 2600, නමුත් ඊටත් වැඩි
වේගයකින් එනම් 3000 වැඩි වේගයකින් මෝටරය කරකවාගැනීදට තිබුණානම් ජනිතවන විදුලිය
තවත් වැඩියෙන් ලබාගන්න තිබුණා. මේ සදහා මෝටරයේ කොයිල් වල වෙනස්කම් කීපයක් කරන්න
ඔනේ. දැනගන්න අවශ්‍ය කට්ටිය ඉන්නවනම් අහන්නකෝ...
පරීක්ෂණ කටයුත්ත අතරතුර අකරතැබ්බි කිහිපයකුත් සිදුවුණා. කොහොමද 350V කරන්ට් එකක් වැදුනම තියෙන ආතල් එක. ඒක වුණේ මෙහෙමයි. මුලින්ම මෝටරය කරකවපු අවස්ථාවේ මම හිතුවෙ නෑ
ලොකු විදුලියක් එයි කියල. මම මෝටරයේ අග්‍ර දෙකට මල්ටිමීටරයේ කූරු දෙක තියල අතින්ම
ඇල්ලුවා. වැදුනෙ නැතෑ නිල් වෙන්න. හැබැයි කරන්ට් වැදුනට දැනුණු වේදනාවට වඩා සතුටක්
දැනුනේ,ඇයි ඉතින් අතට වදින්න තරම් විදුලියක් ජනිත වුණු එකට. ඒ අවස්ථාවේ පරීක්ෂා කරල බලනකොට
වෝල්ට් 350 අතර අඩු වැඩි වෙන වෝල්ටීයතාවයක් තමයි තිබුණේ.
ඊට පස්සේ වතුර මෝටරය කරකැවීමට යොදාගත්ත මෝටරයේ සිට වතුර මෝටරයට ඇති බෙල්ට්
එක වෙනුවට පිටි නූලින් සැදූ බෙල්ට් එක යොදාගත්ත. කලින් එක ලිස්සන ගතිය වැඩි නිසා.
දැන් මෝටරය කරකැවීමට සලස්වල වෝල්ටීයතාවය මැනල බැලුව. නූල කප්පිත් සමග හොදින් බදල
අල්ලන නිසා නියමෙටම කරකැවෙනව දැන්. මල්ටිමීටරය ආධාරයෙන් මැනල බැලුව, දැන් 700V විදුලියක් එනව. පරීක්ෂණ කටයුත්ත එතැනින නැවැත්තුව. ආයෙ ඉතින් ලබන සතියෙ
තමයි වැඩක් කරන්න වෙන්නෙ. මම හිතනව ඇනවුම් කරපු උපකරණ ටික ලබන සතිය වෙනකොට ලැබෙයි
කියල. J J J
අලුත් යමක් කලොත් ආයෙත් ඔයාලව ලිපියකින් දැනුවත් කරන්නම්කෝ ....
.......................................................................................................................
අපේ පිටුවටත් ලයික් එකක් දාල අපිත් එක්ක එකතු වෙන්න යාලුවනේ.
මෙන්න ලින්ක් එක https://www.facebook.com/kathantharakaraya/
.......................................................................................................................















No comments:
Post a Comment
මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා