Sunday, August 21, 2016

***- මං යන්නම් -***


"ඔබේ රුව තුල මගෙ හිත අද අතරමං වෙලා...

පාර කියනු මැන වෙන්වී යන්නට හදවතට මග වැරදිලා..."

ඔයා ගැන මගේ හිතෙ ඉපදුන ආදරය කොයි තරම්ද කියලා මට 

කියාගන්න බැහැ......

නමුත්.. ඔයාව මට උරුම නැහැ කියල මං දන්නවා....


මං හිතන්නේ සංසාරේ ගමනේ දී ඔයයි මායි ගොඩාක් වාරයක් 

මුණගැහිලා ඇති, ආදරේ කරලා ඇති.... ඒකයි මේ භවයෙදි මට ඔයාව

 මේ තරම් හුරු පුරුදු....

මගේ ආදරේ වෙනස්.... කවදාවත් හමුවෙලා නැති, කෝල් කරලා නැති 

ඔයා ගැන මගෙ හිතෙ ආදරේ වෙනසක් නැහැ....

එක ආත්ම භවයකදි මං ඔයාව එපා කියන්න ඇති, ප්‍රතික්ෂේප කරන්න 

ඇති.... ඒකයි මේ තරම් ම දුරස් බවක්.... ඒ දඬුවම මං විඳින්නම්.....

ඒත් දන්නවද අපි ආයෙ කවදාවත්ම හමු නොවේවි... මං ඔයාට 

සමුදෙනවා සදාකාලයටම, අවසරයි ඔයාට පියාඹන්න ඔයාගෙ 

ලෝකයේ... නිදහසේ...

මං සතුටින්... ඔයාගේ සතුට මගේ නිසා....



"හමුවෙනා නෙත් දහක් අතරින්

ඔබේ දෑසම සොයා ඇවිදින්

ඔබට මෙතරම් ලංව ඉන්නේ

නොලැබෙනා බව දැන දැනයි"


ලිව්වේ
**කසූ**

No comments:

Post a Comment

මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...