12 කොටසට 14 කොටසට
පසුගිය කොටසින්
============
ආරූඩ අවස්ථාවේ පැවසූ දේ අර්ථය කුමක් දැයි මිතුරන් සීයාගෙන් අසා අත. ඒහි තේරුම වී ඇත්තේ, යක්ෂයා අවදිවන්නේ රාත්‍රී කාළයේ නිසා ඇගේ බලයන්ද ක්‍රියාත්මක වෙන්නේ රාත්‍රි කාළයේ පමණක් නිසා දහවලේ යක්ෂයා සිටින තැන සෙවුවාට කිසිදු සළකුණක් හෝ සොයාගත නොහැකි බවත්, යක්ෂයා සිටින තැන සෙවීමට ඕනෑ නම් යක්ෂයා අවදි වූ විට එනම් රාත්‍රිය උදාවූ විට සොයන්න.
පැහැදැළි කිරීම අවසානයේ බයිසිකල් වල නැගුණු පිරිස නිවෙසට පිටත් වී ඇත.
අද එතැන්සිට
==========
උදෑසන 10 පමණ වන විට
පෙරලා නිවසට පැමිණි පරිස ඉස්තෝප්පුවේ හිදගත් අතර අම්මා විසින් සියළු දෙනාට බීමට තේ සහ බිස්කට් පිළියෙල
කළා.ඇය විසින් රැගෙන ආ බිස්කට් සහ තේ
සියළු දෙනා ඇයට ස්තුතිකර ලබා ගත්තා. කහට කෝප්පය ඉක්මණින් පානය කර අවසන්
කළ ගුරුන්නාන්සේ සීයා තාත්තා දෙස බලා
“ළමයො මට ගෙනෙන්කෝ ඔය හිස් කඩදහි කෑල්ලකුයි පෑනකුයි” පැවසුවා. “ඉන්න මම ගේන්නම් “ යැයි පැවසූ අම්මා ක්ෂණිකව ගෙතුලට ගිය අතර නැවත පැමිණියේ
පැරණි දින පොතක් සහ පෑනක් ද අතැතිවයි. සීයා අවශ්‍ය කළමණා පවසා ඇති අතර ඒවා එහි
සටහන්කර ගන්න යැයි තාත්තාට පවසා ඇත. රාත්‍රියේ සිදුකිරීමට ඇති ඒ භයානක කර්තව්‍යයට
උවමණා කරන ද්‍රව්‍යයන් සහ උපකරණ එහි වීය. ඒ අතර වූ ද්‍රව්‍යන් වූයේ..
මල් බුලත් පුටුව සැකසීමට
අවශ්‍ය කළමනා,
කෙසෙල් කොළයක්, වර්ණ
හතකින් මල්, බුලත්, හදුන්කූරු, සුවද කුඩු, සුදු නූල්, අමු කහ කැබැල්ලක්, මාරු කාසි
හතක්,
අනෙකුත් කාර්ය්‍යන් සදහා
අවශ්‍ය වූ ද්‍රව්‍යන්,
පුවක් මලක්, කළ ගෙඩියක්,
දුම් කබලක්, තැඹිලි වල්ලක්, තඹ සුර 5, තඹ කොළ 5, දුම්මල, පරාල ඇණ, මිටියක්,
ඉටිපන්දම්, පොල්තෙල් පහන්, පහන් තිර, ගිනි පෙට්ටි, විදුලි පන්දම්
සීයා කියූ සියළු කළමණා
තාත්තා සටහන් කරගත් අතර මිතුරන් දෙදෙනෙකුට මුදල් ලබා දී ඔවුන් ඒවා රැගෙන ඒමට පිටත්
කර හැරියා.
තවත් අවශ්‍ය දේවල්
බොහොමයක් තිබෙන බවත් සීයා විසින් ඒවා සකසා ගන්නා බවත් පැවසුවා. සීයා මේ සදහා සහයට
අල්ලපු ගමේ ගරුන්නාන්සේ කෙනෙකු වත් හවුල් කරගන්නා බව පැවසුවා.
"එහෙමනම් අපි ඉක්මන්
කරමු," යැයි පැවසූ සීයා, මුලින්ම පන්සලේ ලොකු හාමුදුරුවො මුණ ගැහෙන්න යායුතු බව
පවසා ඇත. ඒ අවස්ථාවේ එතැන ඉතිරි වෙලා සිටි මිතුරා සීයාව ඒ සදහා රැගෙන යාමට
ඉදිරිපත් වෙලා තියෙනව. ඔහුගේ බයිසිකලයට ගොඩවුණු සීයා ඔහුත් සමග විනාඩි දහයක් පමණ
යනවිට පන්සලට ගියාලු. සීයා මුළු සිදුවීම සම්පූර්ණයෙන් නායක ස්වාමීන් වහන්සේට පවසා
ඇති අතර ඉදිරියට කළයුතු දේ නායක ස්වාමීන් වහන්සේ විසින් ගුරුන්නාන්සේ වෙත පවසල
තියෙනව.
“ගුරුන්නාන්සේ වැඩේ කරන්න කනත්තට ඇතුළුවෙන්න මම පිරිත්
කරල දෙන තැඹිලි වතුර බොන්න ඕනෙ.ඒ සදහා සහභාගී වෙන ගානට හරියන්න තැඹිලි ගෙඩි ටික මට
හැකි ඉක්මණින් ලැබෙන්න සලස්වනව හොදයි. ඒ ලබා දෙන තැඹිලි වතුරවල බලය යක්ෂණියගේ
බලකොටුවට ඇතුළු වුණාම ඉක්මනින් අඩුවෙන්න ගන්නව. යකින්නගේ බල කොටුව ඇතුලේ බලය උපරිම
මට්ටමක තමයි පවතින්නේ අදුර වැටෙනකොට. ඒක නිසා මම මතුරල දෙන තැඹිලි වතුරෙන් ඔහෙලාට
ආරක්ෂාව ලැබෙන්නේ පැයක වගේ කාළයක් තමයි. තව මම පිරිත් නූල් බදින්නම් හැමෝටම, ඉතිරි
ආරක්ෂාවන් ඉතින් කපු උන්නැහේගේ මන්ත්‍ර ශාස්ත්‍රය යොදාගෙන කරගන්න. "
“යක්ෂණියගේ සීමාවෙන් පිට
එක් අයෙකු තබා යන්න. ඔහුට මම ලබා දෙන පිරිත් පැන් බදුන ලබා දෙන්න.එක් අයකු හෝ
යක්ෂණියගේ මාලිගයෙන් පිටතට පැමිණි විගස ඔහුට මා ලබාදෙන පිරිත් පැන් පොවන්න.
මාලිගයෙන් පිටතට පැමිණෙන සියලු දෙනාගේම ආරාක්ෂාව පිරිත් පැන් පානය කිරීමෙන් පසු
සැලසෙනව. ඔවුන්ට අනතුරක් කරන්න කිසිදු අමනුෂ්‍ය ආත්මයකට හැකියාවක් ඇත්තේ නැහැ.
නමුත් යක්ෂ රාජධානිය තුළ මේ තත්වය වෙනස් බව මතක තබාගන්න.”
සීයා විසින් ස්වාමීන්වහන්සේගෙන්
මේ ගමනට සහභාගී වන ලෙස ඉල්ලා සිට ඇති අතර එය ස්වාමීන් වහන්සේ ප්‍රතික්ශේප කර ඇත.
එයට හේතුව වශයෙන් උන්වහන්සේ පවසා ඇත්තේ, මේ දිනවල රාත්‍රියේ සැරිසරන අමනුෂ්‍යයින්
විසින් අපේ ගමෙත් අසල ගම් වලත් සිටින කිරි
දරුවන් රැගෙන යාමට පටන් ගෙන ඇති බවත් තරුණයින් ද රාත්‍රියේ දී විවිධ අමනුෂ්‍ය
බලපෑම් වලට නිතර ලක්වෙන බවත්, ඒ නිසා උන්වහන්සේ නිදි වර්ජිතව රාත්‍රිය පහන් වනතුරු
ගමටත් අසල ගම්මාන වලටත් පැමිණෙන අමනුෂ්‍ය ආත්ම පළවා හරිමින් ආරක්ෂාව සලසන බවයි.
අවශ්‍ය උපදෙස් සියල්ල
ලබාගත් සීයා බයිසිකළය පිටුපසින් හිදගත් අතර අල්ලපු ගමට යන ලෙස මිතුරාට පවසල
තියෙනව. සීයා පැවසූ මග ඔස්සේ ගමන්කළ යාළුවා ගිහිත් තියෙන්නේ සීයාගේ මිත්‍ර තවත්
යන්ත්‍ර මන්ත්‍ර වැඩ කරන තවත් සීයා කෙනෙක් ළගට.ඒ සීයාව ගම්මු හැදින්වූවේ ජොටං
ගුරුන්නාන්සේ කියල ලු.
“ලිවීමේ පහසුවට, කතාවේ ඉදිරියට ඒ සීයා ජොටං සීය
ලෙසත් අනිත් සීයා අපේ සීයා ලෙසත් හදුන්වන්නම්”
පැරණි ගසක් කපා ඉතිරි වූ
මුල් කොටස පුටුවක් ආකාරයෙන් සකස් කර තිබූ තැනක සීයා අසුන් ගත් අතර, මිතුරා
බයිසිකලයේම හිදගෙන ඉදල තියෙනව. ජොටං සීයා විසින් අපේ සීයාට බුලත් වට්ටිය පිළිගන්වා
ඇති අතර සීයා බුලත් විටක් සපන අතරතුර බුලත් වට්ටිය මිතුරා වෙතටද පිළිගන්වමින් ජොටං
සීයා සමග කතාව පටන් ගෙන ඇත.
“එහෙනම් ළමයො ඔහේ දැන්
යනව හොදයි. මමයි ලොකු ගුරුන්නාන්සෙයි අවශ්‍ය දේවල් සූදානම් කරගෙන එන්නම්. එතකම් ඔය
දරුව ගොහින් අපේ හාමුදුරුවො කිව්වා වගේ ඒ තැඹිලි ගෙඩි ටිකයි, කළ ගෙඩියයි
හාමුදුරුවන්ට ලබා දෙන්න. බඩුමුට්ටු ටික අර ළමයි දැන් ගෙනත් ඇති.” යි සීයා පැවසුවා.
යක්ෂණියන්ගේ අතුරුදහන්
වී ගොස් තවත් ස්වල්ප වේලාවකට පසු නාන බේසමෙන් ඉවත් වුනු මම ඔවුන් රැගෙන ආ ඇදුම්
පරීක්ෂා කළා. ඉතාමත් පැරණි මෝස්තරයේ දුහුල් රෙද්දෙන් මසන ලද බාච්චු කකුල් සහිත රතු
පැහැති දිගු කලිසමක් සහ සුදු පැහැති දුහුල් සලුවෙන් මැසූ කුරුතාවේ උඩ කොටසක් බදු
ඇදුමක්ද එහි වීය. නිරුවතින් සිටි නිසා හැඩ වැඩ සොය සොයා නොසිට ඒ ඇදුම් හැදගත් අතර
අසල වූ අල්මාරියේ සවිකර තිබූ කන්නාඩිය වෙත ගොස් පෙනුම කොහොමදැයි බැලුවා. පැරණි ගතියක්
තිබුණද ඒ ඇදුමට අමුතුම අලංකාරවත් පෙනුමක් මට ලැබී තිබුණා. ඇදුම දුහුල් නිසා ඒ ඇදුම
තුළින් විනිවිද පෙනෙන ගතියක් තිබුණා. යට ඇදුමක් හැද නොසිටි බව කන්නාඩියෙන් මනාව පෙනුනා.
කෙසේ හෝ ඇවිද ගිහින්
මෙතනින් පිට වීමට මගක් සොයාගත යුතු යැයි සතූ මම ප්‍රවේශමින් පය තබමින් කාමරයෙන්
පිටතට අඩිය තැබුවා.
පුදුමයක්!
රාත්‍රියේ තිබූ අලංකාර
මාලිගය දැන් නටබුන් බවට පත් පැරණි ගොඩ නැගිල්ලක් බවට පත්ව ඇත. පිටත සිට නැවත කාමරය
දෙස බලන විට මොහොතකට පෙර ඉතා අලංකාර ලෙස පැවති එම කාමරයද පැරණි නටබුන් ගොඩක් බවට
පත්ව ඇත.
යම් කිසි ක්‍රමයකින්
කුඩා ඒකාකාරී ආලෝකයක් මුළු මාලිගය තුල පැවති අතර එය සූර්ය්‍යාලෝකය පරාවර්ථනය
කිරීමෙන් පොළව යටට ගෙන ආවා විය හැක.
රාත්‍රියේ පැමිණි
මතකයන්ට අනුව ආපසු ගමන් කරන්නට වූ අතර මද දුරක් ගිය පසු කොයි දිශාවට හැරිය
යුතුදැයි සිතාගත නොහැකි දොරවල් රාශියකින් සමන්විත විශාල ස්ථානයකට පැමිණියා.
එතැනින් පිට පිය යුත්තේ කුමන දොර විවෘත කිරීමෙන්ද කියා සිතා ගැනීම අපහසු වූ අතර,
මම පැමිණි මාර්ගය කෙලින්ම තිබූ දොර නිවැරදි දොර යැයි සිතා එය විවෘත කළෙමි. පරීක්ෂා
කාරීව එතුළට පිවිසුණු අතර කාමරය එය නොවන බව හදුනා ගැනීමට ඇතුල් වී වැඩි වේලාවක් ගත
වූයේ නැහැ.
එක කුඩා කාමරයක් වූ අතර
මිනී පෙට්ටි තුනක් එහි විය. තුනේම පියන් වසා තිබුණු අතර ඒවායේ යම් විශේෂත්වයක් වී
ය. එනම් දුහුවිල්ලෙන් පිරැණු කාමරය තුල වූ එම පෙට්ටි තුන මත කිසිදු දුහුවිල්ලක්
තැම්පත්ව නොතිබීමයි. තවත් ළංව බැලීමේදී පෙනීගියේ එක් පෙට්ටියක නිෂ්පාධන වර්ෂය
සටහන් කර ඇති බවයි. එය 2006 වසර ලෙස සටහන් කර තිබිණි.
මේ අවුරුද්ද තුල හදපු
පෙට්ටියක් මේ පොළව යට මාලිගාවට ආවේ කොහොමද යන ප්‍රශ්නය මගේ සිතේ මතුව ආ අතර,
එසේනම් මේ පෙට්ටියේ සිටින මියගිය පුද්ගලයා මා දන්නා කියන කෙනෙක් විය හැකිමට
සිතුනි. වැඩි දුර කල්පනා නොකල අතර නිරායාසයෙන්ම එම පෙට්ටිය අසලට ගොස් පියන විවෘත
කළෙමි.
තත්පර කිහිපයක් පෙටිට්ය
තුළ සිටි පුද්ගලයා දෙස බලා සිටි අතර එක වරම සිතට දැනුණු බිය මුසු පුදුමය නිසා
පෙට්ටියේ පියන මා අතින් අත හැරුණු අතර මහ ශබ්ධයක් නංවමින් පෙට්ටිය වැසී ගියා.
පුදුමයට හේතුව නම්, එම
පෙටිටිය තුළ සිටියේ අපේ ගම් ප්‍රදේශයේ ජීවත් වූ රූමත් කාන්තාවක් වූ සුභා අක්කා
වීමයි. වයස අවුරුදු 32 පමණ වූ ඇය කුඩා දරුවන් දෙදෙනකුගේ මවකි. දුටුවන්ගේ නෙත් සිත්
ඇදගන්නා ලස්සනක් තිබූ ඇය මනා හැඩැති සිරුරකින්ද යුතු වුණා. අසාමාන්‍ය පුළුල් පසු
පෙදෙසක් තිබූ ඇය පාරේ යනවිට තරුණ මහලු සියළුම දෙනාගේ නෙත් ඈ වෙත යොමු වන්නේ
නොසිතාමයි. ඇය ජීවත්ව සිටියදී මා විසින්ද ඇයව සිහිපත් කළ වාර අනන්තයි.
සැමියා විදෙස්ගතවී
සිටියදී ගමේ වෙනත් තරුණයෙකු සමග අනියම් සබදතාවක් ඇතිකරගත් අතර, එහිදී ඇතිවූ ප්‍රශ්නයක්
නිසා ගෙල වැල ලා ගෙන තමයි සුභා අක්කාගේ මරණය සිදු වුනේ.
මා විසින් පෙට්ටිය විවෘත
කරන විට දක්නට ලුබුණේ ඇගේ මුඛයෙන් රුධිරය වැගිරෙමින් තිබූ ආකාරයයි. රාත්‍රියේ
කවුරුන් හෝ ගොදුරු කරගෙන සිටි ඇය රැය ගෙවී අවසන් වීමත් සමග පෙට්ටියට පැමිණ ඇති
යැයි මම නිගමනය කළා.
එතැන රැදී සිටීම නුවණට
හුරු නැතැයි සිතුණු නිසා නැවතත් පැමිණි දොරෙන්ම පිටතට පැමිණි අතර, පිටතර පැමිණ
බැලීමේදී පෙනෙන්නට තිබුනේ මම මුලින්ම සිටි ස්ථානයේ සිට පෙනුන ආකාරයමයි. එම දොරවල්
විශාල සංඛ්‍යාවකින් යුතු ස්ථානය කොතැනක සිට බැලුවත් එකම විදියට පෙනෙන ලෙස නිමවා
තිබුණා.
මතුසම්බන්ධයි.
ශෙයාර් කරල කොමෙන්ට් කරල සහයෝගයක් දෙන්න යාළුවනේ.






