මතක තියෙන හැටියට මම මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ 2009 අවුරැද්දේ. ඒ කාලේ වෙනකොට ගොඩක් කොල්ලන්ට කෙල්ලන්ට තමන්ගෙම කියල බ්ලොග් එකක් කරන් පිස්සුවක් තිබ්බ කාලයක්, බ්ලොග් කරණය ජනප්‍රිය වෙලා ආවේ ඔය කාලේ තමයි මටනම් මතක විදියට. ඇත්තම කිව්වොතින් මම බ්ලොග් ගැන දැන්ගත්තෙ ඔය කාලෙ. ;-)
කොහොම හරි ඉතින් බ්ලොග් එක පටන් අරන් ටික කාලයක් ලිව්වා. හැබැයි කවුරුවත් කියෙව්වෙ නෑ. බලේට යාලුවන්ට ලින්කුව දීල, අනේ බලපන් මචං කියල නහයෙන් අඩල, උන් බැලුව කිව්වම පට්ට සන්තෝසයක් වින්ද, අනේ බන් උබලගේ යාලුවන්ටත් බලන්න කියපන්,උන්ටත් ලින්ක් එක ශෙයාර් කරපන් කියල බලේට පෙන්නනව.
කොහොම හරි කාළය ටික ටික යනකොට අපිත් එක්ක ඔන්ලයින් හිටිය හැමෝම වගේ ක්‍රම ක්‍රමයෙන් අඩුවෙන්න ගත්තා. හේතුව තමයි ඉතින් කොල්ලො ටික ජොබ් කරන්න පටන් ගත්ත එක. මමත් ඉතින් ඔහොම ඉදල ටික කාලයකින් රස්සා හොයන්න පටන් ගත්ත. බ්ලොග් ලියන වැඩේ අමතක වුණා. ටික කාලෙකින් ජොබක් සෙට් වුණාට පස්සෙ බ්ලොග් එකත් අමතක උනා..
අමතක වෙලා ගිය බ්ලොග් ලිවිල්ල මතක්වුණ හැටි තමයි පට්ටම සීන් එක. අපේ ඩයල් එකකට ලව් සීන් එකකට පොඩි නිසදැස් කෑල්ලක් හොයල දෙන්න කිව්වා කියහන්කො... මමත් ඉතින් හරි බන් හොයමු කියල ගූගල් ස..ර්ච් පාරක් දැම්මා. ඔහොම එක එක ලින්ක් බල බල ඉන්නකොට මෙන්න හොදට හුරු පුරුදු නමක් තියන බ්ලොග් එකක් සෙට් වුණා. බැලින්නම් අර මම 2009 විතර ලියන එක අමතක කරල දාපු මේ බ්ලොග් එක තමයි ඒ. අරූගෙ නිසදැස් හෙවිල්ල පැත්තකින් තියල දඩ බඩ ගාල බ්ලොගර්.කොම් ගිහින්, දන්න කියන ඊ මේල් ඇඩ්රසුයි රහස් අංක ටිකයි ගහල ගහල බ්ලොග් එක රිකවර් කරගත්ත. දැන් ඉතින් කස්ටිය හිනාවෙයි මහ ලොකු බ්ලොග් එක කියල,
බ්ලොග් එකක් හදන එක මහලොකු වැඩක් නෙමෙයි උනාට මවෝ අවුරැදු ගානක් පරණ තමන්ගෙම පලවෙනි බ්ලොග් එකේ වටිනාකම දන්නේ තමන්ම තමයි. :-D ඉතින් මම හිතුව මේ බ්ලොග් එකට ආයෙත් ලියන්න. ඉස්සරනම් මම නිසදැස් තමයි පොස්ට් කලේ. ඉස්සර මට එව්වා ලියල දෙන්න කිවිඳියක් සෙට් වෙලා හිටිය ලු..... :P දැන් නෑ..... ලු
දැන් ඉතින් මොන මොනව හරි නිවාඩු තියන වෙලාවට ලියල දානව. විශේෂයෙන්ම කතාවක් ලියන්න හිතන් ඉන්නව කොටස් වශයෙන්. ඊට අමතරව එක එක එව්වා ලියනව.
ඔයාලත් මේ පැත්තෙ ආවොත් බලල යන්නකෝ... හෙට ඉදලා කතාව පෝස්ට් කරන්නම්.
දැනට එහෙනම් මම මාරැ. ජයවේවා !
My blog contain storries, lot of storries written by me. Few stoeries written by my friends. Horror, sciencetific, commody, usefull article, etc. You can read my blog, All storries are written using sri lanka legends. Children can use this page. There is no adult only containt. Guys pls visit my blog and have a fun.
Subscribe to:
Post Comments (Atom)
කුමරිය ප්‍රභා 26 - 27 කොටස්
25 කොටස 28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...
-
05 කොටස 07 කොටස පසුගිය කොටසින්...... . එවිටම බෝඩිමේ ඇන්ටි අපේ කාමරය ...
-
14 කොටස 16 කොටස පසුගිය කොටසින්................ මා සැක සිතුවෙමි . ඇදමත වාඩිවූ මා ඇදස...
-
12 කොටස 14 කොටස පසුගිය කොටසින් ඇය මාවෙනුවෙන් සෙරෙප්පු තෝරන බව දැනගත්තේ එවිටය .......... මෙයා අ...
No comments:
Post a Comment
මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා