Sunday, March 20, 2016

කැන්ටර්විල් මන්දිරයේ බිහිසුනු භූතයා "The Canterville Ghost" දෙවන කොටස 2


01 කොටස  දෙවන කොටස 03 කොටස 

එම රාත්‍රිය පුරාම ධාරානිපාත වර්ෂාව ඇද හැලෙන්නට වූ අතර මුලු මන්දිරයම ඉතා නිශ්චල විය. ඊළග උදෑසන ඔටිස් පවුල උදෑසන ආහාර ගැනීම සදහා යළි පුස්තකාල කාමරයට පැමිණියහ. එහි පැමිණි ඔවුන්ට දැකගත හැකිවූයේ පුදුමාකාර දෙයකි. පුස්තකාල කාමරයේ බිම නැවතත් ලේවලින් තෙත්වී තිබිණි. පිංකර්ටන් පොලිෂ් වලට ඉතාමත් හොදින් හැම දෙයක්ම පිරිසිදු කරන්න පුලුවනි යැයි වොෂිංටන් කියන්නට විය. මේ ලේ පැල්ලම පිංකර්ටන් පොලිෂ් නිසා මැකිලා ගියා. ඊයේ ඒක තිබුනේ නැහැ. මම හිතන්නේ බූතයා අවුදින් තවත් වරක් මේ ලේ පතුරැවා දමා යන්න ඇති. මෙසේ කී වොෂිංටන් යලිත් පිංකර්ටන් පොලිෂ් ගෙන ඒ ලේ පැල්ලම මකා දැම්මේය. කෙසේ වුවද දෙවන දින උදයේ සලකුණ ඒ ආකාරයෙන්ම එම ස්ථානයේ තිබිණි. එම රාත්‍රියේද ඔටිස් මහතා පුස්තකාල කාමරයේ අගුලු දමා වසා යතුරැ රාත්‍රිය මුලුල්ලේම තමා ලග තබා ගත්තේය.එහෙත් පුදුමයකි ලේ සළකුණ තුන්වන දින උදෑසනද එහි තිබෙනු දක්නට ලැබින. මේ දුටු පවුලේ සියලු දෙනාම සිය අදහස් ක්‍රමයෙන් වෙනස් කරගන්නට වූහ. ඔටිස් මහතා පවා මෙසේ සිතන්නට විය. භූතයන් ගැන මගේ තිබූ විශ්වාසය වැරදියිද, ඒ වගේම කැන්ටර්විල් සාමිවරයා නිවැරදියිද? ඔටිස් මහතා පුස්තකාල කාමරයේ පොත් පත් අවුස්සා භූතයන් පිළිබද ලියැවුණු නොයෙකුත් පොත පත කියවන්නට විය. වොෂිංටන් කළේ එම ලේ පැල්ලම් පිළිබදව ප්‍රවෘත්ති පත්‍රයකට දීර්ඝ ලිපියක් ලිවීමයි. 

               ඊලග රාත්‍රියේදී පුථම වරට ඔටිස් පවුලේ උදවියට භූතයා දැකබලා ගැනීමට හැකි විය. එදින ඉතා උණුසුම් වූ අතර සූර්ය්‍ය රෂ්මිය හොදින් පතිත වී තිබිණි. සන්ධ්‍යා සමයේදී පවුලේ සියල්ලෝම මදක් ඇවිදීම සදහා විටත්ව ගියහ. ඔවුන් සියලු දෙනාම ආපසු පැමිණයේ රාත්‍රී 9.00ට පමණය. එසේ පැමිණි ඔවුන් ආහාර ගැනීම සදහා වාඩි වූහ. ඔවුහු එම අවස්ථාවේදී නම් භූතයින් පිළිබද කිසිවක් කතානොකළේය. එහෙත් ඔටිස් මහතා පසුව මෙසේ කීය. අපි එංගලන්තයෙයි ඇමරිකාවේ වෙනස්කම් ගැන මෙතෙක් කල් කතාකරලා තිබෙනවා. නමුත් භූතයන් ගැන කතා කිරීම අපට අමතක වෙලා. කෝක වුණත් ශ්‍රීමත් සයිමන්ද කැන්ටර්විල් පිළිබද කතාව ගැන අපි කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ නිසා ඔවුහු ගැන කතා කරන්න අපිට වෙලාවක් තිබුණේ නැහැ.


           එදින රාත්‍රී එකොළහට සියලු දෙනාම නින්දට ගියහ. මුලු මන්දිරයම පැවතියේ ඝන අදුරේය. අඩ නින්දේ පසු වූ ඔස්ටිස් මහතාට ස්වල්ප වේලාවකින්ම ශබ්ධයක් ඇසිණ. එම ශබ්දය කුමක්දැයි ඔහු සිතන්නට විය. ඒ ඇසුනේ විශාල දම්වැල් ගැටෙන ශබ්ධයකි. එම ශබ්දය පළමුව සිහින් ස්වරයෙන් ඇසී පසුව ක්‍රමයෙන් තමාගේ නිදන කාමරය වෙත ළගා වෙන බව ඔහුට හැගිණ.


නැගී සිටි ශටිස් මහතා ලාම්පුවක් දල්වා ගත්තේය. ලාම්පුවේ ආධාරයෙන් ඔහු බිත්තියේ එල්ලා තිබූ ඔර්ලෝසුව දෙස බැලුවේය. වේලාව හරියටම රාත්‍රී එක විය. එහෙත් ඔහු බියගුල්ලෙකු නොවීය. යළිත් වරක් ශබ්ධය ඇසෙන්නට වූ බැවින් ඔහු හොදට කල්පනා කරන්නට විය. 'සමහර විට මගේ කාමරයට පිටින් කවුරැන් හෝ ඉන්නවා වෙන්න ඇති. ඔහු සපත්තු පැළදගෙන සිටින්නෙක් වෙන්න ඕනෙ'

             මෙසේ සිතූ ඔටිස් මහතා පාවහන් ද පය ලාගෙන තමාගේ ඇද අසල තිබූ කුඩා බෝතලයක් අතට ගත්තේය. අනතුරැව දොර ළගට ගිය ඔහු එය විවෘත කළේය. එකෙණෙහිම ඔහු දුටුවේ තමා ඉදිරියේ සිටින බියකරැ පෙනුම ඇති මහලු මිනිසෙකි. එම මහලු මිනිසාගේ දෙනෙත් ගින්දර මෙන් රතු පැහැ ගැන්වී තිබිණි. ඔහුගේ දුඹුරැ වන් හිසකෙස් ඉතා දගු විය.ඔහුගේ ඇදුම් පැළදුම් ඉතාමත්ම කිළිටි වී ගිය අතර ඉතා පැරණි ඒවා විය.ඔහුගේ දෑත ද දෙපා ද දම්වැල් වලින් බැද තිබිණි.

           හිරාම් ඔටිස් මහතා තවමත් බියපත් වූයේ නැත. ඔහු මහල්ලා අමතා කතා කරන්නට විය.

           "' මහත්මයා මා ළග කුඩා බෝතලයක් තිබෙනවා. ඒ තෙල් වර්ගය කරැණාකර ඔබේ දම්වැල් වල අතුල්ල ගන්න. ඔය දම්වැලේ ශබ්දය නිසා මට නිදාගන්න අමාරැයි. බෝතලය පිට පැත්තේ තිබෙන කඩදාසිය බලන්න. ඒක ඇමෙරිකාවේ හදපු තෙල් වර්ගයක්. ඒක හරිම හොද තෙල් වර්ගයක් කියලා එහෙ මිනිස්සු කියනවා. මම ඒක ඔබ වෙනුවෙන් මෙතන තබා යන්නම්. ඔබට වත් තෙල් උවමනා නම් මම පසුව දෙන්නම්."'

            මෙම වචන මුවින් පිට කිරීමෙන් අනතුරැව හිරාමි ඔටිස් මහතා බෝතලය බිමින් තබා දොර වසා දැම්මේය. එයින් අනතුරැව ඔහු යළිත් නිදියහනට පැන ගොරවමින් නිදන්නට විය.

            කැන්ටර්විල් භූතයා ඉමහත් පුදුමයට පත් වී එම ස්ථානයෙම විනාඩි දෙකක් නතරවී සිටියේය. එයින් අනතුරැව බලවත් කොපයට පත් වූ ඔහු බෝතලය ගෙන පොලවේ ගසා බිම දැමුවේය. ඔහු මෙය කලේ ඔහුගේ දම්වැල් වලින් අධික ශබ්ධයක් නගමිනි. එහෙත් ඔහු යාම සදහා ආපසු හැරෙන්නට විය. යළිත් දොරක් විවෘත විය. කුඩා ළමුන් දෙදෙනෙකු දොරින් එළිට පැමිණි අතර භූතයාගේ හස හරහා දොඩම් ගෙඩි දෙකක් පියඹා ගියේය.

             "ඉක්මනට!" යැයි භූතයා තමාටම කියාගන්නට විය, "මම ඉක්මනටම යන්න ඕනේ."

             මෙසේ කී භූතයා මහා ශබ්දයක් නගමින් හනි හනික එම ස්ථානයෙන් පැන දිව්වේය. එයින් පසු මුලු නිවසම යළි නිශ්චල විය.


සෙනෙහසේ පැතුම














මුනි සිරිපාද පියුමන් ළග සිරස     නමා

ඔබව මතක් කර පහනක් පත්තු   කළා

සුවද දුම් සමග කලයක් අතේ      තබා

පැතුමක් පතා බෝ සමිදුට බාර   වුණා


     අයිතිය
  *--කසූ--*

Saturday, March 19, 2016

Windows XP සර්විස් පැක් 02 වලට Office 2010 ඉන්ස්ටෝල් කරමුද?

සිංහල අලුත් අවුරැද්ද කාලෙ ලං වෙනව කියන්නේ අපේ Office එකේ පට්ටෙට වැඩ තියෙන කාළයක්. Factory එකේ Production එක උපරිමේටම යන කාළයක්. කිසිම විවේකයක් නෑ, එපා වෙනව. සෙනසුරාද,ඉරිද, පෝය, දවස් වලටත් වැඩ. ඔය වැඩ ඉවර වෙනකම් ඉතින් අපිටත් කරන්න වැඩක් තියෙන්න එපැයි.... :D ඒක නිසා ඔන්න තවත් පෝස්ට් එකක් ලියන්න හිතුව. මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි......

ගොඩක් XP SP2 තවමත් භාවිතා කරන  කට්ටියට තියෙන ගැටලුවක් තමයි Office 2010, XP ඔපරේටින් සිස්ටම් තියෙන මැෂින් වලට ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. මටත් ඔය ගැටලුව ආව Office 2010 ආව මුල් කාලේ. ඉතින් නෙට් එකේ Search පාරක් එහෙම දාල වැඩේ ගොඩ දාගත්ත. අද බ්ලොග් එකට ලියන්න දෙයක් කල්පනා කරනකොට හිතුන මේක ඔයාලටත් වැදගත් වෙයි කියල.

ඔයාල  XP SP2 මැෂින් එකකට Office 2010 දානකොට මුලින්ම මේ Error මැසේජ් එක එයි. දාන්න උත්සහ කරපු කට්ටිය දන්නව ඇති. පහල රූපෙ බලන්නකෝ....


XP Service pack 03, Windows Vista, Win7, Win8, වලනම් කිසි ගැටලුවක් නැතුව Office 2010 දාන්න පුලුවන්.

XP Service Pack 02 වලට දාන විදිය බලමු දැන් එහෙනම්. මම කියන විදියට පියවරෙන් පියවරට කරන්න.

පළමු පියවර -------> Registry Editor ඕපන් කරගන්න. දන්නේ නැත්නම් මෙහෙම කරන්න.
                                 1. යන්න Start menu
                                 2. ඔබන්න Run 
                                 3. ටයිප් කරන්න regedit.exe
                                 4. OK එක ඔබන්න, නැතිනම් Enter කරන්න




දෙවන පියවර -------> Registry Editor එකේ මෙන්න මේ පාත් එක සොයාගන්න.
             HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\Windows
                                  Screen Shot ටික බලන්නකෝ පහල තියෙන.

තුන්වන පියවර ------->  පහල රූපේ විදියට දකුණු පැත්තේ ලිස්ට් එකේ තියන 
                                     CSDVersion කියන එක උඩ double-click කරන්න.
control දිග ඇරියම අනිත්වා බලාගන්න අමාරැ නිසා ඒකේ Screen Shot එකක් වෙනම දාන්නම්.


හතරවන පියවර ------> පොඩි Box එකක් Open වෙයි. ඒකෙ තියන අගය 300 කරන්න.
පස්වන පියවර   ------> Registry Editor එක Close කර මැෂින් එක Restart කරන්න.

දැන් Office 2010 ඉන්ස්ටෝල් කරන්න. කිසිම ගැටලුවකින් තොරව පරිඝණකයට එය ස්ථාපනය වෙයි.


:-) :-) :-) :-) 






Friday, March 18, 2016

හොල්මන් කතාවක්...

මම ඉස්කෝලේ යන කාලේ කියවපු ලස්සන කතා පොතක් මේ ළගදි පරණ පොත් තියෙන කැබිනට් එකක් අස් පස් කරනකොට හම්බ වුණා. කතාව මතක තිබුණට ආයේ සැරයක් කියවන්න ඕනෙ කියල හිතිල පොත ටිකක් කියවනකොට හිතුන, බ්ලොග් එකේ ලිව්වනම් තව කට්ටියට කියවන්න පුලුවන්නෙ කියල. ඔන්න එහෙනම් ඒ පොත පුලුවන් විදියට කොටස් කොටස් ඔයාල වෙනුවෙන් දෙනව අද ඉදලා. හැමෝටම කියවන්න කියල ආරාධනා කරනව. එහෙනම් කියවලම බලන්නකෝ....

කතාව කියවන්න
මෙන්න මෙතන ක්ලික් කරන්න Click Here

Thursday, March 17, 2016

හදවතට අහිමි හදගැස්ම


                                                                             
     ඔබේ දෙනෙතෙහි ඇ‍‍‍දෙන සිතුවම්......
           
දකින්නට මට නොහැකි වූවත්......

ඔබේ හදවත ගැහෙන රාවය.....

  අසන්නට ළග නොමැති වූවත් .......

ඔබේ සුසුමෙහි දැනෙන උණුසුම.......

                 විදින්නට පින් නොමැති වූවත්......

මගේ හදවත ගැහෙන තාලය......

                     ඔබයි ඔබ මට අහිමි වූවත්.......


                                                                                                         අයිතිය
                                                                                                       *--කසූ --*
                                                  
                                                    

Facebook එකෙන් අපි යවන Friend Request Accept කරලද නැත්ද කියලා බලාගන්නේ කොහොමද?

වෙලාව රෑ 10.20, තවම අපි වැඩ, මාතරට තීන්ත අරන් යන ලොරියක් පටවන්න පටන් ගත්තෙ දැන්. ලොරිය පටවල අහවර වුනාට පස්සේ බිල ගහන එක තමයි මගේ රාජකාරිය. (ලොරියට තීන්ත පටවන එක නෙමෙයි ඕ..න්, හික්ස්zz :D) 

ආප්ප 4 කුයි බිත්තර ආප්ප එකකුයි ගෙන්නවගෙන කාල එහෙම ලොරිය පටවනකම් දැන් ඉන්න අතරෙ කල්පනාවට ආව පෝස්ට් එකක් ලියන්න දෙයක්. 

නිකමට කියවල බලන්න. ගොඩක් අය සීන් එක දන්නව ඇති. දන්නෙ නැති අයත් ඇතිනේ... මම වගේ... :P


Facebook එකෙන් අපි යවන Friend Request Accept කරලද නැත්ද කියලා බලාගන්න විධිය දන්නේ නැති කට්ටිය ඉන්නවනම් මෙන්න මෙහෙමයි ඒක කරන්නේ...



01-----> මුලින්ම : Facebook වලට ලොග් වූ පසු ඉහලම ඇති Friend Request Section එකට යන්න. ඉන් පසු See All කියන එක ඔබන්න. :P


02-----> ඊ ළගට : අලුත් පිටුවක් එයි. එ් පිටුවේ ඉහලින්ම “View Sent Requests” කියලා එකක් කුඩාවට ඇති. දැන් ඒකත් ඔබන්න.දැන් ඔයාලට බලාගන්න පුලුවන් Request දැම්මට මේ වෙන කොටත් Accept කරලා නැති අය කව්ද කියලා. 

ෂුවර් එකට හෙන කෙල්ලො සෙට් එකක්නම් ඇති. :D 
Request Accept කරල නැති උන් ඔක්කොම කැන්සල් කරල දාන්න කියල තමයි මම නම් කියන්නෙ. :@
මේක පරිඝනකයෙන් ලොග් වෙලා තමයි කරන්න ඕනෙ......

වසර හතකට පසු නැවතත් නොමැකෙන ආදරයට...

මතක තියෙන හැටියට මම මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ 2009 අවුරැද්දේ. ඒ කාලේ වෙනකොට  ගොඩක් කොල්ලන්ට කෙල්ලන්ට තමන්ගෙම කියල බ්ලොග් එකක් කරන් පිස්සුවක් තිබ්බ කාලයක්, බ්ලොග් කරණය ජනප්‍රිය වෙලා ආවේ ඔය කාලේ තමයි මටනම් මතක විදියට. ඇත්තම කිව්වොතින් මම බ්ලොග් ගැන දැන්ගත්තෙ ඔය කාලෙ. ;-) 

කොහොම හරි ඉතින් බ්ලොග් එක පටන් අරන් ටික කාලයක් ලිව්වා. හැබැයි කවුරුවත් කියෙව්වෙ නෑ. බලේට යාලුවන්ට ලින්කුව දීල, අනේ බලපන් මචං කියල නහයෙන් අඩල, උන් බැලුව කිව්වම පට්ට සන්තෝසයක් වින්ද, අනේ බන් උබලගේ යාලුවන්ටත් බලන්න කියපන්,උන්ටත් ලින්ක් එක ශෙයාර් කරපන් කියල බලේට පෙන්නනව. 

කොහොම හරි කාළය ටික ටික යනකොට අපිත් එක්ක ඔන්ලයින් හිටිය හැමෝම වගේ ක්‍ර‍ම ක්‍ර‍මයෙන් අඩුවෙන්න ගත්තා. හේතුව තමයි ඉතින් කොල්ලො ටික ජොබ් කරන්න පටන් ගත්ත එක. මමත් ඉතින් ඔහොම ඉදල ටික කාලයකින් රස්සා හොයන්න පටන් ගත්ත. බ්ලොග් ලියන වැඩේ අමතක වුණා. ටික කාලෙකින් ජොබක් සෙට් වුණාට පස්සෙ බ්ලොග් එකත් අමතක උනා..

අමතක වෙලා ගිය බ්ලොග් ලිවිල්ල මතක්වුණ හැටි තමයි පට්ටම සීන් එක. අපේ ඩයල් එකකට ලව් සීන් එකකට පොඩි නිසදැස් කෑල්ලක් හොයල දෙන්න කිව්වා කියහන්කො... මමත් ඉතින් හරි බන් හොයමු කියල ගූගල් ස..ර්ච් පාරක් දැම්මා. ඔහොම එක එක ලින්ක් බල බල ඉන්නකොට මෙන්න හොදට හුරු පුරුදු නමක් තියන බ්ලොග් එකක් සෙට් වුණා. බැලින්නම් අර මම 2009 විතර ලියන එක අමතක කරල දාපු මේ බ්ලොග් එක තමයි ඒ. අරූගෙ නිසදැස් හෙවිල්ල පැත්තකින් තියල දඩ බඩ ගාල බ්ලොගර්.කොම් ගිහින්, දන්න කියන ඊ මේල් ඇඩ්රසුයි රහස් අංක ටිකයි ගහල ගහල බ්ලොග් එක රිකවර් කරගත්ත. දැන් ඉතින් කස්ටිය හිනාවෙයි මහ ලොකු බ්ලොග් එක කියල,

බ්ලොග් එකක් හදන එක මහලොකු වැඩක් නෙමෙයි උනාට මවෝ අවුරැදු ගානක් පරණ තමන්ගෙම පලවෙනි බ්ලොග් එකේ වටිනාකම දන්නේ තමන්ම තමයි. :-D ඉතින් මම හිතුව මේ බ්ලොග් එකට ආයෙත් ලියන්න. ඉස්සරනම් මම නිසදැස්  තමයි පොස්ට් කලේ. ඉස්සර මට එව්වා ලියල දෙන්න කිවිඳියක් සෙට් වෙලා හිටිය ලු..... :P  දැන් නෑ..... ලු 

දැන් ඉතින් මොන මොනව හරි නිවාඩු තියන වෙලාවට ලියල දානව. විශේෂයෙන්ම කතාවක් ලියන්න හිතන් ඉන්නව කොටස් වශයෙන්. ඊට අමතරව එක එක එව්වා ලියනව. 

ඔයාලත් මේ පැත්තෙ ආවොත් බලල යන්නකෝ... හෙට ඉදලා කතාව පෝස්ට් කරන්නම්.

දැනට එහෙනම් මම මාරැ. ජයවේවා !

කුමරිය ප්‍රභා 26 - 27 කොටස්

25 කොටස        28 කොටස සටන සදහා ඉතිරිව තිබුනේ තවත් දින තුනක් පමනයි. සටන සදහා සැලසුම සකස් කිරීමට සප්ත සෙන්පතින් මේ තරම් ප්‍රමාද ඇය...