Monday, May 30, 2016

පරීක්ෂණය 01 කොටස

විද්‍යා ප්‍ර‍න්ධ කියවන්න කැමති යාලුවන් වෙනුවෙන් තමයි මෙම කතා මාලාව පළකරන්න අදහස් කළේ. මේකේ අයිතිය කතන්තරකාරයාගේ නොවන අතර, අන්තර්ජාලයේ මිතුරකු විසින් word document එකක් ලෙස ,ලබාදුන් බව කීමට කැමැත්තෙමි. මෙහි අයිතිය ඔහුගේද නොවන අතර, නියම අයිතිකරුට ගෞරවය හිමිවිය යුතුයි.


එහෙමනම් කතාව කියවල බලන්නකෝ......

00 කොටස                                               02 කොටස

මගේ පියාගේ මරනයෙන් පසුව අපේ පවුලේ බර සම්පූරනයෙන්ම වැටුනේ අම්මාගේ කරමතටය.අම්මා අපි වෙනුවෙන් වෙහෙසීම බලාසිටීමට බැරිතැන අයියා ඔහුගේ ඉගෙනීමේ කටයුතු පසෙක දමා කුඩා කඩයක් පටන්ගත්තේය.ඔහුට උසස් පෙල විභාගයෙන් සමත්වී සරසවියට යෑමට හැකියාව තිබුනත් එසේ නොකලේ අපිවෙනුවෙන් බැවින් මා නිතර ඔහුට ගරු කලෙමි.......මට ලොකුවට ඉගෙනගන්න වාසනාව නැතිවුනාට මල්ලි හොදට ඉගෙනගන්න.....ඔහු මට නිතර අවවාද දෙන්ට විය.මා පලමුවර උසස් පෙල ලිවුවත් සරසවි යෑමට ලකුනු අඩු වීම මගේ අවාසනවක් විය.ඉගෙනගෙන වෛද් වරයෙක්වීම මගේ කුඩාකල සිටම තිබුනු සිහිනයක්විය.අයියාගේ අදායමත් ඉතා අඩුවූ බැවින් තවදුරටත් ඔහුට කරදර කිරීමට හිත නොදුනි.........කොහොමහරි මාත් රස්සාවක් හොයාගන්නව......මගේ සිත නිතර කියන්ට විය...මම මේබව අයියාටත් අම්මාටත් කීවෙමි.......මම මොනවහරි කරල සල්ලි හොයල දෙන්නම් ඔයා ඉගෙනගන්න.....අයියා එසේ කිවුවත් මගේ තීරනය වෙනස් නොකෙලෙමි.මා රැකියා කිහිපයකට ඉල්ලුම් පත් දමා සම්මුක පරීක්ෂණවලට මුහුන දුන්නද එකකින්වත් පිලිතුරක් ලැබුනේ නැත....ඔවුන් කියන්නේ පස්සෙ දන්වන්නම් කියන වචනය පමනි....මා මේ ගැන කලකිරීමෙන් සිටිනවිට වෛද් මහාචාර්ය පරණගම මහතාට අයත් වයිද්ය පරීක්ෂණ ආයතනයේ රසායනාගාර සහායකුගේ රැකියාවක් ඉල්ලුම් කර ඇතිබව පුවත්පතකින් දැකගැනීමට ලැබුනා.මට වෛද්යවරයෙකු ලෙස ඉගෙන ගැනීමට නොලැබුනත් මෙවැනි කීර්තිමත් වෛද්යවරයෙකු යටතේ වැඩකිරීමට ලැබීම සතුටක් ලෙස සිතට දැනෙන්ට විය.මා ඉක්මනට ඉල්ලුම් පතක් යැවුවෙමි.සති දෙකකින් පමන පසු වුත්තරයක් ලැබුනි. එය නුගේගොඩට ආසන්න ස්තානයකය. මා එම සම්මුක පරීක්සනයට යන විට එමස්තානයේ විසිපහකට අධික පිරිසක් මෙම සම්මුක පරීක්ෂනයට පැමින සිටිබව දැකගැනීමට ලැබුනි.......මේ කත් හරියන එකක් නෑ.....මගේ හිත කියන්නවිය.එහෙත් සති දෙකක් වැනි කෙටි කාලයකදී නැවත එම රැකියාවටම දෙවෙනි පරීක්සනයට කැදවීමක් ලැබුනි.එදා සිටියේ මාත් සමග පස්දෙනෙක් පමනි.එදා මාව කාමරයක් තුලට කැදවූ මහාචාර්ය තුමා මගේ මුලුසිරුරම පරීක්ෂා කරන්ටවිය. මට ආපසු නොයන ලෙසත් නැවත කැදවන්තුරු එලියේ සිටින ලෙසත් දැන්වූ ඔහු අනිත් අය කාමරයට කැදවන්ට පටන්ගත්තේය.අවසානයේ නැවත කැදවූමට......ඔය ළමය හෙට ඉදන් වැඩට එන්න ඕනැ......ඔහුගේ මෙම වචනය මගේ හිසේ මලක් පිපුනාසේ දැනෙන්ට විය..........ගෙදර ගියමම මෙම ආරන්චිය අම්මාටත් අයියාටත් කියන්ට වුනෙමි......මල්ලි තව දුරටත් ඉගෙනගන්නෙ නැතුව රස්සාවට යන එකට මම කැමති නෑ.....අයියාගේ විරෝදය නැවත දක්වන්ටවිය.කිසිදෙයක් නොකියා අහගෙන සිටිය අම්මා මට ආසීර්වාද කරන්ට විය.අපේ නිවස තිබුනේ නුගේගොඩ සිට බොහෝදුරක පිහිටි රත්නපුර පෙදෙසේ නිසා මට පාන්දරින්ම වැඩට යෑමට සිදුවිය.පාන්දරින්ම නැගිට මා වෙනුවෙන් පිලියෙල කල කිරිබත් ටිකක් අම්මා අතින්ම කවාගත් මා අම්මාගෙද අයියාගෙද කකුල් අල්ලා වැන්ද මම රැකියාව බලා පිටත් වුනෙමි.මා යනවිට ඉදිරි මේසයේ සිටි මැදිවියේ කාන්තාවට මගේ පත්වීමේ ලිපිය ඉදිරිපත්කලෙමි......මිස්ට හර්ශ පොඩ්ඩක් වාඩිවෙලා ඉන්න සර් තාම ආවෙනෑ.....මම පුටුවේ වාඩිවී සුලුවෙලාවක් ගතවෙනවිට ඔහු පැමිනෙනු දුටිමි.මහාචාර්ය පරනගම වයස පෙනුමක් තිබුනත් හීන්දෑරි උස සිරුරකින් හෙබි ප්රසන්න පෙනුමක් තිබුනු තැනෙත්තෙක් විය.ඔහු පැමින සුලු වෙලාවකින් මාව ඔහුගේ පරීක්ෂණා ගාරය තුලට කැදවන්ට විය.....ඔය ලමය ගෙ ගෙදර තව කව්ද ඉන්නෙ මගෙන් අසන්ට විය.....අම්මයි අයියයි විතරයි සර් ......මම කීවෙමි. එතකොට තාත්ත නැද්ද .....මගෙන් නැවට ඇසීය...එයා අපි පොඩිකාලෙම නැතිවුනා...මම එසේ කියනවිට ...සෝ සෑඩ් ..කිව්ව ඔහු මා දෙස අනුකම්පාවෙන් බලන්ට විය.එතකොට අම්මට දූලා නෑ නේද.....ඇසුවේය......මම හිනාවුනෙමි.....දුවෙක් හිටියනම් අම්මට පාලුවක් නෑනේද........මා දෙස බලා සිනාසෙමින් පවසන්ට විය.මමත් ඔහුදෙස බලා සිනාසුනිමි.දැන් ඔය ලමය අද ඉදන් මෙතන වැඩටික කරගෙන යන්න ඕනැ මෙතන කලමනාකරු හැටියට වැඩකරන්නෙ මිසිස් සිල්වියා තව ඉන්නෙ ඔයාට වඩා පොඩ්ඩක් වයස වැඩි චතුරානි විතරයි. ඔයාට තියෙන්නෙ චතුරානි එක්ක වැඩකරන්න.....ඊට ඉස්සෙල්ල අද ඔයාගේ සරීරය තවදුරටත් පරීක්ශා කරන්න වෙනව හින්ද අර ඇදෙන් ඇලවෙන්න.....කිව්ව ඔහු මා ඇද සිටි ඇදුම් ගැලවීමට නියම කලේය.....මේ මොකක්ද කරන්න හදන්නෙ.....මට බියකුත් ලජ්ජාවකුත් හටගන්න විය.මාව නිරුවත්කල ඔහු මගේ මුලුසිරුරම පරීක්ශාකර මගේ ලේ සුවල්පයක් ගෙන උපකරනයකට දමා පරීක්ශා කල ඔහු මගේ පිට මැදට බෙහෙතක් එන්නත් කරන්ටවිය.සුලු වේදනාවක් දැනුනත් එතරම් වෙනසක් දැනුනේ නැත.....මිසිස් සිල්වියා කැදවූ ඔහු මාව චතුරිකාට හදුන්වා දීමට නියමකලේය.චතුරානි රූමත් ගැහැනු ලමයෙකු වූඅතර ඇය මා දෙස බලා අහින්සක ලෙස සිනාසුනාය.......මට තරුණයෙකු වසයෙන් මෙතරම් රූමත් තරුණියක සමග රැකියාව කිරීමට ලැබීම මට ලැබුනු වාසනාවක් ලෙස සිතන්ට වුනෙමි.සිල්වියා ගියපසු මා අසලට පැමිනි චතුරානි.........අයි ඔයා මේ රස්සාව හොයාගත්තෙ මෙතැන අමුතු තැනක් ඉක්මනට මෙහෙන් යන්න............. ..ඇය වටපිට බලමින් බයෙන් වගේ මට පවසන්ටවිය......මොකද ....මම ඇසුවෙමි.......

මතුසම්බන්ධයි.....

මොහිණීගේ අඩවිය 08

07 කොටස                             මෝහිණීගේ උපත         09 කොටස

පසුගිය කොටසින්

අම්මා වරින් වර ලබා දුන් ආහාර පාන නිසා පැය දෙක තුනක් යනවිට ශරීරය ප්‍රාණවත් වී ඇවිද ගැනීමට පුලුවන් තත්වයට පත්වුණා. 12 විතර මගේ මිතුරකු මා බැලීමට පැමිණි අතර ඔහුත් සමග කතාවකට වැටුණා. ඔහු සොයගන ඇති ආකාරයට මට මුණගැසී ඇත්තේ මොහිණීගේ අවතාරයක්. අවුරැදු ගණනාවකට කළින් අපේ ගම්පළාත් පාළනය කරගන සිටි සිටු පවුලක රූමත් දියණියක්.........

අද එතැන් සිට


කාමිණී නම් වූ ඇය කුඩා කළ සිටම දඩබ්බර දරැවකු සේ ඇතිදැඩි වී ඇති අතර වැඩිවියට පැමිණෙද්දීත් ඒ ගතිගුණ ඒ ආකාරයෙන්ම තිබිල තියෙනව. රූපශ්‍රීයෙන් නම් කිසිම අඩුවක් නැතිලු. දකින ඕනම කෙනෙක් ගේ හිත ඇය වෙත නිකම්ම ඇදිල යනවලු. තරැණ වියට එළඹෙනකොට ඇයගේ විවිධ ආශාවන් වැඩි වෙලා. හොදින් හෝ නරකින් තම අවශ්‍යතා ඉටුකර ගන්නවලු. දෙමාපියන්ටවත් පාළනය කරගන්න බැරි තත්වයකට පත්වෙලා තියෙනව. ඔය ආශාවන් අතරින් ඇය වැඩියෙන්ම ප්‍රිය කරල තියෙන්නේ පිරිමින්ව තම වසගයට අරගන ඔවුන් සමග යහන් ගතවෙලා තම කාම ආශාවන් ඉශ්ඨ කරගන්න. ඇයට තිබිල තියෙන්නේ එසේ මෙසේ ආශාවන් නෙමෙයි. විකෘති කාමාශාවන්ලු.තමන්ගේ සේවිකාවන් සියල්ලමත් ඇය සමග එකතු කරගන්නවලු මෙම ක්‍රියාවන්ට. (අපේ කාලේ ඔහොම එකියක් උන්නනම් නේද ඉතින් :P ) සමහර පිරිමින් මරණාසන්න වනතුරැම දින ගනන් ඇයට අවශ්‍ය විදියට යහනේ තබාගන්නවලු. ප්‍රදේශ වාසීන් හට කරකියාගත හැකි දෙයක් නැතිලු. එවකට සිටි රජතුමත් ඇගේ වසගයේ සිටි නිසා රජතුමා නැටුවේ ඇගේ පදයටලු.

ඇගේ දෙමා පියන් මහලු අවධියේ කොසේ හෝ මැයට විවාහයක් සිදුකර දී තිබෙනව. නමුත් ඒ පුද්ගලයාත් දමාසයක් වැනි කෙටි කාළයක් තුලදී මරනයට පත්වෙලා තියෙනව. කාළයාගේ ඇවෑමෙන් ඇගේ දෙමාපියන්ද මිය පරලොව ගියාට පසුව, එවකට රජකම් කළ රජතුමාගේද අභාවය සිදු වෙලා තියෙනව. ඇය තරැණවියේ සිටම කාටත් රහසේ මන්ත්‍ර‍ශාස්ත්‍ර‍ හදාරල තිබෙනව. ඇගේ දෙමාපියන් සහ රටේ රජු මියයන කාළය වනවිට ඈ මන්ත්‍ර‍ාස්ත්‍රය පිළිබද උපරිම දැනුමක් ලබා සිටි අතර ඈ වටා සිටි සේවිකාවන්ද ඇගේ ගෝලයන් බවට පත් කරගන ඇත. සෑම සවසකම සේවිකාවන්ද පිරිවරා අශ්ව කරත්තයෙන් සංචාරය කරන ඇය කවුරැන් හෝ කඩවසම් තරැණයකු ඇගේ මාලිගාවට අල්ලාගන යයි. ඇයට විරුද්ධව නැගීසිටීමට යමෙකු උත්සහ කරයි නම් ඇගේ මන්ත්‍ර‍බලය උපයෝගි කරගෙන ඔවුන් විනාශ කර දමයි. එනිසා ඇයට සියලු දෙනා බිය වූහ. ඇය අමරණීයත්වයට පත්වීමට උත්සාහ ගන්නා වගක් රටපුරා පැතිර යන්නට විය.

රජතුමාගේ ඇවෑමෙන් ඊළගට රජකමට පත්ව ඇත්තේ එතුමාගේ පුත්‍ර‍යා වන අතර, එතුමාට මෙම පුවත දැනගන්නට ලැබිණ. මේ ආකාරයෙන් පුරැෂයින් ඝාතනයට පත්වීමට හැරිය නොහැකි බව තරයේ කියා සිටි එතුමා කාමිණී අල්ලා සිරකිරීමට සෙන්පතිට නියෝග කළා. සේනාවද රැගෙන ඇය ඇල්ලීමට ගියද කාමිණි සහ ඇගේ සේවිකාවන් පිරිවර විසින් ඔවුන් වසගයට ගෙන ඇගේ අවශ්‍යතා ඉටුකරගන ගමේ සෑම තැනම ඔවුන්ගේ මිණී ගොඩගසා ගොස් තිබුණා. ඔය ආකාරයෙන් රජතුමා සේනා කිහිපයක් එවුවත් ඇයව පරාජය කිරීමට නොහැකි වෙලා තියෙනව. රජතුමා ඉතාම හොද බෞද්ධයෙක්ලු. පසුකාලීනව බුද්ධාගම නගාසිටුවීමට ලොකු සේවයක් කරල තියෙනව. ඇය පැරදවීමට ක්‍ර‍යක් රජතුමා විසින් එවකට රටේ වැඩ වාසය කළ මහානායක ස්වාමීන් වහන්සේලා සමග කථාබහ කරගෙන තියනව. 

ඒ උපදෙස් අනුව පොහොය දිනයකදී රජතුමා පෙරමුණ ගත් සේනාවක් අවිත් කාමිණී සහ ඇගේ සහචර කණ්ඩායම අල්ලා මරාදමා මෙම පළාතට තිබූ බිය ජනක තත්වය නිමා කර දී තිබෙනව. කාම්ණී ඇතුලු පිරිවර හිස ගසා දැමීමෙන් තමයි මරල තියෙන්නේ. හිස ගසා දැමීමට මොහොතකට පෙර ඇය විසින් තර්ජනාත්මක ස්වරයෙන් කියල තියෙනව ඇය මරා දැමුවත් නැවත එන බව. මීටත් වඩා බලවත්ව පැමිණ තම ආධිපත්‍යය පතුරවන බවට. කෙසේ හෝ රජු විසින් ඇයගේ කතාව ඉවර කර ඇති අතර ගම් වැසියන් විසින් උත්සව සැනකෙලි පවත්වමින් ඇගේ මරණය සමරල තියෙනව. අද ගමේ ඇති සුසානභූමිය නිර්මාණය වෙලා තියෙන්නේ ඇය සහ පිරිවර වලදැමූ ස්ථානයේ. එනම් ඇයගේ මන්දිරය පිහිටි භූමිය. පසු කාලීනව ගැමියන් විසින් ඇගේ මන්දිරයද සමතලා කරල දාල තියනව.

ඇය මරා දමා මාසයක් පමණ ගතවනවිට ගම්වාසීන් ඉතාමත් නිදහස් බියෙන් තොර ජීවන රටාවකට හුරු වී ඇති අතර ගමි ප්‍රදේශයේ පිරිමි ගහනය නැවත වර්ධනය වීමට පටන් ගෙන තියෙනව. එයින් වසර 100 පමණ ගතවුණාට පසුව අපේ ගම් ප්‍රදේ්‍ශයේ පිරිමි ගැහැණු සම ප්‍ර‍මාණ වලින් ඉදල තියෙනව. එසේ සියල්ල සිදුවී වසර 100 පිරෙන දිනයේ මැදියම් රාත්‍රියක එවකට සිටි අතිදක්ෂ මන්ත්‍රාචාර්ය කෙනෙක් ගමේ සුසාන භූමියේ තම ගෝල බාලයිනුත් එක්ක යාගයක් කරල තියෙනව. ඔය යාගෙ දවසේ මැදියම් රෑ හෙන පුපුරමින් වැස්ස ඇදහැලිල තියෙනව. ගමේ ඈත කොනකින් පටන් ගත්තු සුලි කුණාටුවක් කරකැවෙමින් ගස් කොලන් කඩා බිද දමමින් සුසාන භූමිය පැත්තට ඇදිල ගිහින් තියෙනව. ගම් වැසියෙත් දැකල තියෙනව. මමත් ඒ වගේ දෙයක් දැක්ක කියල පසුගිය කොටස් වල සදහන් කරල ඇති. ගමේ ඇති පුරාවෘත අනුව එදින මන්ත්‍රාචාර්යතුමා විසින් අදුරු අමනුෂ්‍ය ලෝකයේ සිටි මායාකාරියට මෙලොවට පැමිණීමට දොරටුවක් තමයි විවෘත කරල දීල තියෙන්නේ. මගේත් මගේ මිතුරාගේත් නිගමනයන්ට අනුව එම දොරටුව ඇත්තේ අපේ ගමේ ඊසාන දිශාවට වෙන්න ගම කෙළවර පිහිටි ස්ථානයකයි. මා මුහුණ දුන් අවස්ථාවේදීත් සුලි කුණාටුව ආවේ ඊසාන දිග දෙසින්, මිතුරා සොයාගන ඇති විස්තර වලට අනුවත් එය පටන් ගෙන ඇත්තේ ඊසානදිග දෙසට වන්නයි.

පුරාවෘත කතාවට අනුව සුලියක් ආකාරයෙන් පැමිණෙන්නේ කාමිණී සහ ඇගේ සේවිකාවන්, කාමිණී මරණින් පසු අමනුෂ්‍ය ලෝකයේ අදුරැ පෙදෙසකට එනම් නරක පැත්තට ඇද වැටී ඇති අතර ඇය මනුෂ්‍ය ලෝකයේදී ලබාගත් ගුප්ත ශාස්ත්‍ර‍න් පිළිබද දැනුම නිසා අමනුෂ්‍ය ලෝකයේ බලවත් රූමත් යක්ෂණියක් බවට පත්වෙලා. මන්ත්‍ර‍කරුවා විසින් අමනුෂ්‍ය ලෝකයත් මනුෂ්‍ය ලෝකයත් අතර ගමන් කළ හැකි දොර විවෘත කළ විගස මෙලොවට පැමිණීමට දැඩි ලෙස ඔනෑකමින් බලා සිටි කාමිණී ඇගේ පිරිවරත් සමග මෙලොවට පැමිණ තිබෙනවා. පැමිණි විගස ඇය ගොස් ඇත්තේ ඇගේ මාලිගය ඇති ස්ථානයටයි. එම ස්ථානය විනාශ කර දමා සුසාන භූමියක් බවට පත් කර ඇති බව දුටු ඇය ඉතාමත් කෝපා වෙලා තිබෙනව. ඇගේ භූමිය තුල යාග කරමින් සිටි පිරිස දුටු ඇයට තව තවත් තරහා ගොස් තියෙනව. අනිත් එක තමයි එතන ඉදල තියෙන්නේ පිරිමි කට්ටියනේ. අවුරුදු 100 පුරාවට සිරවී තිබූ ආශාවන් මෙම පිරිස මගින් කාමිණී සහ සේවිකාවන් සංසිදුවාගන තිබෙනව. සෑහෙන ප්‍ර‍මාණයකට දක්ශ සහ බලවත් වූ මන්ත්‍රාචාර්යා පමණක් විනාශ කිරීමට ඇයට අපහසු වෙලා තියෙනව. එම ස්ථානයෙන් කෙසේ හෝ පැනගත් ඔහු ගල්කන්ද රජමහාවිහාරයේ බොධියේ අසලට ගිහින් තමයි යකින්නගෙන් බේරිලා තියෙන්නේ. එදින රෑ එළිවන ටිකට ගමේ පිරිමින් විශාල වශයෙන් ලේ උරා බීම සහ ලිංගිකව වධ දීම මගින් මරා දමා තිබුණා. බේරැණු ඉතිරි සියලු දෙනා පන්සල් භූමියට පැමිණ ආරක්ෂාකාරීව පසුදා පහන් වෙන තුරැ ඉදල තියෙනව. පියවි ඇසට පෙනෙන ආකාරයෙන් පැමිණ ඇති එම යක් සේනාවට පන්සලේ සීමාව පසුකරගෙන ඒමට නොහැකි වෙලා තියෙනව. 

හිරුගේ පළමු කිරණ පොළවට වැටෙත්ම වේදනා කාරී ශබ්ධ නගමින් එම යක්ෂණිය සහ පිරිස සුසාන භූමිය දෙසට දුමාරයක් බවට පත් වී පාවී ගොස් තිබෙනව. දහවල් කාළයේ එම යක්ෂණියට බලයක් නැති බව වටහාගත් පිරිස භූමියෙන් එළියට පැමිණිලා නිවෙස් වලට ගිහින් තියෙනව. 

එම කාළයේ කවුරැත් නොසිතූ ලෙස ශ්‍රීපාද අඩවියේ රහසේ වාසය කළ දිවැස් ලාභී රහතුන් වහන්සේ නමක් එදින උදෑසන අවදි වෙලා දිවැසින් අප දේශය බලන විට මෙම ඛේදවාචකය දැකල තියෙනව. රහතුන් වහන්සේ සෘධිබලයෙන් ගල්කන්ද රජමහා විහාරයට වැඩමකර පන්සලේ නායක ස්වාමීන්ද්‍ර‍යන් වහන්සේ සහ අනිකුත් ස්වාමීන් වහන්සේලාත් සමග සාකච්ඡා කර ඇති අතර දහවල් කාළයේ පිරිත් දේශනා කර ගමේ ඇතිවී තිබූ බිය නැති කරල තියෙනව. එදින පටන් එම පිරිතේ බලය ගම්මුන්ගේ දැහැමි ජීවන රටාව අනුව රදා පවතින බව පවසා ඇති අතරකෙදිනක හෝ ගම්වාසීන් අකුසල් ක්‍රියාවන්ට පෙළඹුනහොත් එම  පිරිතේ බලය  නොමැතිවී යන බව පවසා ඇත. එම මොහොතේ පටන් ගම තුල යකින්නගේ බලය හීන වී යනබව පවසා තිබෙනව. ඇදිරි වැටෙන්න පෙර පන්සලට රැස්වූ ගම් වාසීන් බියවී කුමක් සිදුවේදැයි විමසිල්ලෙන් ඉදල තියෙනව. ඉර බැසයාමත් සමගම අවදිවූ කාමිණී සහ පිරිස රුධිරය සොයා ගම පුරා සැරිසරන්න වුණා.නමුත් ඔවුන්ට වෙනදා තරම් බලගතු බවක් පෙනෙන්න තිබුණේ නැතිලු. ගමන් කිරීමේ හැකියාව හැරෙන්නට භෞතිකමය දේවල් වලට බලපෑම් කිරීමට නොහැකිලු. ඒ අර පිරිතේ බලය නිසා ලු. වෙනදා රැස් විහිදවමින්, අළංකාර ඇදුම් මවා ගනිමින්, තද වැසි සුළං මවා පාමින් මිනිසුන්ට හිරිහැර කරමින් හැසිරෙන යකින්න එදින බල හීන යකින්නක් බවට පත්ව සිට ඇති අතර, පෙණුම වී ඇත්තේ පැරණි සිටු කුමරියකගේ ජරාජීර්ණ වූ ඇදුමක්. සිරැරද කුණුවී ඔජස් ගලමින් තමයි හිදල තියෙන්නේ.

විහාරයේ සිට පිටතට වැඩම කළ රහතුන් වහන්සේ ඇය ප්‍ර‍ුමුඛ කණ්ඩායමෙන් ධර්මය අසා නිවැරදි මගට ඒමට කැමතිදැයි විමසා ඇති අතර, එයට යකින්න සහ පිරිවර අකමැත්ත පළකර ඇත. ඉන් පසු තම සෘධි බලයෙන්  අහසට නැගි රහතුන් වහන්සේ විශාල හස්තයක් මවාගන කාමිණී ඇතුලු යකුන් ටික එම අතින් එක මිටට ගෙන, ගමේ ඊසාන දෙසට ගුවනේ පාවී ගොස් අහසේ සිටම අමනුශ්‍ය ලෝකයට දොර විවරකර අතෙහි වූ යකුන් අනිත් ලෝකයට විසිකර දැමූ බවට තමයි පැරණි කථාවේ කියන්නේ. 

එම කාර්යන් අවසන් කළ රහතුන් වහන්සේ නැවත ශ්‍රීපාද අඩවියට වැඩමකිරීමට යන අවස්ථාවේ නායක හාමුදුරැවන්ගේ ඉල්ලීම පරිදි ගල්කන්ද රජමහ විහාරලේ ගල් පව්ව මත් වන්දනාමාන කිරීම සදහා රහතුන් වහන්සේගේ සිරි පතුල් තබා ගල්පව්ව මත සිරිපතුලක් මැවූ බව සදහන් වෙනව. පන්සලට යන උදවියට අදටත් ඒ සිරිපතුල දක්නට ලැබෙනව.

කාළයාගේ ඇවෑමෙන් ගැමියන් නැවතත් තම ජීවිත හොදින් ගතකරන්නට වෙලා තියෙනව. අර මන්ත්‍රාචාර්ය්‍යතුමාත් පැවදිවෙලා තියෙනව. තමන් දන්න සියලු දැනුම පුස්කොළ පොත්වල ලියූ ස්වාමීන්වහන්සේ, අමනුශ්‍ය ලෝකයට දොරටුව විවර කරන මන්ත්‍ර‍ පවා ලියල තියෙනව. රහතුන් වහන්සේ දේශනා කළ ආකාරයට ගැමියන් කුසල් කරමින් ජීවත් වෙලා තියෙනව. 

යාලුවා මට ඔය කතාව කියල ඉවර වෙනකොට තමයි ඔරලෝසුව දිහා බැලුනේ... දැන් වෙලාව 5.30, සිතට බයක් දැනෙන්න ගත්තා.....

මතු සම්බන්ධයි........

Wednesday, May 25, 2016

වශී ගුරැකමක්

ගමේ දේවාලෙ වන්දනා කරන්න කියල හිතාගෙන අද ගියා යාලුවෙකුත් එක්ක දේවාලෙ පැත්තට. ඉස්සර වගේ නෙමෙයි.දේවාලෙ දියුණුවීමත් එක්කම ප්‍ර‍ධාන මාර්ගයේ සිට දේවාලය දක්වාම මාර්ගය දෙපස මිනිස්සු විසින් තම ජීවනෝපාය කරගන, විවිධ වෙළදාම් සිදු කරයි. තෙල්,මල් ආදිය විකුනන කඩ, පූජා භාණ්ඩ විකුණන කඩ, පළතුරැ කඩ, කෑම කඩ, අයිස්, බීම කඩ,ප්ලාස්ටික් බඩු විකුණන කඩ ආදී විවිධ වෙළදාම්හි නිරත වෙයි. ඒ අතරේ වෙලාවල් හදහන් බැලීම, සාශ්ත්‍ර‍ කීම ආදිය කරන ස්ථානද ඇතිවී තිබේ. ඔය දේවල් ගැන විපරම් කරමින් දේවාලය දෙසට පල්ලම් බසින විට මා හොදින් දන්නා අදුරන අයියා කෙනෙක් ගේ නිවසේ පිරිස රැස්වී සිටිනවා මගේ ඇසට හසු වුණා. මොකක්ද සීන් එක කියල බලන්නත් එක්ක ගොඩ වුණා අයියගේ නිවසට. හොදට හිටිය අයියා සුදු ඇදුමෙන් සැරසිලා ඉනෙහි රතු පටියක් බැදගෙන කාන්තාවකට ශාන්තිකර්මයක් කරනව. පෙනුනු ආකාරයට කාන්තාවට ප්‍රේතයෙක් වැහිල. කෙසේ හෝ එම ශාන්තිකර්මය අවසානයේ කාන්තාවට සුව වූ බවක් පෙනෙන්නට වූ අතර, කටයුතු සියල්ල අවසානයේ පැමිණි පිරිස ද අයියාට ස්තුතිකර පිටව ගියා.

ඉන්පසු මා සමග කතා බහට වැටුණු අයියා එක්ක සෑහෙන වෙලාවක් කථාබහ කරමින් සිටියා. ඔහුගේ හැකියාවන් ගැන ඔහුගෙන්ම අසා දැනගත් අතර, මා සමග ගිය මිතුරාට අයියාගේ එම හැකියාවන් ඇසීමෙන් පසුව අවශ්‍යතාවයක් පැන නැගුණා. ඒ යාලුවා වසර ගණනක සිට උත්සාහ කරන ගැහැණු ළමයා තවමත් කැමැත්ත නොදී ඇති නිසා කැමති කරගැනීමට වශී ගුරුකමක් සිදු කරගැනීමයි. නමුත් අයියාට වැඩ අධික නිසා හැකිනම් කරගන්න කියා අවශ්‍ය මන්ත්‍ර‍ කිහිපය සහ මල් තටුව සකස් කරන ආකාරයද කොළයක ලියා දුන්නා. වශී ගුරැකමක් වගේ දෙයක් කරන විට අවශ්‍ය පුද්ගලයාම මැතිරිලි කරගන්නවනම් සාර්ථක වීමේ සම්භාවි තාවය වැඩි බව ඔහු පැවසුවා. තවත් වේලාවක් කතාබහ කරමින් ඉදලා අයියාට සමු දීල, දේවාලය පැත්තට ගියා.

මමත් එක්ක ගිය යාලුව එදා රාත්‍රියේම අයියාගේ උපදෙස් අනුව වැඩේ පටන් අරන්, මමවත් දන්නේ නැතුව. සතියකට විතර පස්සේ මට ඇවිත් කියනකොට තමයි මමත් දන්නේ, ගැහැණු ළමය මගේ යාලුවට කැමැත්ත දීල.

ඉතින් මම ඒ මන්ත්‍ර‍ය දෙනව ඔයාලට, වැරදි විදියට භාවිත කරන්න එපා, හොද දේට භාවිතා කරන්න, කැඩිල ගිය පවුලක් එකතු කරන්න වගේ හොද දේට, අල්ලපු ගෙදර ඇන්ටිව වශීකරගන්නව එහෙම නෙමෙයි ..... (HiHeeee)

මේ තියෙන්නේ මන්ත්‍ර‍ය

 (ගුරු මුෂ්ටි ඇත) 

" ඕං සම්භසා රෙබිහාන නව සිවා හරවාය (අදාල පුද්ගලයාගේ නම) වසමානය ඒස්වා හා

තං ලිං ද්‍ර‍ං සාරකාල ශ්‍ර‍න්ත (අදාල පුද්ගලයාගේ නම) රති කාල දේව දන්තං ලක්ෂ්මීස්වා හා

කාරුංගා සුලි ඉරුංගා සුලි රික්කු කට්ටු බන්ධන කාලි කට්ටු අමුර්ත කාලී - කට්ටු පුල්ලිත්තා හංචි 
වින හංචි ඉරම රේන්ද්‍ර‍කට්ටුප් පුල්ලියානේ ස්වා හා

අයි බ්ලුං ක්ලිං කාම පිසාච (අදාල පුද්ගලයාගේ නම) කාමස්වායනේ හායුකෝ මරු පේන නිර්වාරය - ද්‍රාවය ද්‍රාවය සෙනෙහේන බන්ධය බන්දධි පුරුෂළුම් (නම් දෙකම) ස්ත්‍රි ම් ස්වා හා

ඕං අස්සලේ අස්ස කනේ අරී දූවිලි අඩ්ඩු කේසිවා ක්රාලේ හක්කරාවේ ගිනි මෝහිනී චන්ඩාලිස්වා හා

චිටි චිටි එන්ඩාලි මා චන්ඩාලි (අදාල පුද්ගලයාගේ නම) වසමානේසවා හා

ඕං වර කූඹියේ හිප්‍රලොකා නාරසිං වයිරා ඉරවඬ ඔල් උච්චි අන්ඩ රන්ඩවා සිඬි දිෂ්ටි ස්වාහා

"
රන් තැඹිලි ගසකින් කඩා ගත් ගෙඩියක් බිම නොදමා අරගෙන තෙල් හිඳ ඉන්දියානු සුදු හඳුන් තෙල්, ඉන්දියානු හොදම කස්තුරි සමග මිශ්‍ර කරන්න.පංච මල් තටුෙව් තබා බන්ධනය කරන දෙදෙනාගේ නම් දෙක අවශ්‍ය තැනට යොදා මුලින් මල් තටුව ප්‍රාණ 108 පලිප්පුව 108 පුට 108 මතුරා ඉහත මන්ත්‍රයෙන් 1050 මතුරා අවශ්‍ය කෙනාට තෙවරක් නියෙන් ඉසිනු. ජීවිත කාළයටම ඔබේ පෙම්වතා, පෙම්වතී වේ.

තවත් යමක් දැනගැනීමට අවශ්‍ය නම් කොමෙන්ට එකක් මගින් හෝ කතන්තර කාරයා FB පිටුවට පණිවුඩයක් එවීම මගින් විමසන්න.(කතන්තර කාරයා පිටුවට යාමට මෙතන ඔබන්න)


Saturday, May 7, 2016

ඉන්නම් ද, හුස්මක් ළගින්

                               

 සිත බොළද වෙන්නේ....

ආදරේ වැඩි කමට.....

නෙත් කදුළු දෙන්නේ.....

හදේ දුක පිරැණාම....

පෙරැමන් පුරන්නේ....

දිනෙක ඔබගේ වෙන්න....

අවසර ද නවතින්න....

ඔබේ සුසුමන් ගාව....

ලිව්වේ
**කසූ**

Monday, May 2, 2016

ගගට උඩින් ...........

ගෙට යාබදව තිබුණු වතුපාළු කෙසෙල් පදුරේ බාගෙට ඉදුණු කැන කෑමට පොරකන වවුලන්ගේ තටු ගසන බස බස හඩින්  තොටී අයියා තිගැස්සී දෑස් ඇරියේය. ‘‘කාලකණ්නි සත්තු‘‘ යැයි තමාට මුමුණමින් ඔහු සාලය මැදින් කුස්සි කෑල්ලට පිය නැගුවේ වතුර ටිකක් බීමටය. රෑ දවසම නින්දත් නොනින්දත් අතර සිටි ඔහුගේ මනසට වද දුන් සිතුවිලි දහරාවෙන් බඩ පපුව පිච්චී වේලුම් ගතියක් දැනුන බැවින් වතුර කෝප්පයක්ම එක හුස්මට බීමෙන් පසු කුස්සිය ආවරණය කර තිබූ දොර පළුව ඉවත් කර එළියට බැස්සේය. සවස් කාලයේ සිට අලුගොඩක් විසිකර දැමුවා සේ මුදුන් වූ වැහි වළාකුළු තවමත් එසේමය. එය හරියටම සුදු මදින ලද බිත්තියකට නැවතත් බදාම ගෑ සේ දිස්විය. පුර අටවක දිනයක් වුවත් එක වකක සදේ කෑල්ලක් තියා හෝ තරැවක් හෝ දිස් නොවිණි. හිමිදිරි හෝරාව ළං වී අැති බව ඔහුට වැටහුණත් මෙදින නම් අඩුම තරමේ පහන් ආලෝකයක සේයාවකුදු දක්නට නැත.

‘‘තාමත් එළියේද? දොර වහල දාලා ගෙට එනවා, පීනස් අමාරැව හදාගන්නෙ නැතුව‘‘.

ඔහුගේ බිරිද නිදිමත ගතියෙන් කෙදිරෑ හඩ ඔහුට ඇසුණේ යාන්තමිනි. කටුනායක ගුවන් තොටුපලට කොටි පහර දීමට පැමිණි අවස්ථාවේ මුළු ප්‍රදේශයේම විදුලිය විසන්ධි කළා සේ මුළු අහසම ඇට අන්ධකාරයක ගිල්වා දමා නැගෙනහිර පැත්තේ බොහෝ ඈතින් නැගුණ ගෙරවුම් හඩකින් ඔහුගේ දෙසවන කම්පනය කළේය. ඒ සමගම උගුරැස්ස ගෙඩි තරම් විශාල වැහි බිංදු වලින් ඔහුගේ හිස් මුදුනටම ටොකු අනින්නට පටන් ගත් බැවින්  ක්ෂණිකයෙන් දොර පළුව වසාදැමුවේය. වසාලූ දොර දෙස නිමේෂයක් බලා සිටි ඔහු තද සුළග ඇද හැලෙන අනෝරා වැස්ස මෙන්ම මනස් කුහරය තුලට කා වදින සිතුවිලි පොදියෙන් හෙම්බත් වීම නිසා ගෙතුලට පිය මනින්නට සිතුණි.

‘‘නිදාගන්න දෙයියනේ ඔය මනස්ගාත හිතින් අයින් කරලා‘‘

මෙවර නම් බිරිදගේ ස්වරය ටිකක් උසු වූ බැවින් පා හඩ නොනැගෙන සේ හීන් සීරැවේ කාමරය තුලට පිවිසි ඔහු යන දෙස නෙත් හෙළුවේ සිය බැල්මෙන් පවා එහි වූවන්ට හිරිහැර වේ දෝයි බියෙන් මෙනි. නමුත් ලිප තැබූ කේතලයෙන් වතුර පැහි පැහී බුබුළු දමමින් මුව විටින් උතුරා යන්නට ලංවෙන අයුරැ ඔහුගේ සිතට දැනෙයි. ලවක් දෙවක් නැතිව යුද්ධයකදී දමා ගසන බෝම්බ මෙන් අකුණු පිපිරෙයි. අහස ගොරවන්නේ කේසර සිංහ රාජයෙකු විලසිනි. 

‘‘ගෙදර කෑමට බීමට පමණක් මසකට රැපියල් හත් අටදාහක් ඕනෙ. මාසයෙන් මාසේ ඉහළ නගින චූටි දුවගේ ටියුෂන් ගාස්තු. ඒ මදිවට රැකියාවක් සෙවීම  රැකියාවක් කර ගත් වැඩිමහල් පුතාගේ ගමන් වියදම් සපයාදීම. මේ සියලු වියදම් දැන් දරන්නේ කොහොමද?‘‘ ඇදේ උඩුකුරැව වැතිරැණු තොටී අයියාගේ කල්පනාවට එන්නේම මේ අන්තෝ ජටා බහි ජටා ප්‍රශ්න වැලමය.

‘‘තේ එකක් හදන්නද?‘‘ බිරිද කුස්සියේ සිට ඔහුගෙන් හඩගා ඇසීමත් සමගම මනෝකායෙන් මිදුනු ඔහු පියවි සිහියට එළඹිණි.

‘‘හොදයි ඉගුරැ කෑල්ලක් එක්ක.‘‘

කොහේ තියෙන ඉගුරැද මනුස්සයෝ‘‘

‘‘එහෙනං ඉගුරැ එපා‘‘

වැස්ස යන්තමට තුරල් කර ඇති බව ඔහුට වැටහුණේ ඇදේ හිදගත් පසුවයි. සමනල ගල තමාගේ දෙවුරට පටවා ඇති සේ බරක් දැනුනත් තම බිරිද වගේ වගක් නැති ගානට ඉන්න පුළුවන් වීම ගැන ඔහුට ඇත්තේ ලොකු පුදුමයකි. ගෑනුන්ගේ නුවණ හැදි මිටට උපමා කිරීම හදිසියේ මතක් වූ තොටි අයියාට තම බිරිද ගැන සිතුණු හැගීම ගැන කණගාටුවක් ද ඇති විය. දින වකවානුවක් කිව නොහැකි පරම්පරාවෙන් තමාට උරැම වූ එකම වස්තුව බවට පත්වී ඇති වේවැල් වෙනුවට තමා අතින්ම වියපු ලනු ඇද පිළිසකර කර ගත් මහලු හාන්සි පුටුවට ඔහු ඇදෙන් බැස මාරැ විය.

වෙනදා නම් කාක්කා, කුරැල්ලා හඩලන්නට කලින් ඔහු රාජකාරියට ගෙදරින් පිටවී හමාරය. නමුත් අද නිශ්චිත අරමුණක් ඇතිව කිසිවක් කර සිතා ගැනීමට නොහැකි වූ බැවින් කකුල් දෙකම පුටුව උඩට ගෙන දෑස් පියා ගත්තේ හිරි වැටී ඇති ඔළුවට මොහොතක් හෝ සැනසීමක් ලබා ගැනීමේ චේතනාව ඇතිවය. 

‘‘ඔල්මාදෙ හැදීගෙන එනවද මන්දා මේ මනුස්සයට. රෑ තුන්පැයේ නැගිටගෙන දැගලුවා. දැන් පුටුව උඩට වෙලා භාවනා කරනවා‘‘.

බිරිද තේ කෝප්පය ගෙනවිත් ඔහුට පිළිගැන්වූයේ එසේ කියමිනි. අනෙක් දවස් වල ටිකක් නිමෙන්නට හැර තේ එක බොන තොටී අයියා උණු උණුවේ බිරිද දුන් තේ එක, එක් හුස්මට ගිල දැම්මේ ලෝදිය හැලියක්  වුවත් අද නම් තම උගුර කටට ප්‍රශ්නයක් නොවන බව ප්‍රකාශ කරන අයුරිණි.

හූ සද්දයක මානේ දුරක ඇති මුතු වාඩිය රද්දොළුව පාරේ බර වාහන පෙලක්ම වේගයෙන් දිවෙන හඩ ඔහුට ඇසිණි. ඒ හඩ සියලු බලාපොරොත්තු අනාගත අපේක්ෂාවන් පොඩිපට්ටම් කරගෙන යනවා පමණක් නොව තමාගේ ශරීර කූඩුවද පොඩි පට්ටම් කරගෙන යන වේදනාවක් ඔහුට දැනිනි. ඒ වේදනා දුක ක්‍රෝධය හෝ වෛරයක් නැති අමුතුම හැගිම් මුසු වී ඇති එකක් වීම ඔහුටද වටහා ගත නොහැකි විය.

ඔහුගේ අවබෝධයට අනුව තමාගේ ජීවිතයම සෝදා පාළුවට ලක්කරමින් ඇදවැටුණු වැස්ස සම්පූර්ණයෙන්ම නතර වී ඇති වග තොටී අයියාට පරිසරයේ නිහඩතාවයෙන් හැගී ගියේය. නුඹ ගැබ ලා රතු පාටින් සිත්තම් කරමින් ඉරමල පිපී ඇත. කරන්නට කිසිත් නැති මූසල කම්මැලි කමක් මුළු ගතම දවටාගෙන ඇති සෙයකි. දෑත පිටුපසට බැදගෙන මිදුලේ එහාට මෙහාට කිහිපවතාවක් සක්මන් කළ ඔහුට මිදුලේ සරැවට වැවී ඇති බැල තණ පදුරැ තමා පත්වී ඇති අසරණ භාවය දැක සිනාසෙනවා දෝයි සිතුණි.

‘‘දෙයියනේ, මේ මනුස්සයාට නම් පිස්සුම තමයි. රටේ ලෝකෙ මිනිස්සු හිනස්සන්නේ නැතුව ගේ ඇතුලට වෙලා ඉන්නවා‘‘.

තම බිරිද දෙස රවා බැලුවත් කටින් කිසිත් නොකී තොටී අයියා තවදුරටත් මේ ගෙදර සිටීම තමාගේ රතු කට්ට පනින බව සිකුරැ නිසා තම හිත මිතුරා වන ආරියසේන අයියලාගේ ගෙවල් පැත්තේ යාමට තීරණය කොට මුහුණු කට සෝදා ගත්තේය. ඊට පසු තම ජීවිතය තරමට වයසක් ඇති හම්බර් වර්ගයේ පා පැදිය පරික්ෂා කර බලා බිරිදට පවා යන දිසාව නොකියා මුතුවාඩිය පාලම අසල ඇති තම හිතවතාගේ නිවස බලා පිටත් විය. කවදාවත් නැති පරිදි මුතුවාඩිය රද්දොළුව පාර පිරැණු ගතියක් ඔහුට දිස්විය. එහෙත් චණ්ඩව කැළඹෙන ගල්පර මැද අසරණව අතරමංව සිතුම් සාගරයක ඔහු ගිලී ගියේය. සිය ආදරණීය පියා සමග ඔරැවේ නැගී මුතුවාඩිය හරහා ගලා බසින  දඩුගං ඔයෙන් එගොඩටත් මෙගොඩටත් ගිය හැටිත්, තාත්තාගේ හදිසි මරණයෙන් පසු  ඒ ඔරැව තමාට උරැම වූ හැටිත්, එදා සිට තමා එම රාජකාරිය දේවකාරියට වඩා හොදින් හැමෝගෙම හිත් දිනාගෙන කරගෙන ගිය හැටිත් තොටී අයියාගේ මනසෙහි දුෂ්‍ය රෑපාකාරයෙන් මැවි මැවී පෙනෙන්නට විය.

වෙනදා කටපුරා සිනාසෙමින් සිටි තොටී අයියා සමග දොඩමළු වන හදුනන මුහුණු කිහිපයක් නොදැක්කා ගානට පා පැදිවල නැගී බොහෝම උජාරැවෙන් යන හැටි දුටු ඔහුට සිතුනේ තමාගේ හදවත හිටි තැනම නැවතුණ බවකි. ආපසු පා පැදිය හරවා ගත් තොටී අයියා කිසිවෙකුගේ මුහුණවත් නොබලා ගෙදරට ගොස් උඩුබැලි අතට ඇදේ දිගා විය.

‘‘නැගිටලා මොනව හරි කනවා. ඊයේ රෑත් අත ගාලා බත් එක එහෙමම තිබ්බා. කුස පණුවො බඩගින්නේ ඇති. මම සම්බෝලයක් එක්ක බතක් හැදුවා.‘‘

නිදිවැරීමත්, සිසිල් පරිසරයත් නිසා තද නින්දක සිටි තොටී අයියා පිබිදුනේ තම බිරිද උරහිසෙන් අල්ලා සෙලවීමෙනුත් පසුවය.  කෑමට පිරියක් නැතත් බිරිදගේ පෙරෙත්තයෙන් බේරීමට කට සෝදා බත්පත අතට ගෙන කටක් දෙකක් උගුරෙන් පහළට යවා ගත්තේ බොහෝ සේ වෙර වීරියෙනි.

‘‘තමුන්ගේ ඔරැ පැදීම නැවතුනාට කමක් නෑ. පාලම හදපු එක කොච්චර දෙයක්ද? ඔන්න ලොකු කොළුවත් රස්සා හෙවිල්ල නවත්තලා ගාර්මන්ට් පැක්ටරියකට ගාමන්ට් පැක්ටරියකට යනවා කිව්වා අපේ ඉස්සරහ කාමරේත් ලොක්කාගෙන් කොල්ලෝ කීප දෙනෙක් අහල තිබුණා. තමුසේ ගෙදර ඉන්නවා නම් මටත් ඔය ගාමන්ට් එකක මොනවා හරි කරන්න බැරියැ..........‘‘

බිරිද එසේ කියාගෙන යද්දී තොටී අයියාගේ නහර වැල් වල ප්‍රබෝධමත් ආකාරයෙන් ලේ ධාතුව දිව යන අයුරැ දැනුනෙන් ඔහුගේ මුවට හීන් හිනාවක් එකතු විය.

සමාප්තයි....

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...