Sunday, August 21, 2016

***- දිනාගැනීම -***


"මුනිසිරි පාද පියුමන් ළඟ සිරස නමා...
පැතුමක් පතා බෝ සමිඳුට බාර උනා..."
ඔයා මාව හොයං ඇවිත් ආදරෙයි කිවුවා...
මට... මට හිතාගන්න බැරි වුණා... මගෙ හිතට ආදරේ අරන් ආවේ ඔයා... ජීවිතේට සිසිලසක් වුනේ ඔයා... මගේ මුළු ලෝකෙම වුනේ ඔයා...
ගෙවල් වලට හොරෙන් අපි ආදරෙන් උන්නා... ඔයා මාව ආදරෙන් බලා ගත්තා... මගෙ අනාගතේ ඔයා කියල තේරුණාම මං ගෙදරට කිවුවා...
එදාට පස්සේ අපේ ගෙදර යුද්ධ පිටියක් වුණා...
ගෙදරින් අකමැති නිසා, මං නිහඬ වුණා. දන්නවද මං ගත්තු අමාරුම තීරණය ඒකයි... අපේ ආදරේට විරාමයක් උදා වුණා...
මං ඇඬුව තරම් දන්නෙ මගෙ ඇස් දෙකයි... මගෙ හදවත ඔයා වෙනුවෙන් කොච්චර නම් වැලපුණා ද... ගෙදර අය ඔක්කොම එක පැත්තක් ගනිද්දි මං තනි වුණා...
ඒ වුණාට ඔයා මාව අමතක කලේ නැහැ... මගේ හැම විශේෂ දවසක්ම ඔයාට මතක තිබුණා...
ඊට පස්සෙ මටත් නොදැනිම මට ඔයාව නැතුව බැරි වුණා...මගේ හිතට ආයෙමත් ආදරේ සුවඳ දැනුණා...
අපි දෙන්නා අපේ ආදරේ වෙනුවෙන් සටන් කළා... ගොඩාක් ඉවසුවා... අපි අපේ ආදරේ විශ්වාස කළා. අන්තිමට අපි දින්නා... ඔව්... අම්මලා අපේ ආදරේ තෙරුම් ගත්තා...
අද අපි දෙන්නා චූටි රොස මලක් වන් දියණියකගෙ දෙමවුපියෝ... මාත් දැන් අම්මා කෙනෙක්... ඇත්තමයි, එදා මගේ අම්මටයි තාත්තටයි දැනුනේ මොකක්ද කියලා මට අද තේරෙනවා...

 ලිව්වේ.....
**කසූ**

"අවන්හලේ දී තනි වී දෙන්නා
රුවන්වන් පැතුම් පතමින් උන්නා
ඒ පැතුම් සැබෑ වී... නව ලොවක් උදා වී
වෙනස් නොවීලා ඉමු අපි දෙන්නා"

No comments:

Post a Comment

මොනවා හරි ලියලා යන්න හොදද නරකද කියලා

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...