Wednesday, July 20, 2016

(නිදන කාමරය) යුග දිවිය දෙදරන ඇදන් පූට්ටුව

නිදා ගන්නා කාමරය ඔබේ ජීවිතයේ දීර්ඝායුෂ, මානසික සුවය, නිරෝගී බව යුග දිවියේ දීර්ඝ පැවැත්ම උදාකරන උතුම්ම ස්ථානයයි. නිදන කාමරය තුල ඇද, ඇදුම් එල්ලා තබන ස්ථානය හා මූණ බලන කණ්නාඩිය හෝ කණ්නාඩි මේසය තිබීම ප්‍රමාණවත්ය.  නිදන කාමරය අලංකාරව සකසා ගැනීම තුලින් ප්‍රීතිමත් ජීවිතයක් උදා වන්නේය.


නිදා ගන්නා ඇදට එක එල්ලේ භාල්ක සිටින සේ ඇදන් තබන්න එපා. එය තමාගේ ජීවිතය විනාශ වන දෝෂයකි. හිස, ජනෙල්, දොරවල් එක එල්ලේ තිබෙන ලෙස ඇදන් නොතබන්න. ඇද යට පත්තර කැබැල්ලක් වත් තබන්න එපා. ඒ වාගේම නිවසක සාර්ථක ප්‍රීතිමත් යුග දිවියක ශක්ති පදනම වන්නේ නිදන කාමරය තුල ඇති ඇදය. විවාහ යුවල නිදා ගැනීමට ඇදන් දෙකක් එකට ලංකර සකසා ගැනීම, ඉතාම ඉක්මනින් දෙදෙනාගේ යුග දිවිය දික්කසාදයකින් කෙලවර වන ලකුණකි. නැත්නම් එක ගෙදර ජීවත් වුවත් ඉන්නේ ගෙවල් දෙකක ඉන්නා ලෙසය. ඉන්දියානු මහා සෘෂි පරාසර පෙන්වා දෙන්නේ අප ශරීරය සෑදී ඇත්තේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන ශක්ති පදනම් කරගෙනයි. යම් ද්‍රව්‍යයක පවතින්නේද මෙම ශක්තීන්ය. විඥානය නැති පදාර්ථ එකට පවතින්නේ නැත. නිතරම ගැලවී යාමට, කැඩීයාමට පටන් ගන්නේය. ඇදන් දෙකක් එකට හේත්තු කලාට එකට බැදීමක් නැත. මේ සෑම වස්තුවකින්ම ජීවී, අජීවී කිරණ පිටවන්නේය. මෙම ප්‍රතිවිරැද්ධ ශක්තිය එකට සම්බන්ධ නොවේ.

ඒ වාගේම විවාහක දෙදෙනා ඇදන් දෙකක් එකට ලංකර ජීවත් වීම තුලින් පංච මහා භූත ශක්තින් නොගැලපීමට හේතුවේ. එමෙන්ම ස්වාමි / බිරිද අතර ලබැදියාව ලිහිල් වන්නේය. ජීවිතය යනු අර්ථ, කාම, සුඛ, මෝක්ෂ යන සතර වැදෑරැම් අවස්ථාවට පත් වන්නේය. යුග දිවිය පවතින්නේ කාම සහ සුඛ යන අවස්ථාවන් පදනම් කරගෙනය. ඈත අතීතයේ පැරණි ගෙවල් වල අඩි 6ක් පළල ඇදන් තිබුණා. එදා හෙලයෝ මෙම රහස අර්ථාන්විතව ක්‍රියාත්මක කළා. අද වගේ පවුල් ප්‍රශ්න එදා තිබුණේ නෑ. අද දික්කසාද ප්‍රශ්න, වෙන සම්බන්ධකම් වැඩිවෙලා තියෙන්නේ. යුග දිවියේ බැදීම අද කසාද කොලේට සීමාවෙන තැනට වැඩ සිද්ධ වේගෙන එන්නේ පැරණි විද්‍යාත්මක හේතුන් වලට පයින් ගැසීම නිසාය. දැන් නවීන ඇදන් අඩි 6ක් පළලට සාදා තිබේ. ඔබේ යුග දිවිය ප්‍රීතිමත්ව සුවසේ ගෙවීමට වස්තු විද්‍යාඥ කරැණු ජීවිතයට මුසුකර ගනිමින් සතුට පිරි සෞභාග්‍යමත් ජීවිතයක් ගත කරන්න.

2 comments:

  1. ඇද යට

    ඇද නෑ මචෝ කෙලින් තියෙන්නේ

    ලබැදියාව නා කරෝල බැදියාව තියනවා කෑමට ගන්න

    ReplyDelete

මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...