Tuesday, April 5, 2016

කැන්ටර්විල් මන්දිරයේ බිහිසුනු භූතයා "The Canterville Ghost" අටවන කොටස 08

හත්වන කොටස අටවන කොටස නව වන කොටස


දින හතරකට පහකට පමණ පසුව වර්ජිනියා සහ සිසිල් වත්තේ පසු වූයේ බලවත් ප්රීතියෙනි. හදිසියේම වර්ජිනියා බිම ඇද වැටුණු අතර ඇගේ ඇදුම් කිලිටි විය. ඕ ආපසු වහ වහා නිවෙසට පැමිණියාය. වර්ජිනියා සිය කාමරයට ගියේ වඩා පිරිසිදු ඇදුමක් සොයාගැනීම සදහාය. පුස්තකාල කාමරය පසුකර යත්ම යම්කිසිවෙකු එහි වාඩිවී සිටිනු වර්ජිනියා දුටුවාය. ඒ කවරෙක්දැයි සැක කළ වර්ජිනියා ඒ පිලිබද සොයා බැලීම සදහා කාමරය තුලට ගියාය. පුදුමයකි! ඒ සිටින්නේ වෙන කිසිවෙකු නොව කැන්ටර්විල් භූතයා බවත් ඇයට දක්නට ලැබිණි. ඇය ඔහු පිලිබද කිසිදු තැකිමක් නොකොට ජනේලයෙන් එබිකම් කර වත්ත දෙස බැලීය. මේ වන විට භූතයා පසු වූයේ සිය දෑතම මුහුණ මත හොවාගෙන වත්ත දෙස බලමිනි. වහා දිව යා යුතු යැයි වර්ජිනියා ප්රතමයෙන් තීරණය කළාය. එහෙත් ඈ තුල තරමක කාරැණික භාවයක්ද ඇති විය. භූතයා පසුවන්නේ ඉතා කණස්සල්ලෙන් බව ඇයට පෙනුනි. ඒ දුටු ඇගේ ලය තෙත්විය. ඇයට එකවරම ඔහු අසලට ගොස් උදව් කිරීමට අවශ්‍ය විය. ඈ සෙමින් සෙමින් ඔහු දෙසට ගමන් කළාය. එහෙත් ඈ තමන් දෙසට එන බවත් භූතයා දුටුවේ නැත. මේ අතර වර්ජිනියා කථා කරන්නට වූවාය. 

‘‘භූත මහත්මයා, මට ඔබ ගැන ඉතාමත්ම කණගාටුයි‘‘ ඈ කියන්නට වූවාය. ‘‘නමුත් ඒ තරම් ගණනකට ගන්න එපා. මගේ බාල සහෝදරයන් දෙදෙනා හෙට නැවතත් පාසැල් යනවා. ඒ නිසා ඔබට හිතූ හැටියට මේ මන්දිරයට වෙලා ඉන්න පුලුවනි. ඔබට කෝපයට පත්වෙන්නටවත් ශෝක වෙන්නටවත් අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ‘‘.

‘‘මට නම් හොදින් ඉන්න පුලුවන් කමක් නැහැ‘‘ පිළිතුරැ දුන් භූතයා වටපිට බැලුවේ තමාට කථා කලේ කවරෙක්දැයි බලමිනි. ඔහුගේ පුදුමයට මෙන් වර්ජිනියා සිය රෑමත් මුහුණ ප්රදර්ශනය කරමින් ඔහු අසල ඉදගෙන සිටියේය. භූතයා කථා කරන්නට විය.

‘‘මම මගේ දම්වැල් ශබ්ද නගමින් මේ නිවස පුරාම මහ රෑ ඇවිදිය යුතුයි. මා මෙහි ඉන්නේ ඒකටයි. ඒක මා සතු රාජකාරියයි.‘‘

‘‘නැහැ ඔබ වැරදියි. ඔබ හරිම නරකයි. ඒ නිසාම තමයි ඔබ මෙතනට වෙලා ඉන්නේ. උම්නි මහත්මිය අපි මෙහෙට පැමිණි දවසෙම අපිට ඒ බව කිව්වා. ඔබ ඔබගේ බිරිදව මැරැවා නේද?‘‘

‘‘ඔව් ඒක ඇත්ත තමයි. මම ඇයව මැරැවා.‘‘ භූතයා පිළිතුරැ දුන්නේය.

‘‘ඒක ඉතාමත් නරක ක්රියාවතක්‘‘. වර්ජිනියා මෙවර පැවසුවේ බලවත් නොමනාපයෙනි.

‘‘නමුත් මගෙ බිරිද හොද ගැහැණියෙක් නෙවෙයි. ඈ මගේ ඇදුම් හොදින් සේදුවේ නෑ. ඒවගේම ඇයට හොදින් ආහාර පිසින්නත් බැහැ. ඇයව මැරැව එක මගේ වැරැද්දක් බව මම දන්නවා. නමුත් බලන්න ඇගේ සහෝදරයින් මාව මැරැව එක කොයිතරම් වැරදිද කියලා. ඔවුන් එකතු වෙලා මාව කාමරයක දමා වැහුවා. ඔවුන් මට ආහාර පොඩ්ඩක්වත් දුන්නේ නැහැ. ඒ නිසා ඉක්මනටම මාව මැරිලා ගියා.‘‘

‘‘මොනවා කෑම නැහැ!. අනේ භූත මහත්මයා මට නම් හරිම කණගාටුයි. ශ්‍රීමත් සයිමන් ඇත්තෙන් ම ඔබ බඩගින්නෙන්ද? මගේ බෑග් එකේ පළතුරැ වගයක් තියෙනවා. උවමනා නම් මට පුලුවනි ඔබට ඒවා ගෙනත් දෙන්න.‘‘

නැහැ ඔබට ස්තූතිය. මම දැන් කිසිම දෙයක් කන්නේ නැහැ. කෝක වුණත් මම ඔබට ස්තූති වන්ත වෙනවා. ඔබ නම් ඔබේ පවුලේ අනික් අය වගේ නෙවෙයි. ඒ ගොල්ල වගේ නපුරැ නැහැ. මට පේන්න බැරි අර නිවුන්නු දෙන්නා තමයි.‘‘

‘‘නවතින්න! වර්ජිනියා කෝපයෙන් කියන්නට විය.‘‘ඔවුන් දෙදෙනාට වඩා නරක ඔබයි. ඔබ මගේ පාට සායම් පෙට්ටියෙන් සායම් හොරකම් කරනවා. එහෙම හොරකම් කරගෙන නැවත නැවතත් පුස්තකාල කාමරයේ ලේ පැල්ලමක් අදිනවා. පළමුවෙන්ම ඔබ කලේ රතු පාට සායම් සියල්ලම ගැනීමයි. එයින් පසුව ඔබ කහ පැහැති සායම් ටිකත් අවසන් කලා. එයිනුත් පසුව කොළ පාට. මම මේ ගැන කිසිම කෙනෙකුට කිව්වේ නැහැ. නමුත් මතක තබා ගන්න මම නම් හිටියෙ කෝපයෙන්. කොල පාට ලේ. කොළ පාට!.‘‘

‘‘ඔව්, කාරණය ඇත්ත තමයි.‘‘ භූතයා වැරදිකාර හැගීමෙන් යුතුව කියන්නට විය. ‘‘නමුත් මේ දවස්වල ලේ හොයා ගැනීම හරිම අපහසු වැඩක්. ඒ වුණත් ඔබගේ සහෝදරයා වන වොෂිංටන් අර මොකක්දෝ පොලිෂ් වර්ගයකින් ඒ හැම ලේ පැල්ලමක්ම නැති කරනවා. අනෙක් අතට කොළ පැහැයෙ ඇති වරද මොකක්ද? සමහර විට ඇමරිකන් ජාතිකයො කොළ පැහැයට කැමති නැතුවම ඇති.‘‘

මතු සම්බන්දයි........

මතු සසරේදීවත් මෙලෙස වෙන් නොවන්නට, පින් පුරමු කුමරියේ අපි දෙතැන සිට

මතු සසරේදීවත් මෙලෙස වෙන් නොවන්නට, පින් පුරමු කුමරියේ අපි දෙතැන සිට


වෙන් වෙන්න මොහොතකට පෙර......

ලං වෙන්න ආදරය දොතින්ම ගෙන...........

අවසන අදුරැ ලෝකයක තනි වෙන්න.........

ඉඩ දෙනු මැනවි කුමරිය මා හට................

වරම් නොලදත් ඔබ ලබන්නට..............

ඔබේ සෙනෙහස සදාකල් විදින්නට..........

සිතින් පමණක්ම බැදෙන්නට..............

අවසරද සිහින කුමරියේ මට................

පිදූ ආදරය දෝර ගලන්නට..................

නොහැක කිසිදාක අමතක කරන්නට............

මතු සසරේදීවත් මෙලෙස වෙන් නොවන්නට..........

පින් පුරමු කුමරියේ අපි දෙතැන සිට........

Monday, April 4, 2016

වසන් වූ සිහිනය


වසන් වූ සිහිනය




නෙත් දෑල පොලාලන

උණු කඳුලු බිඳ නුඹයි

සිත් දෑල දෙදර වූ

ලසෝ සුසුමත් නුඹයි

නබෝ ගැබ අඳුරු කල

මහා මේඝය නුඹයි

මිහිදන්ව හද කොනක

මතකයට රිදුම් දෙන

වදනකුදු නොඅසාම

වසන් වූ සිහිනයයි

 Visit Prasanga's Profile

Sunday, April 3, 2016

කැන්ටර්විල් මන්දිරයේ බිහිසුනු භූතයා "The Canterville Ghost" හත්වන කොටස 07




"මම තව එක වාරයක්වත් උත්සාහ කරන්න ඔනෙ"ඔහු තමාටම කියාගන්නට විය."මේ වතාවෙදි නම් නිවුන්නු දෙන්නා මට බය වේවි.දැන් ඉතින් මම සූදානම් වෙන්න ඔනෙ....."

ඔහුගේ පැතුම ක්‍රියාත්මක කිරීම සදහා භූතයා පැය තුනක්ම බලා සිටියේය. එහෙත් මධ්‍යම රාත්‍රිය වනවිට ඔහු සියල්ල සූදානම් කර ගත්තේය. අනතුරැව ඔහු සිය කාමරයෙන් පිටතට ඇවිද්දේය. මෙදින නම් භූතයා රතු කබායක් හැද සිටියේය. ඔහුගේ දෑතෙහි තුවක්කු දෙකක්ද විය. නිවුන්නු දෙදෙනා බය කිරීමට ඔහුට කෙතරම් අවශ්‍යවීද කිවහොත් එවර ඔහු ගියේ හිස ගලවා පසෙක තබාය.

නිවුන්නු දෙදෙනාගේ කාමරය අසලට භූතයා ගමන් කළේය. කාමරයේ දොර වසා තිබිණි. ඔහු එක්වරම දොර විවර කළේය. එහෙත් පුදුමයකි! උඩ තිබූ වතුර භාජනයක් ඔහුගේ හිස මතට කඩා වැටිණි. භූතයා පිටුපසට පැන්නේය. ඔහු කොතරම් දුරට තෙත බරිත වීද කියහොත් ඔහුගේ මුලු ඇටකටුව පුරාම ජලයෙන් නැහැවී තිබිණි. ඔහුට වඩාත් ඉවසිය නොහැකි වූයේ මෙම දර්ශනය හොදින් බලා සිටි නිවුන්නු දෙදෙන මහා හඩින් සිනාසෙන්නට වූ නිසාය. බිය නිසාම කැන්ටර්විල් භූතයා බලවත් ලැජ්ජාවට පත් වී හැකිතාක් වේගයෙන් ආපසු සිය කාමරයට ගියේය.

ඊළග දිනයේ කැන්ටර්විල් භූතයා පසුවූයේ බලවත් අසනීප ගතියකිනි. " මේ පවුල බිය ගන්වන්න නම් මට බැහැ" ඔහු තමාටම කියාගත්තේය. එයින් පසු ඔහු කුඩා තුවක්කුවක් ගෙන නිතර නිතර ඇවිදින්නට විය. ඔහු වරක් කාමරයෙන් පිටතට ගියේය.ඒ යන අතරම ඔහු තමාටම මෙන් මෙසේ කියාගත්තේය. " අර නිවුන්නු දෙන්නා නම් හරිම භයානකයි!"

භූතයාට ඉතාමත් අපලදායක දිනය එළැඹුණේ සැප්තැම්බර් 10 දා ය. එදින රාත්‍රී දෙකට පමණ ඔහු තරප්පු පෙළ බසිමින් සිටියේය. ඔහුගේ අරමුණ වූයේ පුස්තකාළ කාමරයට යාමයා.

"මම පුස්තකාල කාමරයට යන්න ඔන. තවත් ලේ සලකුණු එතැන තියෙනවද කියලා ගොහින් බලන්න ඕනෙ."

එක්වරම අදුරැ මුල්ලක සිටි කුඩා මිනිසුන් දෙදෙනෙක් ඔහු වෙත කඩාපැන්නේය. "හේයි!" යයි ඔවුහු මහ හඩින් කෑ ගැසූහ. එසේ කෑගසන අතරම මහ හඩින් සිනාසෙන්නට වූහ.භූතයාට ඔවුන් බියපත් වූවාට වඩා භූතයා ඔවුන්ට බියපත් විය. එබැවින් ඔහු පඩිපෙල දෙසට දිවගියේය. එහෙත් එතැන ඇත්තේ බාධකයකි. වොෂින්ටන් එහි සිටියි. " අපොයි දෙවියනේ එතැනට යන්නත් බැහැ.මම දැන් කොහෙ යන්නද?" ඔහු හැකිතාක් වේගයෙන් දිවයන්නට විය. මුලුතැන්ගෙය හරහා දිවගිය භූතයා ඝන අදුරේ නොපෙනී ගියේය. එදින ඔහු ආපසු සිය කාමරයට පැමිණියේ ඉතාමත් කිලුටු වී වෙහෙසට පත් වී ඉතා ඛේදනීය තත්වයකට පත් අසරණ භූතයෙකු මෙනි.

මෙම දරැණු රාත්‍රියෙන් පසු කිසිවෙකුටත් ඔහු දැකගත නොහැකි විය. නිවුන්නු දෙදෙන නම් ඔහු එනතුරැ සමහර දිනවල නොඉවසිල්ලෙන් බලා සිටියහ. ඔවුන් පඩිපෙළ මත යම් යම් දේ තැබුවත් භූතයා නැවත පැමිණියේ නැත. පවුලේ සාමාජිකයන් සියල්ලම මේ පිළිබදව මවිතයට පත් වූහ. එමෙන්ම ඔවුන් තුළ සතුටක්ද ඇතිවී තිබිණි.

මේ අතර ඕටිස් මහතා පොතක් ලිවීමට පටන් ගත්තේය. ඔටිස් මහත්මිය එංගලන්තයේ සිටි සිය සියලුම මිතුරැ මිතුරියන්ව හමු වූ අතර ඇමෙරිකාවේ සිටි මිතුරැ මිතුරියන්ට ලිපි ලීවා ය. සිතා ගතහැකි සෑම සෙල්ලමක්ම නිවුන් දෙදෙනා හා වෙෂිංටන් දිනපතාම කළහ. වර්ජිනියා නම් ඇගේ මිතුරා වන සිසිල් සමග ඇවිදීමට ගියා ය. මෙම මිතුරා අන් කවරෙකුත් නොව චෙෂයර් හි ආදිපාදවරයාය. දැන්නම් තවදුරටත් නිවසේ භූතයෙකු සිටිනවා යැයි කිසිවෙකුත් සිතුවේ නැත.

එහෙත් ඔවුන්ගේ එම සිතුවිල්ල නිවැරදි නොවීය. ඒ වන විටද භූතයා නිවෙස තුලම සිටියේය. එහෙත් ඔහු සිටියේ තද බල අසනීපයෙන් සහ ඉමහත් කණස්සල්ලෙනි. එහෙත් තවදුරටත් කැන්ටර්විල් චේස් මන්දිරයේ භූතයා වන නාමය අතහැර දැමීමට තරම් ඔහු පෙළඹුණේ නැත. භූතයා සිටින්නේ බලවත් කොපයෙනි. කැන්ටර්විල් භූතයා කිසිසේත්ම වෙෂයර් පවුල ප්‍රියකළේ නැත. සිසිල් දැන් වර්ජිනියා සමග මිත්‍ර‍ත්වයක් ඇතිකරගෙන සිටියි. එහු පුරා සතියක්ම ඔටිස් පවුල සමග ඇවිදීමට යාම සිරිතක් කරගෙන සිටියේය. මේ නිසා සිසිල සම්බන්ධයෙන් කුමක් හෝ කළ යුතු යැයි භූතයා කල්පනා කළේය.

" ඔහු නම් තමාට බය වේවි. ඔහු ඕටිස් පවුලේ කෙනෙක් නෙමෙයි. ඔහු චෙෂයර් කෙනෙක්." කෙසේ වුවද කාමරයෙන් පිටතට පැමිණිවිට කැන්ටර්විල් භූතයා සෑහෙන්න බියපත්ව සිටියේය. " මේක නම් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. උන්ටත් වඩා මං බය වෙලා. අර නිවුන්නු දෙදෙනා මෙලහකටත් මං එනතුරැ ලැහැස්ති වෙලා බලාගෙන ඇති. ඒ නිසා මටනම් එළියට යන්නට බැහැ!"

කැන්ටර්විල් භූතයා මෙසේ තමාටම කියාගත්තේය. එදින චෙෂයර් ආදිපාදවරයාට භූතයා දැක ගැනීමට භාග්‍යක්  නොවිණි. භූතයා එදින මුලු රාත්රියම හොද හැටි නිදාගත්තේය. එහෙත් පසු දින වර්ජිනියා දැකීමට යා යුතු යැයි ඔහු තීරණය කර ගත්තේය.....

.......මතු සම්බන්දයි.......

Wednesday, March 30, 2016

කැන්ටර්විල් මන්දිරයේ බිහිසුනු භූතයා "The Canterville Ghost" හයවන කොටස 06

                   පස්වන කොටස හයවන කොටස හත්වන කොටස





ඇත්ත වශයෙන්ම මේ වන විට කැන්ටර්විල් භූතයා පසු වූයේ බලවත් භීතියකිනි. ඔහු කෙතරම් භීතියට පත් වූවාද  කිවතොත් වහ වහා එතැනින් පැන ගොස් තම කාමරයට දිව ගියේය. ‘‘දෙවියනේ මේ ගෙදර තවත් භූතයෙක් ඉන්නවා.‘‘ ඔහු සිතන්නට විය. මුලු රාත්‍රියම ඔහු එසේම වාඩිවී පසු වූයේය. එහෙත් හිරැ කිරණ පළමුවෙන්ම වතිත වෙද්දී ඔහු නැගිට සිටියේය. ‘‘ මම ගිහිල්ලා මේ අලුත් භූතයාට වචන දෙක තුනක් කථා කරන්න ඕන. එක් භූතයෙකුට වඩා භූතයෝ දෙන්නෙක් ඉන්න එක වැඩිය හොදයි. සමහර විට අපි දෙන්නා එකතු වුනොත් මේ නිවුන් කොල්ලෝ දෙන්නව හොදටම බය කරන්න පුලුවන් වෙයි. ඔහු තමාටම කියා ගන්නට වූයේය. කෙසේ වුවද වොෂිංටන්ගේ කාමරයට පැමිණි ඔහු තුල ඇති වූයේ කිව නොහැකි තරම් මවිතයකි. ‘‘දෙවියනේ, කෝ මගේ යහලු භූතයා? අර සුදු පාට මුහුණක් තිබුණු භූතයා කෝ?‘‘ මෙසේ කී කැන්ටර්විල් භූතයා වඩාත් කිට්ටු වී විමසිල්ලෙන් බලන්නට වූයේය. ‘‘මේ මොකාද මේ! ඔහුගේ ඔලුව නිකම්ම නිකම් ගෝවා ගෙඩියක් විතරයි. ඔහුගේ මුලු සිරැරම නිකම්ම නිකම් රෙදි කැබලි ගොඩක් විතරයි. මෙසේ තමාටම කියාගත් කැන්ටර්විල් භූතයා එතැන පොළොව මත වැටී තිබූ ලිපි කැබැල්ල ගෙන කියවන්නට වුයේය.  උදෑසන වැටුණු ලා හිරැ කිරණ නිසා ඔහුට එය පැහැදිලිව කියවිය හැකි විය.

ඔටිස් භූතයා

කැන්ටර්විල් චේස් හි සිටින එකම භූතයා.  

‘‘මේ නම් අර නිවුන්නු දෙන්නගේ වැඩක්! යයි භූතයා තමාටම කියා ගත්තේය. ‘‘මම ඔවුන් දෙන්නව මැරෙනතුරැ බය කරනවා. බයකරනවාමයි! මම තමා මෙහෙ ඉන්න එකම භූතයා.‘‘ මෙසේ තමාටම කියා ගත් ඔහු මහා හඩින් කෝපාවිශ්ඨ වූ සිනහවක් පෑවේය. ‘‘රාත්රියේ කුරැල්ලන් අඩන ශබ්දය නැවත ඇසුණු විගස මම ඔවුන්ව මරා දමනවා!  

එදින සන්ධ්‍යාෙව් හිරැ බැස ගියේය. අදුර කෙමෙන් පතිත විය. භූතයා ඉතා නොඉවසිල්ලෙන් වාඩිවී බලා සිටියේය. දැන් කලුවර වැටී සෑහෙන කාලයක් ගත වී ඇත. එහෙත් කුරැල්ලන් කෑ ගැසුවේ නැත. මේ අතර ඔටිස් පවුල සුපුරැදු ලෙස හොදින් නිදන්නට වූ අතර කුරැල්ලන් කෑ නොගැසූ නිසා භූතයා ඉතා කණගාටුවෙන් සිය කාමරයට ගියේය.

ඊලග දිනයේ භූතයා සිටියේ බලවත් වෙහෙසකිනි. ඔහුට ඇදෙන් බැසීමට තරම්වත් අවශ්‍යතාවයක් හෝ ධෛර්යයක් නොවීය. දැන් නිවසෙහි සිටින ඔටිස් පවුලේ සාමාජිකයන් සමග කටයුතු කිරීම ඉතා අසීරැ කරැණක් බව දැන් නම් භූතයාට වැටහී අවසානය. ඉතා සුලු දෙයකට පවා භූතයා දැන් තිගැස්සී යයි. ශබ්දයක් ඇසුනු සෑම අවස්ථාවකදීම ඔහු උඩ ගොස් බිම වැටේ.

 මෙසේ ඊලග දවස් පහ ඔහු සිය කුටියටම වී සිටි අතර පුස්තකාල කාමරයේ ලේ පැල්ලම් ඇති කිරීම තාවකාලිකව නතර කර දැම්මේය. ‘‘ඒ ගොල්ලන්ට ඒ ලේ පැල්ලම් වලින් කිසිම වැඩක් නැහැ‘‘ ඔහු සිතන්නට විය. ‘‘ ඒ වුනාට සතියකට වරක් වත් මම ගේ ඇතුලෙ හොල්මන් කරන්න ඕනෙ. මම මේ ගෙදර ඉන්න එකම භූතයා නිසා ඒක මට අයිති රාජකාරියයි.

මේ අනුව සෑම සෙනසුරාදා දිනෙකම ඉන්පසු ඔහු නිවස පුරා මධ්‍යම රාත්‍රියේ සිට පාන්දර තුන පමණ වන තෙක් එහා මෙහා අැවිද්දේය. එහෙත් කිසිවෙකුටත් ඔහුගේ අඩි ශබ්දය ඇසුණේ නැත. ඊට හේතුව ඔහු පාවහන් පැළදීමෙන් වැලකීමයි. කිසිවෙකු ඔහු දුටුවේ නැත. ඊට හේතුව ඔහු සිය සුපුරැදු අදුරැ වර්ණ කබාය හැද නොසිටීමයි. මේ වන විට නම් භූතයා විසින් ඔටිස් මහතා දුන් තෙල් කුප්පය සිය දම්වැලට පාවිච්චි කරගනෙ සිටියේය.

එක්තරා සන්ධ්‍යා සමයක ඔටිස් පවුලේ සාමාජිකයින් මදක් ඇවිදීමට එළියට ගොස් සිටියහ. ඒ අතර තුර භූතයා තමාගේ නිදන කාමරයට ඇතුලු වූයේය. එසේ ඇතුලු වූ ඔහු ලේ කුප්පියෙන් තවත් ටිකක් තෙමන්ගේ බෝතලයට දමා ගත්තේය. තමාගේ දම්වැල් ශබ්දය නගනු දැකීමට දැන්නම් ඔහුට අවශ්‍ය නැත. ඊට හේතුව එසේ දම්වැල් ශබ්ද කිරීමෙන් පවුලේ කිසිවෙකුත් බිය නොවීමයි. කෙසේ වුවද ඔහු සතුව පැවති කාර්යභාරය සුලුපටු නොවීය. එපමණක් නොව ඔහු විදි දුක් ගැහැටද අපමණ විය. සෑම සතියකම නිවුන්නු දෙදෙන යම් කිසිවක් පඩිපෙල මත හෝ මුලුතැන්ගෙයි හෝ පුස්තකාල කාමරයේ හෝ තබා යති. භූතයා රාත්‍රියේ ඇවිදින සෑම දනෙකම එම භාණ්ඩ වල හැපී බිම පතිත වීම නිසා හිස තුවාල වේ.

ගිම්හානයයි සදා....

දැනෙනා පාලුව ඉවරයක් නැත

ජීවිතයට සිසිලසක් නැද්ද?

සොයන්නේ ඔබ හමු නොවුණි තව

දෙවියනි මා කළ පවක් ඇත්ද?


ඉදිමි මග බලා

මා දිවියට ඔබ එන තුරා

දහසකුත් පැතුමන් හිතා

සිනාසෙමින් හද දුක දරා.....

                                        ලිව්වේ
                                                   ~~කසූ~~


Tuesday, March 29, 2016

නවතින්නට අවසරයි ...



ඔය ටික කියලා යන්නද ...
තකහනියෙම දුවගෙන අවේ ...
හිතුනේ නැද්ද දුක හිතෙන වග ...
මේ පපුව පිච්චෙනවා කියලා ...
ඔයාගේ සතුට එය නිසා මිසක් ...
හිතකින් ඉඩ දුන්නා නෙමෙයි ...
මේ වෙන දේවල් පුදුමයි ...
හිතා ගන්න අමාරුයි ...
මේ ඔබමද කියා ...
කොච්චරනම් සතුටින්ද ...
එන මග බලා හිටියේ ...
ඒ මගම අරගෙන අවේ දුක ...
කමක් නැ ඔයා සතුටින්නම් ...
සමාකලමැන වරදක් වූවානම් මගෙන් ...
නවතින්නට අවසරයි ...

...ලිව්වේ...
...සන්ජු...

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...